
වැකේසම් (රස කතා)
අපිට එක පාරටම උණක් හැදුනා සතියක් විතර නිවාඩු දාලා නිවාඩු පාඩුවේ වැකේශන් එකක් ගත කරන්න යන්න. ඉන්න පුලුවන් හැම ඉරියව්වෙන්ම කල්පනා කරලා, ලංකා සිතියම් ලෝක සිතියම්, පුරාණ මිසර සහ මෙතපොතේමියානු සිතියම් සේරම බලලා කියවලා අපි හැදුවා ප්ලෑනක්. නිවාඩුවට යන්න තැනක්.