මේ ගසේ තියෙන විශේෂත්වය තමා ඔය ගහ ගාවට ගිය කෙනෙක්ට තව ගහක් තියා කොලයක්වත් ඇහැකට දකින්න වෙන්නේ නැහැ. මොකද ඔය ගහේ ඉඳන් කිලෝමීටර් හාරසීයක් යනකන් තවත් ගහක් දකින්න ලැබෙන්නේ නැති නිසා. ඔය හේතුව නිසා මේ ගසට ඉස්සර කිව්වා ලොව හුදකලාම ගස කියලා. ලංකාවේ පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවටම තියෙන්නේ කිලෝමීටර් හාරසිය තිස් දෙකයි. ඉතින් හිතාගන්නකෝ ඔය ගස කොච්චර හුදකලා ද කියලා.
ඔය ශාකය ඇල්කේෂියා ගසක්. ඉස්සර සහරා කාන්තාරය මහ වනයක් විදිහටයි තිබිලා තියෙන්නේ. නමුත් අවසානයේ ප්‍රදේශටම ඔය ගස විතරයි අන්තිමට ඉතුරු වුනේ. සහරා කාන්තාරය මැද්දෙන් මිනිස්සු යනකොට ඔය ගහ ගාව ගිමන් නිවාගන්නවා. සමහර සංචාරකයන්ගේ සටහන් වන තියෙනවා එයාලා මේ ශාකය මියයමින් තිබුනු ශාකයක් විදිහට දැක්කත් කහ පාට මල් පවා තිබුනා කියලා. සංචාරකයන් මේ ශාකය මග සලකුණක් විදිහටත් භාවිතා කරලා තියෙනවා.
ඔය සම්බන්ධව පර්යේෂණ කරපු උදවිය නම් කියන්නේ මේ ශාකයේ මුල් අඩි හතලිහක් විතර ගැඹුරට විහිදිලා තියෙනවා කියලා. මේ මාර්ගයෙනුයි ශාකයට ජලය ලැබිලා නොනැසී ඉන්න පුලුවන් වුනේ.
අවුරුද්ද 1973. බීමත් රියදුරෙක් සහරා කාන්තාරය මැද්දෙන් ගමන් කරා. මේ රියැදුරා අච්චර ඉඩකඩ තියෙද්දි මේ ගහම හප්පගෙන ගියා. අන්න ඒ විදිහට ලොව හුදකලාම ගසටත් අවසානය මිනිස්සුන්ම ලියලා දුන්නා.
ගහේ ඉතිරි වුන කොටස් ටික නයිගර් ජාතික කෞතුකාගාරය ගෙනිච්චා. දැන් ඒ ශාකය තිබුනු තැන තියෙන්නේ යකඩෙන් හදාපු ගහක්. ඔන්න මිනිස්සුන්ගේ වැඩ.

උපුටා ගැනීම-
- #විස්තරේ