මේ සිද්ධිය උනේ මම ඌව පලාතෙ එක්තරා විද්යාලෙක ස්ටාෆ් එකත් එක්ක හිටපු කාලෙ..ස්ටාෆ් එකත් එක්ක හිටියා කියන එකෙන් මමත් ඒ ඉස්කෝලෙ ඉගැන්නුවා කියල අදහස් වෙන්නෙ නෑනෙ.මජ ඒ කාලෙ අවුරුදු 17-18 වගේ කොළුවෙක්..ඉස්කෝලෙ වයිස් ප්රින්සිපල් වුනේ අපේ ගමේ පංසලේ හිටපුුු ස්වාමින්වහන්සේගේ කෙනෙක්. ඉස්කෝලෙ නාම පුවරුව හැටියට තිබුනෙ .”……විද්යාලය” පිට ලෑලි කෑල්ලක් පුරාම කළුපාට ලැකර් වලින් ලියල ඉස්සරහා මයිල ගහක අටවපු එකක්නෙ.ඉතිං අපේ හාමුදුරුවො මට කතාකලා එහෙ ගිහිං ටික දවසක් ඉඳල බෝඩ් කීපයක් සකස් කරල දෙන්න කියල.මමත් ඉතිං ඒ ලෙවල් සයන්ස්්්කරන්න ගිහින් ඇනගෙන නිකම්ම අයාලෙ යමින් හිටපු දවස්නේ. බෑක්කෙහෙකට අතට අහුවෙච්ච එකක් දාගෙන ගියානෙ ඉතිං..මම ගිය වැඩේ් කර කර ඉන්න අතරෙ දවසක් අපේ හාමුදුරුවන්ගෙ හිතවත් තවත් හාමුදුරුනමක් ඉගැන්නුවා වැල්ලවාය කිට්ටුව..උන්වහන්සේට කරදරයක් වෙලා අසනීපෙන් ඉන්නව කීව නිිසා සෙනසුරාදා දවසක අපිත් ගියා( හාමුදුරුවො වැඩියා..) බලන්න ඒ පංසලට.අපි යද්දි ඒ හාමුදුරුවන් ගෙ ස්ටාෆ් එකේ සර්ල මිස්ලත් ඇවිත් හිටිය.සෙනග ගොඩයි..ඉතිං විස්තර ඇහුවා..” අපෙ හාමුදුරැවනේ කරදරයක් වුනා කියල “
ඔව්..මේ පංසලේ ලිද ලඟ..වැටිල..
ලිස්සල ගිහිල්ලද අපෙ හාමුදුරුවනේ ?හාමුදුරුවන්ගෙ සරීරප්රමාණෙ හැටියට හිතේ මැවිල පේන්නනගත්ත ලිස්සල වැටෙන හැටි..හිනාව නිසා මට නම් එතන ඉන්න එක අමාරු වුන නිසා මම ටිකක් ඈත් වුනා..සද්දෙ නවත්තගන්න බැරි වුනොත් කියල.අනිත් අයනම් වැඩිහිටියො නිසා එහෙම හිතේ මැවෙන්නැතුවැති.
” නෑ නෑ මම නාන්න ගිහින් වැටුනෙ.ලිඳ වටේ බැඳගන්නත් බැරි උනානෙ තවම.”
ඒක ඇහුනහම මට හික් ගෑවුනේ අපි ඉන්න ඉස්කෝලෙ ලිඳේ ගැඹුරෙ හැටියට මේ කියන ලිඳට වැටිල නම් වෙන්න බෑ කියල හිතුන නිසා. ඒ ලිඳෙන් හැන්දෑවෙ හයට නෑවත් වතුර බාල්දියක් නාල ඊලඟ එක අදින කොට ඇඟ වේලිල හොඳටම..
” ආනේ…අපෙ හාමුදුරුවනේ.. ලිඳ එච්චර ගැඹුරු නෑනේ ද?”සෝකාලිප්ත වුන ටීචර් කෙනෙකුට කියවුනා..”
“නැත්තෙමත් නෑ අපේ මිස්..යංකො අපි එතෙන්ට..ලිස්සන්න තරමට තෙතකුත් තිබුනෙ නෑ
එදා.. වෙලවෙ තමයි නේ..වලක්වන්න බෑනෙ වෙන්න තියෙනවනමි යමක්..”
දැන් කට්ටියම ලිඳ ලඟ..”ඒයි. ඒයි..ඔය මොකොද කරන්න හදන්නෙ. තමුන් මෙහාට වෙලා ඉන්නව.මට ගමට යන්න හම්බවෙන්නෙ නෑ.. තමුන් ඕකට වැටුනොත්..”
මදෑ මම ලිංදෙක සසඳන්න හැදුවා .මම පස්සට ගියා.ගිලන් හාමුදුරුවො ඉස්සරහට වැඩියා බාල්දියත් අතට අරං සිද්දිය ලයිව්ම දෙන්න. ” එදා ඉස්කෝලෙ ඇරිල ඇවිත් නාගන්න හිතාගෙන නානකඩෙත් ඇඳගෙන ඇවිත් සබන් පෙට්ටියයි තුවායයි අන්න අර ගල උඩින් තියල පළවෙනි වතුර එක දාගත්තා විතරයි.දෙවෙනි එක ගන්න මෙන්න මෙි කණූවත්
අල්ලගෙන මෙහෙම පහත් වුනා..වි..”
“අපොයි දෙයියනේ “.කියල කට්ටියට කෑගැහුන සද්දෙට යටින් ” ජබුග්” ගාල මහ සද්දෙයක් ඇහුනා ලිඳ ඇතුලෙනුත්..
සර්ල ටික හනික දනි-පනි ගහල උන්වහන්සෙව ලිඳෙන් උඩට වඩම්මා ගත්තෙ ඉස්සෙල්ල පාරත් පාවිච්චි කරපු නයිලෝන් කඹයකින් ගැටගහල ලිඳට බාපු ගුරුපුටුව එතකොටත් ලිඳ කිට්ටුවම තිබ්බයින්..
එදා ඒ ගොල්ලො හිතන්ට ඇති ඒක ආයෙත් වුවමනාවෙයි කියල මයෙ හිතේ..ගුරුවරු ඔය අනිත් මිනිස්සු වගෙ නෙමෙයි..දුර දිග බලලනෙ වැඩ…
උපුටා ගැනීම: Sunil Gurusinghe