කාජුරාහෝ පුරාවිද්‍යාත්මක ස්මාරක සංකීර්ණය…. (ලෝක ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉන්දියාවේ මධ්ය ප්රදේශ් ප්රාන්තයේ පිහිටි කාජුරාහෝ පුරාවිද්යාත්මක ස්මාරක සංකීර්ණය එයටම අනන්ය වූ අතිශය කලාත්මක ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ පෙන්නුම් කරනා ඓතිහාසික ගොඩනැගිලි සංකීර්ණයක්. හින්දු සහ ජෛන සිද්ධස්ථාන රාශියකින් සැදුම්ලත් මෙම ස්මරක සංකීර්ණය ක්රිස්තු වර්ෂ 9 – 11 සියවස් අතර සමයේ චන්දේලා රාජ පරම්පරාව මගින් ඉදිකරවන ලද්දක්. UNESCO ලෝක උරුමයන් අතරට එක්වුණු මෙය ලොව වටා වඩාත් ප්රසිද්ධ වන්නේ එහි ඇති අතිශය ශෘංගාරාත්මක කැටයම් සහ මූර්ති හේතුවෙනුයි.
කාජුරාහෝහි ඉතිහාසය….
ක්රිස්තු වර්ෂ 950ත් 1050ත් අතර රජකම් කළ රාජ්පුත් චන්දේලා රාජ පරම්පරාව බලයට පත්වුණු විගස මෙම සිද්ධස්ථාන ගොඩනැගීම ආරම්භ කළ බව කියැවෙනවා. අදට ඉතිරිව ඇත්තේ ස්මාරක 22ක් පමණක් වුවත්, චන්දේලා රාජ පරම්පරාවේ සෑම පාලකයෙකුම අඩුම තරමින් එක් ස්මාරකයක් බැගින් ලෙස වත් ඉදි කළ ස්මාරක 85ක් එකල මෙම සංකීර්ණයට අයත් වූ බවයි පැවසෙන්නේ.
හින්දු රජ යශෝවර්මන් විසින් ක්රිස්තු වර්ෂ 954 දී ඉදිකළ විෂ්ණු කෝවිල (වර්තමානයේ ලක්ෂ්මණ කෝවිල) මෙම සංකීර්ණයේ පළමු සිද්ධස්ථානය ලෙස හැඳින්වෙනවා. යශෝවර්මන්ගෙන් පසු රජකමට පත් වූ ධන්ගා රජුගේ කාලයේ විශ්වනාත, පර්ශ්වනාත, සහ වෛද්යනාත දෙවොල් ඉදි කළ බවට කියැවෙනවා. මේවායින් විශාලතම සහ ප්රසිද්ධම දෙවොල වන්නේ ගාන්ධ රජු (ක්රි. ව. 1017 – 1029) විසින් ඉදි කළ කන්දාර්ය මහාදේව දෙවොලයි.
ක්රි. ව. 1022 දී ගස්නි හි මොහොමඩ් විසින් කාජුරාහෝ පිහිටි කලින්ජර් ප්රදේශය ආක්රමණය කළා. ආක්රමණය අසාර්ථක වූ නිසා මෙහි රජ කළ හින්දු රජු සමඟ එකඟතාවකට එළැඹි ඔහු ප්රහාරය අවසන් කිරීමට තීරණය කළා.
11වන සියවස අවසන්වත්ම චන්දේලා රජවරු රාජධානිය අත්හැර කඳුකර බලකොටු කරා සංක්රමණය වුණා. ඉන් පසුවත් 12වන සියවස අග භාගය වන තෙක් කාජුරාහෝ සිද්ධස්ථාන වලට වැඳුම් පිදුම් කරනු ලැබුවා. මෙම තත්ත්වය වෙනස් වුණේ 13වන සියවසේ දී දිල්ලි සුල්තාන් අධිරාජ්යයේ කුටුබ්-උද්-දින්-අයිබෙක් විසින් චන්දේලා රාජධානිය යටත් කරගැනීමත් සමඟයි.
ඉනුත් ශතවර්ෂයකට පමණ පසුව දේශාටක ඉබ්න් බතූතා විසින් කාජුරාහෝ පිළිබඳව ඔහුගේ දේශාටන වාර්තා වල සඳහන් කරනු ලැබුවා. ඔහු සඳහන් කරන පරිදි ඒ වන විට මුස්ලිම් ආක්රමණිකයින් විසින් මෙම දෙවොල් වල ප්රතිමා බොහොමයක් විනාශ කරනු ලැබ තිබුනා ලු.
13වන සියවසේ සිට 18වන සියවස පමණ තෙක් කාජුරාහෝ පැවතුනේ විවිධ මුස්ලිම් රාජ පරම්පරා යටතේ. මෙම කාලය පුරාවටම කාජුරාහෝ සිද්ධස්ථානයන් නොසලකා හැරුණා. මෙහි හින්දු සහ ජෛන සිද්ධස්ථාන ඝන වනාන්තරයෙන් වටව තිබූ නිසා මුස්ලිම් පාලකයින්ගේ අන්යාගමික ස්මාරක සංහාරයෙන් ගැලවීමට ඒවාට හැකිවුණා. වනාන්තරය ඝණව වැඩෙමින් මෙම සිද්ධස්ථානයන් වසාගත් අතර, මේවා ලොවට අනාවරණය වුණේ 1838 දී හමුදාවේ ඉංජිනේරු බලකායේ කපිතාන්වරයෙකු වූ බ්රිතාන්ය ජාතික ටී. එස්. බර්ට් මෙම සිද්ධස්ථානයන් නැවත සොයාගැනීමත් සමඟයි
හින්දු සහ ජෛන සිද්ධස්ථාන……
කාජුරාහෝ පිහිටා තිබෙන්නේ වින්ධ්යා කඳු වැටිය පසුබිම් කරගෙනයි. දැනට ඉතිරිව ඇති සිද්ධස්ථාන 22න් 6ක් ශිව දෙවියන්ට සහ ඔහුගේ පිරිවරටත්, 8ක් විෂ්ණු දෙවියන්ට සහ පිරිවරටත්, 1ක් ගනේශාටත්, සූර්ය දෙවියන්ට 1කුත්, සහ ජෛන තීර්ථකයින්ට 3කුත් ආදී වශයෙන් වෙන් කොට තිබෙනවා.
ඇතැම් සිද්ධස්ථාන නිශ්චිත දෙවි කෙනෙකු වෙනුවෙන් තැනූ බවට හඳුනාගැනීම අපහසු බව පැවසෙන අතර මෙහි සිද්ධස්ථාන වල පිහිටීම අනුව, බටහිර, නැගෙනහිර, සහ දකුණු ආදී වශයෙන් අංශයන් තුනකට බෙදා වෙන්කර තිබෙනවා.
ඉන් බටහිර අංශය, ලක්ෂ්මණ, කන්දාර්ය මහාදේව, දේවි ජග්දම්බා, චෝන්සාත් යෝගිනී, චිත්රගුප්ත, මතනාගේස්වර, වාරහා, සහ විශ්වනාත් දෙවොල වලින් සමන්විතයි. නැගෙනහිර අංශය සමන්විත වන්නේ, පර්ශ්වනාත්, ඝන්තායි, ආදිනාත්, හනුමන්, බ්රහ්ම, වාමන, සහ ජවාරි සිද්ධස්ථානයන් ගෙන්. දකුණු අංශය දුල්හාදේව්, බීජාමණ්ඩල්, සහ චත්තර්භූජ් දේවස්ථාන වලින් සමන්විත වෙනවා.
ස්මාරක වල නිමැවුම…
කාජුරාහෝ හි ස්මාරක බොහොමයක් අඳුරු කහ, ලා කහ, සහ රෝස පැහැති වැලිගලෙන් නෙලා තිබෙනවා. මෙම ගොඩනැගිලි වල පාදම සකස් කර ඇත්තේ ග්රැනයිට් පාෂාණ වලින්. ඇතැම් දේවස්ථාන කලු ගල් කුළුණු යොදාගනිමින් නිමවා තිබෙනවා.
මූර්ති සහ කැටයම්……
කාජුරාහෝ විදේශිකයින් අතරේ වඩාත් ප්රසිද්ධ වන්නේ එහි වාත්ස්යායනගේ කාමසූත්රයේ අඩංගු ශෘංගාරාත්මක ඉරියව් ඉතා කලාත්මක සහ තාත්වික අයුරින් ගලින් නෙලා ඇති නිසායි.
ශෘංගාරාත්මක කැටයම් නිසා නමක් දිනාගත්තත් කාජුරාහෝ හි කලාත්මක නිර්මාණයන්හි මෙම කැටයම් අඩංගු වන්නේ 10%ක පමණ සුළු ප්රමාණයක්. මෙම ශෘංගාරාත්මක ඉරියව් කැටයම් කිරීමේ අදහස් කුමක් විය හැකි දැයි මත පල කරන විද්වතුන් සඳහන් කරන්නේ මේවා තාන්ත්රික ලිංගික පුරුදු විය හැකි බවත්, එසේත් නැති නම් ලිංගිකත්වය අතවශ්ය සහ පූජනීය කොට සලකන හින්දු ආගමික පුරුදු වල ප්රතිඵලයක් වන්නට හැකි බවත්.
දහස් ගණනක් කැටයම් සහ ප්රතිමා අතරින් 800කටත් අධික සංඛ්යාවක් කන්දාර්ය මහාදේව දෙවොලේ දී නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙම කලා නිර්මාණ බහුතරයක් හින්දු සමාජයක එදිනෙදා ජීවිතය, දේව කතා, සහ ආගමික සිරිත් පදනම් කරමින් නිර්මාණය වී තිබෙනවා.
ගොවීන් ගොවිතැන් කරනු, සංගීතඥයින් සංගීත භාණ්ඩ වයනු, සහ කාන්තාවන් රූපලාවණ්ය කටයුතු වල නිරතවෙනු ද මෙම කලා නිර්මාණ මගින් ඉදිරිපත් කෙරෙනවා.
කාජුරාහෝ ස්මාරක සංකීර්ණය ඉන්දියානු ඉතිහාසය පිළිබඳව උනන්දුව දක්වන්නන්ට, රාජ්පුත්වරුන් පිළිබඳව දැනුම සොයන්නන්ට, සහ පොදුවේ ඓතිහාසික හා කලාත්මක දෑ පිළිබඳව උනන්දුව දක්වන්නන්ට ඉතා ආශාවෙන් නැරඹිය හැකි සිද්ධස්ථාන සමූහයක්. දේශගුණය ඉතා උණුසුම් නිසා කාජුරහෝ නැරඹීමට සුදුසුම සමය වන්නේ එම පෙදෙසට ශීත සෘතුව බලපැවැත්වෙන සැප්තැම්බර් – මාර්තු අතර සමයයි. කාජුරාහෝ හි වාර්ෂික නර්තනෝත්සවය පැවත්වෙන්නේ ද මාර්තු මාසයේ නිසා, ඔබ කාජුරාහෝහි සංචාරයට උනන්දුවක් දක්වනවා නම්, මාර්තු මාසය එයට සුදුසුම කාලය වේවි….
……………..අන්තර්ජාලය ඇසුරෙනි………………
Chaturbhuj Temple
Duladeo Temple | Shiva Temple Duladeo, Madhya Pradesh - Hindu Temples
Pin on Lord Ganesh
May be an image of temple, outdoors and monument
May be an image of temple and outdoors
May be an image of temple and outdoors

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!