ලේනා.. (වැල්වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මට ලේනාත් එක්ක ඇත්තේ පුදුම තරහකි. ඌ තරං අපිව නොමඟ යැවූ සතෙක් තව නැති තරම්ය. යංතං බහතෝරන වයසේ සිටම අපිට නානාප්රකාර කතන්දර හරහා ඌ අපිව ගොනාට අන්දා ඇත.
ඒකට වැඩිහිටියන්ද වගකිවයුතුය. මොකද වැඩිපුරම උංගැන පට්ට කෙබර කෙල ඇත්තේ අපේ වැඩිහිටියන්ය. සත්ව ලෝකයේ සිටින අහිංසකම සතෙක් විදියට ලේනාව කියාදුන් ඔවුන් ඌ කෑ ගහන්නේ ටිං ටිං කියාද කීවෝය. ඒකත් තවත් බොරුවක් බව තේරුම් යන විට මට වයස 15ටත් කිට්ටුය. ටිං ටිං ගානා ලේනෙක් තියා ටං ටං ගානා ගෝනෙක්වත් අද වෙනතුරු දැකනැත්තෙමු.
කොහොමවුනත් තුංඉරිඅප්පු ගගා උංව පෙන්නමින් කොයිතරං රැවට්ටුවාද කිව්වොත් උගෙ බෙල්ල මිරිකුවත් හිනාවෙන සතෙක් ලෙස මම සිතා සිටියෙමු. ඒත් දවසක් මට කන්න තිබුනු කෙහෙලක් කොහෙද යන ලේන් හපුටෙකුට කැවීමට ගොස් ඌ මගේ ඇඟිල්ලත් කා අතදිගේ පහුරුගා හූ කියාගෙන පැනගියේ ලේනුන් ගැන මට කියාදුන් උන්ගේ අම්ම මුත්තාගේ නම් සිහිකරමින් බව අද වාගේ මතකමි. කවන අතරතුර උගේ නැට්ටට කැරම් පාරක් ගසා බැලුවේ උගේ අහිංසකකම පරික්ෂා කිරීමට බව වෙනම කතාවක්ය. මොනාවුනත් උංගේ එහෙම අහිංසකකමක් නැත.
ඇත්තටම ලේනා කුජීත සතෙකි. එය නැවත මට වැටහුනේ මාගේ දතක් වැටුනු දවසකය. දත හෙලවෙන දවසේ ඉඳං ආච්චිට වෙන සතෙක් ගැන කීමට නොවන්නාහුය. ලේනෙකු ඇවිත් මගේ වැටුනු දතට තවත් දතක් දෙන බවත් ඒ දත ජීවිත කාලෙම මගේ කටේ තිබෙන පවත් ආච්චී නිතරම කිවෝය. මටනං ඔය ලේනාව සතපහකට ෂුවර් නැත. එදා දුන් කැරම් පාරේ හැටියට ඕකා මට දතක් තියා කජු ඇටයක්වත් දෙනඑකක් නැත. දුන්නත් ඕකා දතක් කියා වෙන මොකක්හරි දී මාව ජීවිතකාලෙම විඳවන්නට වැඩක් සෙට් කරන්නට ඉඩ ඇත.
කොහොමින් කොහොමහරි දත වැටුනාය. ඒ ගමන ආච්චි විතරක් නෙමේය. අම්මාද ඇවිත් මාව මිදුලට එක්ක ගොස් ගෙදර වහල පෙන්නා දත විසි කර කියන්නට එකක් කීවෙමු. ඒක හෙන අසාධාරණය. අඩි දෙකකට වඩා උස නැති මට අඩි සීයක් විතර උස වහලකට දතක් විසි කිරීමට තියා බැලීමටවත් බැරි බව වැඩිහිටියන් විදියට දැනගතයුතුය. දැංකාලේ වැඩිහිටියන් අන්තිමය. සාමාන්ය දැනීම බිංදුවය. කරන්නට දෙයක් නැත. විසි කිරීමටම සිදුවන්නාය. දතක් නැතුව මැරුනත් අර ලේනාටනං මගේ දත දෙන එක නුවණටහුරු නැත. ඒ නිසා හොඳවැඩක් කල යුතුය. මිදුලේ කොනක ටිකක් ලොකු ගලක් ඇත්තෝය. එය උඩට නැග්ගාම වහල යංතං පෙනේ. එතනට ගොස් ලේනාට තියා සක්කරයටවත් අල්ලගන්නට බැරිවෙන්නට දත විසි කල යුතුය. මං මටම කියාගත්තෙමු.
ගල උඩට නැග මුලු ඇඟේම හයිය යොදා දත විසි කලෙමු. වෙරගත්තා වැඩිය. ගලඋඩ අඩමානෙට තිබූ කකුල ලිස්සා දත විසිවෙනවාත් එක්කම ගල පාමුල පතබෑවුනේ ගුරුත්වාකර්ශණය නිසා බව අද මම දනිමු. ඒකවත් කියානොදුන් වැඩිහිටියන් අන්තිමය.
හොස්ස බිම වැදී කිසි හෙනයක් නැතුව තිබූ මගේ අනික් දත නතරවුනේ බඩේය. විසිකල දත මිදුලේ තිබී ආච්චි අහුලාගෙන වහලට විසිකරපු එක අම්මා මාව උස්සං යනවිට යංතමට වාගේ දැක්කෝය. ආච්චිට දත්නැති නිසා එහෙම කලා වියයුතුය. ඒත් මේ අතදරුවාට එහෙම වංචාකිරීම අනුමත කිරීමට නොහැකිය. මැරෙනකල්ම ආච්චීට දතක් ආවේ නැත්තේ ඒ පව නිසා වියයුතුය.
සිහිය ආ පසු තව ප්රශ්ණයකි. බඩේ දත ගන්නට ලේනෙකු නැති නිසා මටත් ආච්චිට වගේ බුලත් කොටා කෑමට සිදුවේයැයි බියෙන් බොහෝකලක් බලාසිටියෙමු. වැඩිකලක් නොගොස් මට දතක් ආවෝය. දත් ඒමට ලේනන්ගේ කිසිම සම්බන්ධයක් නැත. ඒකත් පට්ට කෙබරයකි.
තවද ලේනු නැට්ටෙන් ගඟක් හිස් කල බව පොතක තිබුනාය. ලේනුන් ගැන මට උනන්දුවක් නැති නිසා සජියාට කියා ඇත්තටම එහෙම පුලුවන්දැයි බැලූ විට එයත් පට්ටපල් බොරුවක් බව දැනගත්තෙමු. කලින් කෙසෙල් කවන්නට ගිය දවසේ වූ සිද්ධිය මතක නිසාම උගේ බෙල්ලට ලණුවක් දමා දුවන්නට බැරිවෙන්නට ගැට ගසා වතුරේ ඔබා බලන ලෙසට උපදෙස් දුන්නේ මමය. එයට සජියා තවමත් මට ණයගැතිය. නැත්තං උටත් වෙන්නෙ මට උනු දෙයමය.
ඒත් වතුරේ කොච්චර ඔබං හිටියත් උගේ නැට්ටට එහෙම වතුර උරාගත්තේ නැති බව සජියා මට කීඅතර ටිකකින් උට හොඳටම නින්දගිය බවද කීවාය. වැඩක් නැතිතැන වැඩේ අතහැරදැමූ සජියා උට තවත් නිදාගන්නට කියා වතුරේ ඔබා ගලක්ද තබා ගොස් තිබුණි. සජියා ඇත්තටම එතනදීනම් මෝඩය. බඩ උඩිං ගලක් තැබූ විට හුස්මගන්නට බැරිවන බව ඕන මෝඩයෙකුට තේරෙයි. ඌ හෙනම මෝඩය. හැබැයි මං කියන කිසිදෙයක් ආයි නොකරන බව සජියා කීවේ දවස් දෙකකටපසු ඉස්කෝලේ ආ දවසේය. එය අදටත් මට ප්රශ්ණයකි.
කොහොමවුනත් අදටත් ලේනා මට පෙන්නන්නට බැරි සතෙකි. මගේ හොඳම යාලුවාත් නැතිවුනේ කොහෙදයන ලේනෙකු නිසාය. එනිසා ඩයිනෝසරයන් මෙන් ඕකුන් මෙලොවින් අතුරුදහන් වීම මගේ එකම පැතුමයි.
උපුටා ගැනීම :   Asanka Warnakulasooriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!