
මේක අති බිහිසුණු අත්දැකීමක්.. (වැල් වටාරම්)
මම ජීවත් වෙන්නෙ කැනඩාවෙ. මමයි පුතයි ගියා හවස් වරුවක ඇවිදින්න අපි ආසම කරන මිටියාවතකට.මිටියාවතක් කිව්වට ඒක හරිම වචනයද කියල මට ෂුවර් නෑ.ඒ නිසා ඒ පසුබිම ටිකක් විස්තර කරන්න ඕනෙ. එතන තියෙනවා විශාල කන්දක්.කන්දක් කිව්වට වැඩියෙන්ම තියෙන්නෙ අති විශාල ගල් කුට්ටි.