ලෝකයේ වැඩිම පාපැදි ඇති නෙදර්ලන්තය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ලංකාවේ නම් සාමාන්යයෙන් පාපැදියක් භාවිතා කරන්නේ, වෙනත් වාහනයක් ගැනීමට වත්කමක් නැති කෙනෙක් බව පැරණි ගීතයක මෙසේ කියැවේ.
බයිසිකලේ, බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ//
අව්වේ වැස්සේ වෙනසක් නොතකා මහ මඟ පැදයන බයිසිකලේ … !
මේ කතාව නෙදර්ලන්තයට නම් අදාළ නැත. දුප්පත් පොහොසත් ලොකු පොඩි සෑම කෙනෙක්ම බයිසිකල් පදිති..
ගොළු හදවතේ සුගත් ධම්මි වගේ ඉස්සර ආදර සම්බන්ද වලදී, කොල්ල කෙල්ල බලන්න ආවේ පදින බයිසිකලේ… කෙල්ලව ඉස්සරහ තියාගෙන සුළං කපාගෙන බයිසිකලේ යනකොට කෙහෙ රැළි මූණේ වදිනවා. හෆ්ෆා… සනීපෙ , සතුට… ආදරය… එතනින් එහාට කියන්න බැහැ. පුද්ගලික දේවල් කියන්න වෙනවා… !
තව,… නම කියන්න බැහැ. හැබැයි ලංකාවේ ප්රසිද්ධ ව්යාපාරිකයෙක්. ඔහුගේ රබර් නිෂ්පාදන ගමේ සිට නගරයට ගෙන ආවේ, රැලේ සයිකලයක පොල්ලේ රබර් ශීට් දාලා තල්ලු කරගෙන. මිනිහ අන්තිමට ලංකාවේ රබර් පිටරට යවපු අට දෙනාගෙන් කෙනෙක් වුනා… !
අපි වුනත්, ස්කොලේ ගියේ පදින බයිසිකලේ. කෝ අද ඒ බයිසිකල් පිස්සුව ? කොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ ?
දැන් ගොඩක් දේවල් වෙනස්. ඇත්තටම වෙනස් වෙලා නොවේ. පිරිහිලා කීවොත් වඩා හරි. .ඉස්සර විභාග පාස් වුනාම, උපන් දිනේට ඉල්ලුවේ බයිසිකලයක් .. ඒත් දැන් ඉල්ලන්නෙ ස්මාර්ට් පෝන් එකක් ..!
ඉතින් වුනු දේ කියන්න ඕනා නැහැනේ…. එනම් ලමා පරපුරේ ශාරීරික සෞඛ්යය මෙන්ම ශරීර සෞඛ්යය ට එය හොඳ නැහැ.
නෙදර්ලන්ත අග්රාමාත්යවරයා වන, “මාර්ක් රට්” ඔහුගේ කාර්යාලයට හැකි සෑම විටම පාපැදියෙන් ගමන් කළේය. ඔහු මෙසේ කියයි. … “අවුරුදු 10 ක් පමණ මා වැඩිය පාපැදි පැද ගීයේ නැහැ. නමුත් පසුගිය අවුරුදු දෙක තුළදී, නැවත මගේම බයිසිකලයක් ලබා ගත්තෙමි. කාලගුණය හොඳ නම්, මම ඒ ආකාරයට කාර්යාලයට ගියෙමි”…
ලන්දේසීන් පාපැදි පැදීමට ප්රිය කරති. 2018 දී රටේ මිනිසුන්ට වඩා වැඩියෙන් පාපැදි ප්රමාණයක් තිබුණි. සයිකල මිලියන 23 ක් වූ අතර, මිනිසුන් මිලියන 17 කි. දිවයිනේ සියලුම සංචාර වලින් හතරෙන් එකකට වඩා වැඩි ප්රමාණයක් පාපැදියෙන් සිදු කෙරේ. එයින් හතරෙන් එකක්ම අගමැති මෙන් රැකියාවට යන අය වේ.
දිගු කලක් තිස්සේ නෙදර්ලන්ත වාසීන් සයිකල් පදින්නේ ඇයිද යයි ඔහු පැහැදිලි කරයි: …“අපි කුඩා රටක් බැවින් පාපැදි පැදීමට කැමතියි”… “අපට එක තැනක සිට තව තැනකට යාම සඳහා කාරයක යා හැකි වුවද, තදබදය සහ පාරිසරික බලපෑම ගැන අප සිතන්නෙමු” … “19 වන සියවසේ අග භාගයේ සිටම අතීතයේ සිටම අපි බයිසිකලයක් ගැනීමට පුරුදු වී සිටියෙමු. ”…
නමුත් රටේ ඇති යටිතල පහසුකම් මඟින් බයිසිකල් පැදීමේ හැකියාව සක්රීය කර ඇත. රටේ පැතලි හෙවත් සමතලා තත්වය රෝද දෙකේ සංචාර සඳහා වඩාත් සුදුසු ය. 35,000 කට වඩා වැඩි පාපැදි මං තීරු මෙහි ඇත. අතර “උට්රෙච්ට්” නගරයේ ලොව විශාලතම භූගත පාපැදි නවාතැන හෙවත් “සයිකල් පාර්කින් ස්ථානය” පිහිටා ඇත.
නෙදර්ලන්තයේ බයිසිකල් පද්ධතිය කෙතරම් සංවිධානාත්මක දැයි තමා පවා පුදුමයට පත් වූ බව රූට් පිළිගනී: …“දැන් අපට පාපැදි සවාරි සඳහා ට්රැෆික් ලයිට් සහ පාපැදි ධාවන පථ බොහෝ තිබේ”… “ඒවා නගරයේ පමණක් නොව ප්රාදේශීය හෝ ගම්මාන වලද බෙහෙවින් ඇත”… “විශේෂයෙන් කුඩා දරුවන්ට පාසල් යාමට එය ඉතා ආරක්ෂිත හා පහසු ක්රමයක් වේ.” …
පාපැදි පැදවීමේ සෞඛ්ය ප්රතිලාභ කවුරුත් දනිති: දියවැඩියාව සහ හෘදයේ වාහිනී රෝග වැනි රෝග ඇතිවීමේ අවදානම අඩු කරන අතර, මානසික යහපැවැත්ම ඉහළ නැංවීමට එය උපකාරී වේ. 2015 අධ්යයනයකින් සොයාගෙන ඇත්තේ සෑම වසරකම නෙදර්ලන්තයේ 6000 කට අධික මරණ, පාපැදි පැදීම නිසා වළක්වා ඇති බවය. එය සාමාන්ය ආයු අපේක්ෂාවට මාස හයක් එකතු කරන බවයි.
මෙය වසරකට ඩොලර් මිලියන 20 කට වඩා රටේ ආර්ථිකය ඉතිරි කරයි. නෙදර්ලන්ත ප්රවාහන ප්රතිපත්ති විශ්ලේෂණ ආයතනයට අනුව පරිසරයට ඇති ප්රතිලාභ ද අති විශාල ය: නෙදර්ලන්ත ප්රවාහන ප්රතිපත්ති විශ්ලේෂණයට අනුව කාරයක සිට පාපැදියකට මාරුවීමෙන් සාමාන්යයෙන් කිලෝමීටරයකට කාබන් ඩයොක්සයිඩ් ග්රෑම් 150 ක් ඉතිරි වේ.
රට් පවසන පරිදි: “මෙම සෞඛ්ය සම්පන්න විකල්පයක් භාවිතා කරන ලෙස මුළු පද්ධතියම මිනිසුන්ට කියා දේ’…. “ඇම්ස්ටර්ඩෑම් නගරයේ පමණක් නිවස සහ රැකියාව අතර සිදු කෙරෙන සංචාර වලින් අඩකට ආසන්න ප්රමාණයක් රටේ මුළු සයිකල් දරයි”… ලෝකයේ “අසමසම අංක එකේ පාපැදි ධාවන ජාතියක්” ලෙස නෙදර්ලන්තය ආඩම්බරයෙන් හැඳින්වේ.
ලන්දේසි ජාතිකයින්ට බයිසිකලයට නැගීමට අතිරේක දිරිගැන්වීමක්ද ඇත. එනම් සෑම කිලෝමීටරයක්ම බදු රහිතව අමතර ඩොලර් 0.22 ක් උපයා ගත හැකිය. ව්යාපාර කටයුතු සඳහා තමන්ගේම බයිසිකලයක් පදවන යමෙකුට, ඒ ගමන් කළ දුරට අදාළ ස්ථාවර මුදලක් ආපසු ලබා ගැනීමට හැක. එනම් පාපැදි කරුවන් රැකියාවට පැමිනීමෙන් හා ඒමෙන් මුදල් ඉපයීමයි.
බදු ගෙවීම ක්රියාත්මක වන අතර සේවකයින්ට තම සේවායෝජකයා හරහා වට්ටම් සහිත පාපැදි සහ උපකරණ ලබා ගත හැකිය. සේවායෝජකයා පාපැදිය මිලදී ගෙන සේවකයාට නියමිත කාල සීමාවකට බදු දෙයි – සාමාන්යයෙන් එය මාස 12 කි. මේවා ලංකාවේ කල නොහැක්කේ මන්ද ?
සමහරවිට ලංකාව එතරම් සමතලා රටක් නොවන නිසා කුඩා මෝටරයක් සමඟ එකට පාදයෙන් පදින්න පුළුවන් සයිකලයක් වඩා වටීවි. විශේෂයෙන් ඔය නුවර වගේ කඳු ඇති පළාත්වලට ඒවා වඩා ගැලපී යනවා. ටයි එක දාගෙන නෙදර්ලන්තේ ඉන්නේ නෙදර්ලන්ත අගමැති. මටද විදුලි සහ පදින , එනම් දෙකෙන්ම යන බයිසිකලයක් තිබේ.…. ! … බැටරි බැස්සාම කකුලෙන් පාගනවා. ලෝකෙම පෙට්රල් නැති වුනත් මට අවුලක් නැහැ… 😉
ඉතින් අපිත් පදින සයිකලයක් පැද බලමු. … නොකෙරූ අයට, අලුත් දෙයක්, …. පොකට් එකේ සල්ලි ඉතිරිය,…. හොඳ සෞඛ්යය,…. ලොකු පැකේජ් එකක් එකවර ලැබේවි … !!
May be an image of 1 person, riding a bicycle, standing, bicycle and outdoors
උපුටා ගැනීම: Lalith Karunaratna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!