“ලොකු අයියා සහ ලියුම් කාරයා” (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක නම් ඇත්තටම වෙච්ච දෙයක්.
දැනට අවුරුදු 25 කට 30 කට කලින්.
ඒ කියන්නේ අනූ ගනන් වල මුල හරියේ.
ලොකු අයියා කිව්වට ඇත්තටම ඉස්සරහ ගෙදර ලොකුම අයියා. ඒ කාලේ හෙනම නොටොරියස් කැරක්ටර් ඒකක්. ඒත් අද සුපිරියටම ජිවිතේ සක්සස් කරගෙන ජපානයේ ජීවත් වෙන පොරක්.
ඒයා ගේ නම “ප්රතාප්”. ඒ නම කියද්දී පොඩි ප්රශ්නයක් ඒනවා. මොකද “ප්රතාප් අයියා” කියනකොට පූර්ව සන්ධි ලොප් වෙලා 😆 කියවෙන්නේ වෙන වචනයක්. ඒ නම කිය වුනොත් “කවුද යකෝ **යා කිවුවේ” කියලා ටොකු කාලාම මැරෙන්න වෙන හින්ද අපි කිව්වේ ලොකු අයියා කියලමයි.
ඔන්න එදා මම අම්මා හදල දීපු ප්ලේන්ටියක් බොන අතරේ මට ඇහෙනවා
“අඩෝ. …
ඒයි ඒයි ගහන්න එපා. .
*දඩාස්*
මම රජයේ සේවකයන්. මම පොලීසි යනවා.”
ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හෙන වලියක්. ප්ලේන්ටිය පැත්තකින් තියලා සුරැස් කියලා පාර පැත්තට ඇදුනා.
හම්මට හුඩු, ලොකු අයියා ලියුම් කාරයාව බෙල්ලෙන් අල්ලගෙන ලයිට් කණුවට හේත්තු කරගෙන. පොර තක්බීර් වෙලා. බයිසිකලේ පාර මැද, ලියුම් මල්ල තව තැනක. අහල පහල ඔක්කොම දැන් වටවෙලා.
එහා ගෙදර ඇන්ටි;
“ඔය මනුස්සයව අත අරින්න ලමයෝ..” කියාගෙන කථාව පටන් ගත්තා.
“එහෙම කොහොමද මූ මට ලියුම් ගේන්නෑ, බල්ලා”.
එ කියපු දෙයින් මගෙ ඔලුවත් අවුල් වුණා. ඒහෙම වෙන්න බෑනෙ, කවුරු හරි අපිට ලියුමක් එවුවොත්නේ ලියුම් කාරයා ඒක අපිට ගෙනත් දෙන්නේ. මම හඩ අවදි කරා
“අයියේ ඔයාට ලියුමක් තියෙන්න එපායැ මූ එක ගෙනත් දෙන්න.”
“තෝ කට වහපිය. තොපි දන්නවද, සසකාව එකෙන් මට එවපු ලියුම මූ තාම ගෙනත් දුන්නේ නෑ. මම මුගේ පොස්ට් ඔෆිස් එකටම ගිහින් සසකාව එකට කෝල් එකක් අරන් මගේ එග්සැම් රිසාල්ට් ඇහුවා. උන් කිව්වා රිසාල්ට් පොස්ට් එකට දාලා දැන් සති දෙකකට වැඩියි කියලා. යකෝ කොළබ ඉදලා රාගමට ලියුමක් එන්න සති දෙකක් යනවද. ඇවිදගෙන ආවත් දැං ඇවිල්ලානේ යකෝ.”
කියාගෙන අරෑට තව එකක් නෙලුවා.
“බුදු අම්මෝ. ..”
“ඔය මනුස්සයව මරන්න ද හදන්නේ… දැන් ඇති”
ඇන්ටිගේ අදෝනාව එහෙන්. අයියා ආයේත් කට ඇරියා.
“ඇන්ටි දන්නවද, මම කෝකටත් කියලා එතනින්ම ලියුම් කවරෙකුයි මුද්දරේකුයි අරගෙන මගේම ඇඩ්රස් එක ලියලා මමම දැම්මා මුන්ගේ ලියුම් පෙට්ටියට. දැන් සතියක් වෙනවා ඒක ආවෙත් නෑ. දැන් උබලා කියපල්ලා මූට මෙකද කරන්න ඕනේ කියලා.”
එතකොට තමයි අපිටත් තේරුම් ගියේ මෙතන සීන් එකක් තියෙනවා කියලා. මෙතන ඉදන් මීටර් 600 ක් එහා පැත්තේ තියෙන පොස්ට් ඔෆිස් එකේ ලියුම් පෙට්ටියට දැම්මමත් එන්නේ නෑ කියන්නේ අනිවාර්යයෙන්ම අවුලක්. ලොකු අයියාගේ මල පැනීම අතිශය සාධාරණයි.
මට මතකයි අයියා උදේ හවස සසකාවා එකට බඩ ගානවා ජපන් ඉගෙන ගන්න. ඉතින් එග්සැම් කරලා රිසාල්ට් එනකම් ඉන්න කොට තියෙන ප්රෙෂර් එක තේරුම් ගන්න පුළුවන්. ජේ. වී. පී. කලබල ඉවර වුන ගමන්නේ, ඒ කාලේ හෝ ගාල වීසාත් වැදුණා. අද කාලේ වගේ නෙමෙයි ඉන්ටනෙට් ඊමේල් ෆේස්බුක් තිබුණේ නැහැ සිද්ධියක් දැන ගන්න වෙන්නේ ලියුමකින්ම විතරයි. මොකද ඒ කාලේ ටෙලිෆෝන් තිබුණේ මුලු රාගමටම 10 ක් විතර වගේ.
කොහොම හරි අහල පහල අය ලියුම් කාරයාව එදා මරනින් මුදා ගත්තා.
ඔන්න දෙවනි දවස. ..
මම සුපුරුදු පරිදි කැරකි කැරකි ඉන්න කොට මට ඇහෙනවා ටිලිං ටිලිං ගාල අරෑගේ බෙල් සද්දේ. අදනම් මූ මැරුම් කනව. මට මතක්වුනේ එච්චරයි. ඉබේම දිවවුනා පාරට.
අප්පට සිරි අද අලුත් එකෙක්! ඇවිල්ලා නැවැත්තුවේ ලොකු අයියලාගේ ගේ ඉස්සරහමයි. බෙල් එක දෙපාරයි ගැහුවේ අයියා ආව එලියට. මෙන්න ලියුම් දෙකක්ම තියෙනවා. දීපු ගමන් ලියුමා මාරැ. අයියා එක ලියුමක් කැඩුවා. තප්පරයක්වත් ගියේ නෑ හෙන සද්දේට හුරේ…. කියලා කෑ ගැහුවා. පොර එග්සැම් පාස්.
ඊට මාස තුන හතරකට පස්සේ අයියා ජපන් ගියා. එහෙ කැම්පස් එකක ඉගෙනගෙන දැන් ජපානේ ප්ලාස්ටික් රී-සයිකල් කරන ෆැක්ටරියක බොස්.
මම අදටත් හිතන්නේ ප්රතාප්පයියා ලියුම් කාරයාට නෙලපු එක හරියි කියලා. මොකද එහෙම නොගහන්න ඒ ලියුම අදටත් නෑ. එහෙනම් ප්රතාප්පයියා තාමත් රාගම බජාර් එකේ.
රජයේ සේවකයෙකු ගෙන් ඉක්මනට වැඩක් කරගන්න ඕනේ නම් නෙලන්නම ඕනේ.

 

මූලාශ්‍රය:   Chrishan D. Jayasinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!