ලෝකයේ හොල්මන් අවතාර පිරුණු භයානකම ස්ථාන… (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පරණ බලකොටු, අතහැර දාලා තියෙන ගෙවල්, පරණ සුසාන භූමි සහ වනාන්තර – ලෝකයේ හොල්මන් තියෙනවා කියන ගොඩක් තැන් අතරට මේ වගේ තැන් එකතු වෙලා තියෙනවා. මේ වගේ අමුතු හැඟීමක් ඇති කරන ලෝකයේ ගොඩක්ම හොල්මන් ඉන්නවා කියලා ප්රසිද්ධ ඛේදජනක අනතුරු සහ අවතාර මිනිස්සු පියවි ඇසෙන් දැකලා තියෙන සිදුවීම් ගැනත් ඕනෑ තරම් වාර්තා වෙලා තියෙනවා.
ඉතින් ඇත්ත හෝ හුදු කටකතා වේවා මේ කිසිම දෙයක් නිශ්චිතව නිශ්චය කරන්න නම් බැහැ. නමුත් ලෝකයේ ගොඩක්ම හොල්මන් ඉන්න තැන් කියලා මේ තැන් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම අද්භූත දේවල් මේ තැන් වල සිද්ධ වෙනවා මිනිස්සු දැකලා තියෙන නිසා මේ තැන් ගවේෂණය කරන්න හිතෙනවා නම් ටිකක් සෝදිසියෙන් ඉන්න වෙනවා. ඔයත් මේ වගේ තැනක් ගැන දන්නවනම් ඒ ගැන කොමෙන්ට් එකක් දාන්න..
පැරණි චැංගි රෝහල සහ සිංගප්පූරුවේ චැංගි බීච්
Old Changi Hospital ! - YouTube
1935 දී ඉදිකරලා තියෙන චැංගි වෙරළ සහ පරණ රෝහල හොල්මන් වලට ප්රසිද්ධ තැනක් විදිහට සලකනවා. ගොඩක් චීන සොල්දාදුවන් ජපන් ජාතිකයින් විසින් මේ චැංගි වෙරළේදී මරා දාලා තියෙනවා. ජපන් කෙම්පෙයිටායි (ජපන් අධිරාජ්ය රහස් පොලිසිය) මේ රෝහල අත්පත් කරගෙන දෙවන ලෝක යුද්ධ කාලයේදී ඒක වධ කඳවුරක් බවට පත් කරලා තියෙනවා. දැන් අතහැරලා දාලා තියෙන මේ රෝහලේ චීන සොල්දාදුවන්ගේ ආත්මයන් හොල්මන් කරනවා කියලා මිනිස්සු අතර ඉතාම ප්රසිද්ධ කාරණාවක්. රෑට වෙරළ තීරයේ හිස් නැති සොල්දාදුවන් සැරිසරනවා කියලත් වාර්තා වෙනවා
කාසල් ඔෆ් ගුඩ් හෝප්, දකුණු අප්රිකාව
Do You Dare? The 12 Most Haunted Places In The World - KAYAK MGZN
මෙහෙම ලස්සනට එළියෙන් පේන්න තිබුණට මෙතනත් හොල්මන් සැරිසරන තැනක් කියලා තමයි ප්රසිද්ධ. 16 වෙනි ශතවර්ෂයේ කේප් ටවුන් වල ලන්දේසි ඊස්ට් ඉන්දියා සමාගම විසින් 1666 ඉදන් 1679 වෙනකන් අවුරුදු 13 ක කාලයක් තිස්සේ මේ කාසල් ඔෆ් ගුඩ් හෝප් වල ඉදිකිරීම් කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඉතින් දකුණු අප්රිකාවේ දැනට තියෙන පැරණිතම යටත් විජිත ගොඩනැගිල්ල තමයි මේ. සොල්දාදුවන්, ස්වේච්ඡා සේවකයන්, වහලුන් සහ සිරකරුවන් විසින් ඉදිකරලා තියෙන මේ ගොඩනැගිල්ලේ පල්ලියක්, බේකරියක් සහ විසිත්ත කාමර, සාප්පු සහ බන්ධනාගාර පිහිටලා තිබුනා විතරක්ම නෙමෙයි අනෙකුත් පහසුකම් කිහිපයක්ම ලබාදෙන ගොඩනැගිල්ලක් වුණා. කොහොම වුණත් 1936 දී මේ ගුඩ් හෝප් මාලිගය ජාතික ස්මාරකයක් විදිහට ප්රකාශයට පත්කළා. ඉතින් දැන් අවුරුදු ගණනාවක තිස්සේ රාජකාරියේ නියුතු මුරකරුවන් ගේ අවතාර, කෑගසන කාන්තාවකගේ අවතාර , උස පිරිමි පුද්ගලයන්ගේ අවතාර වගේම කළු බල්ලෙකුගේ අවතාර මිනිස්සු විටින් විට දැකලා තියෙනවා. හැබැයි කෑගසන කාන්තාවගේ අවතාරය නම් මාලිගාව ළඟ කාන්තාවකගේ සිරුර කැණීමෙන් පස්සේ පේන එක නැවතිලා තියෙන බව වාර්ථා වෙනවා
ටැට් තක් පාසල, හොංකොං
5 of the most haunting abandoned places in Hong Kong

පාසලක හොල්මන් ඉන්නවා කියලා අහන්න ලැබෙන එක ලංකාවේ අපිට නම් ඉතින් සාමාන්ය සිදුවීමක්නේ. මොකද අර ඉස්කෝලේ හොල්මන් ඉන්නවලු, හොස්ටල් එක වහලා තියෙන්නේ හොල්මන් නිසාලු, පරණ කැන්ටිම පැත්තේ එහෙමත් නැත්නම් පරණ පුස්තකාලේ හොල්මන් දැකලා තියෙනවලු වගේ කතා ගොඩක් ඉස්කෝලේ යන කාලේ අපේ පාසල ගැනම නොවුණත් අවට පාසලක් ගැන හරි අපි අනිවාර්යයෙන්ම අහලා තියෙනවා. ඉතින් ලංකාව,ඉන්දියාව හෝ වෙනත් රටක් වේවා මේ විදිහට හොල්මන් තියෙනවා කියලා ප්රසිද්ධ පාසල් ගොඩක් ලෝකයේ තියෙනවා. හැබැයි මේ කියන්න යන්නේ ඇත්තටම ටිකක් වෙනස් අතීතයක් තියෙන පාසලක් ගැන.

පාසල පිහිටා තියෙන ගමට තියෙන්නේ ඛේදවාචක ඉතිහාසයක්. ගම්වැසියන්ව එයාලගේ භූමියෙන් ඉවත් කරන්න බ්රිතාන්ය දරපු උත්සාහයට විරුද්ධ වුන නිසා ප්රදේශවාසීන් විශාල ප්රමාණයක් ඝාතනය කරල මේ ප්රදේශයේ වළලා තියෙනවා. 1941 දී ජපනුන් විසින් ගම්වාසීන් විශාල පිරිසක් සමූල ඝාතනය කරලා තියෙනවා වගේම එයාලගේ දේහයන් පාසල ළඟ කඳුකරයේ ඉදිකරලා තියෙන සොහොන් වල තැන්පත් කරලා තිබෙන බව වාර්තා වෙනවා. ඒ වගේම මේ පාසලේ රතු පාට ඇඳුමකින් සැරසී හිටපු ගුරුවරියක් ගැහැණු වැසිකිලියේදී ගෙල සිර කරගෙන දිවි නසා ගෙන තියෙනවා. ඉතින් රතු පාට ඇදුමකින් සැරසුණු කාන්තාවකගේ හොල්මනයක් මේ ගමේ ගොඩක් අයට ඇහැ ගැටිලා තියෙනවා. 2001 අවුරුද්දේදී ගැහැණු ළමයින් 8 දෙනෙක් සහ පිරිමි ළමයින් 4 දෙනෙක්ගේ කණ්ඩායමක් අතහැර දාලා තියෙන පාසල ගැන ගවේෂණයකට මේ පාසලට ගිහින් මුහුණ දුන්නේ හරිම භයානක සිද්ධියකට. කණ්ඩායමේ හිටපු එක ගැහැනු ළමයෙක් රතු ඇඳුමක් ඇඳගෙන හිටපු කාන්තාවක් පාසල අසල සොහොන් පිටියේ සොහොන් ගලක් ඉස්සරහ හිටගෙන ඉන්නවා දැකලා තියෙනවා. කණ්ඩායමට මේ ගැන කිවුවායින් පස්සේ හැමෝම එතැනින් ඈතට පැන ගිහින් තියෙනවා.ගැහැණු ළමයාගේ කෑගැසීම ඇහුණ නිසා ටිකක් දුරට ගිහින් නැවතුණු අනිත් පිරිසට ඇය තමන්ගේ අතින්ම බෙල්ල සිර කරගන්න උත්සහ කරගන්නවා දකින්න ලැබුණා.කණ්ඩායමේ හිටපු පිරිමි ළමයෙක් ඇයට හානි කරගන්න එක වළක්වන්න උත්සහ කරද්දී ඔහුව සපා කා තියෙනවා. ඉතින් සොහොන් වලින් වට වෙලා තියෙන හොල්මන් ඉන්නවා කියලා ප්රසිද්ධ මේ පාරේ යන්න සමහර කැබ් රියදුරන් පවා ප්රතික්ෂේප කරනවා

අකිගහාරා වනාන්තරය, ජපානය
Inside Aokigahara, Japan's 'Suicide Forest' | The Japan Times

ජපානයේ ෆුජි කන්ද ළඟම පිහිටලා තියෙන මේ වනාන්තරය අපි අහලා තියෙන අනිත් වනාන්තර වලට වැඩිය ටිකක් වෙනස් තැනක්. මොකද මිනිස්සු මෙතනට යන්නේ පරිසර අසිරිය විඳගන්න නම් නෙමෙයි තමන්ගේ ජීවිතය අවසන් කරගන්න. ඒ නිසාම මෙතැන “Suicide Forest” කියලත් හඳුන්වනවා. මේ කැලේ ගොඩක් ඝනට ගස් පිරිලා තියෙනවා වගේම ආලෝකය පවා කැලේ ඇතුළට වැටෙන්නේ හරිම අඩුවෙන්. මේ කැලේ ඇතුලේ ඇවිදින එක ගොඩක් භයානක දෙයක් මොකද පොළොවේ සුදුපාට ලණු ගොඩක් අපිට දැකගන්න පුළුවන්. ඒකටත් හේතුව හරිම ඛේදනීයයි. මිනිස්සු තමන්ගේ ජීවිතය අවසන් කරගන්න කැලේ ඇතුලට යද්දී එයාලා ගහක මේ ලණුව ගැටගහලා ලණුවත් ඇදගෙනම කැලේ ඇතුළට ගමන් කරනවා. ඒ දිවිනසා ගන්න තමන් ගත්ත තීරණය වෙනස් වුණොත් ආපහු ආරක්ෂා සහිතව කැලෙන් එළියට එන්න පාර සොයා ගන්න. ඉතින් මේ තරම්ම සියදිවි නසා ගැනීම් ගොඩක් මෙතන සිද්ධ වෙන නිසා ලෝකයේ ගොඩක්ම හොල්මන් ඉන්න තැන මෙතැන කියලා සැලකෙනවා. මේ කැලේ අවුරුද්දකට සිද්ධ වෙන සියදිවි නසා ගැනීම් ගණන දෙවෙනි වෙන්නේ සැන් ෆ්රැන්සිස්කෝ වල ගෝල්ඩන් ගේට් පාලමේ සිද්ධ වෙන සිය දිවි නසා ගැනීම වලට විතරයි

ශාන්ත ඔගස්ටින් ප්රදීපාගාරය , ඇමරිකා එක්සත් ජනපදය
St Augustine Lighthouse & Museum | American's 1st Lighthouse

19 වන සියවසේ ඉදිකරලා තියෙන ෆ්ලොරිඩාවේ ප්රදීපාගාරය තවමත් ක්රියාත්මක මට්ටමේ තියෙනවා . කොහොම වුණත් මෙතන සැරින් සැරේ වාර්තා වුන අද්භූත දර්ශන නිසාම ලෝකයේ ගොඩක්ම හොල්මන් ඉන්න තැන් ගැන කරපු ශ්රේණිගත වලට මෙතැනත් එකතු වෙලා තියෙනවා. අවතාර කිහිපයක් ගැනම මෙතනට ආපු අමුත්තන් වාර්තා කරලා තියෙනවා. මේ ප්රදීපාගාරයේ හිටපු පාලකයා දුම් වැටියක් උරමින් හොල්මන් කරන බවත්, නිල් පාට වෙල්වට් ගවුමකින් සැරසුණු කාන්තාවක් උදවු ඉල්ලා අඬමින් කෑ ගසමින් අවතාර කරන බවත් ගැහැණු ළමයින් දෙදෙනෙකු ගේ අවතාර ප්රදීපාගාරය අවට සැරිසරන බවටත් වාර්තා වෙලා තියෙනවා

එඩින්බරෝ කාසල්, ස්කොට්ලන්තය
The MOST HAUNTED Spots in Edinburgh! - YouTube

දවසින් දවස සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්න තැනක් විදිහට එඩින්බරෝ කාසල් සංචාරකයන් අතර ජනප්රිය තැනක්. හැබැයි ඒ විතරක්ම නම් නෙමෙයි කළු පාට අවතාර බල්ලෙක්ට, හිස නැති බෙර වාදකයෙක්ට වගේම හොල්මන් නළා වාදකයෙක්ට මෙතැන වාසස්ථානයක්. 2001 දී මේ මාලිගාවේදී සිද්ධ කරපු දින 10 ක විද්යාත්මක සමීක්ෂණයකදී ස්වේච්ඡා සේවකයන් හා විද්යාඥයින් කිහිපදෙනෙක්ම අවතාර දැකලා තියෙන බවට වාර්තා වුණා. එතැන් ඉදන් මිනිස්සු එඩින්බරෝ මාලිගාව ලෝකයේ හොල්මන් ඉන්න තැනක් විදිහට ගොඩක් තදබල ලෙස විශ්වාස කරන්න පටන් ගත්තා

චැටෝ ඩි බ්රිසැක්, ප්රංශය
Château de Brissac, Maine-et-Loire, France | Paranormal Amino
11 වෙනි සියවසේ මේ මාලිගය මේන්-එට්-ලොයර් හි පිහිටලා තියෙනවා. පිටතින් හරිම රාජකීය පෙනුමක් තිබුනත් මෙතැන ලෝකයේ වඩාත්ම හොල්මන් ගැවසෙන ස්ථානයන් අතරට එකතු වුණ තැනක්. මේ සුන්දර මාලිගාවේ මිනී මැරුම් දෙකක් සිද්ධ වෙලා තියෙනවා. කටකතා වල විදිහට නම් කාන්තාවක් මේ මාලිගාව පුරාවට සැරිසරනවා. කොළ පැහැති ඇඳුමකින් සැරසුණු විකෘති මුහුණක් තියෙන මේ කාන්තාව දැක්ක බවට මිනිස්සු කිහිප සැරයක්ම වාර්තා කරලා තියෙනවා
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!