ලොව භයානක මාර්ග සහ දුම්රි‍ය මාර්ග… (සංචාරක)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
රෝලර් කෝස්ටර් එකක ගමන් කරනවාට සමාන, ඇතැම් විට ඊටත් වඩා අතිශයින්ම ත්රාසජනක අත්දැකීමක් ලබාදෙමින් සිතාගැනීමටවත් නොහැකි පටු මාර්ග ඔස්සේ, උස් වූ කඳු හෙල් මුදුන් අතරින්, එල්ලෙන පාලම් උඩින්, බෑවුම් පල්ලම් ඔස්සේ, හුදෙකලා කාන්තාර හරහා, ඇතැම් විට ගැඹුරු ජල මූලාශ්ර උඩින් විහිදුණු ලොව ඇති අවදානම් බවින් වැඩිම සහ භයානකම මාර්ග ගැනයි මුලින්ම අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ.
ගුඕලියෑන් උමඟ- චීනය….
Guoliang Tunnel, China's scarist road carved into a mountain - Stress Buster
ගුඕලියෑන්ග් උමඟේ දිග කිලෝමීටර් 1.2 ක් පමණ දිගින් යුක්තය. එනමින් ඇති ගම්මානයක් වෙත දිවෙන මේ මාර්ගය කඳු වැටියක් හරහා ඉදිකර ඇත. 1970 වර්ෂයේදී මෙම ගම්මානයේ වැසියන් විසින් මෙම උමඟ සහ එහි විවෘත කවුළු නිර්මාණය කර ඇත්තේ අත් ආයුධ භාවිතා කරමිනි. එහි පළල අඩි 13 ක් පමණ වේ. මෙහි ගමන් කරන විට වාහන රියදුරන් ඉතා සුපරික්ෂාකාරීව රිය පැදවීමට සැලකිලිමත් විය යුතු වේ.
යුන්ගාස් මාවත- බොලීවියාව…
Learn Why Bolivia's "Death Road" is So Dangerous and Intriguing | Travel  and Exploration | Discovery
යුන්ගාස් මාර්ගය ලා පාස් සහ කොරොයිකෝ යන බොලිවියානු නගර දෙක යාකරමින් ඉදි වී ඇත. මුහුදු මට්ටමේ සිට ඉහළින් අඩි 1181 තරම් බෑවුමක් දිගේ විහිදෙන මෙම මාර්ගයේ තැනින් තැන ලූප හැඩ ගනියි. මෙම මාර්ගය ඉතා පටු එකක් වුණත් ට්රක් රථ පවා මෙහි ප්රවේශමින් ගමන් ගනියි.නමුත්, එකක් පසුපස එකක් යම් පරතරයක් තබාගෙන ගමන් කල යුතු වේ.
අයර් අධිවේගී මාර්ගය -ඕස්ට්රේලියාව….
Eyre Highway closed after cyclist killed in Nullarbor crash with truck |  South Australia | The Guardian
මෙම මාර්ගය බැලූ බැල්මට අනාරක්ෂිත භයානක මාර්ගයක් සේ නොපෙනුණත් කිලෝමීටර් 1600 ක් පමණ දිගින් යුතු මෙම මාර්ගයේ සිදුවී ඇති අනතුරු සංඛ්යාව ඉතා ඉහළය. මාර්ගය එකාකාරී ස්වභාවයක් ගැනීම හේතුවෙන් වාහනය ධාවනය කරමින් සිටියදීම බොහෝ රියදුරන් නින්දට පත්වීම අනතුරු බහුල වීමට බලපා ඇති හේතුවයි.
කරකෝරම් මහාමාර්ගය
පකිස්ථානය-චීනය…
China-Pakistan Friendship Highway leads Hunza to Prosperity | Belt & Road  News
කිලෝමීටර් 1300 ක දිගින් යුතු කරකොරම් මහාමාර්ගය ලොව ඇති ඉහළම උන්නතාංශයක පිහිටි අන්තර්ජාතික මහාමාර්ගය සේ සැලකේ. එහි එක් කොටසක් අඩි 15,091 ක් තරම් උන්නතාංශයක පිහිටා ඇත. මෝසම් වර්ෂා සමයේදී මෙම මාර්ගයේ ප්රබල නායයෑම් තත්වයන් ඇති වේ. සීත සෘතුවේදී මෙම මහාමාර්ගය පවතින අයහපත් කාලගුණය සහ සිදුවිය හැකි අනතුරු හේතුවෙන් වසා දැමේ.
පැසේජ් ඩු ගුආ – ප්රංශය….
This Road In France Disappears Underwater Twice A Day | Bored Panda
නෝයර් මූටියර් දූපත සහ ප්රධාන ප්රංශ ගොඩබිම් ප්රදේශය යාකෙරෙන ගමන් මාර්ගයයි.කෙසේවෙතත් උදම් රළ නැගීම හේතුවෙන් මේ මතුපිට අඩි 13 ක් තරම් උසින් සම්පූර්ණයෙන් වැසි යයි. මෙම මාර්ගය රියදුරන් සඳහා විවෘත තැබෙන්නේ දිනකට දෙවතාවකදි පමණි.
මනාලි මහාමාර්ගය-ඉන්දියාව….
BRO opens strategic Manali-Leh road before schedule amid COVID-19 pandemic-  The New Indian Express
මෙම මාර්ගය උස් හඳු ගණනාවක් පසු කරමින් විහිදෙන කිලෝමීටර් 5 ක් පමණ ඉහළ උන්නතාංශයකින් පිහිටා ඇති මාර්ගයකි. මෙම මාර්ගය අතිශයින්ම පටුය. කෙසේවෙතත් රියදුරන් විසින් අධි වේගයකින් යුතුව මෙහි රිය ධාවනය කිරීම සිදුකරන බව සඳහන් ය.
තියෑන්මෙන් කඳු මාර්ගය- චීනය….
Tian Men Shan Big Gate, a road with 99 turns
කිලෝමීටර් 11 ක් පමණ දිගින් යුතු මේ මාර්ගයේ වංගු 99 ක් සහිතය. මෙය තියෑන්මෙන් කඳු මුදුනේ ඇති බෞද්ධ විහාරස්ථානය දක්වා විහිදෙන මාර්ගයයි. මාර්ගයේ ඇතැම් කොටස් වලදි වක්ර දෙකක් අතර දුර මීටර් 200 කටත් වඩා අඩුය. මේ හේතුවෙන් එහි ගමන් කරන රියදුරන් දැඩි සුපරික්ෂාකාරිව රිය පැදවීම සිදුකල යුතුවේ.
………ලෝකයේ භයානකම දුම්රිය ගමන්……..
අඟුරු නොකා වතුර බිබී දුවන යකඩ යකාට අකැමැති කවුරුත් මේ ලෝකයේ නොමැති තරම්ය. අපේ සමාජයේ කීදෙනෙක් ඉන්නවද කෝච්චියෙ ගිහින් නැති? අඩුම තරමෙ විනෝද චාරිකාවට හරි ජීවිතේ එක පාරක්වත් කෝච්චියෙ ගිහින් ඇති මේක කියවන හැම කෙනෙක්ම. මගීන් දහසකට වැඩි පිරිසකගේ ජීවිත රැක බලා ගන්නා මේ සද්ධන්ත වාහනේ, එහෙමත් නැත්නම් දුම්රිය ගමන්වලට අකැමැති කවුද? දුම්රියෙන් ගමන් කිරීමට අකැමැති අය සිටින්නේ නම් ඒ ඉතාමත්ම සුළු පිරිසකි.
වර්තමානයේ ලොව ඕනෑම සංචාරක ගමනාන්තයක පියකරුම ගමන දුම්රිය ගමන යැයි පැවසුවහොත්, ඕනෑම සංචාරයෙකු ඊට එකඟ වේ. මන්ද සංචාරයයින්ගේ ගමනාන්තයට ළඟා වීමට වඩාත්ම ලාභදායී හා සුව පහසු ප්රවාහන සේවාව එය වීම හේතුවෙනි. මහ සාගරය, ගණ වනාන්තරය, තණබිම්, ගංගාව, උස් කඳු යනාදිය ඇතුළු භූදර්ශන ලබා දෙන දුම්රිය ගමන් සුවිශේෂී සංචාරක අත්දැකීමක් ලබා දෙයි.
කෙසේ වෙතත්, සමහර දුම්රිය මාර්ග සැබැවින්ම භයානක වෙන අතර ඔබ ඒ හරහා ගමන් කරන විට ඔබ සිත් තුළ මහත් අාහ්ලාදයක් මෙන්ම චකිතයක් දනවන, භයංකර දුම්රිය ගමන් ලොව පුරා ලබාගත හැකි අතර සමහර ඒවා සුන්දර දර්ශන සහ වෙනත් භයානක අත්දැකීම් ලබා දෙන්නේ ජීවිතයට අනතුරක් නොකරමිනි. මේ ලිපියෙන් කියැවෙන්නේ එවැනි අත්දැකීම් ලබා දෙන ලෝකයේ භයානක දුම්රිය මාර්ග 10 ක් ගැනය.
ඉක්වදෝරයේ ඩෙවිල් නෝස් දුම්රිය මාර්ගය….
Devils nose train, Ecuador
මුහුදු මට්ටමේ සිට අඩි 9000 ට වඩා ඉහළින් ඉදිකර ඇති එම මාර්ගය ලෝකයේ භයානක දුම්රිය ධාවනයකි. මෙය කිලෝමීටර් 12 ට අඩු ඩෙවිල් නෝස් නිම්නය හරහා කඳුකර ප්රදේශයක් ආවරණය වෙන පරිදි සිග්සැග් අාකාරයෙන් දිවෙන අයුරින් දුම්රිය මාර්ගයක් ඉදි කර ඇත. දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී මුහුණ දුන් ලොකුම සංකූලතාව වූයේ ඩෙවිල් නෝස් නම් නිම්නය බැව් කියැවේ.
මෙම බාධකය මඟහරවා ගැනීම සඳහා සිග්සැග් දුම්රිය මාර්ගයක් කිලෝමීටර් 12.5 ට අඩු දුම්රිය මාර්ගයක් ඉදිකර ඇත්තේ එබැවිනි. මෙම දුම්රිය ධාවන පථය පාෂාණ මිටියාවත්වලින්, ගංගා දිගේ, වනාන්තර ඔස්සේ කඳුකරය හරහා ගමන් කරයි. නමුත් දුම්රිය මාර්ගයේ වඩාත්ම ආකර්ෂණීය කොටස වන්නේ ඉක්වදෝරයට මායිම්ව තිබෙන ඇන්ඩීස්හි කඳුවැටියේ බෑවුම් දිගේ යන දුම්රිය මාර්ගයයි. සානුවක හෝ වෙරළබඩ තැනිතලා ප්රදේශවල දුම්රිය තැනීම සාපේක්ෂව පහසුය. දුෂ්කරම දෙය නම් ක්විටෝ සහ ගුවායාකිල් අතර සම්බන්ධයක් ඇති ස්ථානයක් සොයා ගැනීමයි. 1901 දී, ඉංජිනේරුවන් ඔවුන්ගේ ස්ථානය සොයා ගත්හ. ඇන්දීස් කඳුකරවාසීන් දන්නා “කොන්ඩෝර්ස් ඒරි” නම් මෙම ධාවන පථය, වර්තමානයේ ඩෙවිල් නෝස් ලෙස නම් කර ඇත්තේ එහි ඉදිකිරීම් කටයුතුවල නිරත වූ කම්කරුවන්ට සිදු වූ බොහෝ මරණ සහ එය තැනීමේ දුෂ්කරතාව නිසාවෙනි.
මෙම ව්යාපෘතියේ වැඩ සඳහා ජැමෙයිකානුවන් 3,000 ක් සහ පුවර්ටෝරිකානුවන් 1,000 ක් පමණ ගෙන එන ලදී. ඉදිකිරීම් අතරතුර බොහෝ පිරිමින් මිය ගිය බැව් කියැවේ. එම සංඛ්යාව 2,000 ක් පමණ යැයි ගණන් බලා තිබේ. ව්යාපෘතියෙන් පසු බොහෝ කම්කරුවන් ඉක්වදෝරයේ රැඳී සිටියහ.
නිව් මෙක්සිකෝ ප්රාන්තයේ කම්බ්රෙස් සහ ටොල්ටෙක්…
Tour 3d / 2n - Train from Lima to Huancayo (Experience of Height) -  Turismoi.pe
මෙම දුම්රිය මාර්ගය චමා නිම්නයේ ඉහළ ප්රදේශවලට නැඟී කැපී පෙනෙන හා විශ්මයජනක දසුන් ලබා දෙයි. බොහෝ විට සී ඇන්ඩ් ටී.එස්.ආර්.ආර්. ලෙස කෙටියෙන් හැඳින්වෙන කම්බ්රෙස් සහ ටොල්ටෙක් දර්ශනීය දුම්රිය මාර්ගය අඩි 3 ක පටු මිනුම් උරුම දුම්රිය මාර්ගයක් වන අතර එය එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝවේ ඇන්ටොනිටෝ, කොලරාඩෝ සහ චමා අතර සැතපුම් 64 (කි.මී. 103) දුරැති ධාවන පථයක ක්රියාත්මක වේ.
1880 පෙබරවාරි 20 වැනි දින ඩෙන්වර් සහ රියෝ ග්රෑන්ඩ් වෙස්ටර්න් රේල් පාරේ ධාවන පථයේ සැන් ජුවාන් ව්යාප්තියේ පළමු රේල් පීලි තැබීමට පටන් ගත්තේ කොලරාඩෝවේ ඇලමෝසා සිට කොලරාඩෝ හි ඇන්ටොනිටෝ දෙසට එම වසරේ මාර්තු මාසයේදීය. සමාගම අඩි හතරක් අඟල් අටහමාරක සාමාන්ය මිනුම වෙනුවට අඩි තුනක පටු මිනුම තෝරා
කම්බ්රස් යනු මුහුදු මට්ටමේ සිට අඩි 10,000 ක් පමණ ඉහළින් පිහිටා ඇති ප්රදේශයකි. ඉහළ උන්නතාංශය සහ වෙනත් විවිධ සාධක බොහෝ දරුණු හිම කුණාටුවලට තුඩු දුන්නද සෑම අවුරුදු පහකට හෝ හයකට වරක් ශීත සෘතුවේ දී කම්බ්රෙස් මත අඟල් 500 ක් පමණ හිම වැටේ. මෙම දරුණු හිම කුණාටු දුම්රිය මාර්ගයට විශාල මූල්ය බරක් විය. ඒ නිසාම 1960 ගණන්වලදී අතහැර දැමීමටද තීරණය විය.
දකුණු අප්රිකාවේ ඔටෙන්ජි චූ සහ ටිජෝ දක්වා දිවෙන දුම්රිය මාර්ගය….
Outeniqua Choo-Tjoe Train | Series 'The most dangerous railroads in the  world'
මෙම දුම්රිය මාර්ග තුළ දුම්රිය ගමන් ගන්නා සංචාරකයෙකුට කඳුකර මාර්ග සහ තැනිතලා ඇතුළත් වෙන සුන්දර දර්ශන කෙසේ වෙතත්, දුම්රිය මාර්ගය භයානක හා සිත්ගන්නාසුළු අත්දැකීම් උපරිමයෙන් ලබා ගත හැකි අවස්ථාවකි. එහෙත්, එය ආරක්ෂිත ගමනක් බව පැවසිය යුතුමය. මෙම දුම්රිය මාර්ගයේ යන්නෙකු වේ නම් එම අවදානම් සහගත ගමනට බිය නොවී වික්රමාන්විත වීමට කැමති නම් ඔබට මෙම ආකර්ෂණීය දුම්රිය ගමන අත්විඳ ගත හැක.
2009 ජුනි මාසයේදී මෙහෙයුම් අවසන් කරමින් අප්රිකාවේ අඛණ්ඩව ක්රියාත්මක වෙන අවසාන මගී වාෂ්ප දුම්රිය මාර්ගය වෙන්නේ ඔටෙන්ජි චූ සහ ටිජෝ දක්වා දිවෙන දුම්රිය මාර්ගයයි. මෙම දුම්රිය මාර්ගය දකුණු අප්රිකාවේ බටහිර කේප් හි ජෝර්ජ් සහ නයිස්නා නගර සම්බන්ධ කරයි. කිලෝමීටර් 67 ක මාර්ගය හරිතමය දර්ශන පසු කරමින් රළු වෙරළ තීරය පසුකර වික්ටෝරියා බේ, වල්ඩර්නස්, ගූකම්මා සහ සෙජ්ෆීල්ඩ් හරහා ගමන් කරමින් නයිස්නා කලපුවට ඉහළින් පාලමක් තරණය කිරීමෙන් මුලු ගමන් මගට පැය 3 ක කාලයක් ගත කරනු ලබයි. 1992 දී නිල වශයෙන් සංරක්ෂිත දුම්රිය මාර්ගයක් ලෙස ප්රකාශයට පත් කරන ලද අතර එකල වසරකට මගීන් 40,000 ක් පමණ ගමන් කළේය. දශකයකට පසු එය වසරකට මගීන් 115,000 ක් රැගෙන ගිය අතර ඔවුන්ගෙන් සියයට 70ක් විදේශීය සංචාරකයින් විය.
2007 දී, දුම්රිය හිමිකරුවන් වන ට්රාන්ස්නෙට් ලිමිටඩ්, දුම්රිය සිය ප්රධාන ව්යාපාරයේ කොටසක් ලෙස නොසැලකූ බව ප්රකාශ කළ අතර, දුම්රිය නව හිමිකරුවෙකුට / ක්රියාකරුවෙකුට බැහැර කිරීම සඳහා ටෙන්ඩර් ක්රියාවලියක් ආරම්භ කළේය. 2010 අගෝස්තු මාසයේදී ට්රාන්ස්නෙට් නිවේදනය කළේ ඔවුන් ක්රියාකරුවෙකු සොයා නොගත් බවත් දුම්රිය ධාවනය නතර කරන බවත්ය.
ජකර්තා-බැන්ඩුන්ග් දක්වා දුම්රිය මාර්ගය…..
Jakarta-Bandung high-speed railway 64% complete - News - GCR
ඔබ සිත් ඇදගන්නාසුළු දුම්රිය මාර්ග ඔස්සේ ගමන් කිරීමට කැමති නම්, මෙම තොරතුරු ඔබ වෙනුවෙනි. මේ කියන්නට යන්නේ එවැනි ආකර්ෂණීය මෙන්ම ත්රාසය පිරි දුම්රිය මාර්ගයක් ගැනය. මෙම දුම්රිය මාර්ගයද ලෝකයේ භයානක දුම්රිය මාර්ගයක් ලෙස සැලකේ. සමස්තයක් වශයෙන්, මෙහි ඇවිදීම යනු පාරාදීසය සහ ලෝකය එකට භුක්ති විඳීම බවක් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනක් අත්විඳි සංචාරක ගවේෂකයෝ කියා සිටිති.
බැන්ඩුන්ග් සිට ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා දක්වා පැය තුනක ධාවන කාලයකින් ගමන් කරන මෙම දුම්රිය ඉතා ඉහළ හා යකඩ කුලුණු මත ඉදි කළ සිකුරුටුග් පාලම හරහා ගමන් කිරීම එහි ත්රාසජනක උත්ප්රාසය දනවයි. මෙම පාලමේ දෙපස කොටු කර නොමැති බැවින් එය වඩාත් භයානක වේ. බිය නිසා සමහර මගීන්ගේ කටහඬද මොහොතකට ගොලු වෙන බව කියැවේ. කෙසේ වෙතත්, මෙම බියට අමතරව, ඔබ පාලමට පහළින් බැලුවහොත්, ඒ අවට ඇති ගම්මාන ඉතා සුන්දර දර්ශනයක් සේ පෙනේ. එසේ චමත්කාරජනක විශාල තේවතු යායන්, සරුසාර කෙත්වතු ආදි සියල්ලක්ම ඉතා හොඳින් දර්ශනය වේ.
2002 වසරේදී මේ සුන්දර දුම්රිය ගමනේ බියකරුම අනතුර සිදුවිය. ඒ එම ප්රධන දුම්රිය මාර්ගයේ බියකරුම ස්ථානය වූ සිකුරුටුග් පාලමේදී දුම්රිය පීලිපැනීමක් සිදුවිණි. නමුදු සියලු දෙනාගේම වාසනාවකට එම දුම්රිය පීලිපැනීමෙන් කිසිවෙකුටවත් අනතුරක් නොවිණි.
කෙසේ වෙතත් අවසානයේ දුම්රිය මාර්ගය වඩාත් සුන්දර දුම්රිය අත්දැකීම් ලබා දෙයි. එය ඉන්දුනීසියාවේ ජකර්තා සහ බැන්ඩුන්ග් අතර සැරිසරන අතර ගමන අවසන් කිරීමට පැය 3 ක් ගතවේ. සිකුරුටුග් පයිලොන් ට්රසේටල් පාලමේ උපනිවර්තන නිම්නයට ඉහළින් දුම්රිය ධාවනය වෙන විට සැබෑ ත්රාසජනක හා භයානක අත්දැකීම ආරම්භ වේ. දුම්රිය මාර්ගයට යටින් ඇති ගැඹුරු උපනිවර්තන නිම්නය නැරඹීමෙන් පසු බොහෝ අය බිය වෙති.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලක්සා ප්රාන්තයේ වයිට් පාස් සහ යුකොන් මාර්ගය…..
Take a Ride on the White Pass Yukon Railroad | Cruise Maven
ඇලක්සාහි ස්කග්වේ වරාය යුකෝන්හි වයිට්හෝර්ස් හා සම්බන්ධ කරයි. එය වර්තමානයේ සංචාරක ආකර්ෂණයක් වෙන අතර මෙම මාර්ගයේ දුම්රිය ගමනක් යාමට ජනතාව ප්රිය කරන බැව් කියැවේ. වයිට් පාස් සහ යුකෝන් මාර්ගය යනු කැනේඩියානු සහ එක්සත් ජනපද II පන්තියේ අඩි 3 ක් පටු මිනුම් දුම්රිය මාර්ගයකි. එය හුදකලා පද්ධතියක්, එය වෙනත් දුම්රිය මාර්ගයකට සෘජු සම්බන්ධයක් නොමැත. උපකරණ, භාණ්ඩ ප්රවාහනය සහ මගීන් නැව් මගින් ස්කග්වේ වරාය හරහා සහ මාර්ගයෙන් එහි නැවතුම් කිහිපයක් හරහා ගෙන යනු ලැබේ. 1898 දී මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම ආරම්භ කළේ රන් බිම් කරා ළඟා වීමේ මාර්ගයක් වශයෙනි. 1900 දී එය නිමවීමත් සමඟ එය යූකොන්හි අභ්යන්තරයට යන ප්රධාන මාර්ගය බවට පත්වූණි.
වසර ගණනාවක් තිස්සේ දුම්රිය මාර්ගය ට්රයි වයිට් කෝපරේෂන් හි අනුබද්ධිත ආයතනයක් වූ අතර එය ඇලස්කාවේ, පැසිෆික් හා ආක්ටික් දුම්රිය හා නාවික සමාගම බ්රිටිෂ් කොලොම්බියා යුකෝන් දුම්රිය සමාගම සහ බ්රිතාන්ය යුකෝන් දුම්රිය සමාගම විසින් මෙහෙයවනු ලැබීය. වයිට් පාස් සහ යුකෝන් මාර්ගය යන වෙළෙඳ නාමය භාවිතා කරන බ්රිතාන්ය යුකෝන් පතල්, වෙළෙඳ හා ප්රවාහන සමාගම (යුකොන් හි) ලෙස මුලින් හැඳින්වේ.
ජපානයේ අසෝ මියාමි දුම්රිය මාර්ගය….
Japan Aso Minami train bridge dangerous Railways tracks in the world -  YouTube
මෙම දුම්රිය මාර්ග හරහා ආවරණය කළ හැකි භයානක මාර්ගවලින් එකක් වන අතර එය ජපානයේ කුමාමොටෝහි සක්රීය ගිනි කන්දක් හරහා තකමෝරි මිනාමියාසෝ හි ටැටෙනෝ දුම්රිය ස්ථානයට ගමන් කරනු ලබයි. දුම්රිය මාර්ගය ගිනිකඳු කලාපය හරහා සිදුවන අතර ඊළඟ පිපිරීම සිදුවන්නේ කවදාදැයි දුම්රියේ ගමන් කරන ඔබ නොදැන සිටිය හැකිය. ලාවා පිළිස්සී වනාන්තරයට වැටෙන අයුරු දුම්රියෙන් ගමන් ගන්නා ඕනෑම මගියෙකුට දැක ගත හැකිය. මෙම දුම්රිය මාර්ගයේ ගිනිකඳු පිපිරීමක් දුම්රියේ සිටින ඕනෑම වේලාවක අනපේක්ෂිත ලෙස දැකීමට මගීන්ට හැකියාව ලැබේ. දුම්රිය පීලි ගිනි කන්ද පාමුල පිහිටා ඇති අතර ලාවා ගංගා මගීන්ට කදිම දර්ශනයකි. දුම්රිය සාමාන්යයෙන් වෙනත් සුන්දර ප්රදේශ හරහාද ගමන් කරනු ලබයි.
ආර්ජන්ටිනාවේ සල්ටා-පොල්වොරිලෝ හි ට්රනේ අ ලාස් නූබ්ස් දුම්රිය මාර්ගය …
In pictures: the world's most dangerous rail journeys
ආර්ජන්ටිනාවේ පිහිටා ඇති මෙම දුම්රිය මාර්ගය සිග් සැග් ක්රමයේ ධාවන පථයකි. උමං මාර්ග 21 ක් සහ පාලම් 13 කින් සමන්විත වෙන අතර එය සම්පූර්ණ කිරීමට වසර 27 ක් ගතවූ බව ආර්ජන්ටිනා වාර්තාවල සඳහන් වේ. එය මුහුදු මට්ටමේ සිට මීටර් 4,200 ක් (අඩි 13,850 ක්) ඉහළින් ඉදිකර ඇති සංචාරක කටයුතු සඳහා යොදා ගනී. Tren a las nubs හරහා ගමන් කරන විට සුන්දර දර්ශන භුක්ති විඳීමට සංචාරකයින්ට උපරිම අවස්ථාව සලසා දේ. ආර්ජන්ටිනාවේ ට්රනේ අ ලාස් නූබ්ස් එය ලෝකයේ පස්වැනි විශාලතම දුම්රිය මාර්ගයද වේ. කඳුකර ප්රදේශ හරහා සිග් සැග් සහ සර්පිලාකාරයෙන් ධාවනය වෙන මෙම දුම්රිය උතුරු මැද ආර්ජන්ටිනාවේ කඳු පන්තිවලට ඉහළින් වලාකුළු හරහා ගමන් කරන ගුවන් යානා ගමනක් ලෙස දැකිය හැකිය.
තායිලන්තයේ ඩෙත් රේල් වේ…..
🇹🇭 Death Railway | Kanchanaburi | DJI Phantom 3 - YouTube
මෙම දුම්රිය තායිලන්ත-මියන්මාර දේශසීමා හරහා ගමන් කරන අතර මෙම දුම්රියේ මුළු මාර්ගයම ජනප්රිය වී ඇත්තේ ඩෙත් රේල්වේ ලෙසිනි. මරණ දුම්රිය යන නම ලැබුණේ දෙවැනි ලෝක සංග්රාමයේ දී බොහෝ යුද සිරකරුවන්ගේ ජීවිත අහිමි වූ බැවිනි. මෙම මාර්ගය කඳුකර, ඝන වනාන්තර සහ භූමි ප්රදේශ හරහා ගමන් කරන විට ඉතා භයානක ය.
තායිලන්තයේ කාංචනබුරි පළාතේ පිහිටා ඇත. දෙවැනි ලෝක සංග්රාමයේදී ජපන් ජාතිකයින් මෙම දුම්රිය මාර්ගය ඉදිකරන විට බ්රිතාන්ය යුද සිරකරුවන් දුසිම් ගණනක් එහි ඉදිකිරීම් හේතුවෙන් ජීවිත අහිමි විය. මෙම දුම්රිය මාර්ගය ගං ඉවුර දිගේ සශ්රීක හරිත හා ඝන වනාන්තර හරහා ගමන් කිරීම සංචාරකයින්ට විනෝදයක් ලබා දෙයි. 1942දී දෙවැනි ලෝක යුද්ධය ලොව පුරා පැතිරෙමින් තිබියදී තායිලන්තය මධ්යස්ථව සිටියද, ඉතා ඉක්මණින් ජපන් හමුදා විසින් අත්පත් කරගෙන සිටිනු දුටු අතර, ඔවුන්ට වඩා බලවත් අධිරාජ්යයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි.
මෙම දුම්රිය මාර්ගය තායිලන්තය, බුරුමයේ බ්රිතාන්ය යටත් විජිතයට සමීප වීම ජපාන හමුදාවන්ට බ්රිතාන්යයන්ට එරෙහි ප්රහාර සඳහා එක්රැස් වීමට හා සූදානම් වීමට කදිම ස්ථානයක් බවට පත් කළේය. දේශීය කම්කරුවන් සහ මිත්ර හමුදා සිරකරුවන් බහුල වීමත් සමඟ ජපානය උත්සාහ කළේ මීට පෙර කිසිවක් නොතිබූ යටිතල පහසුකම් ගොඩනැගීමට ය.
කම්කරුවන් ගිනිකොනදිග ආසියානුවන් 250,000 කට වැඩි ප්රමාණයක් සහ විවිධ මිත්ර රටවල යුද සිරකරුවන් 60,000 කට වඩා මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට දායක වී ඇත. එය ලෙහෙසි පහසු කාර්යයක් නොවිණි. බොහෝ විට අවශ්ය මෙවලම් නොමැතිව කම්කරුවන් දැඩි හිරු රශ්මියක් යටතේ වහල්භාවයට පත් වූ අතර ජපන් හා කොරියානුවන්ගේ නොසැලකිලිමත්කම නිසා ඔවුන් කුරිරු විය. දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ලක්ෂයකට අධික පිරිසක් මිය ගිය බව ඉතිහාසඥයින් අනුමාන කරති. එය ඩෙත් රේල්වේ යන ඉංග්රීසි බසින් හැඳින්වීමට හේතුව වන්නේද එයයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්රාන්තයේ ජෝර්ජ්ටවුන් ලූප් රේල් පාර…..
Georgetown Loop Railroad: United States Heritage Railroad - Unusual Places
ජෝර්ජ්ටවුන් ලූප් රේල් පාර යනු 19 වැනි ශතවර්ෂයේ අග භාගයේ ජෝර්ජ්ටවුන් සහ සිල්වර් ප්ලම් ප්රදේශය අතර දිවෙන ත්රාසජනක විස්මයක් සහිත පරිපූර්ණ ඉදි කිරීමකි. මෙම මාර්ගයේ ගමන් ගන්නා දුම්රියට ඉදිරි පැතිවලින් එන තද සුළං දුම්රියට බල කරන අතර සමබරතාව පවත්වා ගැනීමට අපහසු වන විට මෙම භයානක අත්දැකීම සිදු වේ. ජෝර්ජ්ටවුන් ලූප් රේල් පාර යනු අඩි 3 (මි.මී. 914) ක පටු දුම්රිය මාර්ගයකි. එය ඇමෙරිකාවේ සංචාරක ආකර්ශනය බහුල දුම්රිය මාර්ගයක් වන අතර එය කොලරාඩෝ ප්රාන්තයේ හි ක්ලියර් ක්රීක් රොකී කඳුකරයේ පිහිටා ඇත.
මෙම සංචාරක දුම්රිය ජෝර්ජ්ටවුන් සහ සිල්වර් ප්ලම් අතර සැතපුම් 2 ක් (කි.මී. 3.2) දුරින් දිව යයි. මෙම මාර්ගය සැතපුම් 4.5 (කි.මී. 7.2) ක් දිගින් යුක්ත වන අතර කඳුකර භූමි ප්රදේශ හරහා අඩි 640 (මීටර 195.1) ක උසකින් දිවයයි.
ජෝර්ජ්ටවුන් ලූප් රේල් පාර කොලරාඩෝ හි සංචාරක ආකර්ෂණයන්ගෙන් පිරි ස්ථානයකි. මෙම අඩි 3 පටු දුම්රිය මාර්ගය 1884 දී නිම කරන ලද අතර එහි කාලය සඳහා ඉංජිනේරු විස්මයක් ලෙස සැලකේ. 1870 සහ 1880 ගණන්වලදී ඉදිකරන ලද කොලරාඩෝ මධ්යම දුම්රිය මාර්ගයේ විශාල කොටසක කොටසක් වූ කොලරාඩෝ ගෝල්ඩ් රෂ් පසුකාලීනව, මෙම මාර්ගය 1880 ගණන්වල රිදී නිෂ්පාදනයේදී සිල්වර් ප්ලම් හි පතල්වලින් රිදී ලෝපස් රැගෙන යාම සඳහා පුළුල් ලෙස භාවිතා කරන ලදී. 1893 දී කොලරාඩෝ සහ දකුණු දුම්රිය මාර්ගය 1938 වෙන තෙක් මගීන් හා භාණ්ඩ ප්රවාහනය සඳහා ක්රියාත්මක විය. 1906 සිට 1918 දක්වා කාලය තුළ ජෝර්ජ්ටවුන් ලූප් ආර්ජන්ටිනාවේ මධ්යම දුම්රිය මාර්ගයට සිල්වර් ප්ලම් සමඟ සම්බන්ධ වූ අතර එමඟින් සංචාරකයින්ට මැක්ලෙලන් කන්ද මුදුනට යා හැකි විණි.
ඉන්දියාවේ චෙන්නායි-රාමේෂ්වරම්….
Chennai-Rameswaram Route | Series 'The most dangerous railroads in the  world'
ලෝකයේ වඩාත්ම භයානක දුම්රිය මාර්ග ගැන කියැවෙද්දී මුලින්ම අන්තර්ජාලයේ ලැයිස්තුගත වෙන්නේ අපේ අල්ලපු රටේ තිබෙන්නා වූ දුම්රිය මාර්ගයක් වූ ඉන්දියාවේ චෙන්නායි-රාමේෂ්වරම් දුම්රිය මාර්ගය පිළිබඳවය.
දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් දූපතට පිවිසීම සඳහා මෙම දුම්රිය මාර්ගය මුහුද හරහා ඉදිකර ඇත. මෙම දුම්රියට ඉන්දියානු ඉංජිනේරු විද්යාවේ උපරිම වෙහෙස හා උපරිම නිර්මාණශීලීත්වය නියෝජනය කරන පම්ඩාන් පාලම ඉදි වූයේද මෙම දුම්රිය මාර්ගය නිසාවෙනි. පාලම මත දුම්රියේ තිබෙන අවස්ථාවලදී ඇතැම් වාරකන් කාලවලදී ඔබේ මුහුණේ ජලය විසිරී යාම ඔබට අත්විඳිය හැකිය. මෙම සිත්ගන්නාසුළු දුම්රිය ගමන අත්දැකීමට පෙර පම්ඩාන් ගැන තොරතුරු සෙවීමේදී එම පාලම ඉන්දියාවේ ප්රධාන භූමියේ මන්දපම් නගරය පම්බන් දූපත හා රාමේෂ්වරම් සමඟ සම්බන්ධ කරන දුම්රිය පාලමකි. 1914 පෙබරවාරි 24 වැනි දින විවෘත කරන ලද එය ඉන්දියාවේ පළමු මුහුදු පාලම වන අතර 2010 දී බන්ඩ්රා-වර්ලි මුහුදු මාර්ගය විවෘත කරන තෙක් ඉන්දියාවේ දිගම මුහුදු පාලම විය. දුම්රිය පාලම බොහෝ දුරට සාම්ප්රදායික පාලමකි. කොන්ක්රීට් කුළුණු මත රැඳී ඇති මෙම දුම්රිය මාර්ගය නිසා ඉන්දීය සාගරයේ යන එන නැව්වලටද ගමන් කිරීමට ඉඩ සලසනු ලැබීමද විශේෂත්වයකි. 1988 වන තෙක් තමිල්නාඩුවේ රාමේෂ්වරම් දූපත ප්රධාන භූමියට සම්බන්ධ කළ එකම මතුපිට ප්රවාහනය පම්බන් පාලම විය. 2018 දෙසැම්බරයේදී මෙම පාලමේ කුලුණකට හානි වූ අතර එමඟින් පාලමේ දුම්රිය ප්රවාහන සේවය මාස 3 කට අත්හිටුවනු ලැබිණි. නමුත් ඉකුත් වසරේ පෙබරවාරි 27 දින යථා තත්ත්වයට පත් කිරීමට එරට බලධාරීන් කටයුතු කරනු ලැබීය.
පම්ඩාන් දුම්රිය පාලම ඉන්දියානු ප්රධාන භූමිය සහ රාමේෂ්වරම් දූපත අතර කිලෝමීටර් 2.065 ක දුරක් විහිදේ. පාලමේ ප්රධාන කෙළවරේ පිහිටා ඇති මෙම පාලම ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවෙන් පසු ලෝකයේ දෙවැනි වඩාත් දූෂිත පරිසරයේ පිහිටා ඇති අතර එහි නඩත්තුව අභියෝගාත්මක කාර්යයක් බවට පත් කරයි. මෙම ස්ථානය සුළි සුළං ඇති විය හැකි ඉහළ සුළං ප්රවේග කලාපයකි. දුම්රිය පාලම මුහුදු මට්ටමේ සිට මීටර් 12.5 ක් ඉහළින් පිහිටා ඇති අතර දිග අඩි 6,776 කි. මෙම දුම්රිය පාලම ඉදි වූයේ 1870 දී එවකට පැවති බ්රිතාන්ය පරිපාලනය ලංකාව සමඟ වෙළෙඳාම වැඩි කිරීමට ක්රම සෙවූ බැවින් යැයි සඳහන් වේ. මෙහි ඉදිකිරීම් 1911 අගෝස්තු මාසයේදී ආරම්භ වූ අතර 1914 පෙබරවාරි 24 වැනි දින විවෘත කරන ලදී. යාබද මාර්ග පාලම 1988 දී විවෘත කරන ලදී. 2018 දෙසැම්බර් 5 වැනි දින වෙන විට පාලමේ ඇති වූ ඉරිතැලීමක් හේතුවෙන් පාලම වසා දමා ඇති අතර නඩත්තු කටයුතු සිදුවෙමින් පවතී. ඉන්දීය දුම්රිය අමාත්ය පියුෂ් ගෝයාල් මහතා ප්රකාශ කළේ පැරණි පම්බන් පාලම අසල නව දුම්රිය පාලමක් රු. කෝටි 250 ක වියදමින් ඉදිකරන්නට යන බවය…
…………….අන්තර්ජාලය ඇසුරෙනි…………….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!