ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය පොත් කිහිපයෙන් එකක කතුවරයා වීම ඔහුට ලැජ්ජාවට කරුණක් විය…. (චරිත)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එක්තරා සවස් යාමයක තරමක් ගොත ගසන පුද්ගලයෙන් කුඩා ගැහැනු දරුවන් තිදෙනෙක් සමඟ බෝට්ටුවකින් තේම්ස් නදිය තරණය කලේ ය. බෝට්ටුවෙන් බැස පැය තුනකට පමණ පසු මෙම පුද්ගලයා අතින් ලියැවුනු එම කතාව අදටත් කා අතරත් කතාබහට ලක්වෙයි.
මොහු නමින් ඩොජ්සන් ය. ( චාල්ස් ලුට්විජ් ඩොජ්සන් ( 1832 – 1898 ) ) එනමුත් ඔබ මොහුව හදුනන්නේ ඒ නමින් නොවේ. එනමුත් ඔහුගේ සැබෑ නම එයයි. ඉරිදා දිනවල පල්ලියේ දේශනා කල නිසා මොහුව ෆාදර් ඩොජ්සන් යැයි සමහරු ඇමතුවේ ය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලයේ ගණිතය උගන්වන දිනවලදී මොහුව මහාචාර්ය ඩොජ්සන් යැයි සිසුන් හා අනෙක් ගුරුවරුන් ඇමතුවේ ය.
පෙරදි කී බෝට්ටු සවාරියේ දී මොහු විසින් කුඩා ගැහැණු ලමුන් තිදෙනාට පුදුමාකාර කතාවක් තමන් විසින් ගොතා කියන ලදි. එය කෙතරම් සාවධානව ඔවුන් අසා සිටියේද කිවතොත් තමන් යන්නේ බෝට්ටුවක යැයිද එම දැරිවියන්ට අමතක විය.
ඔහු ඔවුන්ට කීවේ නින්දට පත් වූ පුංචි ගැහැණු ළමයෙකු හාවෙකුගේ ගුලකට වැටී විශ්මලන්තයක අවධි වන සැටි ඇතුලත් වන කතාවකි. මෙම ගැහැණු දරුවන් තිදෙනාගෙන් එක්කෙනෙක්ගේ නම ඇලිස් විය. මෙම දරුවන් තිදෙනා කියා සිටියේ එම කතාව නැවත කියවීමට ලියා දෙන ලෙසයි. එමනිසා මෙම මහාචාර්යවරයා මෙම ඉල්ලීම නිසා එදිනම රෑ නොබලා මෙම කතාව ලිව්වේ ය. මොහු මෙම කතාවට නම දැම්මේ ‘ විශ්ම දේශයට ගිය ඇලිස්ගේ හපන්කම් ‘ ලෙස ය.
පොත මෙසේ ලීවත් ඔහු එය මුද්රණය කරන්නට සිතුවේ නැත. මන්ද ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලයේ මහාචාර්යවරයෙක් විකාර ළමා කතා ලියන්නෙක් යැයි මිනිසුන් දැනගන්නවාට ඔහු අකමැති විය. එය තමන්ගේ ගෞරවයට හානියක් යැයි ඔහු සිතුවේ ය.
දිනක් ඩොජ්සන්ගේ මිතුරෙක් දූලි අතර තිබූ මෙම පොත සොයාගෙන කියෙව්වේ ය. ඔහුගේ සිත මෙම පොතට තදින්ම ඇදී ගියේ ය. ඔහු මෙම පොත මුද්රණය කිරීමට මූලිකත්වය ගත්තේ ය. එනමුත් ඩොජ්සන් එයට කැමැත්තක් නොදැක්වීය. මන්ද පෙරදී දැක්වූ හේතුව යි. එමනිසා ‘ විශ්ම ලන්තයේ ඇලිස් ‘ ( Alice In Wonderland ) ප්රකාශයට පත් වූයේ ව්යාජ නමක් යටතේ ය. ඒ නම ‘ ලුවිස් කැරොල් ‘ විය.
එය අති සාර්ථක පොතක් බවට පත් විය. ඉංග්රීසි කතා කරන ලෝකය අතර එය ඉතා සීග්රයෙන් ජනප්රිය විය. ඉතා ඉක්මනින්ම එම කතාව විව්ධ භාෂා ගණනාවකටම පරිවර්තනය විය. වසරින් වසර මෙම කතාව තව තවත් ජනප්රිය විය.
1865 දී ලියන ලද මෙම කෘතිය එනම් වසර එකසිය පනහකට ආසන්න කාලයකට පෙර ලියන ලද මෙම කෘතිය අදටත් ලොව ජනප්රියම ළමා කතාව ලෙස වැජබේ.
May be an image of 1 person
උපුටා ගැනීම:  TW Stories

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!