පසුගිය වසරේ සිට වාහන ආනයන කිරීම තහනම් කිරීමත් සමග රට තුළ පැවැති වාහන සඳහා වූ කෘතීම මිල ඉහළ යාම පාලනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.
මෙලෙස කෘතිම අධික මිලකට රථ වාහන අලෙවි වීම හේතුවෙන් ඉදිරියේදී නැවතත් වාහන ගෙන්වීමට අවසර ලබා දුන් පසු ලීසිං සමාගම් කඩාවැටී රටේ ආර්ථිකයට ද බලපෑම් ඇතිවිය හැකි බව රජය විසින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව දැනට මෙරට තුළ ඇති වාහන නැවත විකිණීමේදී එම වාහනයේ වර්ගය, නිෂ්පාදිත වර්ශය සහ ධාවනය කර ඇති දුර පදනම් කරගත් ක්‍රමයක් හරහා උපරිම මිලකට ලීසිං පහසුකම් ලබාදෙනු ඇත.
මේ හරහා වෙළෙඳපොළ තුළ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීම සහ කෘතීම වාහන මිල පාලනය රජයේ අරමුණයි.
මෙම තීරණය ක්‍රියාත්මක වීමත් සමග දේශීය වෙළඳපොලේ වාහන මිල දැනට පවතින තත්ත්වයට වඩා සැළකිය යුතු මට්ටමකින් පහළ යනු ඇති බවයි ආර්ථික විශේෂඥයන්ගේ මතය වන්නේ. මේ අතර මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ වාහන මිල පෙර පැවති ගනනටම ගෙන ඒමට නොහැකි වූවත් රජයේ බදු මුදල් සමගින් නිශ්චිත මිල ගනන් සැකසීමක් සිදුකල යුතුව ඇති බව කල සොයා බැලීමකදී අනාවරණය වූ බවත්ය.
කොවිඩ් ව්‍යාප්තියත් සමග වාහන ආනයනය තාවකාලිකව තහනම් කිරීමට ගත් තීරණය නිසා රුපියල් කෝටි 25,000 කට අධික මුදලක් රජයට මේදක්වා ඉතිරි කර ගැනීමට හැකිවී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම කොවිඩ් ව්‍යාප්තියත් සමග රටේ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යෑමේ අරමුණින් වාහන ආනයනය මෙසේ තාවකාලිකව නතර කිරීමට තීරණය කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි .
විදේශයන්ට වාර්ෂිකව ඇදී යන මෙම මුදල ඉතිරි කර ගැනීමට හැකි වීම නිසා කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ සෞඛ්‍යමය වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.
මෙය තාවකාලිකව ගත් තීරණයක් බවත් මෙම තීරණය වර්ෂ අවසානයේදී කිසියම්වූ සමාලෝචනයකට ලක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය .
කෝටි විසි දාහකට වැඩි වටිනා වාහන වසරකදී මෙරටට ආනයනය කෙරෙන බව වාහන ආනයනකරුවෝ පවසති
උපුටා ගැනීම: Lanka Telegraph