මොහොතකට වරදවා තේරුම් ගතිමි (නිසඳැස)
මොහොතකට වරදවා තේරුම් ගතිමි එලෙස වූයේ කෙලෙස පැන නගා ගත්තෙමි මෙලෙස වන්නට ඇතැයි මම සිතා ගත්තෙමි මගේ හද තුළම ගැඹුරට කිඳා බැස්සෙමි දෙකම්මුල් පිළිස්සී පිළිස්සී යනු දැනිණි උර කුහරයම හිස්ව බර වුණේ යැයි දැනිණි ඇටකටුද විනිවිදා රිදුමක් ගලනු දැනිණි මට