
කුකුල්ලු (වැල් වටාරම්)
ඉස්සර අපේ ගෙදර කුකුල්ලු හිටියා.ඒ කියන්නෙ ගං කුකුල්ලු. ගෙදර කෑමට ගත්තෙ ඒ කිකිළි බිත්තර. උන්ට කන්න දුන්නෙ කුස්සියෙ ඉතුරු වෙන බත් දංකුඩ,පොල්කුඩු,එළවළු කෑලි වගේ දේවල්.සමහර වෙලාවට ලොකු අම්මා හාල් පොළලා අයින් කරන සුණුසාල් ටිකත් ‘බ.. බ..’කියලා කුකුල්ලුන්ට ළඟට කතා කරලා