ලීයෙන් හැඩ මවන ලංකාවේ ලී කැටයම්….. (සංස්කෘතිය හා කළා නිර්මාණ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ශ්රී ලංකාවේ පාරම්පරිකව පැවත එන දේශීය කලා කර්මාන්ත රැසක් වේ. ඒ අතරින් ලී කැටයම් කලාව ප්රධාන තැනක් ගනී. සුවිශේෂී වූ ජන කලාවක් වන මෙය දෙස් විදෙස් සංචාරකයන් රැසකගේ ආකර්ෂණයට ලක්ව ඇති බව පෙනේ. අතීතයේ පැරැන්නන් තම කාන්සිය නිවා ගැනීම සඳහා ලී කැටයම් කර්මාන්තයේ නිරත වී ඇති අතර අද වන විට මේ කලාව ලංකාවේ අතිශය දියුණු තත්වයකට පත්ව ඇත.
ලී කැටයම් සඳහා උදව් වන මෙවලම්…..
ලී කැටයම් කලාවේදී නැතුවම බැරි මෙවලම් කිහිපයක්ම වේ. පැතලි නියන, බොකු නියන, වී නියන, අතකොලුව, රාස්කුව, පුල්ලෝරම, කියත, මුලු මට්ටම, මල් ඇණය, බුරුමය, මැගිලිය, පීර ඒ අතර වැදගත්.
ලී කැටයම් කලාවේදී යොදා ගන්නා මෝස්‌තර…
ලී කැටයම් කලාවේදී ප්රධාන වශයෙන්ම භාවිතා වන මෝස්‌තර කිහිපයකි.
අරිම්බුව
Katayam Kalawa N0 5 | Arimbuwa | කැටයම් කලාව | අරිම්බුව - YouTube
ගල් බිංදුව
පතුරු
පර්යාවලෝකය: For Grade 6-7-8-9 Art Student [Sinhala Serasili] from FBook
ලිය වැල්
Ambekke Devalaya - Lanka Excursions Holidays - Kandy
නෙලුම් මල්
Tha Painter - සිත්තරා: කලාව - kalawa | Lotus art, Mandala design art,  Flower pattern drawing
පලාපෙති
Lakdasun Trip Reports Archive » Visit Important Places Near Mawanella Area  During 2 Days Awrudu Visit
තනිපට ලණුව
පනාව
පාරම්පරික සිංහල සැරසිලි මෝස්තර - විකිපීඩියා
ප්රසිද්ධ මෝස්‌තර නිර්මාණ කිහිපයකි.
ලී කැටයම් කරන්නේ මෙහෙමයි
ලී කැටයම් කිරීම ලෙහෙසි පහසු ක්රියාවක් නම් නොවේ. කිසියම් වූ ක්රියාවලියකට අනුව සිදු කරන මෙහි අනුක්රමික රටාවක් පවතින බවක් පෙනේ. කැටයම් කිරීම සඳහා ලී දඬු සොයා ගැනීමේ සිට කැටයම නිමවා පොලිෂ් කරන තෙක් ක්රියාවලිය රටාවක් අනුවම සිදු වේ.
අමුද්රව්ය සපයා ගැනීම
වට කැපීම
බර ගැසීම
මට්ටම් ගැසීම
කොළ ගෑම
දැවාරක්ෂක ගෑම
ඩයි ගෑම
පොලිෂ් කිරීම
ඒ අතර වේ.
අමුද්රව්ය සපයා ගැනීම……
අමුද්රව්ය සපයා ගැනීම යන්නෙන් අදහස් වන්නේ ලී කැටයම් කිරීම සඳහා සුදුසු ලී දඬු සොයා ගැනීම වේ. පැරැන්නෝ මෙහිදී ඒ සඳහාම ආවේණික වූ දැව සඳහා යොමු වූ බවක් පෙනේ. දැවයෙන් කැටයම් කිරීම සඳහා සාමාන්යයෙන් යොදාගනු ලබන්නේ ‘කළුවර’ ලීයයි. ඊට අමතරව මාර, මැහෝගනී, බුරුත, හඳුන්, කපුරු, පලු, තේක්ක, කලු මැදිරිය වැනි දැව ද යොදා ගන්නා බවක් පෙනේ.
වට කැපීම…..
සොයා ගන්නා ලද ලී කොටස කැටයමට අවශ්ය වන දිගට හා පළලට සුදුසු තරමට කපාගත යුතුයි. මෙය හැඳින්වෙන්නේ වට කැපීම යනුවෙන් ය. කුට්ටි කිරීම යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙයමයි. සාමාන්යයෙන් මේ වට කැපීමෙන් අනතුරුව ඔවුන් ලබා ගන්නේ සමචතුරශ්රාකාර ලී කොටසකි.
බර ගැසීම….
කැටයම සඳහා අවශ්ය වන මූලික හැඩය මතු කරගන්නේ මේ පියවරේදී යි. එනම් මෙහිදී කපාගත් ලී කොටය කැටයමට අවශ්ය වන මූලික හැඩය මතුවන පරිදි එහි ලොකු කොටස් කපා ඉවත් කර ගැනීමයි. මෙම පියවරේදී වැඩි වශයෙන් භාවිතා වන මෙවලම වන්නේ දඬු අඬුව වන අතර දඬු අඬුවට මැදි කරගෙන බර ගැසීම සිදු කරයි. පැතලි නියන්, වී නියන්, බොකු නියන් ආදී මෙවලම් ද මෙහිදී භාවිතා වේ.
මට්ටම් ගැසීම….
මට්ටම් ගැසීම සිදු කරන්නේ බර ගැසීමෙන් අනතුරුවයි. මෙහිදී සිදු කරන්නේ කැටයමේ මූලික අංග කැපී පෙනෙන සේ සහ කැටයමේ සියුම් කොටස් මතු වන සේ හාරා කැටයම් කිරීමයි.
කොළ ගෑම….
මට්ටම් කරගත් කැටයමේ කොළ ගෑම සිදු කරන්නේ මින් පසුවයි. මෙම පියවරේදී බලාපොරොත්තු වන්නේ කැටයම සුමට කර ගැනීමයි. කොළ ගෑම යනුවෙන් හඳුනා ගත්තත් වර්තමානයේ දී මෙම ක්රියාවලියට යොදා ගන්නේ කොළ නොව, වැලි කඩදාසි වේ. නමුත් පැරැන්නෝ මේ සඳහා කොරස, මොටදැලියා, කොටකිඹුලා, රූණමැඩියා, තලපත් හොට, මඩු හම, දෙල් සවරන් ආදී වූ බූව සහිත කොළ භාවිතා කොට ඇත.
වර්තමානයේදී මේ සඳහා යොදා ගන්නා වැලි කඩදාසි විවිධ ඝනකමින් යුක්ත වේ. පළමුව 40 ලෙස අංක යෙදු වැලි කඩදාසි භාවිතා කරන අතර, ඉන් පසුව 120 වැනි අංක යෙදු වැලි කඩදාසි ද, තෙවනුව 400 ලෙස අංක යෙදු වැලි කඩදාසි ද භාවිතා කරයි.
දැවාරක්ෂක ගෑම….
වැලි කඩදාසි හෝ බූව සහිත කොළ ආශ්රයෙන් සුමට කරගත් ලී කැටයමේ දැවාරක්ෂක ආලේප කරයි. මෙය කිරීමේ අපේක්ෂාව වන්නේ වේයන්, ගුල්ලන් වැනි කෘමි සතුන්ගෙන් කැටයම ආරක්ෂා කර ගැනීමයි. ලී කැටයම කල් තබා ගැනීම මෙහි මීළඟ අරමුණයි.
අතීතයේ පැරැන්නන් මේ පියවර වෙනුවට අනුගමනය කර ඇත්තේ අමුතුම උපක්රමයක්. එනම් මාස 3ක් 4ක් පමණ කාලයක් ලී කැටයම දුමේ දමා තිබීමයි. මෙසේ කිරීමෙන් ලීයේ පවතින තෙතමනය ඉවත්ව යන අතර ඒ හේතුවෙන් කෘමින් ඇතුළු වීම වළකියි. ඇතුළත කෘමින් සැඟව සිටි නම් ඉවත්ව යයි. පැරැන්නෝ මෙසේ කිරීමෙන් ලී කැටයම කල් තබා ගැනීම අපේක්ෂා කර ඇත.
ඩයි ගෑම……
මීළඟ පියවර වන්නේ ඩයි ආලේප කිරීමයි. ලී කැටයමේ අවශ්යතාව පරිදි ඩයි ආලේප කිරීම සිදු කරන අතර මේ සඳහා යොදා ගන්නා ඩයි නිපදවා ගන්නේ ද ශාක ආශ්රිතවමයි. ඒ අනුව කහ පැහැය සඳහා කොස් ඩයි ද, දම් පැහැය සඳහා මහෝගනී ඩයි ද, කළු පැහැය සඳහා කළුවර ඩයි ද, දුඹුරු පැහැය සඳහා තේක්ක ඩයි ද යොදා ගනී.
කෘතිම තීන්ත, ලැකර් ආදිය මෙහිදී භාවිතයට නොගන්නේ එමඟින් ලීයේ ස්වභාවික පෙනුම විනාශ වන බැවිණි.
පොලිෂ් කිරීම…….
කැටයම පොලිෂ් කිරීම සිදු කරන්නේ කැටයමේ ඩයි ආලේප කිරීමෙන් අනතුරුවයි. පොලිෂ් කිරීම සඳහා වෙළඳපොලේ ඇති “මැන්ෂන් වැක්ස්” නමැති පොලිෂ් වර්ගයක් භාවිතා කරයි. පළමුව දත් බුරුසුවක ආධාරයෙන් කැටයමේ පොලිෂ් ගෑම සිදු කරයි. එසේ කිරීමෙන් අනතුරුව පැයක පමණ කාලයක් වේලීමට තබන අතර පසුව අත් බුරුසුවක් ආධාරයෙන් කැටයම තදින් පිරිමදී. ඉන් අනතුරුව බූල් සහිත රෙදි කැබැල්ලකින් පිස දමයි.
මෙසේ පොලිෂ් කිරීමෙන් අනතුරුව වැලි කඩදාසියක් ආධාරයෙන් කැටයම කපයි. මේ ආකාරයට වැලි කඩදාසි ආධාරයෙන් තෙවරක් ගා ගත යුතු අතර එසේ කිරීමේ ප්රධානම අරමුණ වන්නේ විවිධ ප්රමාණයෙන් ගෑවුණු පොලිෂ් එක මට්ටමකට ගැනීම වේ.
කැටයම අවසානයේ මෙසේ පොලිෂ් කර ගැනීමෙන් අපේක්ෂා කරන්නේ කැටයමට හොඳ දිස්නයක් සහ නිමාවක් ලබා ගැනීමයි…
…………..අන්තර්ජාලය ඇසුරෙනි………….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!