මතක විදියට මේ සිද්ධිය උනේ 1999 අග හරියේ. අපි අ. පො. ස. උ. පෙ. ලිව්වේ 2000. අකුරු කලේ පොළොන්නරුව රාජකීය මධ්ය මහා විද්යාලයේ. ඉතින් මේ අපේ මිතුරු කතානායකතුමා උපතින්ම ඉගෙනීමට දක්ෂයෙක්. කට පාඩම් නොකර, ආයාසයෙන් තොරවම ඉගෙනගන්න උපන් හපනෙක්. ඒ වගේම බොහොම නිවිචිච ගති ඇත්තෙක්. පාසලේ සියලු දෙයට, සියලු දෙනා සමඟ තමන්ගේ කාලය ශ්රමය වැය කර සහභාගි වුණත්, ඔහුගේ සීමා මායිම් ඉක්මවා නොයා සිටීමට තරම් බුද්ධියක් ඔහු සතු උනා.(වර්තමානයේ ඔහුගෙ ප්රිය බිරිඳ මේ සදහා නොමඳ සහයක් ලබා දෙන බව අප හොඳින්ම දන්නේ, ඇය ද අප පංතියේ ම සිටි බැවිනි).
ඉතින් මේ 2000 ගණිත පංතිය ප්රසිද්ධ වෙලා තිබ්බෙ ටිකක් විතර එපා ම කරපු උන් ඉන්න පංතියක් විදියට. ටිකක් කිව්වට, අනේ මන්දා, ඒ කාලේ එපා ම කර උන් කිව්වේ ඉගෙනුම හැර අනෙක් බාහිර වැඩ කර උන්ට. නැත්නම් එහාටත් නැතිව මෙහාටත් නැතුව වැඩ කරන උන්ට නෙමෙයි ඔන්න!ඉඳලා හිටලා ළඟ ගෙවල් වල කුරුම්බා නැති උනා කියලා කිව්වත් කරපු එකෙක් අපි අද වෙනකම් දන්නේ නැමයි.
මේ කාලේ ඉස්කොලේ හිටියා නිර්මල විදිහට රසායන විද්යාව උගන්නපු ගුරුතුමියක්. ගුරුතුමියගෙ නමත් නොකියා ඉන්නම්. කතාවක් කියද්දි බයයි නම් කියවෙයි කියලා. පාසල පොළොන්නරුවේ උනත් ඉගෙනගන්න ඕන පහසුකම් සැහෙන්න නොඅඩුව අපේ පාසලේ තිබුණා. ඒත් මේ සිද්ධිය වෙන දවසෙ රසායන විද්යා පර්යේෂණ ගාරය තුළ වතුර තිබුණේ නැහැ. ඉතින් මේ ගුරුතුමිය නිර්මල විදිහට, පිටි පස්සෙ පේලියේ හිටපු අපේ කතානායකතුමාට කතා කරලා, “තමුසෙ ගිහින් මේ ලීටරේ බීකරයට වතුර එකක් ගෙනවා. මේ ගොන් රැලගෙන් දැගලිල්ල අඩුම එකා නිසායි කියන්නෙ. කඩාගෙන එනවා එහෙම නෙමෙයි, මැඩම් කඩුනා!කියාගෙන.”
නිකමට නෙමෙයි. කතානායකතුමාට හිතුනාලු, මේ මගුල අද මගෙ අතින් කැඩෙනවාමයි කියලා. ඉතින් කිව්වානෙ මිතුරා බුද්ධිමත් කියලා. අත අරින්න ලෑස්ති නෑ! බදා ගත්තා බීකරය. තියා ගත්තා යටින් අත. ගියා ටැප් එක ලඟට. පොඩි එකෙක් ටැප් එක ලඟ. “මල්ලී, ඇරපන් ටැප් එක!” අපේ මිතුරා ඉන්න විදියට ම නැමුනා ටැප් එකට. කිව්වට විශ්වාස කරන්න, කොන්ක්රීට් කණුවට හයි කරලා තිබ්බ ටොම්බ සයිස් ටැප් එක ගැලවිලා බීකරය ඇතුලේ! අඩිය අතේ කියපන්කෝ !!! නිවිචිච, හැදිච්ච අපේ මිතුරාට ඉබේටම කියඋනාලු “XOXOXOXOXOXO !” බීකරය පොල් ගහක් මුලට දාලා මිතුරා පංතියට ගියා, ගුරුතුමියගෙ වචනෙට කීකරු වෙලා. එච්චරයි කතාව!!!
(2000 උ.පෙ. පොළොන්නරු දිස්ත්රික් ගණිත අංශයෙන් පලමු වෙනියා උනේ අපේ මිතුරා! ගුරුතුමිය නම් 2001 උ.පෙ. ලමයින්ට කියලා තිබ්බා, ඉස්කොලේ තිබ්බ එකම ලීටරේ බීකරය පොල් ගහක් මුල තිබුණා දැක්කා කියලා. අද එතුමිය සුවහසක් දරු දැරියන්ගේ දෑස් පාදලා විශ්රාමික සුවයෙන් පොළොන්නරුවෙම ජීවත් වෙනවා. )
උපුටා ගැනීම: Malin Indrajith Amarasinghe