ලෝකයට උදව් කිරීමට ඔබට කල හැකි දේවල් 15 ක් (විද්‍යා හා තාක්ෂණය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අද වෙනකොට අපේ පෘථිවියේ ස්වාභාවික සම්පත් ක්ෂය වෙමින් පවතින අතර සාගර හා වායුගෝලය අපිරිසිදු වෙමින් පවතිනවා. ඒ නිසා විද්‍යාඥයන් පෘථිවිය විනාශ වෙන්න කලින් ආරක්ෂා කරගන්න ක්‍රම හොයමින් ඉන්නවා. හැම වසරකම කුණු රාත්තල් බිලියන 1.4 ක් පමණ මුහුදට වැටෙන බව මේ වෙනකොට හොයාගෙන තියනවා.

අපි ජීවත් වෙන පෘථිවිය වඩා හොඳ තැනක් බවට පත් කරන්න පුලුවන් නව නිපැයුම් 15ක් ගැනයි අද අපි ඔයාට කියන්නෙ.

01. ප්ලාස්ටික් බෝතල් නැවත භාවිතා කළහැකි ක්‍රම

ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටලුව අද වෙනකොට ලොකු පරිසර ගැටලුවක් වෙලා තියන නිසා ඉවතලන ප්ලාස්ටික් නැවත භාවිතා කරන්න මිනිස්සු ක්‍රම හොයාගත්තා.

එක් වරක් විතරක් පාවිච්චි කරලා විසි කරනවා වෙනුවට ප්ලාස්ටික් බෝතල්වලින් ගෙවල්, මල් පෝච්චිවල සහ සෙල්ලම් බඩු පවා හදන්න පටන් අරගෙන තියනවා.

02. මෙම මුහුදු පැලෑටි බෝතල් හිස් වූ විට දිරාපත් වීමට පටන් ගනී.

මේක අයිස්ලන්ත කලා ඇකඩමියේ සිසුවෙකු වන අරි ජොන්සන්ටගේ අදහසක්. ඔහු වතුරෙන් හා කුඩු කළ ඇගාර් වලින් හදපු බෝතලයක් නිර්මාණය කලා. එය වතුරෙන් පිරිලා තියනකොට එහි හැඩය ලස්සනය තියනවා. ඒ වගේම බෝතලයේ වතුර හිස් වුණාම බෝතලය දිරාපත් වෙන්න පටන් ගන්නවා.

දිගු කාලයක් මේ විදිහටම තියනකොට, ඇල්ගී රසය බෝතලයේ ඇතුළත තියන වතුරට එකතු වෙන්න පුලුවන්. ඒත් ඒක ආරක්ෂිතයි. කැමති නම් බෝතලය පවා ආහාරයට ගන්න පුලුවන්.

03. සාගර කුණු වලින් හදන ලද සපත්තු

ඇඩීඩාස් සමාගම දැනටමත් සාගර ප්ලාස්ටික් වලින් හදන ලද සපත්තු සහ ක්‍රීඩා ඇඳුම් මෝස්තර කිහිපයක්ම නිර්මාණය කරලා තියනවා. ඒවා සාගර නිල් සහ අළු පාටවලින් හදලා තියන නිසා වෙනත් හොඳ අමුද්‍රව්‍යයකින් නිර්මාණය කලා වගේම තියනවා.

04. සම්පුර්ණයෙන්ම කොම්පෝස්ට් කළ හැකි ශාක වලින් සෑදූ “ප්ලාස්ටික්”

අවානි කියන්න්ඩ් ඉන්දුනීසියාවේ බාලි හි පිහිටි සමාගමක්. එයාලගෙ අරමුණ තමයි ප්ලාස්ටික් වෙනුවට පරිසර හිතකාමී ද්‍රව්‍ය ආදේශ කිරීම. උදාහරණයක් විදිහට, මේ කෝප්ප FSC සහතික කළ කඩදාසි හා බඩ ඉරිඟු වලින් සාදා ඇති අතර ඒවා සම්පූර්ණයෙන්ම කොම්පෝස්ට් කරන්න පුලුවන්. පුදුමාකාර දේ තමයි මේවා මාස හයක් යනකොට මුළුමුනින්ම දිරාපත් වෙන අතර වතුරේ පවා දිය වෙනවා.

05. මී පැණිවලින් හදන කෑම ඇසුරුම්

ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට තවත් හොඳ විසඳුමක් තමයි මේ. කපු, මී පැණි, ජොජෝබා තෙල් සහ තවත් ශාක කොටස්වලින් මේක නිර්මාණය කරලා තියනවා. මෙයට සාමාන්‍ය ප්ලාස්ටික් වලට වඩා සිත් ඇදගන්නා සුළු පෙනුමකුත් තියනවා. මේ ඇසුරුම සෝදමින් නැවත භාවිතා කරන්නත් පුලුවන්.

06. ජල ආරක්ෂිත කෙසෙල් කොළ “සම්”

කොල පාට කෙසෙල් කොළ කියන්නෙ කඩදාසි සඳහා හොඳ විකල්පයක්. මේ භාණ්ඩ කෙසෙල් කෙඳි වලින් හදලා තියනවා. මේවට කෙසෙල් කෙඳි පාවිච්චි කරන්නෙ අස්වැන්න ලබාදුන්නට පස්සෙ කෙසෙල් ගහ මිය යන නිසයි.

07. පරිසර හිතකාමී ඇසුරුම්

E6PR (eco 6-pack rings) කියන්නෙ සතුන් බේරා ගැනීම අරමුණු කරගත් ව්‍යාපෘතියක්. මේවා දින කිහිපයකින් හෝ සති කිහිපයකින් දිරාපත් වෙනවා. මේ ද්‍රව්‍යය ආහාරයට ගත්තට සතුන්ට හානියක් වෙන්නෙත් නෑ.

08. මේ ග්‍රැපීන් පෙරනය මගින් මුහුදු ජලය පානය කළ කරන්න පුලුවන්.

ජාතික ග්‍රැපීන් ආයතනයේ සංවර්ධනය කරන ලද මේ පටල මගින් විශාල ලවණ පෙරීමේ කාර්යක්ෂමතාව දැනටමත් ඔප්පු කරලා තියනවා.

09. වාතයෙන් පානීය ජලය ලබා ගන්නා උපකරණයක්.

මේ උපකරණය බහාලුමක් තුළට එකතු කරලා වාෂ්පයෙන් ජලය ඝනීභවනය කරනවා. එමගින් දවසකට වතුර ලීටර් 37 ක් (ගැලුම් 9.8) එකතු කර ගන්න පුලුවන්.

10. වතුරෙන් 70% ක් පමණ ඉතිරි කරන ශවර් එකක්.

නෙබියා කියන්නෙ ජල ධාරාවන් මිලියන ගණනක් ජල බිඳිති වලට පරමාණු කරන අලුත්ම ෂවර් හෙඩ් එකක්. එමඟින් දිය ඇල්ලකින් වාෂ්ප නානවා වගේ හැඟීමක් ඇති කරනවා. මේ ෂවර් එකට ජලයෙන් 70% ක් ඉතිරි කරගන්න පුලුවන් බව මේක නිෂ්පාදනය කරපු සමාගම කියනවා.

11. වතුරෙන් කුණු වෙන් කරන බඳුනක්

සීබින් ව්‍යාපෘතිය කියන්නෙ කසළ බඳුනක්. එයට මැරිනස් සහ වරායවල ජලයේ ගිලී පාවෙන කුණු කිලෝග්‍රෑම් 20 ක් දක්වා එකතු කර ගන්න පුලුවන්. මේ උපකරණයට ඉසින ලද තෙල් පවා අල්ලා ගත හැකියි.

12. ආහාරයට ගත හැකි වතුර බුබුලු

ස්කිපිං රොක්ස් විද්‍යාගාරයෙන් කරපු පරිසර හිතකාමී ව්‍යාපෘතියක් තමයි මේ. ඔවුන් ආහාරයට ගත හැකි ඇල්ගී බුබුලු නිර්මාණය කර ඇති අතර ඒවා ජලයෙන් (පිරිසිදු හා රසකාරක), ඇල්කොහොල් සහ ආලේපන වලින් පිරිලා තියනවා.

13. භාවිතා කරන්නන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස නිර්මාණය කල තාම ස්ථායි උපකරණය.

නෙස්ට් තර්මෝස්ටැට් කියන්නෙ ඔයාගෙ තාප පරිභෝජනය කළමනාකරණය කිරීමට උපකාරී වන නියම ගැජට් එකක්. හැම කෙනෙක්ම ගෙදරින් එළියට ගියාම මේක ඕෆ් වෙනවා. රිමෝට් එකකින් පාලනය වෙන නිසා ඔයාට මේකෙ උෂ්ණත්වය වෙනස් කරලා ඔයා කොච්චර ශක්තියක් පරිභෝජනය කරලා තියනවද කියලත් දැනගන්න පුලුවන්.

14. වනාන්තරය බේරා ගන්නා මිනී පෙට්ටි

කැප්සුලා මුන්ඩි කියන්නෙ වන විනාශය අවම කිරීමට ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතියක්. මෙහිදී දිරාපත් කළ හැකි ද්‍රව්‍ය වලින් සාදන ලද බිත්තර හැඩැති මිනී පෙට්ටියකට උඩින් ගසක් හෝ බීජයක් රෝපණය කරලා තියනවා. මේ ව්‍යාපෘතියේ අරමුණ තමයි හැම කෙනෙක්ම මැරුණට පස්සෙ එයා වෙනුවෙන් ගසක් හිටවීම. එතකොට පවුලේ අය ඒ ගස රැක බලා ගන්නවා

15. “හොබිට් හෝල්” පරිසර නිවාස

මේ සංකල්පයේ නම තමයි ග්‍රීන් මැජික් හෝම්ස්. මේවා පසෙන් වැසී ඇති මොඩියුලර් ගොඩනැගිලි වන අතර එය සැරසිලි සහ දේශගුණික පාලන ක්‍රමයක් ලෙස භාවිතා කරනවා. මේ ඉදිකිරීම් කල් පවතින ඒවා වන අතර දිගු කාලයක් අලුත්වැඩියා කරන්න ඕන වෙන්නෙත් නෑ. ගෙදර වහලය හා බිත්ති මත එළවළු හෝ මල් වත්තක් හිටවන්නත් පුලුවන්.

බෝනස්: අපට ජීවත් විය හැකි පෘථිවියට සමාන ග්‍රහලෝක 7 ක් නාසා ආයතනය විසින් හොයාගෙන තියනවා.

නාසා හි දුරේක්ෂයකින් මිනිසුන්ට ජීවත්වීමට සුදුසු පෘථිවියේ ප්‍රමාණයේ ග්‍රහලෝක 7 ක් සහිත සෞරග්‍රහ මණ්ඩලයක් හොයාගෙන තියනවා. මේ පද්ධතිය TRAPPIST-1 ලෙස හැඳින්වෙන අතර එය අපෙන් ආලෝක වර්ෂ 39 ක් ඈතින් තමයි පිහිටලා තියෙන්නෙ. එහි තියන සියලුම ග්‍රහලෝකවලට ද්‍රව ජලය තිබිය හැකි බවත් විද්‍යාඥයන් කියනවා.

මේ ග්‍රහලෝක 7 එකිනෙකට ළංව පිහිටා ඇති අතර, එකක් මතුපිට හිටගෙන ඉන්න කෙනෙක්ට ඒ ග්‍රහලෝකයට ලඟින්ම තියන ග්‍රහලෝකයේ විද්‍යාත්මක ලක්ෂණ දැකගන්න පුලුවන්.

 

උපුටා ගැනීම:  Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!