2017 වර්ෂයේ දී තායිවානයේ පැවැති අන්තර්ජාතික නව නිපැයුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ නව නිර්මාණය විශිෂ්ටතම අන්තර්ජාතික නිර්මාණය සඳහා හිමි රන් පදක්කම හිමිකර ගන්නට සමත් විය. මේ සඳහා ඉදිරිපත් වූ තරග කරුවන් වූයේ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ J.M.අයේශා දේවින්දි සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ J.M.ලහිරු කාවින්ද වන අතර ඔවුන් එකම පවුලේ සහෝදර සහෝදරියන් වේ.
ඔවුන් ඉදිරිපත් කළ නව නිර්මාණය වනුයේ කාබනික අපද්‍රව්‍ය විශේෂිත භෞතික හා රසායනික ක්‍රම වේදයකට භාජනය කිරීම මගින් නිපදවූ ගඩොල් ඉන්ටලොක් සහ ගෘහ උපකරණ සඳහා ලී වෙනුවට යොදාගත හැකි ආදේශකයකි. මෙහි විශේෂත්වය වනුයේ ඉහත කල්පැවැත්ම, කෘමීන්, බැක්ටීරියා, දිලීර ආසාදන මගින් විනාශ නොවීම, කටුක පරිසර තත්ත්වයන්ට ප්‍රතිරෝධී වීම, කාබන් පියසටහන් අඩු කිරීමට උපකාරී වීම, සංරක්ෂණය සඳහා දැව ආරක්ෂක හෝ කෘමිනාශක අවශ්‍ය නොවීම, සාපේක්ෂව ඉතා සැහැල්ලු වීම, අපද්‍රව්‍ය ආශ්රයෙන් නිපදවීම නිසා පරිසර දුෂණය අවම වීම, කැළිකසළ ගැටලූවට විසඳුමක් දීම, ආර්ථිකමය වශයෙන් ලාභදායී වීම වේ.
මීට අමතරව ලහිරු කාවින්ද විසින් මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් කළ නිර්මාණ සඳහා රන් පදක්කම් දෙකක් හා රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් හිමි වී ඇත. J.M. අයේෂා දේවින්දි සහ ලහිරු කාවින්ද මෙතෙක් නිර්මාණ හැටකට අධික ප්‍රමාණයක් නව නිපැයුම් තරගාවලි වලට ඉදිරිපත් කර ඇති අතර රන්, රිදී, ලෝකඩ පදක්කම් දිනා ගෙන ඇත. ලහිරු කාවින්ද විසින් මෙතෙක් නිපදවූ නව නිපැයුම් සඳහා ජාතික සම්මාන 25 ක්, අන්තර්ජාතික සම්මාන අටක් ද දිනා ගෙන ඇත. ශ්‍රී ලංකාව වැනි රටක නව නිර්මාණකරණය කෙරෙහි ඇති සීමිත පිළිගැණීම හමුවේ වුවද මෙවන් නිර්මාණ බිහි කර ලොව දිනන ධර්මරාජ මහාමායා ඔබ දෙදෙනාට අපගේ උණුසුම් සුභ පැතුම්.
සටහන : රන්දිකා සමරකෝන්