ලෝකය බේරා ගැනීම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අප්පච්චියේ. පුදුම රස්නයක්. ටවුන් එකේ වැඩ වගේකුත් කරගෙන ගංගාත් ඕෆ් වුණාම බයිසිකල් කට්ටේ ගෙදර ආවා. මහන්සී අප්ප, මම ඉතින් හෙනකඳයා වගේ සැටියේ පත බෑවිලා ඉන්නවා. ගංගා බත් කනවා. අයියයි නංගියි ඒ දවස්වල මොන්ටිසෝරි වයස
මට දැන් ඇස් කොනින් පේනවා අයියා ෂේප් එකේ කැරකි කැරකි අම්මා ගාවට කිට්ටු උනා. වචන නං ඇහෙන්නේ නෑ . ෂුවර් එකට මොනවා හරි ඉල්ලනවා. මගේ නිගමන හරියටම හරි. මොකද ගංගා උත්තර දුන්නා, අනේ මම දන්නෑ පුතේ ඕවා කොහේ තියනවද කියලා, පොඩ්ඩක් සීයට කියන්නකො එයා ටවුන් ගිය වෙලාවක ගෙනත් දෙන්න කියලා.
කොල්ලගෙ මූන නං චුට්ටක් අවුල්. කොල්ලා දැන් සීයව ලයින් කරා. මොනව හරි ඉල්ලනවා. සීයත් කිව්වා මන් දන්නෑ පුතේ එව්වා කොහෙද තියෙන්නෙ කියලා.
සීන් එක බලාගෙන ඉඳලා මතක් චුට්ටක් දුක හිතුනා. මං ඒත් පුතාට අඬගහලා ඇහුවා මොනවද පුතේ ඔයා ඉල්ලන්නේ කියලා . මොකක්ද මන් දන්නෑ ඉල්ලනවා. දෙතුන් පාරක් අහලත් මට හරියට තේරෙන්නෙ නෑ.
කොල්ලට බල ඔරලෝසුවක් ඕනෙලු . මොකක්ද යකෝ බල ඔරලෝසුව කියන්නේ . ඩිජිටල් එකක්ද . කටු කැරකෙන එකක්ද. ෆුල් අන්දොස් .
එතකොට නංගී තමයි මට කියලා දුන්නේ තාත්ති මේ අයියා ඉල්ලන්නේ බෙන්-ටෙන් ඔරලෝසුවක් කියලා.
මට හිස්ම පිටඋගුරේ ගියා. දැන් හොයපන්කෝ ben-ten ඔරලෝස. දවසක් දෙකක් ටවුන් ගිය වෙලාවේ සෙල්ලම්බඩු කඩවලට රිංගලා බැලුවා එහෙම ඔරලෝසුවත් තියනවද කියලා. එක තැනකවත් හරිහමන් විදිහට බෙන්ටෙන් ඔරලෝසුවක් තිබුණෙ නෑ.
ටවුන් යන යන ගානට කොල්ල අහනව තාත්තේ අරක ගෙනාවා ද කියලා . දවසක් කොල්ලා මගෙන් හෙන දුක හිතෙන විදිහට අහනවා තාත්ති අපිට ලෝකය බේරා ගන්න බැරි වෙයිද තාත්ති කියලා. කොල්ලා ඒක පට්ට සිරා මූඩ් එකකින් ඇහුවේ . මේකා ඇත්තටම හිතාගෙන ඉන්නේ එයාට බල ඔසුවක් ලැබුණේ ලැබුණේ නැත්තං ලෝකෙ විනාශ වෙයි. එයාට විතරයි ලෝකය බේරා ගන්න පුළුවන් කියලා
ඊළඟ පාර කොළඹ ගියපු වෙලාවක මම වෙනම වෙලාව වෙන් කරල හොඳ ලස්සන ben ten ඔරලෝසුවක් අරගෙන ගියා. ඒක ගිහිල්ලා දුන්නම ආසාව වැඩි කමට වැඩිකමට කොල්ලට ඔරලෝසු බැද ගන්නවත් ගන්න වත් බෑ අත පැටලෙනවා. ඒ පාර මමමයි ඔරලෝසුව අතේ ගැට ගැහුවෙ.
කොල්ලා ලස්සනට හිනාවෙලා කිව්වා , yes ! දැන් අපිට ලෝකය බේරා ගන්න පුළුවන් කියලා.
අනේ ඒ සතුට.. අනේ ඒ හිනාව.. හරිම නිර්ව්යාජයි . මට ඇත්තටම සතුටු හිතුණා කොල්ලගේ ආසාව ඉටු කරලා දුන්න එක ගැන
උපුටා ගැනීම:Nathanielsz Dunil Roshan

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!