ලොව විශාලතම ගුවන්‍ යානය ගැන (විද්‍යා හා තාක්ෂණය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
An- 225 Mriya තමා ලොව දැනට තියන විශාලතම ගුවන් යානය. ඒක මුලින්ම හදන්න සැලසුම් කලේ 80 දශකයේදී Soviet Union (USSR) එකේ අභ්යාවකාශ වැඩසටහන මගින්. Energiya-Buran කියන අභ්යාවකාශ වැඩසටහනේ ඉතාමත්ම බර රොකට් කොටස් ඔවුන් ඒවා නිශ්පාදනය කරන කර්මාන්තශාලා වලින් රොකට් එකලස් කර කක්ෂගත කරන ස්ථාන වෙත දුම්රිය මගින් රැගෙන ඒමට තිබුනු අපහසුතාවට පිලියමක් ලෙස ඉක්මනින් එවැනි කොටස් රැගෙන ඒමට, Buran orbiter ෂටලය ඔසවාගෙන යාමට සහ ලෝකේ වෙන කවුරුත් ඒ වෙනකොට කරලා තිබ්බේ නැති විදිහට එම ෂටලය ගුවන්ගමනේ මැදදී කක්ෂගත කිරීමට තමයි ඔවුන් මෙම ගුවන්යානය හදන්න සැලසුම් කරන්නේ. එමගින් ඔවුන් බලාපොරොත්තු උනේ රොකට් භාවිතා කරමින් ෂටල කක්ෂගත කිරීමේ පිරිවැය 1/10 අඩු කරගැනීමට.
*Mriya කියන නමේ තේරුම Dream නැතිනම් සිහිනය කියන එක. මෙය සිය මංගල ගමන සිදු කරන්නේ 1988 දෙසැම්බර් මාසේ 21.
*1991 දී Soviet Union එක බිඳ වැටීමත් සමගම Buran අභ්යාවකාශ වැඩසටහන රුසියාව විසින් තමන්ට ලබාගන්නවා. ඒත් ආර්ථිකය බංකොලොත් වීම නිසා මුදල් ප්රශ්න උඩ එම අභ්යාවකාශ වැඩසටහන ඔවුන් විසින් තාවකාලිකව නතර කරනවා. ඒ වෙනකොට මේ විශාල An 225 ගුවන් යානයෙන් ඔවුන්ට වැඩක් නැති වෙනවා මොකද මෙච්චර විශාල ගුවන් යානයක් අධික පිරිවැයක් දරලා ගුවන්ගත කරන්න වැඩක් නැතිවීම. අතහැරලා දාල කොටස් ගලවලා තිබුන එය ආපහු අවුරුදු 8කට පස්සේ තමයි යලිත් අලුත්වැඩියා කරලා භාන්ඩ ප්රවාහනය සඳහා යොදාගන්නෙ..
*මේකේ wingspan එක එහෙම නැත්නම් එක වින්ග් එකක තුඩේ ඉඳන් අනිත් වින්ග් එකේ තුඩට දිග මීටර් 88 නැත්නම් අඩි 290 ක්. දිග මීටර් 85ක් නැත්නම් අඩි 275ක්. . ඒවගේම රාත්තල් ලක්ශ 3 කට අධික බලයක් නිපදවන turbofan engine 6 ක් මෙම ගුවන් යානයට තියනවා. මෙය ඇතුලත කොච්චර විශාලද කියනවනම් රයිට් සහෝදරයන් විසින් කරපු ලෝකෙ පලවෙනි ගුවන් ගමන මෙහි cargo hold එක ඇතුලේ සම්පූර්ණ කරන්න පුලුවන්ලු.
*මෙය දැනට නිර්මාණය කරලා තියන බරම ගුවන් යානය. මෙහි ඉන්ධන කිසිවක් නැතුව බර ටොන් 285. ඒවගේම MTOW (maximum takeoff weight) එක ටොන් 640 කට ආසන්නයි. මේකේ බර දරා ගන්න සැලසුම් කරපු landing gear system එකේ රෝද විතරක් 32ක් ම තියනවා.
*ටොන් 253.8 ක වැඩිම බරක් ගෙනියපු ලොකවාර්තාව වගේ ලෝක වාර්තා 200කට වඩා මෙම An-225 ගුවන් යානය සතුව තිබෙනවා. මෙහි Cargo hold එක වාහන 50ක් එකවර ගෙනියාමට තරම් විශාලයි.
*An-225 Mriya තමයි එම වර්ගයෙන් ලෝකයටම තියන එකම ගුවන් යානය. දෙවනි ගුවන් යානයක් රුසියානු අභ්යාවකාශ වැඩසටහන විසින් හදාගෙන ගිහින් බාගෙට නවත්තලා වැඩ අත්හැර දැමුනා. දැනට මෙහි අයිතිය Antonov සමාගම සතුයි.
උපුටා ගැනීම: Sameera Gamage

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!