ඇමරිකාවේ කීර්තිමත් විශ්ව විද්යාලයක් වූ, ස්ටැම්ෆෝඩ් විශ්ව විද්යාලයේ ආර්ථික අංශයේ ප්රධානියා වූ “මහාචාර්ය ටෝනි සෙබා” මහතා අනාගත බල ශක්තියේ ඇතිවන දැවැන්ත වෙනස මෙයට වසර කිහිපයකට පෙර පෙන්වා දුන්නේය. ඔහු ඉන් විශාල ආන්දෝලනයක් බල ශක්ති ක්ෂේත්රයේ ඇති කළේය. අද දින එය වඩාත් සත්ය වෙමින් පවතින බව ඉතා හොඳින් පෙනීයන කාරණයකි.
ඒ ගමනේ මඟක් යන අතරතුරේ වඩාත් පැහැදිළිව ඒ ගැන කියන තවත් විශේෂඥයෙක් වන්නේ “රමේස් නාම්” [Ramez Naam] මහතාය.
විදුළි වාහනද මෙහි එක් සංරචකයකි. Singularity University හී ෆීට සාමාජිකයෙක් [A Faculty member] වන රමේස් නාම් මහතා මෙසේ කියයි.
ඔහුගේ කතාව :-
… “සෑම වසරකම සූර්ය හා සුළං සහ බැටරි සහ විදුලි වාහන මිල අඩු වේ.”… මෙම ප්රවණතාවය බලශක්ති කර්මාන්තය පරිවර්තනය කරයි. වෙන කවරදාටත් වඩා අද, දුරකථනවල කැමරාවලින් ගතයුතු ඡායාරූප වැඩියෙන් ඇති බව පැහැදිළිය. මේ අතර ජයාරූප ශිල්පයේ ලෝක බලවතා වූ කොඩැක් බංකොලොත් විය. අද දින කුලී රථ දහස් ගණන් ඇති කුලී රථ සමාගම්වලට වන්නේද එයමය.
ඌබර් වැනි අවම වශයෙන් එකක් හෝ වාහන තමා සන්තකයේ නැති සමාගම් නිසා, ඒ කුලී රථ දහස් ගණන් ඇති සමාගම් කඩාකප්පල් වේ.
අප සැමවිටම සිතුවේ පිරිසිදු ශක්තිය අපිරිසිදු ශක්තියට වඩා මිල අධික වනු ඇති බවයි. නමුත් දැන් පෙනෙන්නේ පිරිසිදු බලශක්තිය ලාභම ශක්තිය වනු ඇති අතර එය ලෝකය වෙනස් කරන බවය. බලශක්ති සංක්රාන්තිය දිගු ක්රියාවලියක් වනු ඇත. එක රැයකින් එය නොවන මුත්, ඩොලර් ට්රිලියන 6 ක කර්මාන්තයක් වෙනස් කරවීමට දශක කිහිපයක් ගතවනු ඇත.
නමුත් ඇත්ත වශයෙන්ම අපි මීට වසර කිහිපයකට පෙර සුළඟත්, පසුගිය මාස 12 තුළ සූර්යයාත් සමඟ එම ස්ථානයට පැමිණ ඇත්තෙමු. එය එසේ නම් සම්ප්රදායික චින්තනයෙන් සිතන දශක කීපය වසර කීපයක් වන්නට හොඳටම ඉඩ ඇත.
දශකයකට පෙර අප යෙදූ සූර්ය පැනල 15% කාර්යක්ෂම විය හැකිය, දැන් ඒවා වාණිජමය වශයෙන් 20 හෝ 21% ක් වන නවතම පර්යේෂණයන්ගෙන් එය 50% තෙක් වැඩි කල හැකි බව පෙනී යයි. දැන් ලෝකයේ ඕනෑම තැනක අඩුම පිරිවැය විදුලි කොන්ත්රාත්තුව සූර්ය බලය වේ. අවස්ථා කිහිපයකදීම. වේගයෙන් ලාභදායි වන්නේ සූර්ය බලශක්තිය පමණක් නොවේ. සුළං බලය ද වඩා දැරිය හැකි මෙන්ම ස්ථාවරද වේ.
දැන් අපි මීටර් 130, 140 ක් උස මෙම යෝධ සුළං ටර්බයින සාදන්නෙමු.
අපි ඉහළ උන්නතාංශවලට නැඟෙත්ම, සුළඟ වේගයෙන් හමන අතර සුළඟ වේගයෙන් හමයි, එවිට ඔබට වැඩි ශක්තියක් ලැබේ.
බලශක්ති ගබඩා කිරීම ද පසුගිය වසර 20 තුළ 95% කින් පහත වැටී ඇත. එය මිල පහත වැටේ නම්, එය 20 ගුණයක මිල අඩු කිරීමකි, එය තවත් 5 හෝ 10 ගුණයකින් මිල පහත වැටුණහොත්, අපට සැබවින්ම විශාල හිරු හා සුළං ශක්තිය ගබඩා කිරීමට හැකි වනු ඇත. දැන් අපට අවශ්ය වන්නේ, සෑම ස්ථානයකටම ශක්තිය සම්ප්රේෂණය කිරීමට ඇති හැකියාව වේ. එහෙත් සූර්යයා බැබළෙන්නේ නැති විට හෝ සුළඟ හමන්නේ නැති විට ශක්තිය ගබඩා කිරීමට අපට හැකියාව තිබිය යුතුය.
උදාහරණයක් ලෙස කාර් බැටරි බිලියන ගණනක් බල ගැන්වීමට ප්රමාණවත් ලිතියම් තිබේ.
කිසිසේත් භාවිතා නොකළ හැකි යයි සිතු ශක්තිය ගබඩා කිරීමට ක්රම දැන් තිබේ. මා දන්නා ප්රවාහ බැටරි සමාගමක් යකඩ පමණක් ඒවායේ ප්රධාන අමුද්රව්යය ලෙස භාවිතා කරයි. වෙනත් සමාගම්වලට බැටරි සෑදිය හැක්කේ ලුණු වතුරෙන් පමණක් වන්නට ඉඩ ඇත. නැතහොත් විශ්වයේ තුන්වන බහුලම මූලද්රව්යය වන කාබන් සමඟද විය හැක. මේ අතර තවත් බල ශක්ති සමාගමක් වාතය සම්පීඩනය කිරීමෙන් බල ශක්තිය ගබඩා කරයි.
එබැවින් හිඟ වන ලිතියම් වැනි ද්රව්ය නැතිව, සම්පත් අඩුවෙන් සහ බහුල සම්පත් වලින් වැඩි ප්රමාණයක් භාවිතා කිරීමට අපට ක්රම සොයා ගත හැකිය.
රමේෂ් නාම් මහතාගේ කතාව මෙතනින් සමාප්තයි:-
ඇත්තටම ලංකාවට අවශ්ය වන්නේ මේ ආකාරයේ චින්තනයකි. එය දිනකින් හෝ ප්රමාද කිරීම, විදේශ විනිමය රටෙන් පිටට ගලාගොස්, අපට සිදුවන බරපතල හානියකි. සතියකට පමණ පෙර යාබද රටක් වන බංග්ලාදේශයේ අලුතෙන් තනන්නට නියමිත ව තිබුණු ගල් අඟුරු බලාගාර නවත්වා දැමීමේ තීරණය ඔවුන් ගත්තෝය. අන්ත දිළින්දන් වෙසෙන බංග්ලාදේශයට පවා ස්ථාවර බල ශක්ති ඉලක්කයක් ඇත. නොබෝදා අපට ඔවුන්ගෙන් ඩොලර් මිලියන දෙසීයක ණයක් ලැබුණු බව අමතක කල යුතු නැත.
අද දින එය ආසියාවේ වේගයෙන්ම දියුණු වන රටක් වී ඇත.
ණය ප්රමාණය අනුව ලංකාව අද ඉතාම දුගී දුප්පත් අප්රිකාණු රටවල් ප්රමාණයට වැටී ඇති බව මාධ්ය වල පළවිය.
ලංකාවට ගෙන්වන තෙල් අවම කිරීම මගින් විදේශ විනිමය රටෙන් පිටට ගලා යෑම නැවැත්වීම සඳහා පුනර්ජනන බල ශක්තිය භාවිතා කිරීමට වඩා තවත් හොඳ උපාය ක්රියාමාර්ගයක් තවත් නැත.
ලංකාවේ වුවද ප්රතිශතයක් වශයෙන් ඉතා සුළු කොටසක් පුනර්ජනන බල ශක්තිය ප්රයෝජනයට ගනු ලබති. මහා පරිමාණයෙන් පුනර්ජනන බල ශක්තිය ලබා ගැනීමට අමතරව මෙය දිරිමත් කලද, ඉන් විශාල ලාභයක් රටට ලැබෙනු ඇත. අප ඉන් එක් ප්රායෝගික ක්රමයක් ගැන සිතා බලමු.
ඉහත “රමේෂ් නාම්” මහතාගේ කතාවේ බල ශක්තිය ගබඩා කර ගැනීම ගැන සඳහන් කර තිබිණ. එහෙත් ඒ ගබඩා කිරීමද නොකර බල ශක්තිය දහවල භාවිතා කරන අය ලංකාවේ සිටීම වාසනාවකි. මෙන්න මේ ක්රම භාවිතා කිරීමේ ප්රවණතාවය සිය ගුණයකින් වැඩි විය යුතුය. එය රජයක් විසින් විශේෂ ප්රචාරයක් , ප්රසිද්ධියක් දරමින් කල යුතු දෙයකි. කසී කබල් ඉන්දියානු නාට්ය පෙන්වනවාට වඩා , ජාතික මාධ්ය වල මේවා පළ විය යුතුය. ප්රචාරයකට අවශ්ය මුදලද සාපේක්ෂව අඩු වේ.
මා දන්නා එක්තරා පුද්ගලයෙක් ඔහුගේ විදුළි රථය ආරෝපණය කර ගන්නේ දහවල සූර්ය පැනල වලට වැටෙන විදුළියෙන් පමණි. ඒ සඳහා ඔහු විශේෂ “ඉන්වර්ටරය” ක් භාවිතා කරයි. [ඉන්වර්ටරයක් යනු හිරු කිරණ සූර්ය පැනල වලටපතිතව නිෂ්පාදනය වන සරළ ධාරා විදුළිය (DC) , සාමාන්යයෙන් නිවාස වල භාවිතා කෙරෙන ප්රත්යාවර්ථක විදුළියට (AC) හැරවීමේ යන්ත්රය වේ]
සාමාන්යයෙන් ඉන්වරටරයකට බැටරි සම්බන්ද කල යුත්තේ, හිරු එළිය නැති විටෙක, සුළං හමන්නේ නැති විටෙක අවම වන බල ශක්තිය සමබර කිරීමට වේ. නමුත් බැටරියක් යනු සීමිත ආයු කාලයක් ඇති දෙයකි. අද නිෂ්පාදනය වන විශේෂ ඉන්වරටර වර්ගයක් ඇත. ඊට බැටරි අනවශ්ය වේ. හිරු එළිය ඇතිතාක් ඉන් බල ශක්තිය නිපදවේ. ලංකාවට හිරු එළිය යහමින් ඇති නිසා, මේ ක්රමය වඩාත් සුදුසු බව පැහැදිළිය.
උදාහරණයක් සේ ලංකාවේ බොහෝ කාර්යාල වල වැඩ කටයුතු කෙරෙන්නේ දහවල් කාලයේ වේ. එය එසේ නම් ඉහත ක්රමයෙන් ඒ ඒ අවශ්ය බල ශක්තියේ වැඩි කොටසක් ආවරණය කරගත හැක. යම් හේතුවක් නිසා හෝ වළාකුල් වලට හිරු එළිය වැටෙන විට ඉන්වරටරය ක්රියා විරහිත වන අවස්ථාවේ “පාරේ විදුළිය” ස්වයංක්රීයව කාර්යාලයට සම්බන්ද වන ආකාරයට නිර්මාණය කල හැකිය. මේ ක්රමය කුඩා කාර්යාල සහ අවන්හල් වැනි ස්ථාන සඳහා ඉතා යෝග්ය වේ.
ඇත්තටම මේ ක්රමය බස් රථයක් වැනි විශාල වාහනයක ඇති වායු සමීකරණයක් වුවද ක්රියාත්මක කිරීමට භාවිතා කල හැකිය. බස් රථයක වහළයේ ඇති වර්ග ඵලය සළකා බැලූ විට ඒ ගැන අදහසක් අපට ගත හැකිය. අවශ්ය වන්නේ ඉහත සඳහන් කරන ලද ඉන්වරටරක් භාවිතා කිරීමය. සැළකිය යුතු ඉන්ධන ප්රමාණයක් ඉතිරි කරගත හැකි වනු ඇත. අවශ්ය වන්නේ තරමක් නිර්මාණ ශක්තියක් පමණි.
[කාර්මික සටහනක් :- එවැන්නක් භාවිතා නොකර හුදෙක් සූර්ය පැනල මගින් කෙලින්ම වායු සමීකරණ යන්ත්රය ක්රියාත්මක කිරීම ප්රායෝගික නැත. මක්නිසාදයත්, හිරු එළිය අනුව එම ලැබෙන බලයේ වොල්ටීයතාවයේ වන විශාල විචලනය වේ. අවශ්ය වන්නේ වෝල්ටීයතාවය නියතයක් කර, බල ශක්තිය ලබා ගැනීමය.
මෙය බස් රථයක ඇති වායු සමීකරණ යන්ත්රය අවම මොඩිෆයි කිරීමක් කිරීමේ සරළම ක්රමය වේ. එසේ නැත්නම් කල හැකි තවත් හොඳ ක්රමයක් වන්නේ, නවතම නිවාස වායු සමීකරණ වල යෙදෙන “විචලන ක්රම” (Inverter AC) භාවිතය වේ.]
ලොව දියුණුම යයි කියන රටවල් වල පවා විදුළි වාහන ආරෝපණ ස්ථාන හුදෙක් සූර්ය පැනල වලින් පමණක් ගන්නා බලයෙන් ක්රියාත්මක වන අවස්ථා ඇත.
අහසෙන් මුදල් ගලා එන බව දැනගත් කල, ලංකාව ධනවත් රටක් වනු ඇත. එය බල ශක්ති විශේෂඥයන් අවබෝධ කරනොගන්නේ නම්, කල යුතු තවත් සුළු දෙයක් ඇත.
ලංකාව යන්න Right off කර ජර්මනියේ, නෝර්වේ, ස්වීඩනයේ හෝ ඊශ්රායලය වැනි රටකට භාර දීමය. මක්නිසාදයත්, ඔවුන් විශාල සේ විදුළි වාහන දිරිමත් කිරීමත්, හිරු එළියේ නියම ප්රයෝජනය හැකි ඉහළින්ම බල ශක්ති ක්ෂේත්රයට ලබා ගැනීම නිසාය.
උපුටා ගැනීම: Lalith Karunaratna