ලව් (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉස්සරලම ලව් කලේ ස්කෝලෙ කාලෙ. එතෝට එයා 7 වසරෙ.
මන් පට්ටට ලව් කලා.
ඒකි මන් දිහා බලද්දි නිකන් හදවත එලියට පනිනව.
මන් එතෝට හිටියෙ 11 වසරෙ.
මන් ජූනියර් හෙඩ් ෆිෆෙක්ට්.
හෙන ගැම්මෙන් හිටියෙ.
“උබ ගණන් වලට A ගනින් මන් අරයව උබට සෙට් කරල දෙනව”
අපේ සර් කෙනෙක් මට කිව්ව.
“අන්න උබේ කෑල්ල..”
අපේ උන් මට පවා දිදී බැන්න. අපේ උන් විතරක් නෙමේ පොඩි වුන් පවා..
එයා පිට්ටනියෙ ඈතින් යද්දි හොරෙන් මන් දිහා බලනව.
අම්මේ ඉතින්..
ඒත් මට කැමත්ත අහන්න හිතුනෙ නෑ ලැජ්ජ හිතුන.
එයා මන් දිහා බලනව.
මන් එයා දිහා බලනව.
රෑට ඒව මතක් කර කර හීන දකිනව
මන් ඕලෙවල් ලියල රිසාර්ට් ආවම ගණන් වලට A එකක් ඇවිත් තිබ්බ. මන් ගියේ අර සර් හොයාගෙන.
“සර් මට ගණන් වලට A තියෙනව..”
සර් මට සුභ පැතුව. ඒත් මට ඕනෙ වුනේ අරයගෙ කැමත්ත සර්ට කියල අහන්න.
“ඒත් සර් ඒ ගැන මතක් කරේ වත් නෑ..”
“තොට කිව්ව මන් අපරාදෙ A ගත්තෙ දැන් තේරෙනවනෙ ඔය සර් ඕක අහන්නෑ..”
මගෙ හොදම යාළුවෙක් කිව්ව.
ස්කෝලෙට ගියාමයි දැක්කෙ මගෙ යාළුවෙක්ගෙ අයියෙක් එක්ක එයා සෙට් වෙලා.
ඉස්සරලම ලව් එකක් නිසා ඇඩුවෙ එදා..
ඒ ආදරය හිතේ ඇති වෙලා හිතේම මැරිල ගියා.
ඊට පස්සෙ මන් A/l කරන්න ආවෙ. පස්සෙ තමයි ඉස්සරලම යාළු උනේ.
අම්ම ඇර ඉස්සරලම කෙල්ලෙක් එක්ක කතා කරේ එදා.
අවුරුදු පහක් අපි ආදරය කර.
අවසානට හැමදේම හරි ගියා. එයා නැති ලෝකයක් මට තිබුනෙ නෑ.
එයා මට නොදුන්නොත් එයාගෙ අම්ම තාත්ත මරනව කියල කිව්ව.
දැන් නන් මතක් වෙද්දිත් හිනා යනව.
ඒත් අවසානට අපි ඈත් වුනා.
එයා ගැන හිත හිත මන් පිස්සෙක් උනා.
අවුරුදු දෙකක් විතර ආදරය එපා වුනා.
කෙල්ලෙක් දිහා බලන්න හිතුන්නෑ..
ජීවිතෙ ලස්සනම කාලෙ මන් විදෙව්වා..
ආයෙ ආදරය කරන්න හිතුනෙ නෑ.
සතියෙ දෙකේ ආදර කතා තිබ්බ.
ඒත් ඒව ආදරයක් වුනේ නෑ..
පස්සෙ කැම්පස් එකේදි මන් එක කෙල්ලෙක් දැක්ක.
එයත් අරය වගේ අවුරුදු පහක් මන් ආදරය කරපු
මන් ඒ කෙල්ලට ආදරය කරන්න පටන්ගත්තා.
ඇස් චුටි කර කර බලන විදියට මන් ආස වුනා.
එයාගෙ නම්බර් එක හොයන් මැසේජ් කලා. මන් කව්ද කියල කිව්වෙ නෑ.
ඒකි රිප්ලයි කලේ නෑ.
පස්සෙ දවසක එයාගෙ කොල්ල මට මැසේජ් කල්
“මචන් ඒ මගෙ කෙල්ල උබ ඒකිට ආයෙ මැසේජ් කරන්නෙපා. අපි යාළුවෙලා ඉන්නෙ. උබත් කොල්ලෙක් නිසයි කියන්නෙ..”
“සොරි බන්..”
ආයෙ මන් මැසේජ් කලේ නෑ.
එයා කැම්පස් එකේදි දකිද්දි මට හෙන අවුල්.
ඉතින් මන් ආයෙ බිබි ඒ ගැන හිත හිත හිටියා.
ඒ තුන්වෙනි ලව් එක මගෙ.
ඒකත් හිතේ ඇති වෙලා හිතේම නැති වෙලා ගියා.
ඊට පස්සෙ දවසක් ෆ්බී එකෙන් කෙල්ලෙක් දැක්ක.
උබල දන්නවද කැම්පස් එකේ නංගිගෙ නමමයි එයාට තිබුනෙ ඉතින් මන් විස්තර හෙව්ව..
අමුතු ලස්සනක්. අපේ ගෙවල් පැත්තෙ. ඉතින් ආයෙත් හිත ගියා.
“අයි හේට් යූ..”
“අයි ලව් යූ..”
“තමුසෙට පිස්සුද..”
ඕව තමා ඉතින්.
එයා මාව බ්ලොක් කලා.
ඊට පස්සෙ ආයෙ අන්බොල්ක් කලා.
ඔහොම ඔහොම හතර පස් පාරක් බ්ලොක් කලා අන්බ්ලොක් කලා.
හයවෙනි පාර බ්ලොක් කලා ඒත් ආයෙ අන්බ්ලොක් කලේ නෑ..
කරන එකකුත් නෑ.
මොකද මන් ඒ තරන් වද දුන්නා.
මන් ආදරය කරපු අය ඒ.
දවසෙ දෙකේ ආදර කතා තිබිල තියෙනව.
බස් එකේදි හෝල්ට් එකේදි ඇස් වලින් ආදරය කරා..
උබටත් මේ වගේ කතා ඇති.
මතකද උබේ පලවෙනි ආදරය.
ජීවිතය වෙනස් කරපු ආදරය.
ජීවිතයෙ ලස්සනම ආදරය.
අවසානට උබේ වෙච්ච ආදරය.
ආදරය ගොඩක් ලස්සනයි.
ඒත් දැන් ආස නෑ ඒ ඈත් වෙන අයට ආදරය කරන්න.
දවසක මගේම වෙන ආදරය මන් හොයනව.
ආදරය නිසා අපි කොච්චර අඩල ඇත්ද ඒත් මතක් කරල බලපන් අද ඒ මතකයන් කොච්චර ලස්සනද..
ප්රේමය ලොව හැම තැනම ඇති
හැම දෙනටම හමු වෙලා ඇති
එනමුදු ප්රේමය කිමෙයි කියා
හදුනා ගත් කිසිවෙකුත් නැති…
ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නැති
නුඹ පෙන්නලා ආලේ හැටි
මට දුන්න දුක හොදටම ඇති
නුබේ සිනහවල සිත රැවටුනදා
නුබෙ කතා වල මුව ගොලු වුනදා
ප්රේමය හැදින්නෙමි…
මේ සින්දු තුනෙන්ම ඒ මහා කලා කරුවන් කිව්වෙ
එකම එක ප්රේමයක් ගැනද..
අමර දේවයන් ඒ ප්රේමය ගැනම මෙන්න මෙහෙම කියනවා..
කොළොම් තොට නැත මහළු වී
අවන්හල නැත පැරනි වී
එදා හඩ මයි අදත් යවුවනයේ
ඒත් අපි දෙදෙනා..
බලන් කැඩපත සොදුරියේ..
වයසට නොයන ආත්ම දෙකක බැදීම ඒ ප්රේමයයි.
මතකය පාර පාර කදුළු අලුත් කරන ඒ රිදීම ප්රේමයයි
හිනාව ආයෙ ආයෙ මැවෙන සතුට දනවන ඒ මතකය ප්රේමයයි..
කියපන් උබේ ආදර කතාවත් කැමතිනන් කමෙන්ට් එකක් විදියට. මන් ආසයි අහන්න..
හැබැයි උබේ ආදරය ගැන අදහස් දක්වන්න මන් අපොහොසත්..
උපුටා ගැනීම:    .Lahiru Milan

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!