අද අපි ඔබට එන්නේ ඉතා අලංකාර වගේම ඉතා භයානකම සංචාරක ස්ථාන පිලිබඳවයි. කෙනෙකුට අනතුරුදායක බවින් පිරුණු නිවාඩුවක් ගත කරන්න කැමතිනම් මේ ස්ථාන වල සංචාරයේ යෙදෙන්න පුලුවන්.
01. මරණයේ නිම්නය (ඇමරිකා එක්සත් ජනපදය)
![](https://i0.wp.com/humanitypps.com/wp-content/uploads/2020/11/1-27.jpg?resize=728%2C412&ssl=1)
පෘථිවිය අපගේ නිවස නම්, මරණයේ නිම්නය කියන්නේ එහි දැවෙන උණුසුම් උදුනයි. මෙම විශ්මය ජනක කාන්තාරය අපේ පෘථිවියේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වන 134 ° F (56.7) C) වාර්තා වනවා. ඔබ කෙතරම් ශක්තිමත් වුවත්, මරණයේ නිම්නයේ දැවෙන හිරු හා අධික රස්නය ඔබව ඉතා ඉක්මණින් වෙහෙසට පත් කරනවා. ජලය නොමැතිව ඔබට මෙහි ජීවත් විය හැක්කේ පැය 14 ක් පමණයි.
02. ඩැනාකිල් කාන්තාරය (එරිත්‍රියාව)
![](https://i0.wp.com/humanitypps.com/wp-content/uploads/2020/11/2-28.jpg?resize=728%2C485&ssl=1)
මෙහි උශ්ණත්වය සෙල්සියස් අංශක 50ක් පමණ වෙනවා. ගිනි කඳු ගණනාවකින් හා විෂ වායුන් මුදාහරින උණු දිය ජලාශ ද කිහිපයකින් ද මෙය සමන්විත වනවා. මෙයට වඩා භයානක භූ දර්ශනයක් තිබෙනවාද කියලා හිතාගන්නත් අමාරුයි මෙතනට ගියහම. ගොඩක් අය මේක “මිහිපිට අපාය” යනුවෙන්ද හඳුන්වනවා. කෙසේ වෙතත් ලෝකයේ නිර්භීත සංචාරකයන්ගේ ආකර්ෂණයට බදුන් වෙලා තිබෙනවා. පලපුරුදු මග පෙන්වන්නෙක් නැතුව මෙහි ඇතුල්වීම සපුරා තහනම්.
03. වොෂින්ටන් කන්ද (ඇමරිකා එක්සත් ජනපදය)
![](https://i0.wp.com/humanitypps.com/wp-content/uploads/2020/11/3-24.jpg?resize=728%2C546&ssl=1)
වොෂින්ටන් කන්ද මුදුනේ සුළං වේගය තරම් වේගයෙන් පෘථිවියේ කිසිම තැනක සුළං හමන්නේ නැත. එහි උපරිම වේගය සටහන් වී ඇත්තේ පැයට කිලෝමීටර් 327කි. මෙහි ඇති කර්කෂභාවය වන්නේ වේගවත් සුළං පමණක් නොවෙයි. මෙහි උණුසුම -40ක් දක්වා පහත වැටෙනවා. ඒ වගේම මෙහි නොනවත්වා හිම පතනය වනවා. එහි උස අඩි 6288ක් වන අතර මෙය ලෝකයේ ඇති භයානකම කදු මුදුනයි.
04. සිනාබන්ග් ගිනිකන්ද (ඉන්දුනීසියාව)
![](https://i0.wp.com/humanitypps.com/wp-content/uploads/2020/11/4-26.jpg?resize=728%2C485&ssl=1)
![](https://i0.wp.com/humanitypps.com/wp-content/uploads/2020/11/5-29.jpg?resize=728%2C482&ssl=1)
ඉන්දුනීසියානු දූපත් සමූහයේ සුමාත්‍රා දූපතේ ඇති සක්‍රීය ගිනි කන්දකි. මෙහි නිතරම පුපුරා යාම් සිදු වන අතර බොහෝ විට දහස් ගණනකට නවාතැන් හෝ ජීවනෝපාය මේ නිසා අහිමිවෙනවා. අවට නගර සහ ගම් දැනටමත් කිහිප වතාවක්ම ලාවා සහ අළු වලින් 2010,2013,2014 හා 2015 වසර වලදී සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබෙනවා. මෑතකදී වූ පිපිරීම 2016 පෙබරවාරි 27 වන දින සිදුවිය. එම පිපිරීමෙන් ගිනිකඳු වායුව, ගල් හා අළු මාරාන්තික වලාකුළක් මීටර් 2500 ක් දක්වා ඉහළට විසිවිය. හෙට එහි කුමක් සිදුවේදැයි කිසිවෙකු දන්නේ නැත.
05. ඉල්හා ඩා ක්විමාඩා ග්‍රෑන්ඩ්, සර්ප දූපත (බ්‍රසීලය)
![](https://i0.wp.com/humanitypps.com/wp-content/uploads/2020/11/6-29.jpg?resize=728%2C486&ssl=1)
බ්‍රසීලයේ වෙරළට ඔබ්බෙන් සැඟවී ඇති මෙම දූපත පෘථිවියේ ඇති භයානකම ස්ථානයක් ලෙස පුළුල් ලෙස බොහෝ අය පිලිගන්නවා. මේ සදහා හේතුවන්නේ ලෝකයේ සිටින අති උඝ්‍රම විෂ ඇති සර්පයෙක් වන බොත්‍රොප්ස් සරපයන්ගෙන් බහුල වනවා. පරීක්ෂණයන්ට අනුව සෑම වර්ග මීටරයකට මෙම සර්පයන් පස් දෙනෙක් සිටිනවා. මෙහි ඇති ප්‍රදීපාගාරයේ සිටි සේවකයා සර්ප ප්‍රහාරයකින් මිය යනවා. ඉන් පසු මෙම ප්‍රදීපාගාරය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය හැකි පරීදි සකසා ඇත. බ්‍රසීලය රජය විසින් මෙහි සංචාරය කිරීමට තහනම් කොට ඇත.
06. මඩිඩි ජාතික උද්‍යානය (බොලිවියාව)
![](https://i0.wp.com/humanitypps.com/wp-content/uploads/2020/11/7-25.jpg?resize=728%2C486&ssl=1)
බැලූ බැල්මට මෙම ස්ථානය ඉතා සුන්දර පෙනුමක් ඇති නමුත් එය ඇත්තෙන්ම ඉතා භයානක යි. මන්ද එය ලෝකයේ වඩාත්ම විෂ සහිත හා ආක්‍රමණශීලී ශාක විශේෂයන්ගේ නිවහනකි. මෙම උද්‍යානයේ වැඩෙන ඕනෑම ශාකයක් සමඟ සම්බන්ධ වීමෙන් දැඩි කැසීම, සහ කරකැවිල්ල ඇති විය හැකිය.
07. කම්චත්කා, මරණයේ නිම්නය (රුසියාව)
![](https://i0.wp.com/humanitypps.com/wp-content/uploads/2020/11/8-24.jpg?resize=728%2C515&ssl=1)
මෙම ප්‍රදේශයේ දක්නට ලැබෙන අධික විෂ වායූන් සෑම ජීවියෙකුටම බරපතල තර්ජනයක් වේ: ශාක හා සතුන් ඉක්මනින් මිය යන අතර මිනිසුන්ට ඉක්මනින් අසනීප බවක් දැනෙන අතර උණ, කරකැවිල්ල සහ සීතල ඇතිවේ. මෙය ඈත පෙරදිග රුසියාවේ පිහිටා ඇත.
08. බිකිනි ඇටොල් (මාර්ෂල් දූපත)
![](https://i0.wp.com/humanitypps.com/wp-content/uploads/2020/11/9-31.jpg?resize=728%2C546&ssl=1)
මෙම ස්ථානය ඉතාම් අසුන්දර ස්ථානයක් වුනත් බොහෝ න්‍යාශ්ඨික පරීක්ෂණ නිසා වාතය විශ රසායනයන්ගෙන් පිරී පවතිනවා. මෙහි සිටි ස්වදේශිකයන්ව මෙයින් පිටමන් කර ඇති අතර අදටත් මෙහි ජිවත්වීමට සුදුසු පරිසරයක් නොමැත. මෙහි වාසය කරහොත් අනිවාර්‍යයෙනම පිළිකා වලට ගොදුරු වනවා.
09. චෝන්බරි හි එලිෆන්ට් කින්ග්ඩම් (තායිලන්‍තය)
![](https://i0.wp.com/humanitypps.com/wp-content/uploads/2020/11/10-26.jpg?resize=728%2C325&ssl=1)
මෙය එලිෆන්ට් කින්ග්ඩම් කියා හැදින්වූවත් මෙහි ඇති භයානකකම් වන්නේ එහි ජලාශයේ ඇති කිඹුල් ජනගහණයයි. ආරක්ෂිත බෝට්ටු මගින් සංචාරකයන්ට එහි සිටින කිඹුලන් නැරඹීම හා ආහාර දැමීම සිදුකළ හැකිය.
10. අෆාර් ඩිප්ප්‍රෙෂන් (ඉතියෝපියාව)
![](https://i0.wp.com/humanitypps.com/wp-content/uploads/2020/11/11-23.jpg?resize=728%2C466&ssl=1)
ඉතියෝපියාවේ අෆාර් පලාතේ ඇති එර්ටා ඇල් ගිනිකන්ද ලෝකයේ ඇති භ්‍යානකම ගිනිකන්දකි. කුඩා භූමිකම්පා මගින් නිතරම මේ පලාත දෙදුරුම් කවනවා. මේ සදහා හේතුවන්නේ මේ කන්ද මුදුනේ ලාවා වලින් පිරුණු විල් දෙකක් පැවතීමයි. ඒවායේ ඇති ලාවා ප්‍රමාණය නිරතුරුව වෙනස් වන අතර එමනිසා නිතරම එඉ පෘශ්ඨය ඉහළ පහළ යනවා.
11. නැට්‍රෝන් විල (ටැන්සානියාව)
![](https://i0.wp.com/humanitypps.com/wp-content/uploads/2020/11/12-26.jpg?resize=728%2C410&ssl=1)
ඉහත ඡායාරූපය දකින කෙනෙක්ට එකවරම පෙනී යන්නේ එය වෙනත් ග්‍රහලෝකයක භූ දර්ශනයක් ආකාරයෙනි. නමුත් ඇත්තටම ඒ ටැන්සානියාවේ නැට්‍රෝන් විලයි. මෙම විල මතුපිට ඇති ක්ෂාර ලුණු කබොල කොතරම් භයානකද කියනවනම්, ඒ හා සම්බන්ධ වන ඕනෑම ජීවියෙක් මිය යනවා. ඇත්තටම මෙහි ඇති රසායනවන් වලින් නිකුත් කරන ගද නිසා මෙහි ඇසට පෙනෙන සුන්දරත්වය වහාම නැතිවෙලා යනවා.
Preview photo credit Jon Nok / SWNSBased on materials from National geographic, Kronoki, Messynessychic
උපුටා ගැනීම: Ceylon journal