ලයිට් බිල (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ තාත්තා උදෙන්ම කාටහරි දෙහි කපනවා. බොහෝ වෙලාවට උදෙන්ම මේ විදියෙ ශබ්ද පූජා ඇහෙන්නෙ රාත්රී කාලයේ ලයිට් දාල අදාල කෙනා ඒක නොනිවාම නින්දට යෑම හේතුවෙන්.
” පොඩ්ඩක් වටක් පිටක් බලනවද. ලයිට් එකක් දැම්මම ඒක නිවන්නත් පුරුද්දක් තියෙන්න එපැයි. ෆෑන් එකක් දැම්මොත් ඒක එහෙම්මමයි , රේඩියෝ එක දැම්මොත් දැම්මමයි, ටීවි එක දැම්මොත් ඒක දෑම්මම තමයි.කොයි වෙලාවෙ බැලුවත් ලයිට් මීටරේ කරත්ත රෝදෙ වගේ කැරකෙනවා. උඹලට මම නැති දවසක තේරෙයි මේ තාත්තා කියපුවා.”
මම මගේ මතක පොත පෙරලල බැලුවා මේකට වගකියන්න ඕන කවුද කියලා. මම නින්දට යනකොට අනිත් අය ඇහැරිලා තමයි හිටියෙ. ඒත් ගෙදර කවුරු මොන වැඩේ බාගෙට කරත් අහු වෙන්නෙ මාව. ඒක නම් මම සසරෙ පතාගෙන ආව වෙන්න ඇති. ගෙදර අමතරව පත්තු වෙන සියලුම ලයිට් වලට වගකිවයුත්තා මමයි. කුණු බාගෙට ඉතුරු කරල කවුරුහරි අතුගාලනම් ඒත් මමයි. රෑට කොහේ හරි කාමරේක ජනෙල්වල බාගෙට අගුල දාල නම් ඒත් මමයි. ටීවී එක දාල කවුරුහරි නවත්තලා ගිහින් නැත්නම් ඒත් මමම තමයි.
ඔන්න ඔය වගේ අනන්තයක් හේතූන් වලට මාව අහු වෙනවා. හැබැයි ඊයෙ රෑ නම් මම නෙමෙයි. මම උනානම් රෑ කීයටද දොරට ගැහුවා, නැගිට්ටුවා, ලයිට් ඕෆ් කෙරෙව්වා. ඒක තමයි තාත්තාගෙ නීතිය.
මට දැන් කුස්සිය පැත්තට යන්නත් බයයි. මාව දැක්කොත් ඔය තැටිය ආයෙත් වාදනය වෙනවා. තාත්තා හිතන් ඉන්න විදියට වගකිවයුත්තා මමනම් . ඊලග දවසෙ ලයිට් නිව්වාම වීඩියෝ කර ගන්න ඕන ෆෝන් එකේ. එතකොට සාක්ශිත් තියෙනවනෙ. නෑයි කියන්නම බෑ. මම හිතුවා.
මම දැන් ඇද උඩට වෙලා කල්පනා කරා මෙතනින් යන හැටි. අම්ම හදන තේ එක බිව්වෙ නැත්නම් උදේ පාන්දර ඇගට කිසි පණක් නෑනෙ. තාත්තා එහාට මෙහාට යන පාටකුත් නෑ වගේ. ඔන්න ඔහේ කමක් නෑ කියල මම කුස්සිය පැත්තට පැන ගත්තා.
” කාටද අම්මෙ අර බනින්නෙ”
” ගෙදර අයට මිසක් වෙන කාටද, අද ලයිට් බිල ආවනෙ උදේම”
ආ ඒකයි මේ. ඕක ආවම නම් හැමදාම ඔය තැට්ය වාදනය වෙනවා. අපි ඉස්සර කතා වෙනවා ලයිට් බිල ලියන මහත්තයා එනකොට තාත්තා ගෙදර නම් පුංචිලගෙ පැත්තට යන්න. අපි ආයි එනකොට සද්දෙ ඉවරයි.
ඕක ඉස්සර වෙච්ච සිදුවීමක්, දැන් ගෙදර විදුලි බිල ගෙවන්නෙ මම. ඒ නිසා මම අමතර බල්බ් සේරම නිවනවා
ගොඩක්ම භාවිතා කරන්නෙ CFL බල්බ්.
ඉදල හිටල බල්බ් පිහිදාල සවි කරනවා.
රෙදිහෝදන මදින ඒවා පීක් හවර්ස් වල කරන්නෙ නෑ.
අනවශ්යය වෙලාවට ස්විට්ච් වලට ගහල තියෙන චාර්ජර් වගේ ඒව ගලවනවා.
ඔය වගේ විදුලිය ඉතිරි කරන දේවල් ටික ටික කරනවා. බිල් හදන මහත්තයා ආවම කට පියාගෙන ඉන්නවා. මොකද මම ඉන්නෙ අපේ මහ ගෙදර. වැරදිලාවත් මොකක් හරි කියවුනොත් ඉස්සර තැටිය ආයිත් තාත්තා ආයිත් වාදනය කරනව.
මේ අවුරුද්දෙ මීටරේ දිහාවට ඇහැ ගහගෙන මම වගේ ලයිට් බිල අඩු කර ගන්න. ඒ වගේම කොරෝන නිසා මීටරෙන් ඉන්න.
උපුටා ගැනීම: Buddhika Abeysundara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!