ලෝකයේ අබිරහස් ලෙස අතුරුදන් වුණු ගුවන්යානා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අපට තවමත් විසඳගත නොහැකිව ඇති, ඒ වගේම අබිරහස් විධියට සිදුවූ ලෝකයේ වඩාත්ම ගුප්ත ගුවන්යානා අනතුරු

ලොව වටා නොනවත්වා ගුවනින් යද්දී අතුරුදන් වුණු ඇමලියා ඉයර්හාට් (Amelia Earhart)…………

ලොව වටා ගුවනින් ගොස් ලෝක වාර්තාවක් තබන්නට යමින් සිටියදී අතුරුදන් වුණු ඇමලියා ඉයර්හාට්

ඇමරිකාවේ ඇමලියා ඉයර්හාට් 1937 ජූලි 2 වැනිදා ඇගේ ලොක්හීඞ් ඉලෙක්ටරා ගුවන් යානයෙන් පිටත් වූයේ නොනවත්වා ලෝකය වටා ගොස් ලෝක වාර්තාවක් තියන්නයි. ඇය සමග ඇගේ මග පෙන්වන්නා වූ ෆ්රෙඞ් නූනන් මේ ගමනට එක්ව සිටියා.

ඇය ඊට පෙර අත්ලාන්තික් හරහා තනිවම ගුවන්යානයක් පදවා ගෙන ගිය පරථම කාන්තාව ලෙස වාර්තාවක් තබා තිබුණා. මෙවර ගියේ නොනැවතී ලෝකය වටා ගිය කාන්තාව වෙන්නයි ඇය බලාපොරොත්තු වුණේ.

ඇය පියාසර කළ යානය මධ්යම පැසිපික් සාගරයේ හවුලන්ඞ් දූපත අසල දී අතුරුදන් වුණා.එදා සිට අද වන තෙක් ඇගේ අතුරුදන් වීම අබිරහසක්ව පවතිනවා. ඒත් ඒ පිළිබඳ අනුමාන නිගමනයන් තවමත් පළ කෙරෙනවා.

වැඩි දෙනකු කියන්නේ ඇගේ යානයේ ඉන්ධන අවසන් වීම නිසා මුහුදට කඩා වැටුණු බවයි. ඇය ඒ කාලේ ඇමරිකාවේ ජනාධිපතිව සිටි ෆ්?න්ක් ඞී රූස්වෙලට්ගේ ඔත්තුකාරියක වූ බවත් ජපනුන් විසින් ඇය අල්ලා ගත් බවත් කියන අයත් ඉන්නවා.

ඒ වගේම ඇගේ යානය ජපන් දූපතකට කඩා වැටුණු බවත් ඒ අනතුරෙන් මියගිය බවත් තවත් සමහරු කියනවා. ඇගේ සිරුර වැලි කකුළුවන් විසින් කා දමන්නට ඇති බවත් ඔවුන්ගේ මතයයි.

තවත් මතයක් නම් ඇය ගමනින් දිවි ගලවා ගත් බවත් දැන් නිව් ජර්සි පරාන්තයේ වෙස්වළා ගෙන ජීවත්වෙන බවයි.

ඇය පිළිබඳ තවත් පුදුම මතයක් නම් ඇය සක්වළ ජීවීන් විසින් පැහැර ගෙන ගොස් ඇති බවයි. මේ බව දැක්වෙන්නේ ස්ටාටෙරක් (Star Trek) ටෙලිවිෂන් කතාමාලවේ වොයේජර් කතාංගයේයි

 

Amelia Earhart aircraft found? UFO hunter 'spies' plane on Google Maps –  '100% proof' | Weird | News | Express.co.uk

 

ගුවන් හමුදා යානයකින් පියාසර කරද්දී ඉංගීරසි ඕඩයේ දී අතුරුදන් වූ ග්ලෙන් මිලර් (Glenn Millerගුවන් හමුදා යානයකින් පියාසර කරද්දී ඉංගීරසි ඕඩයේ දී අතුරුදන් වූ ග්ලෙන් මිලර් (Glenn Miller)

ගුවන්හමුදා සංගීතඥයකු වූ ග්ලෙන් මිලර් පරංශයේ පරසංගයකට යද්දී අතුරුදන් වුණා.

ඇමරිකන් යුද හමුදා තූර්යවාදක කණ්ඩායම් පරධානී ග්ලෙන් මිලර් කීර්තිමත් සංගීතඥයෙක්. දෙවන ලෝක යුද සමයේ මිතර හමුදා වෙනුවෙන් ඒ 1944 ගිම්හාන කාලයේ දී එංගලන්තයේ සංගීත පරසංග ගණනාවකට සහභාගි වූ ඔහු පරංශයට යමින් සිටියේ පරංශ හමුදා වෙනුවෙන් සිය මෙහෙය ඉටු කරන්නයි.

ඔහු 1944 දෙසැම්බර් 14 වැනිදා රාතිරය ගත කර ඇත්තේ බෙඞ්ෆෝඞ් අසල රාජකීය ගුවන්හමුදාවේ ටින්වුඞ් ගොවිපළේ දී හිතවතකු වූ මිල්ටන් අර්නස්ට් සමගයි. ඒ ඔහු පණපිටින් සිටි අවසන් රාතිරයයි.

රංශය බලා ගියේ තනි එංජිමේ ගුවන් යානයකින්. එංගලන්තයත් පරංශයත් අතර ඉංගීරසි ඕඩය හරහා යද්දී තමයි අතුරුදන් වූයේ.

ඒ පිළිබඳවත් තොරතුරු සෙවූ අය විවිධ මත පළ කරලා තියෙනවා. මිතුරු ගුවන් යානාවක් විසින් කළ වෙඩි පරහාරයකින් ඔහු පැද වූ යානය කඩා වැටෙන්නට ඇතැයි ඇතැම් අය කියනවා.

සමහරුන් කියනවා ජර්මනියේ සීගන්වලට පරහාරයක් එල්ල කර ආපසු එමින් සිටි බෝම්බහාරක යානාවලින් ඔවුන්ගේ ආරක්ෂාවට හෙළුෑ බෝම්බයක් නිසා යානය කඩා වැටෙන්න ඇතැයි කියා.

ජර්මනියේ ‘බිල්ඞ්’ පුවත්පතට වාර්තාකරුවෙකු ලියා ඇත්තේ අමුතු කතාවක්. මිලර් පරංශයට ගිය බවත් එහිදී ගණිකා නිවාසයකට හොර රහසේ ගිය ගමනක දී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා මිය ගිය බවයි)

ගුවන්හමුදා සංගීතඥයකු වූ ග්ලෙන් මිලර් පරංශයේ පරසංගයකට යද්දී අතුරුදන් වුණා.

ඇමරිකන් යුද හමුදා තූර්යවාදක කණ්ඩායම් පරධානී ග්ලෙන් මිලර් කීර්තිමත් සංගීතඥයෙක්. දෙවන ලෝක යුද සමයේ මිතර හමුදා වෙනුවෙන් ඒ 1944 ගිම්හාන කාලයේ දී එංගලන්තයේ සංගීත පරසංග ගණනාවකට සහභාගි වූ ඔහු පරංශයට යමින් සිටියේ පරංශ හමුදා වෙනුවෙන් සිය මෙහෙය ඉටු කරන්නයි.

ඔහු 1944 දෙසැම්බර් 14 වැනිදා රාතිරය ගත කර ඇත්තේ බෙඞ්ෆෝඞ් අසල රාජකීය ගුවන්හමුදාවේ ටින්වුඞ් ගොවිපළේ දී හිතවතකු වූ මිල්ටන් අර්නස්ට් සමගයි. ඒ ඔහු පණපිටින් සිටි අවසන් රාතිරයයි.

රංශය බලා ගියේ තනි එංජිමේ ගුවන් යානයකින්. එංගලන්තයත් පරංශයත් අතර ඉංගීරසි ඕඩය හරහා යද්දී තමයි අතුරුදන් වූයේ.

ඒ පිළිබඳවත් තොරතුරු සෙවූ අය විවිධ මත පළ කරලා තියෙනවා. මිතුරු ගුවන් යානාවක් විසින් කළ වෙඩි පරහාරයකින් ඔහු පැද වූ යානය කඩා වැටෙන්නට ඇතැයි ඇතැම් අය කියනවා.

සමහරුන් කියනවා ජර්මනියේ සීගන්වලට පරහාරයක් එල්ල කර ආපසු එමින් සිටි බෝම්බහාරක යානාවලින් ඔවුන්ගේ ආරක්ෂාවට හෙළුෑ බෝම්බයක් නිසා යානය කඩා වැටෙන්න ඇතැයි කියා.

ජර්මනියේ ‘බිල්ඞ්’ පුවත්පතට වාර්තාකරුවෙකු ලියා ඇත්තේ අමුතු කතාවක්. මිලර් පරංශයට ගිය බවත් එහිදී ගණිකා නිවාසයකට හොර රහසේ ගිය ගමනක දී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා මිය ගිය බවයි

A retired fisherman may have uncovered Glenn Miller aeroplane wreck 30  miles from Portland Bill | Dorset Echo

 

පියසැරි අංක 19 යානය හා බුර්මියුඩා තිරකෝණය

පියසැරි අංක 19 යානය සමග ගිය මේ අය අතුරුදන් වීම නිසා අබිරහසක් වූ බුර්මියුඩා තිරකෝණය

1945 දෙසැම්බර් 5 වැනිදා ගුවන්යානා හයක් එක් වරම ගුවනේ දී අතුරුදන් වුණා. බර්මියුඩා අබිරහස ආරම්භ වුණේ එහෙමයි.

ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ඇවෙන්ජර් යානා හයක් මෙසේ හදිසියේ අතුරුදන් වූයේ පුහුණු කිරීමේ මෙහෙයක යෙදෙමින් සිටියදියි.

ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ ලෝඩර්ඬේල් හමුදා කඳවුරේ සිට ගුවනට නැගුණු මේ යානා පුහුණුව පැවැත් වුණේ පළපුරුදු පියසැරි පුහුණුකරුවකු වූ චාල්ස් ටේලර් (Charles Taylor) විසිනුයි.

ගුවනට නැග පැය එකහමාරකට පසු ඒ ඇවන්ජර් යානා පැදවූ නියමුවන් හදිසියේ ම කීවේ ඔවුන් අතරමං වී ඇති බවයි. ඔවුන්ට මග සොයා ගැනීමට පහළ ඇති මග සලකුණු කිසිවක් හඳුනා ගත නොහැකි බවයි.

ලෝඩර්ඬේල් හමුදා කඳවුරේ ගුවන්විදුලි මධ්යස්ථානය ඇමතූ ටේලර් මේ බව පවසමින් කියා ඇත්තේ තමා ළඟ ඇති මාලිමාවන් හෙවත් කොම්පාසු දෙක ම කිරයා විරහිතව ඇති බවයි.

හමුදා කඳවුරේ ගුවන්විදුලි මධ්යස්ථාන පාලක මැදිරියේ සිටි අය කෙතෙක් උත්සාහ කළත් ඒ නාවුක කණ්ඩායමට පාර සොයා ගැනීමට නොහැකි වුණා. ඒ අවස්ථාවේ කාල ගුණය නරක අතරට හැරෙමින් තිබුණා. ගුවන් නැවියන් පිරිසට ගොඩ බිම සොයා ගත නොහැකි වූයෙන් ඒ යානා මුහුද කඩා වැටී ඒ සියලූම දෙනා මිය ගියා. මෙහි වඩාත් අද්භූත දෙය නම් මේ ගැන සොයන්නට යැවූ එක් යානයකුත් ආපහු ආවෙ නෑ

The Mysterious Disappearance of Flight 19 - HISTORY

 

ස්ටාර් ඩස්ට් (Star Dust) යානය හා මෝර්ස් සංඥා පණිවිඩය

මේ දකුණු ඇමරිකාවේ ඇන්ඞීස් කඳුකරයේ දී අතුරුදන් වූ යානයට වූ දේ පමණක් නොව එහි ගුවන්විදුලි කිරයාකරු එවූ මෝස් සංඥා පණිවිඩයත් තවමත් අබිරහසක්.

බිරටිෂ් සවුත් ඇමරිකන් එයාවේස් සමාගමට අයත් ‘ස්ටාර් ඩස්ට්’ මගී ගුවන් යානය ආජෙන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරයේ සිට චිලි රාජ්යයේ සන්ත්යාගෝ නගරය බලා යමින් තිබුණා. එය ඇන්ඞීස් කඳුකරයට ඉහළින් යද්දී අතුරුදන් වූයේ පරශ්න ගණනාවක් ඉතිරි කරමින්. අද මේ වන තුරුත් ඒ පරශ්නවලට උත්තර සොයා ගෙන නැහැ.

ඒ යානය පදවා ඇත්තේ ඉතාමත් පළපුරුදු ගුවන් නියමුවෙක්. රෙජිනෝල්ඞ් කුක් නම් ඔහු කලින් ගුවන් හමුදාවේ සේවය කළ කීර්තිමත් නියමුවෙක්. 1947 අගෝස්තු 2 වැනිදා සවස 1.46ට ගුවන් ගත වූ මේ යානය ඇන්ඞීස් කඳු වළල්ල දෙසට පියාසර කරන්නට වුණා.

ඒ යානය කිසිදාක නියමිත ගමනාන්තයට ගියේ නෑ. එක එකම ආරංචියක් විතරයි ලැබී තිබුණේ. ඒ යානයේ සිට ගුවන්විදුලි කිරයාකරු යානය අතුරුදන් වෙන්නට ආසන්න මොහොතේ එවූ මෝස් සංඥා පණිවිඩය විතරයි. එහි සඳහන් වූයේ ‘ස්ටෙන්ඩෙක්’ (STENDEC) යන ශබ්දය නැගෙන ඉංගීරසි අකුරු හත විතරයි.

මේ යානයට වුයේ කුමක්ද? ඒ වදනේ අබිරහස තවමත් සොයනවා. යූඑෆ් ඕ (UFO) හෙවත් සක්වළ යානයකින් කළ පරහාරයක් කියන මතයක් තියෙනවා. කඩාකප්පල්කාරී කිරයාවක් නිසා වූ දෙයක්ද ඇතැම් අය කියන විධියට එහි මගියකු අත ගෙන ගිය වටිනා රාජ්ය තාන්තිරක ලියවිලි වගයක් විනාශ කරන්න කළ දෙයක්ද? තාමත් හරි විසඳුමක් නැහැ.

දැනට පිළිගෙන ඇති මතය එය ඇන්ඞීස් කඳුකරයේ තියුණු බෑවුමක හැපී යානය පහළට කඩා වැටෙද්දී ඒ වේගයට කම්පනය වූ එහි මුදුනේ වූ හිම ඕඝයක් ඒ මත කඩා වැටීමෙන් යානය සොයා ගත නොහැකි ලෙස වැළලෙන්නට ඇති බවයි.

මේ ස්ටාර්ඩස්ට් යානය ගැන යම් තොරතුරක් වසර 50කට පස්සෙයි මතු වුණේ. ඒත් ආජන්ටිනාවේ කඳුනඟින්නන් දෙදෙනකුට දකින්නට ලැබුණු එංජින් කොටස් කීපයක් හා ඉරී ගිය ඇඳුම් කැබලි වගයක් විතරයි

What Happened to the Star Dust? | Sometimes Interesting

 

බර්මියුඩා තිරකෝණයේ දී අතුරුදන් වූ ‘ස්ටාර් ටයිගර්’ (The Star Tiger) යානය

බිරටිෂ් සවුත් ඇමරිකන් එයාවේස් සමාගමට අයත් දෙවැනි යානයක් 1948 දී බර්මියුඩා පරදේශයේ දී අතුරුදන් වුණා. ඒ ‘ස්ටාර් ටයිගර්’ මගී ගුවන් යානයයි. ඒ යානය ජනවාරි 30 වැනිදා අසෝරස්වල සැන්ටා මරියා සිට බර්මියුඩා බලා ගමන් ඇරඹුවා. ඒ දැඩි සුළං තත්වයක් පවා තිබියදියි.

එහි මගීන් 25 දෙනෙක් හිටියා. ඒ අතර දෙවැනි ලෝක යුද්ධයේ යුද වීරයෙකු වූ මාෂල් සර් ආතර් කොනින්හැම් ද සිටියා. ඒ සම්පූර්ණ ගමන පැය 12ක්. දැඩි සුළිං තත්වය මග හරින්නට යානය ගියේ පහතින්.

ඒත් යානය නොදැනීම නියමිත මගින් පිටතට ගහගෙන ගියා, ඒ නිසා එවේලේ පැවති තද කුණාටුවට මුහුණලා යන්නට ඔවුනට සිදුවුණා, යානයේ ඉතිරිව තිබූ ඉන්ධනවලින් කෙළින් ම ගියොත් යම්තම් බර්මියුඩාව යා හැකි බව ඔවුන් තේරුම් ගත්තා.

ඒත් ඉන්පසු යානයෙන් ආරංචියක් ආවේ නෑ. ඒ ගැන සොයන්න ගිය යානය පාන්දර 4ට විතර පරිස්සමෙන් ආපසු ආවත් ස්ටාර් ටයිගර් යානය ගැන ඊට පස්සේ අසන්නවත් දකින්නවත් ලැබුණේ නෑ.

ඔවුන් අනුමාන කරන්නේ පහළ පියාසර මට්ටමේ ඇති තද සුළි සුළං නිසා යානය මුහුද දෙස ගසා ගෙන යන්නට ඇතැයි කියායි. උච්චමානයේ මිනුම් වරදීමත් බොහෝ දුර පියාසර කිරීම නිසා ඇති වූ දැඩි වෙහෙසත් නිසා යානය පමණට වඩා මුහුදට සමීප වීමෙන් එක්වරම කඩා වැටෙන්නට ඇතැයි දැන් විශ්වාස කෙරෙනවා

BSAA Star Tiger disappearance - Wikipedia

 

ගුවන් යානා අංක 191 කේ අබිරහස.

මේක ඇත්තෙන්ම එක යානයක් ගැන කතාවක් නෙවෙයි. ඒ අංකය යෙදූ යානා කීපයක් අතුරුදන් වීමක් තමයි, මේ අබිරහසට පාදක වන්නේ.

වසර 40ක් ඇතුළත් අංක 191 යෙදූ ගුවන් යානා ගණනාවක් ම මුහුද මැදදී අතුරුදන් වුණා. හරිම පුදුමයි!

ඒ යානා අනතුරු අතරින් ගුවන් අනතුරු ඉතිහාසයේ වඩාත්ම මාරක අනතුර ලෙස සැලකෙන්නේ 1979 ඇමරිකාවේ චිකාගෝ නුවර ඔහෙයා අන්තර්ජාතික ගුවන් තොටුපළේ සිදු වූ එකයි. ඇමරිකන් එයාලයින් අංක 191 දරණ යානය ඒ ගුවන්තොටුපළෙන් ගුවනට නංවා මිනිත්තු කීපයක් ඇතුළත කඩා වැටුණා. එහි ගමන් ගත් මගීන් 258ත් සේවක පිරිස 13 දෙනාත් එහි දී මිය ගියා.

අංක 191 පියසැරි අංක යෙදූ අත්හදා බැලීම සඳහා පැදවූ එක්ස් -15 අංක 191 යානය 1967 දී කඩා වැටුණා. එහි සිටි එකම නියමුවා මරණයට පත් වුණා.

ඒ වගේම ජෙට්බ්ලූ එයාවේස් පියසැරි අංක 191 යානය 2012 දී ගුවනේ දී ගැටලූවකට මුහුණ දුන්නා. එහි නියමුවාට යක්ෂාවේශයක් ඇති වුණා. පියසැරි ඉංජිනේරුවා ඔහු කැබින් එකෙන් එළියට දමා ඔහු සන්සුන් කරවීම මගීන්ට බාර දී යානය වෙනත් ගුවන්තොටුපොළකට ගෙන ගියා. මගීන්ට ජීවිත හානි කිසිවක් නෑ.

මේ අවාසනාවන්ත සිදු වීම් නිසා සමහර මගී ගුවන් යානා සමාගම් පියසැරි අංක 191 අසුබ යැයි සලකා ඔවුන්ගේ ඒ අංක යෙදූ යානා සේවයෙන් ඉවත් කරන්නට පවා පියවර ගත්තා.

The strange mystery of flight 191, and the 5 times it crashed. – Strange  Unexplained Mysteries

 

ස්ටාර් ඒරියල් යානයේ අබිරහස් අතුරුදන් වීම

මේ ඇව්රෝ ටියුඩර් එම්කේ 4බී සුපර්ටේරඩර් යානයට සමාන යානයක් තමා අතුරුදන් වූ ස්ටාර් ඩස්ට් යානය.

තවත් බිරටිෂ් සවුත් ඇමරිකන් එයාවේස් සමාගමට අයත් ස්ටාර් ඒරියල් නම් යානයක්ද 1949 ජනවාරි 17 වැනිදා බර්මියුඩාවල සිට ජැමෙයිකාවට යන අතර අතුරුදන් වුණා.

එය ස්ටාර් ටයිගර්ට සමාන යානයක්. පැහැදිලි අහසක් ඇති පරිසරය තද සුළං නොමැති විටෙක ගුවන් ගත වුනත් එයට ගැටලූවක් ඇති කළේ පියසැරි සන්නිවේදන පද්ධතියයි.

එහි ඇති වූ ගැටලූ සහගත තත්වය නිසා නියමිත ගමනාන්තයට යන්නට ඒ යානයට හැකි වුණේ නැහැ. එහි ගිය මගීන් 20 දෙනාවත් යානයවත් නැවත කිසිදාක දකින්නට ලැබුණේ නැහැ. ජනවාරි 25 දා තෙක් සෙවීම් කර අන්තිමේදී අතහැර දැම්මා

 

BSAA Star Ariel disappearance - Wikipedia

 

ඇන්ඞීස් කඳුකරයේ දී අතුරුදන් වූ පියසැරි අංක 571 යානය

උරුගුවේ මොන්ටිවීඩියෝ නගරයේ රගර් කණ්ඩායමක් ඔවුන්ගේ හිතමිතුරන් හා නෑදැයන් සමග ආජෙන්ටිනාවට යන්නට ගුවන් හමුදාවේ යානයක් කුලියට ගත්තා. ඔවුන්ට යන්නට සිදු වූයේ ඇන්ඞීස් කඳුකරයට ඉහළින් අනික් පැත්තේ පිහිටි ආජෙන්ටිනාවටයි. ඒ වසරක් පාසා පැවැත්වෙන සුහද තරගයක් සඳහායි.

එදා උරුගුවේ රගර් කණ්ඩායම තමයි. ‘පණපිටින්’ (Alive) නමින් නිපදවූ චිතරපටයේ ජවනිකාවක්.

ඒ ගමනට 45 දෙනෙක් එක් වුණා. යානය පිටත් වූයේ නරක කාලගුණයක් පවතිද්දියි. යානය හිමෙන් වැසී තිබුණු ඇන්ඞීස් කඳුකරයේ හැපී කඳු අතරට කඩා වැටුණා. එයින් 12 දෙනකු බිම පතිත වූ මොහොතේ දීම මරණයට පත් වුණා. දින කීපයක් ගත වන විට තවත් හයක් මිය ගියා.

දැඩි හිම ඕඝයකට අසු වී තවත් අට දෙනෙක් මිය ගියා. හිම කුණාටුවෙන් බේරෙන්න ඔවුන් බිඳුණු යානයේ කොටස්වලට මුවා වුනත් ගැළවීමක් වුණේ නෑ. ඉතිරි වූ 16 දෙනා ජීවත් වුණේ මියගිය අනෙක් මිතුරන්ගේ මළ සිරුරු කොටස් බුදිමින්.

යානය අනතුරට ලක් වී දින 72කට පසුව ඒ ගැන සොයා ගත්තේ. එතෙක් හෙලිකොප්ටර්වලින් හා ගුවන් යානාවලින් සෙවුම් බැලූම් කළත් කිසිම හෝඩුවාවක් හමු වුණේ නැහැ. අන්තිමේ දී සෙවීම් අත්හැර දැම්මා.

එහෙත් අන්තිමේ දී ඒ දිවි රැක ගෙන සිටි පිරිස අතරින් දෙදෙනකු කඳුකරයේ දුෂ්කර මාර්ග ඔස්සේ චිලි දේශය පැත්තට යා ගන්නට සමත් වුණා. ඔවුන් එහි වූ ගංගාවක අනික් පැත්ත යමින් වෙළෙන්දෙකුට කෑ ගසා උදවු ඉල්ලූවා. වෙළෙන්දා ඔවුන්ට කෑම්බීම් දුන්නා. වගකිවයුතු අයට ඔවුන් ගැන දැනුම් දුන්නා.

ඔවුන්ගේ මේ තරාසජනක කතාව අප විසින් වසර 35කට විතර ඉස්සර සිළුමිණ පතරයට කොටස් වශයෙන් ලිව්වා. ‘හිමගිරක කඳුළු’ යන නමින් ලියූ ඒ සත්ය කතාව අතිශයින් ජනපිරය වුණා.

එපමණක් නොව මේ කතාවෙන් වාර්තා චිතරපට කීපයක්, ටෙලිනාට්ය කීපයක් හා චිතරපටයක් නිපදවා තියෙනවා. 1993 නිපදවූ චිතරපටය ‘පණපිටින්’ (Alive) යන නමින් තමයි හැඳින්වෙන්නේ

 

OTD in 1972, Uruguayan Air Force Flight 571 crashed into a remote glacier  in the Andes mountains due to pilot error which killed 12 on board. 33 had  survived the crash, but

 

ඊජිප්තු ගුවන් සේවයට අයත් 990 යානය

මගීන් 217ක් මරණයට පත් කරමින් අත්ලාන්තික් සාගරයට කඩා වැටුණු පියසැරි අංක 990 යානයේ එන්ජින් කොටසක්.

ඊජිප්තු ගුවන්සේවයේ පියසැරි අංක 990 යානය 1999 ඔක්තෝබර් 31 වැනිදා ඇමරිකාවේ නිව්යෝක් නුවර ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපළින් පිටත් වූයේ කයිරෝ බලා යන්නයි. ඒ යානය අනතුරට ලක්වූ හේතුවත් ලොකු අබිරහසක්.

බොයිං 767 වර්ගයේ යානයක් වූ එය මැසචුසෙට්ස් සිට දකුණට බර වූ අත්ලන්තික් සාගරය ඉහළින් පියාසර කරමින් තිබියදියි. එහිදී ගමන් කළ මගීන් 217ක් හා සේවක පිරිස මරණයට පත් වුණා.

ඒ යානයේ සම නියමු ගැමිල් එල්බැටූටිට ඒ යානයේ ම මගියකු වශයෙන් ගිය ඊජිප්තු ගුවන් සේවයේ විධායක නිලධරයකු තදින් අවවාද කර තියෙනවා, ලිංගික අපචාර සිදු වීමක් ගැන.

මේ හේතුව නිසා ගුවන් යානයේ පරධාන නියමුවා වූ හේටම් රශ්ඩි එල්බැටූටිට කියා තිබෙනවා ඒක සමහර විට ඔහු යන අන්තිම ගුවන් ගමන විය හැකි බව. ඊට සම නියමු පිළිතුරු වශයෙන් කියා ඇත්තේ, ‘මගේ විතරක් නොවෙයි, මේක නුඹේත් අන්තිම ගුවන් ගමන’ යන්නයි.

පසුව, පරධාන නියමුවා නානකාමරයට ගියා. ඉන්පසු පටි ගත කරන යන්තරයේ සටහන්ව ඇත්තේ, ‘මට දෙවියන් විශ්වාසයි’ යනුවෙන් සම නියමු එල්බැටූටි මුමුණන හඬ විතරයි. ඉන්පසු සම නියමුවා යානය ස්වයං නියමු පාලනයෙන් මුදවා යානය වේගයෙන් කිමිදෙමින් පහළට ඇදී යන්නට සැලැස්සුවා.

යානය පහළ යද්දී ඔහු ‘මට දෙවියන් විශ්වාසයි’ යන්න දිගටම කියා ගෙන ගියා. පරධාන නියමුවා ආපසු නියමු කුටියට ආවද ඔහුට යානය පහළට ඇදී යන යානය නවතන්න ඔහුට හැකි වුණේ නෑ.

මේ යානය අනතුරට පත් වූයේ එල්බැටූටිගේ වරදින් යැයි ඇමරිකානු ජාතික ආරක්ෂක මණ්ඩලය තීන්දු කළත් ඔහු එසේ කළේ ඇයි ද යන්න ගැන කිසිවක් සඳහන් කර නැහැ

EgyptAir Flight 990 : The unsolved mystery - YouTube

 

එයා ෆරාන්ස් 447 ගුවන් යානයට වූ දේ

එයා ෆරාන්ස් 447 ගුවන් යානය අත්ලාන්තික් සාගරය මත දී මගීන් 288ක් හා සේවක පිරිස සමග අතුරුදන් වුණා.

2009 දී අත්ලාන්තික් සාගරයට ඉහළින් අතුරුදන් වූ පරංශ එයාබස් යානයක්. ඒ 330 නම් ඒ යානය රියෝ නගරයේ සිට පැරීසිය බලා ගියේ මගීන් 288ක් සමගයි. ඔවුන් ගුප්ත අයුරින් අතුරුදන් වුණා.

එහි අවසාන වාර්තාවේ දක්වා ඇත්තේ හිම ස්ඵටික නල මාර්ග අවහිර කිරීම නිසා එහි ස්වයං නියමු යාන්තරණය බිඳ වැටීම බවයි.

එහි නියමු කාර්ය මණ්ඩලය තත්වය යථා තත්වයට පත් කරන්නට උත්සාහ ගත්තද එය ව්යර්ථ වුණා. අන්තිමේ දී යානය සාගරයට කඩා වැටුණා. අනතුරෙන් පසු මාස කීපයක් වෙහෙස ගෙන සිරුරු 50ක් සොයා ගත හැකි වුණා.

ඒ 447 යානයේ කළු පෙට්ටිය 2011 මැයි මාසයේ දී සොයා ගන්නට හැකි වුණා. ඒ සමග තවත් මළ සිරුරු 104 සොයා ගැනුණා. තවත් සිරුරු 72ක් සොයා ගන්නට තිබෙනවා

 

Robots Find Many of the Missing Bodies Amid Wreckage of Air France Flight  447 - ABC News

 

උපුටා ගැනීම: රාම් වණා 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!