ටිලේන් බ්ලෝන්ඩෝ “ලොව ලස්සනම ගැහැණු ළමයා” විදිහට අභිෂේක ලබන කොට ඇය අවුරුදු 6 ක පොඩි කෙල්ලෙක්. ඇය උපත ලැබුවේ 2001 අවුරුද්දේ අප්රේල් 5 වැනිදා අයිවරි කෝස්ට් හිදී.
අවුරුදු 6 දී ටිලේන් බ්ලෝන්ඩෝ ලෝකේ ලස්සනම ගැහුණු ළමයා වුණාම එයාගේ එක ඡායාරූපයක් ලෝක ප්රසිද්ධ වුණා. ඒක තමයි ඔය පළවැනි පොටෝ එක. ටිලේන්ට ලෝකේ ලස්සනම ගැහැණු වෙන්න, ඇයගේ විශාල නිල් පැහැති දෑසුත්, අපිළිවෙළකට පිහිටපු කොණ්ඩයත් බොහෝ දුරට උපකාරි වුණා.
මෙම තරගයෙන් ජයගන්න කොටත් ටිලේන් ළමා නිරූපිකාවක් විදිහට කටයුතු කරන්න පටන් අරන් තිබ්බේ. ඒත් තරගයෙන් ජයගත්තට පස්සේ ඇය තරුවක් බවට පත්වුණා.
මේ ජනප්රියත්වය නිසාම තමයි ටිලේන් ට සුප්රකට “වෝග්” විලාසිතා සඟරාවේ කවරය සඳහා පෙනී ඉන්න අවස්ථාව ලැබෙන්නේ. එතකොට ටිලේන් ගේ වයස අවුරුදු 10 යි. ඇය තමයි “වෝග්” සඟරාවේ කවරයකට පෙනී හිටපු ලාබාලම යුවතිය. ඔය දෙවැනියට තියෙන්නේ ඒ කවරේ පොටෝ එක.
ඒත් මේ කවරයේ පිංතූරයට බොහෝ දෙනෙක් දොස් කිව්වා. ඔවුන් කරපු ප්රධානම චෝදනාව තමයි අවුරුදු 10 ක දරුවෙක්ට සාරාගී පෙනුමක් ලබා දුන්නයි කියන එක.
ඒත් ඒ චෝදනාව ගැන ටිලේන් ගේ අම්මා, මේරියන් කොටිලාර්ඩ් උත්තර දුන්නේ මේ විදිහට…
“ඔය පොටෝ එකේ මාව කම්පනයට පත්කරපු එකම දේ තමයි එයා දාගෙන ඉන්න මාලය. දෙවියනේ ඒක යූරෝ ලක්ෂ 30 ක් වටිනවලු”
කොහොම හරි පළමුවැනි ජයග්රණයෙන් අවුරුදු 10 කට පස්සේ නැවත වරක් ටිලේන් ලෝකේ ලස්සනම ගැහුණු ළමයා විදිහට තේරුණා. එතකොට ඇයගේ වයස අවුරුදු 17 යි. දැන් ටිලේන්ගේ වයස අවුරුදු 20 යි. ඔය අනිත් පොටෝවල ඉන්නේ අවුරුදු 20 ටිලේන්. ගොඩාක් අය කියනවා අවුරුදු 6 ටිලේන් බ්ලෝන්ඩෝ ට වඩා අවුරුදු 20 ටිලේන් බ්ලෝන්ඩෝ ලස්සන නැහැයි කියලා. සමහරු කියනවා දැන් ලස්සන වැඩියි කියලා.
ඔය පොටෝවල ඉන්න තරුණයා තමයි ටිලේන්ගේ පෙම්වතා….





උපුටා ගැනීම: – අනිල් කරුණාරත්න –