ලේ දැක්කම වමනය ඇති වෙන කලන්තේ හැදෙන අය ඔයාලා දැකලා ඇති. අපි බලමු මොකක්ද මේකට හේතුව කියලා.
අපි මෙය hemophobia කියලා හදුන්වනවා. ලේ වලට තිබෙන් බය විදිහට. ලේ දැක්කම කෙනෙක් බිය වෙලා වමනය සහ ක්ලාන්තය හැදෙන්නෙ vasvogal responses නිසා.
අපේ ස්වං සාධක ස්නායු පද්දතිය එක් කොටසක් තමා ප්රත්යානුවේගී ස්නායු පද්දතියන්. එකි එක ස්නායුවක් තමා vasvogal nerve එක. මෙන්න මේක trigger උනාම ශරීරය rest කිරීම සහ ජීර්න ක්රියාවලිය දිරිගැනීම නැත්නම් උත්තේජනය වීම සිදු වෙනවා. ශරීරය රෙස්ට් කරනව කියන්නේ හෘද ස්පන්දන සීඝ්රතාවය අඩු වීම වෙනවා. ජීර්න ක්රියාවලිය වැඩි වෙනවා කියන්නේ අමාශයික යුෂය ශ්රාවය විම වැඩි වෙනවා.
මෙය සාමාන්ය දෙයක් උනාට සමහර අවස්තාවලදි මේක overeat කරනවා සමහර දේවල් වලට ඒවා තමයි…
කුසගින්න, විජලනය,ඉක්මනට සිට ගැනීම, වැඩි වෙලාවක් සිටගෙන සිටීම, අධික ලෙස සිනහ වීම, එක්වර ඇතිවන බිය, දැඩි කැස්ස නිසා ඇති වන වේදනාව, ඒ වගේම රුධිර දැකිම.
අදාල කෙනා ලේ දැක්කම/ සතෙක් ගේ හෝ වෙන අයකුගේ ලේ වැගිරීමක් දැක්කම vasvogal nerve එක මගින් vasvogal reactions/vasvogal responses සාමාන්ය මට්ටමට වඩා ඉහලින් වෙනවා.
1. Blood pressure එක අඩු වෙනවා. එතකොට මොලය වගේ අවයව වලට ලේ ගමනාගමන අඩාල වෙනවා ඒ නිසා ලේසිම දේ හිටගෙන ඉන්න කෙනා හාන්සි කරන එක. අන්න ඒ නිසා කලන්තේ දානවා.
2. අමාශයික යුෂ ශ්රාවය වැඩි වීම නිසා වමනයට එනවා.
ඔන්ම ඕක තමා මෙතන වෙන්නෙ vasvogal responses overacting දගලානා කේස් එකක් තමා වෙන්නෙ
ඒ වගේම සමහර අය ඉදිකටු වලට බයයි කලන්තේ දානවා. ඒකත් මෙන්න මේ නිසාම තමා වෙන්නෙ හොදේ.
පෝස්ට් එකේ ගොඩක් දේවල් තිබ්බා මම මේ ලේ දැක්කම බය වෙන එකට පමනයි මුල් තැන දුන්නෙ. ඔය school assembly වල එහෙම උදේට කන්නෙ නැතුව හිටගෙන හිටියමත් මේකම තමයි වෙන්නෙ. හැබැයි වමනේ යන්නෙ නම් නෑ කලන්තේ දානවා
අද නම් කස්ටිය සාමාන්ය ජීවිතේ වෙන ගොඩක් ඒවට උත්තර මෙ පෝස්ට් එකෙන් ගන්න ඇති කියලා හිතනවා. මේ ලේ දැක්කම බය වෙන කෙනෙක්ද ඔයත් නැත්නම් එහෙම වෙන අය ඔයා දන්නවද ? ඔයාගේ අත්දැකීම් කමෙන්ට් සෙක්ශන් එකේ දාන්න අමතක කරන්න එපා හොදේ