‘සොබාදහම අතිශයින්ම පුදුමාකාරයි’.මිනිසූන්, සතුන්, දිය ඇලි , කඳු පන්ති, සාගර ,ගිණි කඳු වගේම විවිධ මහද්වීප හා රටවල් ඇතුලු පෘථිවියේ පවතින සෑම සුන්දර ස්ථානයක්ම සොබාදහමේ නිර්මාණයන්ය. ඇත්තෙන්ම මේවා නිර්මාණය වී තිබෙන්නේ කෙසේ ද? ඔව්. ඔබ නිවැරදියි. මේ සියලු දේම සොබාදහමේ හාස්කම් වලින් ඇති වුණු දේවල්. විශේෂයෙන්ම සත්ව ලෝකය දෙස අවධානය යොමුකල විට ඒ බව වඩ වඩාත් ඔප්පු වෙනවා. එතරමටම විශාල විවිධත්වයක් සහා විශේෂතා රැසක් සත්ව ලෝකයේදී අපට දැකබලා ගැනීමට අවස්ථාව හිමිවෙනවා. දුටු නුදුටු වගේම සොයානොගත් බොහෝ සත්ව ප්‍රභේද ලෝකයේ පවතිනවා.මේ සත්වයින් අතරේ අහිංසක සත්ව විශේෂ වගේම මිනිසුන්ට අන්තරාදායක විය හැකි දරුණු සත්ව ප්‍රභේද ද සිටියි. අද අපේ අවධානය ලෝකයේ සිටින එවැනි අනතුරුදායක-භයානක සතුන් වර්ග කිහිපයක් ගැනයි.
1.කෝන් ස්නේල්’ නම් ගොළුබෙල්ලා (Cone Snail)
- ගොළුබෙල්ලන් අහිංසක සතුන් ලෙස සිතුවත් මෙම කෝන් ස්නේල් ප්‍රභේදය නම් එම ගණයට අයත් වන්නේ නැහැ. මෙම සතාගේ විෂ නිසා සිරුරේ ස්නායු සෛල අතර සන්නිවේදනය සම්පූර්ණයෙන් නතර වී යාමට ගත වන්නේ සිගරට්ටුවක් ඉරීමට ගත වන තරම් සුලු කාලයකි. එබැවින් මෙම ගොලුබෙල්ලාට සිගරට් ස්නේල් යන අන්වර්ථ නාමය ද ලැබී ඇත.
2.ගෝල්ඩන් පොයිසන් ඩාර්ට් ෆ්‍රොග්’ නම් ගෙඹි විශේෂය (Golden Poison Dart Frog)
- දීප්තිමත් සහ ප්‍රාණවත් ශරීර වර්ණයක් සහිත මෙම විශේෂයේ එක් සතෙකු සතුව හොඳින් වැඩුණු පුරුෂයින් 10 දෙනෙකු විෂ ගන්වා මරණයට පත්කල හැකි තරමේ විෂ ප්‍රමාණයක් සහිතය. එම විෂ වලින් මයොක්රෝග්රෑම් 2 ක ප්‍රමාණයක් යනු කෙනෙකුට මරණය උරුම වන තරම් මාත්‍රාවකි. මෙම විෂ ග්‍රන්ථි පිහිටා ඇත්තේ මෙම ගෙම්බන්ගේ මතුපිට සමට පහළින් බැවින් මොවුන් ස්පර්ෂ කිරීමෙන් වැළකී සිටීම වැදගත් වේ.
3.බොක්ස් ජෙලිෆිෂ් විශේෂය (Box Jellyfish)
- ලොව විෂෙන් අධිකම සාගර ජීවියා ලෙස නම් කර ඇති මෙම ජෙලිෆිෂ් සතුන්ගේ ග්රාහිකා වල විෂ බුව දහස් ගණනින් පිහිටා ඇත. එහි විෂ එක් මාත්‍රාවක් සමේ සෛල වලට මෙන්ම හෘදය සහ ස්නායු පද්ධතියට එකවර හානිවීමට තරම් ප්රබලය.
4.ආසියානු නාගයින්
- අධික විෂ සහිත සර්පයා නොවුණත් මාරාන්තික විෂ සහිත සර්පයා වේ. වසරකට සර්පයින් දෂ්ඨ කිරීම් නිසා වසරකට මියයන 50,000 කට අධික මරණ වලින් අර්ධයක්ම සිදුවන්නේ මෙම ආසියානු නාගයින්ගේ දෂ්ඨ කිරීම් නිසාය
5.බ්ලැක් මැම්බා’ නම් සර්ප විශේෂය (Black Mabma)
- මෙම සර්ප විශේෂය අධික විෂ සහිත මෙන්ම වේගවත් බවින් වැඩිය. පැයට මීටර් 2.5 වේගයකින් ඉදිරියට ඇදීමට උන්ට හැකිය. එක් දෂ්ඨ කිරීමක විෂ පුද්ගලයින් 10 දෙනෙකු මරා දැමීමට තරම් ප්රබලය. දෂ්ඨ කිරීමක් සිදුවූ පසු විෂනාශක ඔසුවක් ලබාගැනීමට හෝ ප්‍රතිකාරයක් ලබාගැනීමට පුද්ගලයෙකු හට ඉතිරි වන්නේ මිනිත්තු 20 ක් වැනි සීමිත කාලයක් පමණි.
6.කේප් බෆලෝ’ නම් මීහර්ක් විශේෂය (Cape Buffalo)
- අං සහිත යෝධ මීහරක් විශේෂයක් වන මොවුන් හඳුන්වන තවත් නමක් වන්නේ ”බ්ලැක් ඩෙත්” යන්නයි. තර්ජනයක් දැනුණු වහාම රාක්ෂයෙකු මෙන් කුපිත වීමේ ස්වභාවයක් පෙන්නුම් කරන මොවුන් මෙල්ල කිරීම පහසු නැත. පැයට මීටර් 35 ක වේගයෙන් ආක්‍රමණය එල්ල කරයි. මිනිසුන් හෝ වාහන වේවා කිසිඳු වෙනසක් නොමැතිව ඇසිල්ලෙන් විනාශ කර දැමීමට තරම් ප්රකෝපකාරි හැසිරීමක් මොවුන් සතුවේ.
7.පෆර් ෆිෂ් නම් මාලුවන් (Puffers Fish)
- නිසි පරිදි සකස් කර හෝ පිසීම නොකර ආහාරයට ගැනීමෙන් මෙම සතුන් මිනිසාට විෂ විය හැකියි. සමේ කටු සහිත නිසා ජලයේදී යම් තාක් දුරකට මොවුන්ගෙන් අනතුරු විය හැකියි. නමුත් වැඩි බලපෑමක් ඇතිවන්නේ මෙම මාලුවන් ආහාරයට ගැනීමෙනි. සයනයිඩ් වලට වඩා 1200 වාරයක් ප්‍රබල බවින් වැඩි විෂ ද්‍රව්‍ය ශරිරගත වීමට ඉඩ ඇත.
8.මදුරුවන්
- මදුරුවන් යනු කුඩා කෘමි විශේෂයක් වුණත් මොවුන්ගේ දෂ්ඨ කිරීම් නිසා ඇති විය හැකි තත්වයන් මාරාන්තිකය. මොවුන් හරහා භයානක මාරාන්තික වෛරස ව්‍යාප්ත වන නිසා ජීවිතක්ෂයට පත්වීමේ අවදානම ඇති රෝග මිනිසාට වැලඳේ. ඩෙංගු උණ, මැලේරියාව,බරවා, කහ උණ, චිකන්ගුන්යා, මැලේරියා, මෙන්ම මෑතකදි ලෝක වසංගතයක් වූ සිකා වෛරස් රෝග ඊට උදාහරණ වේ.
9.සෙට්සෙ ෆ්ලයි’ නම් මැස්සන් විශේෂය (Tsetse Fly)
- African Sleeping Sickness නම් රෝග තත්වය ඇතිවීමට හේතුවන ප්‍රොටෝසෝවා පරපෝෂිතයින්ගේ වාහකයෙකි. මෙම තත්වයෙන් ඉක්මනින් මරණයට පත්වන්නේ නැති වුවත් එය මාරාන්තික විය හැකියි. මෙම මැස්සන්ගේ දෂ්ඨ කිරීමක දී ඊට ප්‍රතිකාර කල හැකි එන්නතක් හෝ බෙහෙත් ඖෂධ තවමත් ලෝකයේ සොයාගෙන නොමැතිවීම ප්‍රබල ගැටලුවකි.
10.සෝල්ට්වෝටර් ක්‍රොකඩයිල්’ නම් කිඹුලන් විශේෂය (Saltwater Crocodile)
- කිඹුලන් යනු භයානක සත්ව ප්‍රභේදයක් බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැහැ. ඔවුන් ඉතාපහසුවෙන් උසිගැන්වෙන හා ආවේගශීලීවන නිසා පහසුවෙන් ආක්‍රමණයකට නතුවීමේ අවදානම වැඩිය. මෙම සතුන් තම ගොදුර ජලයේ ගැඹුරටම ඩැහැගෙන යමින් ගිල්වාමරාදැමිමෙන් පසු ආහාරයට ගනිති. මෝරුන්ට වඩා මෙම කිඹුලන් නිසා බොහෝ පුද්ගලයින් ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වේ.