ඔය නුවරඑළියේ හාවාඑලිය කිට්ටුව පොඩි තැනක ලොකු ආහාර පාන වෙළදාමක් කරං ගියපු හාදයෙක් හිටියා. මිනිහගේ ‘ලෙමං ටී“ කෝප්පේ අස්ප ගනං කියලා පුචාරයක් ගිහිං තිබ්බා. කුතුහලේ නිසාම දවසක්දා මිලදී ගත්තු එව්වැං එකක් තොලගාමින්, දුං පිඹිමින් මං මෙහෙම ඇහුවා.
“මේක අතිවිසිස්ටයි කිව්වට මොකෝ මට දැනෙන විදිහට ප්ලේන්ටියකට දෙහි බෑවක් මිරිකුවාට එහා දෙයක් නෑ නොවැ. නමුත් රහ බවනං හැබෑව…“
“ඇත්ත ඇත්ත“ කියලා මිනිහා හිනා වුනා.
“ඇත්ත කිව්වේ?“
“කියාපු කතාව ඇත්ත. හැබැයි නොම්බර එකේ තේ කොල තමයි දාන්නේ…“
“නමුත් මේ තරං මිළ අඇයි? සාධාරන ගානක් දානවකෝ…“
“ඕක රු 20ට 30ට වික්කොතිං මයේ බිස්නස් එක බහිනවා“
“සුලු ලාබේ වැඩි වෙලදාම… එහෙම යනවකෝ…“
“මොන පිස්සුද? එහෙම හරියන් නෑ..“
“ඇයි?“
“ඕකේ මිල අඩු කලොත් අපේ එකාලා හිතන්න ගන්නවා ලාබ බිමක් කියලා. ඔතෝට බිස්නස් බහිනවා. දවසක්දා ජැන්ඩිපහේ තරුණ ජෝඩුවක් ආවා. මම එවලේ හදාපු ‘ලෙමං ටී‘ කොා්ප්පා දෙකක් පෙන්නලා නිකමට වගේ හිලංදාරියැං ඇහුවා මේක පනායි මේක එකසිය පානයි කොයිවැංද ඕන සර්?“ කියලා…“
“ඉතිං?“
“මිනිහා කෝප්ප 2 දිහා බැලුවා. පස්සේ මයේ දිහා පැලුවා. ඊට පස්සේ උරචක්කරමාලේ වගේ එල්ලිලා හිටපු කෙල්ල දිහා බැලුවා. බලලා මිනිහා සද්දෙට කිව්වා එකසිය පනෑ එව්වයිං දෙකක් දෙන්ඩ කියලා…“
“ඉතිං?“
“ඉතිං මං අර පනහෑ එක ඇතුලට ගෙනහිං ආපිට ගෙනත් එකසිට පානට වික්කා…“
“කොලුවාසර් මොකෝ කිව්වේ?“
“කොල්ලසර්ද? කොල්ලාසර් සුද්දා වගේ 300ක් දීලා ‘තෑන්ක්ස්..ස්..ස්..ස්‘ කිව්වා…“
“නෑ…“
“හම්මපා… දරාගන්ඩ බැරි කාරනේ මෙව්වොන්ට ඡන්ද බලේ හිමි වෙච්චි එකනොවෑ…“
“හෑ…“
උපුටා ගැනීම: පුලස්ති එම්. තෙන්නකෝන්.