මං හිතුව විදියට මේක තේරුං නෙගෙන කීප දෙනෙක් ටිපර් වෙලා සහ මේක මට වෙලාය..මූ නං මෙහෙම එකෙක් තමාය.. මෙහෙම එවුං ඉන්නවද පිලුම් බලන්න එපාය..හෙන ගොංය..ටික්ටොක් කරනව නේද…අනේ මැට්ටො හොයං එන්න හිතෙනවය…අපෝ මූ නං මොකෙද්දය… වගේ කතා පේන නිසා මේ පෝස්ට් එක එඩිට් කරනවා..හා ද? මේ කියලා තියෙන්නෙ අවෘදු 20 25 ටිකක්පරිණත වයසෙ කොල්ලො ගැන නෙවේ..පාසල් ප්‍රේමය පැරදිච්ච කොල්ලො ගැන..ඕකේ ද….
පළවෙනි ලෞ එක බ්රේක් වුණාම කොල්ලො………..
වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙන්න හොඳ නෑ එයා ආයෙ ආවොත් එහෙම
එයා වෙඩින් එක කිව්වොත් මුකුත් දන්නෑ වගේ ගිහිං විශ් කරලා බීච් එකට ගිහිං අඬනවා
හදිසියේවත් වෙඩිම දවසෙ එයාගෙ කොල්ලා බඳින්න බෑ කිව්වොත් හරි උගේ කලිං කෙල්ල ඇවිත් කඩාකප්පල්කාරී වැඩක් කලොත් හරි මං එවේලෙම එයාව බාරගෙන බඳින්න කැමතියි කියනවා
කසාද බැඳලා මඟදි ඩිවෝස් වෙලා ලමයි එක්ක ආවත් බාර ගෙන මැරෙනකං බලාගන්නවා උප්පැන්නෙටත් මගේ නම දෙනවා තාත්තා කියලා
මං මැරැණොත් එයා අඬාවිද නැද්ද කියලා බලාගන්න බෑනෙ ශික්…
මෙහෙම කල්පනා කරලා පිස්සෙක් වුනොත් එයාට දුක හිතෙයි මාව බලන්නත් එයි එයා දැක්ක ගමං මගේ පිස්සුව හොඳ වෙයි
නොකා නොබී ඉඳලා මට හොඳ කරන්න බැරි ලෙඩක් හැදුනම තේරෙයි මගේ අගේ
දැං යාළු කොල්ල එක්ක යද්දි හම්බුනොත් කියන්න ඕනෙ මචං කෙල්ලව පරිස්සමිං බලාගනිං කියලා
කෙල්ල දැං ඉන්න එකා එක්ක පාරෙ යද්දි රස්තියාදුකාරයො සෙට් එකක් කරදර කරන්න ආවොත් ඌ බයේ දුවයි..මං ගිහිං උංට ගහලා කෙල්ලව බේරගන්නවා..එතකොට තේරෙයි…
ඌ කෙල්ලට මොකක් හරි කරලා තිබ්බොත් ඌටත් ගහලා ගෙදර උංටත් ටෝක් කරන්න ඕන
කොල්ලොන්ට දැම්ම කියන්න හොඳ නෑ මේක නැතිවුනා කියලා
ළමයින්ට දාන්න ඉඳපු නම් අයියගෙයි අක්කගෙයි ළමයින්ට දාන්න ඕන
දුක් විඳලා හොඳට හම්බ කරලා සල්ලි කාරයෙක් වෙලා එකිට පේන්න කාර් එකෙං යන්න ඕන දැක්කෙ නෑ වගේ
කෙලවිලා ගිහිං පාරට වැටුනොත් එයා කොල්ලත් එක්ක යද්දි දැකලා කතා කරොත් මිස් කියලා කතා කරනවා එතකොට තේරෙයි කරපු වැරැද්දෙ තරම
බීලා කෝල් එකක් අරගන්න ඕනෙ එතකොට දුක හිතිලා ආයෙ ආවොත් එහෙම
ශික් මටත් තිබ්බෙ වෙන උං වගේ හතරක් පහක් රන් කරන්න එහෙම වුනා නං අවුලක් නෑ
මුළු ලොවම නැති වුණත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්
රට ගිහිං සුද්දියො ටෝක් කර ගෙන සැපේ හිටියනං මේ වේදනා මුකුත් නෑ…
රිගිං ටෝන් එකට බූට් සිංදුවක් දාගන්න ඕන
යූ ටියුබ් වීඩියෝ කරලා හරි රඟපාලා හරි සිංදු කියලා හරි ලොකු තැනකට ඇවිත් මාව ඉන්ටව් කරනකොට පැරදිච්ච ආදරේ වෙනුවෙං තාම බලං ඉන්න බව කියන්න ඕන
මලියා
උපුටා ගැනීම: Malin Sadeepa Rathnayaka