මගේ බාපගෙ පුතා හෙන අමාරු කාරයා. උගෙ නම සිරිමල්. කොල්ලො ඌට කතා කරේ ‘ලෙලි කෙහෙල්’ කියලා. ඒ ඇයි කිව්වොත්, දවසක් මූ නමයෙ පන්තියේ ඉද්දී උන්ගෙ පාරට අනිත් පැත්තෙ තිබ්බ රිචඩ් මුදලාලිලාගෙ ගෙදර වයස දාහතක් වූ රූමත් දුව බැල්කනියෙ ඉන්නවා දැකල. මූ අත වනලා. කෙල්ල දඟකාරයි. පියුමිටත් වඩා විසේ. කෙල්ල වියාන්ගයෙන් කියලා ගෙදර කවුරුත් නෑ එන්න කියලා. කෙල්ල හිටියේ දෙවැනි තට්ටුවේ බැල්කනියේ. උන්ගේ ඉතාම වයස අත්තම්මා ඉන්නෙ පහල. ඉතින් යන කොල්ලෙක් යන්න ඕනෙ කෙලින්ම බැල්කනියට. එහෙම බැල්කනියට කෙලීන්ම පාත් වෙන්න පුලුවන් ක්රම තුනයි තියෙන්නේ. එකක් තමා හෙලිකොප්ටරේකින් ඇවිත් පනින එක. අනික තමා බුදු බන ගොඩාක් අහලා ඉර්දියෙන් යෑම. තුන් වෙනි සහ ප්රායෝගික ක්රමේ තමා බැල්කනියට අල්ලලා වගේ ටිකක් උසට වැවුනු කෙහෙල් ගහේ බඩ ගාලා උඩට යාම. අනේ සිරීගෙ ඇඟ හොඳට වැඩිලා තිබ්බට මොලේ ඒ තරමට තිබුන් නෑ. ඌ මදන කුලප්පුව ගහපු රන්ජන් වගේ නැග්ගෙ නැතෑ කෙහෙල් ගහේ. කෙල්ලත් හින්ඳි ෆිල්ම් එකක වීරයා බලනවා වගේ බලන් හිටියා බැල්කනියට වෙලා ‘කන්නන් ජම්බු’ කියලා අද කියලා. බැල්කනියේ රේලින් එක අල්ලන්න ඔන්න මෙන්න කියල තියෙද්දී නරක් වෙච්ච කිරි පැනි කාපු බඩක් වගේ ‘පර බර බර පර’ ගාලා සද්දයක් දාන් අනේ කෙහෙල් කඳන් රාජයා අපේ රජත් එක්කම ඇල්ල පල්ලෙට කඩා වැටුන කියහන්කෝ!! අපේ බෘන්ගරාජයා නැවතුනේ අඩි තිහක් විතර කන්ඳ පල්ලෙ පෙරලිලා. පුකේ ඉඳන් ලෙලි! ඒකයි නම වැටුනේ..
ආයෙ දවසක් ඕකා කරපු පාහර වැඩක් කියන්නන්. ඕන් ගෙදර ඉඳුල් කන්න එන පර බල්ලෙක් හිටියා. ඕකා කලුම කලු පාටයි. ටිකාක් විතර සැර පරුෂ බල්ලෙක්. ඔරවගෙන ඉන්නේ නිකන් ගාමිණී ෆොන්සේකා ෆිල්ම් වල වගේ. මූ කරේ බල්ල අල්ලලා නැට්ටෙ රතිඤ්ඤයක් ගැට ගැහුවා. ඊට පස්සෙ ඒක පත්තු කරා. අන්තිම පර වැඩ. අනේ රතිඤ්ඤේ පිපිරුනාම බල්ල බයවෙලා දුවන්න ගත්ත. උගෙ ලස්සන බූල් නැට්ටෙ ගිනි පුපුරු. මේක දැක්ක එහා ගෙදර රිචඩ් මුදලාලි දුවන් ආවා. රිචඩ් මුදලාලි බල්ලන්ට හරිම ආදරෙයි. කරපු බලු වැඩේට කොල්ලට බනින ගමන් මුදලාලි බල්ලව උස්සන් දිව්වා වතුර ටැන්කිය ලඟට බල්ලට වතුර ගහන්න. බල්ල ගින්ඳරට වඩා බයයි වතුරට. අපි පොඩි කාලෙ වගේ. මම කිව්වනේ ඌ පොඩ්ඩක් නාහෙට අහන් නැති බල්ලෙක් කියලා. ඌ මොකද කරේ රිචඩ් මුදලාලිට කන්න පැන්නා. මුදලාලි බය වෙච්ච පාර දුවන්න පලවෙනි පිම්ම විදියට උසේන් බෝල්ට් වගේ උඩ පැන්නා. අනේ මුදලාලිගේ යාපනෙන් ගත්ත පලේකාට් සරම වැටුන කියහන්කෝ බිම! මේ විජ්ජුම්බරය බලන් හිටියනේ අපේ නැන්ඳයි, එයාගෙ නන්ගියි. රිචඩ් මුදලාලිගේ තුන-පහ දැක්ක උන් දෙන්නා බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා නවත්ත ගන්න බැරුව. රිචඩ් මුදලාලිට ලැජ්ජ හිතිලා සරම පටල පටලා ගෙදරම දිව්වා පොලිසියෙන් පන්නනවා වගේ. සිරියා දවත් හතක් යනකන් රිචඩ් මුදලාලි ඉන්න පැත්ත පලාතෙ හිටියේ නෑ..
ඔන්න ගමේ අවුරුදු උත්සවේ. සිරිමලත් මැරතන් දුවන්න ආවා. ගම හරහා දුවනවා කියන්නේ. ඒකට. අනේ මූ සෙක්සි රනින් ෂෝටක් ගහලා. ඩුප්ලිකේට් අඩිඩාස් ස්කිනියක් එහෙම ගහන්. කිහිල්ලේ මයිලුත් බාලා කෙල්ලොන්ට පේන්න. උන්ගෙ ගෙදර සතියක් නැවතිලා හිටිය සුද්දෙක් දාල ගිය බොර පාට වෙච්ච නයිකි රනින් ෂූස් දෙකක් එහෙම දාලා සිරිමලා රේස් එක පටන් ගන්න තැනට ආවේ පස්ට ආඩම්බරෙන්! යටි වත්තෙ අරුනි කෙල්ලට ඇහැකුත් ගැහුව කියහන්කෝ. කෙල්ල විලියෙන් ඇඹරුනා. ඉතින් ඕන් රේස් එක පටන් ගත්තා. සිරිමලාට මේ දුර දිවීමේ වැඩේ ඒ තරමට තේරෙන් නෑ. ඌ හිතුවේ රේස් එක පටන් ගත්ත ගමන් ඔක්කොම උන් පඩ දාන් හයියෙන් දුවයි කියලා. ඉතින් ඌ දිව්වා හෙන ගහනවා වගේ. අනිත් උන් හැල්මේ දුවන්නේ ඇයි ඉතින් කිලෝමීටර් හතක් විතර දුවන්න තියන රේස් එකක්නේ. අනේ කොල්ලො කෙල්ලොන්ගේ ඔල්වරසන් මැද අපේ එකා දැන් මීටර් සීයක් විතර ලීඩ් එකක් තියලා දුවනවා!! ඒත් ඉතින් ඔහොම දුවන්න පුලුවන් වුනේ කොට්ට ගහ ලඟින් හැරිලා වමට යන චිත්රමාලගේ ගේ ගාවට විතරයි. චිත්රමාලා ඇහුවා ‘කොහෙද උඹ දුවන්නේ?’ කියලා. මූ හති දදා කිව්වා ‘ග..හහ්..ගම හ..හරහා’ කියලා. චිත්රමාලාට පුදුමයි මේ ගොන් පාට්. ඒකි කිව්වා ‘අනේ කොල්ලො වරෙන්කො මට අර කබඩ් එක කුස්සියට දාල දෙන්න උදව් වෙයන්කෝ. මන් උඹට රස බඩ්ඩක් දෙන්නන්’ කියලා. නෝනාවරුනි මහත්වරුනි. අත් දෙකින්ම ඇස් වහගන්න. කන් වහගන්න. මට බෑ ගේ අස්සෙදි වුනු දේ මේ ප්රසිද්දියේ කියන්න! පැයකට පස්සෙ සිරිමලා ආවේ සන්සර්ගෙන් පැරදුනු චිම්පන්සියා වගේ පන නැතුව. චිත්රමාලා කොන්ඩෙත් කඩාන ලිඳට ගියා බාල්දියත් ඇරන්. සිරිමලා රේස් එකේ ඉතුරු ටික ඇවිද්ද කියහන්කෝ. හවස පහයි තිස් පහට ඌ දිනුම් කනුව ලඟට එනකොට ගෑනු ගෙදර ගිහින්. ‘කොහෙද බන් උඹ ගියේ?’ කියලා උගෙ යාලුවා ඇහුවම ඌ කිව්වා ‘උඹල දන්න මැරතන්’ කියලා..
තව තියනවා හරිද. මතක් වුනාම කියන්නන්..
උපුටා ගැනීම: Susantha Pethiyagoda