වීදාගම මෛත්රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්යාවලියේ දක්නට ලැබෙන අග්රගණ්ය බෞද්ධ උපදේශ කාව්යයකි. හයවන පැරකුම්බා රජු දවස කි‍්‍ර. ව. 1412 – 1467 කාල වකවානුවේදී ලෝවැඩ සඟරාව රචනා කර තිබේ.බෞද්ධ සමාජයේදී පොදු ජනයා අතර යහපත් ගුණ ධර්ම වඩවාලීම අරබයා ලෝවැඩ සඟරාව උන් වහන්සෙ රචනා කර තිබේ. “ පාලි ධර්මය නොදන්නා සාමාන්ය ගැමි ජනතාවට පින් සහ පව් වල විපාක මෙසේ යයි අවබෝධ කරලීම මූලික අරමුණු කරගෙන ලොවැඩ සඟරාව රචනා කළෙමි “ යන්න“වෙසෙසින් පෙළදම් නොමදත් දනහටපවසම් කළ කම් පල දැන්හෙළුකොට “ යනුවෙන් හා“නොදැනෙනුවන්හට පව්පින් නියම කොටබඳ ලෝවැඩ සඟරා පිණෙනි හැම විට “දක්වා තිබීමෙන් මනාව පැහැදිලි වේ. බුද්ධ වර්ෂ 2015 දී පමණ රචනා කරණ ලද ලෝවැඬ සඟරාව කියවීමෙන් මෙලොව පරලොව දෙලොවම සෙත සලසා ගත හැකි උපදෙස් අපට ලබා ගත හැක. මිනිසාගේ දෙලෝ අභිවෘද්ධියටම හේතු වන මහා අනර්ග ධර්ම අවවාද රාශියක් කැටිකොට ගොතන ලද කවි 140 ට උචිත ලෙස ලෝවැඩ සඟරාව නමින් මේ කෘතිය නම් කොට තිබේ.
වීදාගම මෛත්රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්යාවලියේ දක්නට ලැබෙන අග්රගණ්ය බෞද්ධ උපදේශ කාව්යයකි. හයවන පැරකුම්බා රජු දවස කි‍්‍ර. ව. 1412 – 1467 කාල වකවානුවේදී ලෝවැඩ සඟරාව රචනා කර තිබේ.බෞද්ධ සමාජයේදී පොදු ජනයා අතර යහපත් ගුණ ධර්ම වඩවාලීම අරබයා ලෝවැඩ සඟරාව උන් වහන්සෙ රචනා කර තිබේ. “ පාලි ධර්මය නොදන්නා සාමාන්ය ගැමි ජනතාවට පින් සහ පව් වල විපාක මෙසේ යයි අවබෝධ කරලීම මූලික අරමුණු කරගෙන පද්ය 140 කින් යුත් ලොවැඩ සඟරාව රචනා කළෙමි “ යන්න“වෙසෙසින් පෙළදම් නොමදත් දනහටපවසම් කළ කම් පල දැන්හෙළුකොට “ යනුවෙන් හා“නොදැනෙනුවන්හට පව්පින් නියම කොටබඳ ලෝවැඩ සඟරා පිණෙනි හැම විට “දක්වා තිබීමෙන් මනාව පැහැදිලි වේ. බුද්ධ වර්ෂ 2015 දී පමණ රචනා කරණ ලද ලෝවැඬ සඟරාව කියවීමෙන් මෙලොව පරලොව දෙලොවම සෙත සලසා ගත හැකි උපදෙස් අපට ලබා ගත හැක. මිනිසාගේ දෙලෝ අභිවෘද්ධියටම හේතු වන මහා අනර්ග ධර්ම අවවාද රාශියක් කැටිකොට ගොතන ලද කවි 140 ට උචිත ලෙස ලෝවැඩ සඟරාව නමින් මේ කෘතිය නම් කොට තිබේ.
සෙත්සිරි දෙනමහ ගුණ මුහුදානන්
සත්හට වන බව දුකට වෙදානන්
තිත් ඝනඳුර දුරුලන දිනිදානන්
සිත් සතොසින් නමදිම් මුණිදානන්
“නිර්වාන සැපත ගෙන දෙන ගුණ සාගරයක්වු, සංසාර දුක නැමැති රෝගය සුව කරන වෛද්යවරයකු බඳු වූ තීර්තක නැමැති මිත්යාදෘශ්ටි අන්ධකාරය නසන සූර්යයා බඳු වූ බුදුන් වහන්සේ සිත් සතුටින් වදිමි.”
ඇම පමණින් පැවසු මුනි දැන තතු
මෙම හැම දෙන බලවයි දැක්විය යුතු
තම තම නැණ පමණින් දැන ගත යුතු
මම නමදිම් සදහම් පහදා සිතු
“ලෝකය පිළිබදව සියළු තතු අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ මෙම සියළුදෙනාගේ දැනුම පිණිස පෙන්වා දීය යුතු වූ. තම තම නුවනින් අවබෝධ කරගත යුතු ශ්රී සද්ධර්මය පැහැදුනු සිතින් නමස්කාර කරමි.”
සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා
සැරියුත් මහ මුගලන් පිළිවෙළිනා
පිළිවෙත් සරු මහ සඟගණ සොබනා
මුදුනත් දී නමදිමි බැති පෙමිනා
“ශ්රීමත් මහා බ්රග්මයාගෙන් පවා වැදුම් ලබන ( බ්රහ්මයාගෙ හිසෙහි තම පාද පිසදමන) මහා සැරියුත් මහා මුගලන් මහරහතුන්ගේ පිළිවෙලින් එන ප්රතිපත්තියෙන් සාර වු මහා සංඝරත්නය ආදර භක්තියෙන් දොහොත් මුදුන් දී වදිමි.”
මනරම් නරදම් සැරිදම් සඟනට
මෙලෙසින් බැතියෙන් අදරින් නමකොට
වෙසෙසින් පෙළදම් නොමදත් දනහට
පවසම් කල කම් පල දැන් හෙළුකොට
“මනෝ රම්ය වු නව අරහාදී ගුණයෙන් පිරි බුදුරජාණන් වහන්සේට එම උතුම් ධර්ම රත්නයටත් සංඝ රත්නයටත් මෙලෙස ආදරයෙන් නමස්කාර කොට විශ්වාසයෙන් පාලි භාෂාව නොදත් ජනයා හට කරන ලද කර්ම විපාක සිංහල කවියෙන් ලියමි.”
දහමට සරිකොට එළුවෙන් පෙර කී
කවියට සිත පහදා සිට නිස කී
සිහිකොට කද පිළිවෙළ දොස් නොයෙකී
නිවනට සපැමිණී සඟ සැට නමකී
“පෙර දවස කවියෙන් කියන ලද ධර්මය සිත පහදාගෙන අසා නිසකවම ස්කන්ධ ධාතු පිළිබද බවුම් වඩා රහත්ව නිවන් ලබාගත් භික්ෂූන් වහන්සේලා සැට නමක් වූහ.”
එබැවින් එළුවෙක් කීවයි අනදර
නොවමින් බැතියෙන් අදරින් නමකර
සතොසින් ඇසුවොත් මෙදහම් මනහර
සැබවින් සිදුවෙයි සගමොක් සිරිසර
“එම නිසා සංහල කවියෙන් කීවේයැයි නොසතුටට පත් නොවී සන්තෝසයෙන් මේ මනහර දහම ඇසුවොත් නියත වශයෙන් ස්වර්ග මෝක්ෂ සැප ලැබෙනවාමය.”
බිම ඉද සිට කී බණ නාසන්නේ
විම තිව උඩ ඉඳ සිට නාසන්නේ
කැමතිව කීවොත් විම සාසන්නේ
එම වද සඟමොක් සැප සාදන්නේ
“බිම ඉදගෙන දෙසන බණ නොඅසනු සිහි මුලාව උඩ ඉඳ බණ නාසන්න. කැමතිව දෙසන බණ විමසිලිමත්ව සිහිණුවනින් අසනු. එය දිව්ය සැප හා නිවන් සැප සාදන්නේය.”
සියල් සසර දුක් දුරුකර නොයෙකි
අසල් කරන මොක් සිරිසැප නිසකි
සියල් සතුනි පිං කරවයි මුනිකී
නොකල් අටකි පින්කම් කළ නොහැකි
“සියළුම නොයෙක් සංසාර දුකින් මිදී නිසකයෙන්ම නිර්වාන සැපත ලඟා කරන්නා වූ කුසල් සියළු සත්වයා කල යුතු බව බුදුන් වහන්සේ වදාල නමුත් පින් කල නොහැකි කාල අටක් වෙයි.”
සිතුවම් බිය කරවන අරතරයේ
වැටුණොත් එක්සිය සතිසක් නිරයේ
බලවත් දුක් විඳිනෙය කරදරයේ
මඳකුත් පිනකට නැත අවසරයේ
“සිතුව පමණින් භය උපදවන්නා වු භයානක එකසිය තිස් හයක් නරකයෙහි වැටුනොත් ඉතා බලවත් දුකට පත්වෙයි. පිනකට කුඩා හෝ ඉඩක් නොලබෙන්නේය.”
තිරිසන් ජාතියැ උපනත් පව් කොට
අවසන් නොව බිය පවතියි පිට පිට
මද සන්සුන් කමකුත් නැත හැම විට
සලසන්නේ කෙලෙස ද සිත පිනකට
“පව් කම් කොට තිරිසන් ආත්මයක උපන්නොත් අවසානයක් නැතිව පිට පිටම භය ඇතිවන හෙයින් කිසිම විටෙක පොඩි සැනසීමක් වත් නොලැබේ. සිත පිනකට කෙසේ යොමු කෙරේද?”
උපනත් ප්රේතව පව්කොට නොපණත්
කලෙකත් නොලැබෙයි සෙම්සොටු පමණක්
උගුරත් නොතෙමෙයි සුඟග වැටුත්
කලෙකත් පින් නොකළැති මැයි සිතුණත්
“නොහොබිනා පව් කම් කොට ප්රේත ආත්මයන්හි උපතලද හොත් කලාතුරකින් හෝ සෙම්, සොටු, පමණවත් අආහාරයක් නොලැබේ. අහස් ගංගාවේ වැටුනත් දිය බිඳෙකින් උගුරවත් නොතෙමෙන්නේය. සිතුනත් කිසිකලෙක පිනක් කල නොහැක.”
පව් මිස පිනකැයි නොකරන හැම කල
මුනිබණ නොපැවති නා පිටසක් වල
නිසි ලෙස උපනත් ලැබ දන මන කල
කිසි කලෙකත් කුසලක් නොකළැකි බල
“පවිකම් මිස පිණක් නොකරන්නා වූ බුද්ධ ධර්මය නොපවත් වන්නා වූ පිට සක්වල හොදට ධනය බලය ඇතිව උපතක් ලැබුවත් කිසි කලෙක කුසල් කල නොහැක.”
දද මිනිසුන් බස් ගෙන කිසි කලෙකය
තද අකුසල් කොට කුසලින් වැළකය
අඳ ගොලු බිහිරිව ලදුවත් මේකය
මඳ පිනකුත් නොපිරෙයි බල නිසකය
“යම් කිසි කලෙක දුදනන් බස් අසා නොයෙක් බරපතල අකුසල් කොට අන්ධව, ගොළුව, බිහිරිව, මේ සරීරය ලැබුව හොත් කුඩා හෝ පිනක් කල නොහැකිය. එය බලනු සැක නැත..”
සිත මිස කය නැති බඹ ලොව සතරකි
සිත නැතිවම කය ඇති බඹ තලයකි
මෙද සත පින් කොට උපදින පෙදෙසකි
එහි උපනත් කුසලක් නොම කල හැකි
“ශරීරයක් නැතිව සිත පමණක් ඇතිව බ්රහ්මලෝක සතරකි. එසේම සිරුර නැතිව සිත පමණක් ඇති බ්රහ්මලෝක සතරක් වේ. මෙලොව සත්වයා භාවනාදී පිංකම් කොට උපදින තැන්ය. එහි උපන්නේ නම්වුවත් පින් කල නොහැක.”
බළකොටුවන් තර මෙසසර නුවරේ
මුලැසටුවන් දලුලන පව් පඳුරේ
විෂ කටුවන් සගමොක් මඟ අතුරේ
මිසදිටුවන් අයටත් පින් නොපිරේ
“මේ සසර නැමැති නගරයෙහි බලකොටුවක් වැනි ස්ථීර සාර ඇටුවන් සහිත දළු දමන පව් පඳුරක් හා සමාන ස්වර්ග මෝක්ෂමාර්ගයෙහි ඇති විෂ සහත කටු වැනි මිත්යා දෘෂ්ඨිකයන්ටත් පින් නොපිරේමය.”
බුදු කෙනෙකුන් මේ ලොව නූපන්වර
අඳු රෙක්මය සදහම් නැති මෙසසර
ඉඳු රා නොදැනෙහි පව් පින් තොරතුර
සිදු නොකළැකි ඉන් සගමොක් සිරිසර
“අබුද්ධෝත්පාද කාලයෙක සද්ධර්මය නැති මේ ලොව අන්දකාරයෙන් වැසී පවතී. මේ සංසාරයේ පව්කම් මේයැයි පින්කම් මේ යැයි නොවැටහේ. ස්වර්ග මෝක්ෂ සැපත ලිබිය නොහැකිය.”
සැබවින් බණ ඇසුවත් මුනිඳුන්කී
ගොළුවන් බිහිරන් සේ නොව සැලකී
ඉදිනෙන් මිස තොප කුසලින් වැලකී
මෙලෙසින් පින් නොකළකි කල් අටකී
“ඇත්තවශයෙන්ම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය නොඅසා ගොළුවන් බිහිරන් මෙන් කුසල් ධර්මයන්ගෙන් වැලකී සිටියොත් මිස, පින් කල නොහැකි කාලයන් අටක් වන්නේය.”
දිගු පුලුලින් සක්වල වන් සිදු කස
සිය වසකින් උඩ එන කැස් බෑ හිස
විය සිදුරෙන් නැගෙතත් දුගතිය බැස
තව උපදින්නට බැරි මෙමිනිස් කුස
“දිගින් පළලින් සක්වල හා සමාන මහා සාගරයේ අවුරුදු සියයකට වරක් උඩට එන කැස්බෑවගේ හිස විය සිදුරෙන් මතු වුවත් නරකාදී දුගතියෙක උපන් සත්වයා දුගතියෙන් මිදී මිනිස් ලොව ඉපදීම ඊටත් වඩා දුෂ්කර වන්නේය.”
කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුර ලන්නේ
සුදනෙනි කිම වීරිය නොකරන්නේ
“බොහොම කලාතුරකින් බුදු කෙනෙකු උපදින්නේය. මිනිස් බව ලබාගන්නේ ඉතාමත් දුෂ්කරතාවෙකිනි. මේ සංසාර දුක දුරුකරන්නේ මේ කරුණු දෙකෙනි සත් පුරුෂයෙනි මෙය ලැබූ අවස්ථාවේ වීරිය නොකරන්නේ මන්ද?”
පස්පව් කොට මෙතැනත් ලැබ සෝකය
ගොස් නිරයේ දුක් විඳිනා අනේකය
රැස්කොට ඉන් පින් මේ මිනිස් ලෝකය
සිස් නොකරව් කලකින් ලත් මේකය
“සතුන් මැරීම ආදී පස් පව් මේ ආත්මයේදී සිදු කොට සෝක වෙමින් සිට නිරයට වැද අනේක වූ දුක් විඳිති. එම නිසා මේ මිනිස් ලෝකයේදී පින් රැස්කොට ලබාගත් උතුම් මින්ස් බව හිස් නොකරන්න.”
කන්නන් මෙය විස අඹපල රිස්සේ
මන් සන්තොස් කර කිම පල සෙස්සේ
දැන් දැන් එයි මරුවා පසු පස්සේ
ඉන් පින් මය කටයුතු නම් දස්සේ
“ඉතාමත් කැමැත්තෙන් විශ සහිත අඹ පල බුදින්නන් සේ සිත් සන්තෝස කිරීමෙන් ඇතිවන සුළු හෝ පලය කුමක්ද, මාරයා දැන් දැන් තමන් පසුපස එන බව දැන දක්ෂව පින්කම්කළ යුතුමය.”
ඉස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස
කුසලට මදකුත් පමා නොවනු මිස
මෙසසර අත්හැර නොයන මෙදුක් රැස
වෙසෙසින් නැත අත්හරිනා උපදෙස
“හිස ගිනිගත් තැනැත්තෙක් එම ගින්න නිවා දැමීමට ඉක්මන් කරන්නා සේ පින් රැස් කිරීමෙහි පොඩි ප්රගමාදයක් හෝ නොකලොත් මිස මේ සංසාරය අත් නොහරින්නා වු දුක් සමූහය අත්හරින්නා වූ වෙනත් උපදේශයක් නැත. “
තනකින් ගෙන දැමුවොත් කැට නුබ කුස
අතරක නොරදන මෙන් මේ බිම මිස
සිත සතොසින් පින් නොකළොත් නිසි ලෙස
නැත වටිනා තැන් සසර අපා මිස
“උත්සාහයෙන් ගල් කැටයක් අහසට විසිකල නමුත් එය අතරෙක නොරැඳී මේ බිම පතිත වන්නා සේ නිසියාකාර සිත සතුටින් පින් රැස් නොකොළොත් සතර අපයේ මිස සිටීමට තැනක් නම් නැත.”
තිරව නොසිත කුණුකය මෙතමායේ
නොතිර බවට විදුලිය උපමායේ
නිතර මෙකය පවකට නොනමායේ
කවර කුසල් වීරිය නොපමායේ
“මේ දෙතිස් කුණුකයෙන් ශරීරය ස්ථීරය නොසිතන්න. අස්ථීර බවට විදුලිය එක උපමාවකි. මේ ශරීරය නිරතුරුම පාපකර්මයකට නොනමා වීරියවන්තව නොපමාව කුසල් කරන්න.”
අදුරෙහි අස්ලොම විදිනට දුරදී
විදුලිය පැහැ වැර දුනහොත් වරදී
විදුලිය වන් මේ කය ලත් තැනදී
සිදු නොකළොත් මතු සගමොක් වරදී
“අන්දකාරයේ තිබෙන අශ්ව ලෝම ගසකට යම් දුණු ශිල්පියෙකු විදුලිය එළියෙන් විදීමට උත්සාහ කරන්නේද විදුලිය වැරදුනොත් ඉලක්කය යම් සේ වරදීද? එසේම විදුලිය හා සමාන මේ මිනිස් කය ලබාගත් අවස්ථාවේ කුසල් රැස් නොකළොත් ස්වරග මෝක්ස සැප වරදී.”
කොතන වුණත් නැත මරු හට බාදා
විදින මෙසැප පින් ඇති තෙක් වේදා
ගෙවන සසර දුක් බුදු බණ නාදා
කුමන නැටුම් කෙළි කවට සි නාදා
“කොතනකදී වුවත් මරණයට බාදාවක් නැත. අප විඳිනා වූ සියලු සැප පින්ඇති තෙක් පමණි. සසර දුක් නැති කරන්නා වූ බුදුබණ නො අදහා සිනාසෙමින් කරන මේ නැටුම් ගැයුම් වැයුම් කුමණ විහිලුවක්ද?”
සැදැහැත් තන්හට බව දුක් නොකැමැති
යහපත් කල් මේ කල් මිස වෙන නැති
දනිතොත් දන්සිල් ගුණ සත නොනැවතී
පැයකුත් අවුරුඳු දහසක් විත රැති
“සංසාර දුකට අකමැති සැදැහැති පින්වත් අයට පින් දහම් කිරීමට මීට වඩා සුදුසු කාලයක් නැත. දාන සීලාදී කුසල් ගුණයෙහි නතර නොවී දැනගත් තැනැත්තාට එක පැයක කාලයක් අවුරුදු දහසක් වන්නේය.”
අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහ සෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැළි වන්නේ
“අද අදම මාරයා පැමිණෙතැයි සිතා පින් කළ යුතුය. හෙට මරු නොඑන්නේ දැයි කෙලෙස සිතන්ද? මහාසේනාවක් ඇති මාරයාට කවරනම් කාලය ඇප වෙන්නද? එබැවින් කුසල් කිරීමට කුමක් හෙයින් කම්මැලි වන්නේද?”
කුමටද කා බී නිති සැර සෙන්නේ
කොතැනද මේ කය අරගෙන යන්නේ
ඇම සඳ නොමැළිව පින් කර ගන්නේ
එම වද සගමොක් සැප සාදන්නේ
“කා බී ඇඳ පැළඳ හැඩ වැඩ වන්නේ කුමටද? මේ ශරීරය රැකගෙන කොහි යන්නද සියලු කල්හි කම්මැලි නැතිව පින්කරගන්න සංසාර සාගරයෙන් එතෙර කරන්නේ එම පින්ම නොවෙද?”
තෙරව සසර සයුරෙන් තෙපි නොලසා
තිරව ලබන මොක්සිරි සැප උදෙසා
තොරව පවින් නිතරම මුනි බණසා
කරව කුසල් වීරිය පසු නොබැසා
“නොඅලසව සංසාර සාගරයෙන් එතෙරව ස්ථීරවම නිර්වාන සුවය ලබනු පිණිස නිතරම පවෙන් තොරව මුණිදුන් කී ධර්මය අසා දහිරියමත්ව පසුනොබැස කුසල් රැස් කරන්න.”
හැමවිට පිනටම සිත පාදන්නේ
නිවනට මග එම වද සාදන්නේ
වැඩකට කී බස් කිම නාදන්නේ
නිරයට වන් කලදෝ තොප දන්නේ
“සැමවිටම පිනටම සිත යොමු කරන්න. නිවනට මාර්ගය සාදන්නේ එයමය. පල ප්ර යෝජන පිණිස කියන වචන නො අදහන්නේ කුමක් හෙයින්ද? නරකාදී දුකට පැමිණී කල්හිද තොප එය දැනගන්නේ.”
මොක්සිරි දෙන මුනිඳුන්ගේ උපතකි
කප් කොළ සිය දහසකිනුත් නොලදැකි
පත් වු එබුදුන්ගේ යුත් මෙකලකි
එක් වරදුණ නැත පරලොව පිහිටකි
“උතුම් වූ නිර්වාන සම්පත ලබා දෙන්නේ බුදුන්ගේ උත්පත්තියයි. කල්පකෝටි සියදහස් ගණනින් නොලද හැක්කෙකි එවන් බුද්ධොත්පාද කාලයෙක උපත ලබා එම අවස්ථාවත් මගහැරුනොත් පරලොවට පිහිටක් නැත්තේය.”
අත්වැඩ පරවැඩ සමව සිතන්නේ
මෙත්සිත සව්සත කෙරෙහි කරන්නේ
ඒත් බැරි නම් තොප සසර ගෙවන්නේ
සෙත් පුර සැප කෙලෙසකද ලබන්නේ
“තමන්ගේ යහපත මෙන්ම අනුන්ගේ යහපතද සමසේ සිතා සියලු සත්වයා කෙරෙහි මෛත්රි්ය වඩන්න. එයත් නොහැකි නම් සංසාරයෙන් මිදීමක් නැත. ශාන්ත සුන්දර නිවන් පුර සැප කෙසේ ලබන්නද.”
මස් ලේ නැති ඇට බලු ලෙව කන්නේ
කුස පිරුමක් පලයක් නොල බන්නේ
ලෙස් ඒ සැපතෙහි සැප නොසිතන්නේ
දොස් නොපෙනෙනු මිස දුක්මය වන්නේ
“මස් ලේ නැති ඇට බල්ලන් විසින් ලෙව කෑ නමුත් කුස සිරීමක් හෝ ප්රියෝජනයක් නොලැබේ. එමෙන් පස්කම් සැපෙහි සැප ඇතැයි නොසිතන්න. එයින් දොස නොපෙනෙනු මිස දුක් ඇති වන්නේම ය. “
මස් කැටියක් ගත් උකුසෙකු අහසේ
මස් නොදැමුව උකුසන්ගෙන් වැනසේ
පස් කම් රස ලොබ කළහොත් එමසේ
පස් විසි මහ බයකින් දුක් සැලසේ
“මස් කැබැල්ලක් ගත් උකුස්සකු එම මස් කැබැල්ල අත නොහැරිය හොත් වෙනත් උකුස්සන් වෙතින් විනාසයට පත්වෙයි. එමෙන් ම පස්කම් සැපතෙහි ඇලුනොත් ලෝභ කලහොත් විසිපස්වැදෑරුම් භයකින් දුක් සැලසෙන්නේය.”
සෙත සලසන මුනිබණ ඇත ස්මිහිරි
ඇත තොපගේ කන් ඇසුමට නොබිහිරි
නැත කරනට පිනකුත් මෙතොපට බැරි
සතර අපා දුක් වද විඳිනට බැරි
“සෙත් සාන්තිය සලසන්නා වූ බුදුන් වහන්සේගේ සුමධුර වූ ධර්මය ඇත. එය ඇසීමට ඔබට නොබිහිරි වූ කන් ඇත. ඔබට කරන්නට බැරි කිසිම පිනක් නැත. නමුත් සතර අපා දුක් විඳින්නට නම් නොහැක. “
කරන කලට පව් මීරිය මීසේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
ඇඳින එපව් දුරලන උප දේසේ
නුදුන මැනවි තුන්දොර අව කාසේ
“අකුසල කර්ම කරන කල්හි ඉතා මිහිරි පැණිමෙන් වුවත් එහි විපාක විඳින කල්හි දුක් ගිනිදැල් මෙන් දැඩි වන්නේය. එම පව් දුරුකරන අපදෙස් දැන හැඳින සිත කය වචනය යන තුන්දොර පාපයට අවකාශ නොදෙනු මැනවි.”
අදමින් ජීවත් වෙනවා විතරට
දැහැමින් මිය යනු සොඳමයි දනහට
මෙලෙසින් වදහල මුනිබණ සිහිකොට
සැබැවින් පින්කොට පැමිණෙව් නිවනට
“අධර්මයෙන් ජීවත් වනවාට වඩා ධාර්මිෂ්ටව මිය යෑම සත්වයාට යහපත් වන්නේය. මේ ආකාරයෙන් දේශනාකරන ලද්දා වූ බුද්ධ ධර්මය මෙනෙහි කොට ඇත්ත වශයෙන්ම පින්රැස්කර නිර්වානයට පැමිණෙන්න.”
එකම සතකු තම මව් මළ දුකටා
වෙනම ඇඩූ කඳුලේ බිඳු වලටා
මෙහැම මුහුදු දිය අඩුවන කලටා
තවම සසර ආලය ඇයි තොපටා
“එකම සත්වයකු තම මෑනියන් මළ ශෝකයට වෙනම හැඬුවා වු කඳුලු බින්දු වලට මේ සියළුම මුහුදු ජලය අඩුවන්නේය. එසේ වූ කල තවමත් සංසාරයෙහි ආසාවක් බිඳීමක් ඔබ ඇතිකර ගන්නේ කුමක් නිසාද.”
ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ
සැපයක් යයි කකුළුව දිය කෙළියේ
එපවත් තොප සිතතොත් නොහැ කිළියේ
සැපයක් නම් නැත මේ රස කෙළියේ
“ලිපෙහි ගිනි මොලවන තුරු වතුර හැලිය තුල සැපයක්ය සිතා ජල ක්රීආඩා කරන කකුළුවා මෙන් කිසිම පැකිලීමකින් තොරව ඒ පුවත තරම්වත් නොසිතන්නේද. එමෙන්ම කම්සැප විඳී මෙහි කිසිම රසයක් නැත. “
උඩු සුළගට අල්වා ගෙන යන්නේ
තණසුළ නොදැමී නම් අත දන්නේ
වර පල යයි කම් රස තොප ලන්නේ
එද කල කම් නිරයේ සැප වන්නේ
“දැල්වෙන තණසුල උඩු සුලඟට අල්ලාගෙන යන තැනැත්තා තණසුල අත නොහැරිය හොත් අත පිලිස්සෙන්නේය. පස්කම් සැප උතුම් ඵලයක් යැයි කියමින් කරන ලද පාප ක්රිමයා කර්ම ඇති අය නිරයේ පැසවන්නේය.”
පිරුළෙන් අරගත් අබරණ මගුලට
දමමින් ගැතිවන අයමෙන් අනුනට
පෙර පින් ඇති තෙක් විදිනා සැපතට
තෙපි දැන් උඩගුව නොවදිවි නිරයට
“මංගල උත්සවය සඳහා තාවකාලිකව අනුන්ගෙන් රන් අභරණ ගෙන පැළඳ ඔවුනට ගැතිවන්නවුන්සේ පෙර කරන ලද පින් ඇති තෙක් විඳිනා සැපතට උඩඟු වී පින්කම් නොකොට නිරයට පත් නොවෙත්වා.”
වදයට බැඳගෙන ගෙනයන සොරුටා
වද මල් දම්ලූ බෙර පිරි වරටා
ලද ඉසුරෙහි ලොබ කල හොත් තොපටා
එද සැපතෙහි කළකම් මරු රවටා
“මරණු පිණිස ගෙනයන සොරකුට වද මල්මාලා දමා බෙර පිරිවර සහිත සැලකුම් කරන්නා සේ ලුබුණු සැප සම්පත් වලට ලෝභ වුව හොත් එයද මාරයා රවටා කරන ලද කර්මයක් වන්නේය.”
දුමුවොත් ගිරි මුදුනෙන් හෙන සොරුටා
පවනින් කම් නැති මෙන් ඇග ගිමටා
ජරයෙන් මැඩෙමින් යන මරු මුවටා
සැපතින් පලකිම පව් කළ තොපටා
“මරණය සඳහා පර්වත මුදුනින් පහලට හෙලන ලද සොරකුට සරීරයේ ග්රී ස්මය නිවා ගැනීමට ගත දැවටෙන සිසිල් සුලඟින් පලක් නැතිසේ ජරාවෙන් තැලෙමින් මාරයාගේ මුඛයට යන පව්කම් කිරීමෙන් සැප ලබන තැනැත්තාට කවර ප්රරයෝජනයක්ද?”
අලවන මේ කම් රස දොස විමසා
පලයව් තපසට පුලුවන් වයසා
පල රස විඳ ගස උඩ උන් මිනිසා
මුල සිඳිනා තෙක් ඉදිදෝ නොබැසා
“සිත අලවන්නා වූ කම් සැපතෙහි රසයක් නැත. එහි ඇති දොස් විමසා දැක පුලුවන් වයසේ දී තපසට යා යුතුය. ගස උඩ ඵල රස විඳිමින් සිටින මිනිසා එම ගස මුලින් කපන තෙක් ගසින් නොබැස සිටීද?”
බණ නම් නිබොරුය මුනිවරයන්නේ
කය නම් නොතිරය අදහා ගන්නේ
පණ නම් තණ අග පිනිබිදු වැන්නේ
පින නම් නොපමාවම කර ගන්නේ
“මුණිවරයන්ගේ බණ බොරු නොවන්නේය. මේ ශරීරයේ අස්ථීර බව අදහාගන්න. ප්රා්ණය නම් තනකොල අග රැඳුන පිනි බින්දුව මෙනි. නොපමාව පිනනම් කරගත යුතුය.”
අසන් මෙමා කී දේ වැඩ ඇති වන
පසන් සිතින් උන්නත් පව් කර මින
උපන් නොතින් මතුයක් බූ පිසසුන
පයින් ඇවිද පිනකුත් බැරි එපවින
“සත්වයාට වැඩදායක වූ මා මේ කියන දේ අසනු සතුටු සිතින් පව්කම් කරමින් සිටි නමුත් යක්ෂ, භූත, පිසාච ආත්මයක උපන්නොත් පයින් ඇවිද යම් පිනක් කිරීමට ඒ පාපය නිසාම නොහැකි වන්නේය.”
ලොබේ සිතින් පව් කම් කළ සතටා
ඉබේ ඉන්ට නොමදී සිතු රඟටා
හබේ කියති ගෙන ගොස් යම රජුටා
ලැබේ නිරාදුක් පැමිණේ එවිටා
“ලොභ සිත් ඇතිව පව්කම් කල සියලු සත්වයන් යම රජුවෙත ගෙනගොස් සභාවේදීම ඒ බව කියති තම සිත් වු පරිදි ඉබේ ඉන්නට නොලැබ එවිට නරකාදී දුක් වලට පැමිණේමය.”
තොසින් නොයෙක් සැප විද සමහරු නිති
ඇසින් ම දැක පව් පින් කළවුන් ගති
බසින් කීවත් අදහා පින් නොක රති
ගොසින් නිරේ වැටුණොත් දුක් නිම් නැති
“නිතර සන්තෝසයෙන් නොයෙක් සැප විඳින සමහරු පව් පින් කල අයගේ ගති නියම ඇසින් ම දැක දැකත් වචනයෙන් කීවත් නොඅදහා පින් නොකරති. ගොසින් නිරයේ වැටුනහොත් සීමාවක් නැතිව දුක් විදීමට සිඳුවේ.”
පින් පව් නොදැනම අනුවණ කම් කොට
කන් නන් මස් රස හොදමයි කර තුට
ඉන් ගැලවෙනු බැරි නොගොසින් නිර යට
දැන් එම ආලය අරිනේ අද සිට
“පින් පව් නොහඳුනන අනුවන ක්රියා කොට මස් රස යැයි හොඳයැයි සතුටින් කන්නා වූ අයට ඒ පාපයෙන් නිරයට නොගොස් ගැලවෙන්නට බැරිය. දැන්ම එම ආසාව අද සිට අත්හරින්න. “
කාලා රස මුසු භොජන කර පෙම්
ගාලා සුවදැති සඳුනුත් මනරම්
ලාලා අබරණ රිසි ලෙස සැර සුම්
පාලා ගිය වැනි බහු රූ කෝ ලම්
“ආසා ඇතිව රසමුසු භොජන අනුබවකොට මනරම් වු සඳුන් ආදී සුවඳ විලවුන් ගල්වා නොයෙක් ඇඳුමෙන් ආභරණයන්ගෙන් සැරසී බහුරූ කෝලම් පෙන්වා ගියාක් මෙනි.”
මෙබස් තම නුවණින්ම විමසා නොතිරවූ කය ගති අසන්නේ
දෙතිස් කුණුයෙන් යුතුව මඳකුත් සාරනු බව නැණින් දන්නේ
මිනිස් බව ලත්තැනේ කුසලක් නොකර උන්නොත් අපල වන්නේ
සතිස් එක්සිය නිරේ වැටුණොත් එදයි අනුවන කම් දැනෙන්නේ
“මා විසින් කියන ලද මේ වදන් නුවනින් විමසා අස්තීර වූ මේ ශරීරයේ ස්වභාවය දැනගන්න. දෙතිස් කුණුපයෙන් යුතු වූ මඳකුත් සාරයක් නැති බව නුවණින් දැනගන්න. මේ මිනිස් බව ලබා ගත් අවස්ථාවේ කුසල් කර නොගත්තොත් අපල වන්නේය. එකසිය තිස්හයක් වූ නිරයන්ට වැටුනහොත් එදාට අඥානකම දැනේ.”
පෙරත් ජාතිය පතාගත් දැන් හේතු බලයෙන් මෙතැන්නේ
ලඟත් වෙන් නොව සමග දවසර උන් නමුත් සෙනෙහසින්නේ
පණත් යන කල තනිව ගෙයි උන් අයත් වෙන් වෙත් බදින්නේ
පිනුත් කල නිති කැටුව යෙයි ගිය තැනේදී සැපවිදින්නේ
“පෙර ආත්මයන් පතන ලද පැතුම් බලයෙන් මේ ආත්මයේදී වෙන් නොවී සෙනෙහසින් ලඟින් සිටියත් පන යන වෙලාවේ සෙනෙහෙ බැඳගෙන නිවසේ සිටි අයත් වෙන්වේ. පින් දහම් කරගත හොත් තමා සමඟම ඇවිත් ගිය තැනකදී එම පිණෙන් සැප ලැබේමය.”
සාරනු කුණුකයක් ඇරගෙන කරන බහු නාටක තදේ
නෑර තම හිමි සමග දවසර උන්නමුත් සැප විද විදේ
ගෝර මරුවා පැමිණි කල් දැන යන්ට කැදවා එන සදේ
බාරවන සුටුවන්ට බැරි වෙද පිනක් කරගත්තොත් සොදේ
“කිසි හරයක් නැති කුණු ශරීරයක් රැගෙන බහු බූත නාටක කරන්නා වූත් තම හිමි සමග අත නොහර සැප විඳ විඳ දවස ගෙව්වත් භයානක නපුරු මාරයා නියම කාලය දැන කැඳවාගෙන යාමට ආකල්හි ඇප කරුවෙකු ලෙස ඉදිරිපත්ව නවතා ගත නොහැක. පිනක් කරගතහොත් යහපත් වන්නේය.”
සරණ මුනිදුගේ අදහ පිනකුත් නොකර ඉන්නේ කුමටදෝ
මරණ පැමිණෙන කලට යමයා අවුත් කැදවා යන්ටදෝ
කරන සොදකම් දන් පිනක් කළ කියනු නුවනින් සොදවදෝ
කුමන අනුවන කම් ද නෑයිනි අඩනු සිටුවා ගන්ටදෝ
“සම්බුදු සරණ අදහාගෙන පින් නොකර ඉන්නේ කුමක් නිසාද. මරණය ආ කල්හි යමයා විසින් කැඳවාගෙන යනු පිනිසද. නුවනින් විමසා සුචරිතව දන් පින් කර ගැනීම යහපත්ය. නෑයිනි කවර නම් අනුවන කමක්ද හඬා වැලපෙන්නේ මරණයෙන් වලකා ගැනීමට හැකි වේද.”
අඩලා කම්පාව උන්නන් ඉතින් දැක්මක් නොවන්නේ
තනාලා සිත පිනක් නොකරම කුමට උපයා තබන්නේ
දමාලා යන නරක කුණු කය කුමටදෝ සැප විදින්නේ
දිනාලා සුරපුරට යන්නට ම කී බණ අසන්නේ
“හඬා වැලපී කම්පා උනත් මිය ගිය අය නැවත දැකීමක් නොලැබේ. හිත හදාගෙන පින් දහම් නොකොට වස්තුව රැස්කරන්නේ කුමටද අත්හැර දමායන කුණු ශරීරය කුමක් සඳහා සැප විඳිනවාද. සසරින් දිනා මොක් පුරයට යන්නට නම් මා විසින් කියන ලද බණ අසන්න.”
සිටින ඇවිණ ගෙන මෙසසර බිළියේ
විදින මෙසැප ජරයෙන් තැළී තැළියේ
දකින නැටුම් වැනි විදුලිය එළියේ
මෙදැන නොකර කුසලට කම් මැළියේ
“මේ සංසාර නැමැති බීලී කටුවෙහි ඇමිනී සිටිමින් ජරාවෙන් තැලී තැලී විඳින මේ ලවුකික සැප විදුලි එලියෙන් දකින නැටුම් වැනිය. මේ බව දැනගෙන කුසල් කිරීමට මැලි නොවන්න.”
දැන් පිනි බැරි දේකැයි සෙදදර බිළිවේ
අන් කළ පින් අනුමෝදන් වන්නේ
උන් කළ පින් සරි පින් ලැබ ගන්නේ
ඉන් වද සගමොක් සැප සාදන්නේ
“දනි පින් කිරීම බැරි දෙයක් යැයි නොසිතන්න. අනුන් විසින් කරන ලද පින් සතුටින් අනුමෝදන් වන්න. එයින් පින්කම් කල අයට ලැබෙන පිනට සමාන පිනක් ලැබෙන්නේය. එම පින් බලයෙන් ස්වර්ග මෝක්ෂ සැප සිදු කරන්නේ නොවේද. “
සයට වේද රස මුසු බත් කන්නේ
ගඳට වේද ඇග සුවද කරන්නේ
ලෙඩට බේත් මේ මෙලොව සතුන්නේ
කුමට මීට සැපයෙකැයි කියන්නේ
“කුසගින්න නිවීමට රස මුසු ආහාර ගන්නේය. සිරුරෙහි දුගඳ නැති කර ගැනීම පිණිස සුවඳ විලවුන් ගල්වන්නේය. මෙලොව සත්වයාගේ ලෙඩ රෝග සුව කරගන්න බේත් කරගන්නේය. එබැවින් මෙයට සැපයෙකැයි කියන්නේ කුමටද?”
මානෙන් ඉඳිතත් මේ සැප පෙරු මය
සීනෙන් ගෑ සුවඳක් සේ බොරු මය
දානෙන් සීලෙන් නොකළොත් දරු මය
පානෙන් අඳුරට ගෙනයයි කරු මය
“මේ සැපත උතුම් සිතා උඩගුව සිටිනමුත් සිහිනයෙන් දැනුන සුවඳක්සේ බොරුම වන්නේය. දාන සීල ආදී පින්කම් කරමින් දැහැමි නොවුනොත් සත්වයා එලියෙන් අන්ධකාරයට කර්මය විසින් ගෙන යන්නේය. “
දරරැස ගිනි ඇවිලුණු කල නිබදේ
ගිනි මිස දර යැයි යන බස නොයෙදේ
එම ලෙස එක්කොට වදහළ මුනිදේ
දුක මිස කය යැයි යන බස නොයෙදේ
“දර ගොඩක් ගිනි ඇවිලුණ එය ගින්න මිස දර නොවන්නේය. එලෙස උපමාකොට බුදුන් වහන්සේ වදාරණ ලද ධර්මයට අනුව මේ දුක් ගොඩකින් වෙලුන සිරුර දුක මිස සිරුරෙකැයි නොකියන්නේය.”
ඉඳතොත් බෝ කල් ජරයෙන් විසිරී
නැතහොත් වැද යයි මරුමුව කුහරේ
මෙමහත් ජරමර දෙදෙනා අතරේ
මෙසැපත් සැපයයි ගනිදෝ කවරේ
“බොහෝ කාලයක් ජීවත් වුනොත් ජරාවට පත් වන්නේය. නැතහොත් මරණයට පත් වන්නේය. මේ මහත් වු ජරාවත් මරණයත් අතර විදින්නා වූ මේ තාවකාලික සැපත කවර කෙනෙක් සැපතකැයි සිතන්නේද?”
අසල් ගෙයක සොරකම් ගිය දවසෙක
කුහුල් සිතින් ඉන්නේ තම ගේ රැක
සියල් සතුන් මරු ගෙන යනු දැක දැක
කුසල් නොකර ඉන්නේ ඇයි නොව සැක
“අසල් වැසි නිවසක හොරු විසින් වස්තුව සොරකම් කරන ලද දිනයක සැක සහිත සිතින් තම නිවස රැක සිටින නමුත් සියළු සත්වයින් මරුවා විසින් ගෙනයනු දැක දැකත් සැකයක් නැතිව කුසල් නොකර ඉන්නේ කුමක් නිසාද?”
ගග යන ඇත්කුණ ඉඳ මස් රසටා
සිදු මැද වැද වැනසුණු මෙන් කපුටා
ලද ඉසුරෙහි ලොබ කලහොත් තොපටා
බව සයුරෙන් ගමනෙක් නැත ගොඩටා
“මස් රසට ගිජුවුන කපුටෙකු ගඩඟෙ පාවී යන ඇත්කුණමත හිඳ මස්රස විඳිමින්ම මහ සමුදුරට වැටී වැනසුනා මෙන් තමා විසින් ලබා ගත් සැප සම්පත් වලට ලෝභයෙන් වෙලී සිටියෙත් සංසාර සාගරයෙන් ගොඩට යා නොහැකිය.”
පර සතුරන් එති එති යන බසටා
ඇර අඹු දරුවන් යන තොප වලටා
ගොර ජර මරු එනු දැක දැක වෙතටා
පර මාදව ඉන්නේ ඇයි පිනටා
“සතුරන් එන්නේය යන වචනයෙන් බිය වී අඹු දරුවන් පවා හැරදමා කැලයට පැන දුවන්නේ නමුත් නපුරු වූ ජරා මරණ දෙක තමා වෙතට එනු දැක දැකත් පින්කම් කිරීමට ප්රදමාද වන්නේ ඇයි.”
ගග වතුරෙහි වන මිනිසකු දුකිනේ
ළග කළ ඔරුවට නොනැගෙන ලෙසිනේ
සග මොක් දෙන බණ අදහා නොගනේ
දුගතිය වැද තොප කිම දුක් විදිනේ
“ගංගා ජලයට වැටී ගසාගෙන යන මිනිසකු තමා වෙතට ලංකල ඔරුව ගොඩ නොවන්නා සේ ස්වර්ග මොක්ෂ සැප ලබා දෙන්නා වූ බුදු බණ අදහා නොගෙන, සතර අපා ආදී දුගතියට වැටී දුක්විඳින්නේ කුමක් නිසාද?”
ශිල්ප නැටුම් සේවාකම් පාතද
අල්ප දෙයක් උදෙසා විදිනේ වද
ශිල්ප හදා රැක්කෝතින් තතු ලෙද
කල්ප දහස් සුර සිරි විදිනේ වෙද
“කඩු ශිල්ප දුනු ශිල්ප ආදියද නැටුම් ගැයුම් ආදිය දක්වමින් රාජ්යස රාජය සේවය කොට සුළු දෙයක් සඳහා වද විඳිනවා වෙනුවට තතු පහදාගෙන සීලය රැක්කෝතින් කල්ප ගනන් සුර සැප විඳින්නේ නොවේද?”
උන්නත් නැගී සිටිනට බැරි තීරුව
සිටියත් ඉදිනට බල නැති මාරුව
ජරපත් වු කල නොතිබෙයි මේරුව
කරතොත් කරගත් දන් පින් සීරුව
“ඉඳගෙන සිටි නමුත් කෙළින් සිගන සිටිමුත් ශක්තියක් වාරුවක් නැතිව ජරාවට පත් වු කල මේ රූප සෝභාව නොතිබෙන්නේය. කරතොත් සීරුවෙන් දන් පින් ම කරගනු මැනවි.”
මුන් හැම අඹු දරුවන් උපදින්නේ
පින් බලයෙන් බෝකල් පවතින්නේ
උන් කළ පින්මය උන් රඳවන්නේ
ඉන් සිත ලොබමය තොප පවතින්නේ
“තමා හට හොද බිරිදක් ලැබෙන්නෙත් දරුවන් ලැබෙන්නේත් ඒවා කල් පවතින්නේත් ඔවුන් කල පින් බලයෙන්ය. ඒ අය කරන ලද පින් ඒ අයම රදවා ගනි. තමන්ගේ සිත තුල ඒ ගැන ලොභ සිතක්ම ඇති වන්නේය.”
ශිල ගුණේ පිහිටාගෙන නොයිඳේ
ආලය කර රකිනා තොප නිබඳේ
බාල පියඹු දරුවෝ නම් මෙසඳේ
බාල කලට කෙළිනා උතු වළඳේ
“සිල්වත්ව ගුණවත්ව නොසිට ආදරෙන් අද දිනයේ රකිනා අඹු දරුවන් කුඩා කාලයේදී කෙළිසෙල්ලම් කිරීමට ගන්නා පොල්කටු හා සමානය. “
දුක් ගෙන රැස් කළ දන හැර කැමතී
නික් මෙන නිරයට නරයන් සිරිතී
දුක් දෙන අඹු දරුවන් නිති රකිතී
මොක් දෙන පිරිසිදු සිල් නොම රකිතී
“නොයෙක් දුක් ගැහැට විඳ තමා කැමති පරිදි තන්හාවෙන් ධනය රැස්කර නරකාදියට යන බව මිනිසුන්ගේ සිරිතයි. තම අඹු දරුවන් නොයෙක් දුක් ගෙන ආරක්ෂා කරති. නිවන් සුව ලබා දෙන්නා වූ උතුම් සීලය නොරකින්නේය.”
නෙලදත් අහරක් සා දුක් දුරු කොට
නැතුවත් කඩ රෙද්දක් එක පටකට
බලවත් නිරයේ තද දුක් සිහි කොට
මදකුත් පසු නොබසිව් තොපි පිනකට
“කුසගිනි නිවා ගැනීමට ආහාරයක් නැතත් විලි වසා ගැනීමට රෙදිකඩක් පවා නැතත් ඊට හාත්පසින්ම වැඩි බලවත් වූ නරකයෙහි දැඩි දුක් ගැන සිහිකොට පින් කම් කිරීමට මඳකුත් පසුබට නොවන්න.”
නසතොත් සිත ලොබ අනුවන දොසමය
වසතොත් සැදැහැත්තන් ඇති දෙසමය
දෙසතොත් සගමොක් දෙන උප දෙසමය
අසතොත් මුනිදුන් වදහල බසමය
“නසන්නේ නම් ලොභ ද්වේශ මෝහ යන අකුසල් සිත්මය. වාසය කරන්නේ නම් සද්ධා වන්තයින් වසන ප්රනදේශයකමය. දේශනා කරන්නේ නම් ස්වර්ග මෝක්ෂ සැප ලබා දෙන්නා වූ උපදේශයන්මය අසන්නේ වී නම් බුදුන් වහන්සේ විසින් දෙසන ලද සද්ධර්මය මය.”
වැනුවා නම් බුදු ගුණ වැනුවාමය
තැනුවා නම් තම සිත තැනුවාමය
දෙනුවා නම් දන් පින් දෙනුවාමය
දිනුවා නම් පරලොව දිනුවාමය
“වර්ණනා කරන්නේ නම් බුදු ගුණම විය යුතුයි. සකස් කර ගන්නේ නම් තම සිත මනාව සකසා ගැනීමය. දෙනවා නම් පින් පිනිස දන් පැන් දෙනවාමය. දිනා ගන්නේ නම් පරලොව ජය ගැනීමයි.”
අසතොත් නිවරද මුනිදු තෙපුල්මය
හරිතොත් නොතබා දස අකුසල්මය
රකිතොත් සිත පිරිසිදු කොට සිල්මය
දනිතොත් මෙසියල්ලට මේ කල්මය
“සත්යො වශයෙන් අසන්නේ නම් බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයයි. අත් හරින්නේ නම් මුළුමනින්ම දස අකුසල් ම වන්නේය. රකින්නේ නම් සිත පිරිසිදුව රකින සීලයමයි. දැනගන්නේ නම් මේ සියල්ලටම සුදුසු කාලය මේ වන්නේය.”
මෙස සර රුක දුක් විස පල ගත් අතු
ලෙස ඇති වෙයි පව් සිය පලයෙන් යුතු
තොස වඩමින් ඉන් බැහැර නොයා සිතු
දස අකුසල් පල අසව මෙයින් මතු
“මේ සංසාර නැමැති වෘක්ෂයෙහි දුක්නමැති විෂපල සහිත අතු ඉති ඇති බැවින් සිත සතුටින් මේවා බැහැර කොට මෙතැන්පටන් දස අකුසල් වලින් ලැබෙන දුක් විපාක අසව්.”
බුදු බණ අසමින් සිත සතපායේ
කුරුපණ කම් ඇරපිය ඒපායේ
පර පණ නැසුවොත් කවර උපායේ
අපමණ දුක් දෙයි සතර අපායේ
“බුදු බණ අසා සිත සතුටු කරගෙන දුසිරිත් වලින් මිදෙන්න. කවර නම් උපායකින් වුවද අනුන්ගේ ප්රුනයට හානි කලහොත්, එයින් සතර අපායේ අප්රකමාණ වු දුක් ගෙන දෙන්නේය.”
මැඩියන් නයිමුව ගොදුරුව ඉදයා
පණුවන් කන මෙන් රස විද විදයා
සැලෙමින් ජර ගොර මරුමුව වැදයා
බලමුන් පර පන වනසන ලෙදයා
“නයින්ගේ මුඛයෙහි ඌට ගොදුරු පිනිස රැදුනු මැඩියා රස විඳ විඳ පනුවන් අනුභව කරන්නා සේ ජරාව මරණය නම් භයානක මාරයාගේ කටේ සිට මිනිසුන් සත්වයන් මරණ සැටි වනසන සැටි බලව.”
බලයෙන් වත් කිසියම් සොර සිතකින්
සියතින් වත් දැනුවූ උප දෙසකින්
පරසන් තක දෙය ගත සොරකමකින්
නිරයෙන් නිරයට පැමිණෙයි එතෙකින්
“බලහත්කාර කමින් හෝ යම් සොර සිතකින් තමන්ගේ අතින් හෝ තමා දෙන ලද උපදේශයකින් හෝ අනුන් සන්තක වස්තුව හොරෙන්ගතහොත් එමසොරකමේ විපාකයෙන් නිරයෙන් නිරයටම පත්වන්නේය.”
ලොබිනා මිහිරිව සොරකම් කළ සත
විදිනා දුක් මේ ලොව මෙතෙකැයි නැත
මෙදිනා ඒ දැක දැක ඉන් නොනැ වත
ඉඳිනා කල කීකලෙක වේදෝ සෙත
“ලොභයෙන් මිහිරි ලෙස සිතා සොරකම් කල අය මෙලොවදී විඳිනා දුක් දැක දැකත් මේ කාලයේ සොරකම අත නොහැර සිටිය හොත් කවර නම් කාලයක යහපතක් වන්නේද?”
අසු කොට ගත නොතබති ආදාරය
වදකොට මරුවත් නැත එවිචාරය
ලඝුකොට නොසිතව් පව් පරදාරය
නිරයට ඇදගෙන යනඑම පාරය
“අල්ලා ගත හොත් නිදහසක් නොලබන්නා වුද නොයෙක් වද දී මරණයට පත් කලත් විමසීමක් නැති අන් අඹුවන් මෙන්ම අනුන් සතු සැමියන් සේවනය කිරීමෙන් සිදුවන පාපය සුළු කොට නොසිතන්න. එය නිරයට ඇද ගෙන යන පාරක්ම වන්නේය.”
අසුවාම කියන බස් අර තරයේ
මුසවා බස් කීවොත් එක මුරයේ
වසවා දෙව් ලොව යන මං තරයේ
පැසුවා මිස නාරී ගොර නිරයේ
“මා විසින් මේ කියූ වදන් දැඩි සේ අසන්න. සිතට ගන්න. එකම වතාවක බොරු කී කෙනෙක් දෙව්ලොවට මෝක්ෂයට යන පාර වසාගන්නේය. නිරයට වැද නොයෙක් දුක් විඳීම නොහැරෙන්නේය.”
පලදෙන පව් පින් දෙක නොබලා මේ
පවසන බස් උරසක් මාලාමේ
බිදුවන බස් වැඩ නැති කේලාමේ
මතුවන දුක් නොදනෙන වේලාමේ
“පින් පව් පලදෙනසැටි නොබලාම තමාහටම දුක් ගෙනදෙන අරචක්රයමාලාවක් බඳු වු එකිනෙකා භේද බින්න කරන වැඩකට නැතිවන කේලාම් කීමෙන් මතුවට ලැබෙන විපාක නොපෙනෙන මේ කාලයයි.”
ඇවිස නොබැන බස් කනට යවුල් ලෙස
සිතස තොසින් කිය කියතොත් පිය බස
පරුස තෙපල් බිණුවා නම් මහ දෝස
එවිස නොයයි පරලොව දුක් දී සිම
“සවනට උල් වැනි රළු පරුෂ බස් නොකියන්න. සිත සතුටින් ප්රිේය මිහිරි වචනම කියන්න. නුසුදුසු පරුෂ වචන කීම මහත් වූ වරදෙකි. පරලොවදී දුක් විපාක විඳමිස එම පාපයෙහි විෂ නැති නොවේ.”
පෙරසිට වියතුන් නොකියා වැළකී
දෙලොවට වැඩ නැති බස් අකුසලකී
කෙළියට වත් ඒ වැඩ නැති බසකී
නිරයට වැද යන රජ මාවතකී
“ඉස්සර සිටම උගත් අය විසින් නොකියන ලද දෙලොවම වැඩක් නැති හිස් බස් දෙඩීම අකුසලයකි. විහිළුවටවත් ඒ පලක් නැති වචනමය. අපාය වෙත යාමට එය රජ මාවතෙකි.”
අන්සතු සැපතක් දැක දළ ලොබිනේ
උන්ට නොවී මට වේවයි සිතිනේ
උන් කල ඒ සිත හටගත් පවිනේ
උන් මතු නිරයේ දුක්මයි විදිනේ
“අනුන් සතු සැප සම්පත් දැක එය ඔවුන්ට නොව තමාට හිමිවේවායි දැඩි ලොබයෙන් සිතන්නේ නම් එයින් හටගත් පාපකර්මය නිසා ඒ අය නිරයේ දුක් විඳින්නේමය.”
රිසිනු දනහට කර කෝ දේයා
නසී වයි යන සිත වෑපා දේයා
බසිනා නිරයට ඒ පා දේයා
කිසි කලෙකත් ඒ ඒ පා දේයා
“තමන්ට රිසි නොවු අය මැරෙත්වා, වැනසෙත්වා යයි සිතන සිතීම ව්යාිපාද නම් වේ. එම අකුසල කර්මය, නිරයට බසින පාදය වන්නේය. කිසිම කලෙක මෙය නොකල යුත්තකි.”
නිවනට මග මුනි කියම්
දහමට වෙන් වු දෙසැටක් සමයම්
සිරිකොට ගත් සිත වෙයි මිස දිටුයම්
සසර බිජුවට මයි ඒ සමයමි
“බුදුන් වහන්සේ විසින් නිවන් මග මේ යැයි දක්වා වදාල ධර්මයට විරුද්ධ වු හැට දෙකක් පමණ වු මිත්යාන දෘෂ්ටීන් නිවැරදි යැයි සිතන සිත මිසදිටු නම් වේ. ඒ සියල්ලම සංසාරයෙහි රැදීමට වපුරනු ලබන බීජ වන්නේය.”
නොයෙකී රස බිම නිඹ බිජුවට ලත
එමකී සිටිනෙය තිත්තම පල ගත
මෙමකී මිසදිටු අදහස් ඇති සත
කළකී දෙය අකුසල් මිස පින් නැත
“නොයෙක් රස මිශ්ර පසෙහි කොහෙඹ ඇටයක් සිටුවුයේ නම් එය පොලොවේ රස නොමැතිව තිත්ත රසය ඇතිවන්නේමය. එමෙන් මිත්යාසදෘෂ්ටි ඇති තැනැත්තා කරන කියන සිතන හැම දෙයක්ම පාප ක්රි්යා වන්නේය. පිනක් නම් නැත.”
හට සිල් මිසදිටු ගත් අය නියතී
අට ගත් දුක් ගිනි කද මැද පැසෙතී
අට මහ නර කය පැසුනත් නොනැවතී
පිට සක්වල එක් පෙදෙසක පැසෙතී
“කැමැත්තෙන් මිත්යාෙදෘෂ්ටිය වැලඳගත් අය කල්ප සිය ගනනක් හට ගන්නා වූ ගිනි ජාලා මැද පැසෙති. අට මහ නිරයෙහි වැද පැසුනත් ඉන් නොනැවතී පිට සක්වල එපිද පැසෙති දුක් විඳිති.”
මේ දස අකුසලින්නෙකුත් කලහොත්
උපදෙසකින් බසකින් කර වූවොත්
එවිගස ඒ අදහස කින් සිතුවොත්
නොනැවත මොහු හැමදෙන නිරයටයෙත්
“මෙම දස අකුසලෙන් එකක්වත් කලොත් වචනයකින් හෝ උපදේශයකින් කරවුයේ ද එම අකුසල් කරනු දැක සිතින් සතුටු වුයේද මේ හැම දෙනෙක්ම අප්ර මාදව නිරයට යන්නේය.”
කරදර දස අකුසලයෙන් නොමිදී
වැරසර පෑවොත් මෙමිනිස් ලොවෙදී
මෙරගිර මුදුනින් හුනුමෙන් නොරඳී
පරතෙර නැති දුක් සයුරේ කිමිදී
“දුක්කරදර දෙන්නා වූ දස අකුසලයෙන් නොමිදී මේ මිනිස් ලොවේදී නපුරු කම් කලහොත් ඒ තැනැත්තා මහමෙර මුදුනෙන් වැටුනා සේ අතරක නොරැදී කෙළවරක් නැති මහා දුක් සාගරයෙහි ගිලෙන්නේය.”
බුදුවත් මෙතෙකැයි නොකියැකි පිරිසිඳ
බලවත් මහ දුක් විදුවන හැමසඳ
සිතුවත් බිය වන අටමහ නිරයද
ඔසුපත් එක්සිය සතිසෙක් වෙද
“බුදු වුවත් මේ ප්රසමාණයැයි කෙළවරක් සීමාවක් නොකිය හැකි නිරතුරුම මහා බලවත් දුක් විඳින්නා වු සිතුවත් භය ඇතිවන අටමහ නිරයන්ද ඒ වට කොට ඔසුපත් නිර එකසිය තිස් හයක්ද වන්නේය.”
තෙසියක් තෙප් මුව වැද සිදුරුවගත
දවසක් මිනිසකු විදි දුක් නොනැවත
මොහොතක් නිරයේ විදි දුක් සමවත
අබැටක් හා සරි නොවොදෝ හිමවත
“මුවහන් වු දරුණු උල් තුන්සියයක් සිරුරෙහි ඇනීමෙන් මිනිසකු දවසක් විඳින දුක නිරයේ එක මොහොතක් විඳින දුකට සමාන වේ. එසේ වු කල හිමාල පර්වතය අබ ඇටයක් තරම් වේයැයි සිතිය යුතුය.”
පෙර අගනක් එක් එලු දෙනක හිසසිදා
සිය ලග වැළදී ගිනි දැල් නිරය දුක්විදා
ඇය ඇග ලෝම ගණනේ ඉස් කැපුම්ලදා
මෙම රග වේය කාටත් අකුසලේලෙදා
“පෙරකල එක් කාන්තාවක් එලු දෙනකගේ හිස කැපු පාපයෙන් ගිනිදැල් වලින් මුලු සිරුර වෙලී නිරයේ දුක් විඳ එම එලුදෙනගේ ඇඟේලෝම ගනනට ඉස් කැපුම් ලැබුවාය. කාට උනත් අකුසලයේ විපාක මෙසේ වන්නේය.”
කෙළියට කඩක් සගවා යහලුවකු ගෙනේ
එළී කොට නැවත දුන් මිනිසකුට මෙතෙකිනේ
විළි වැස්මක් නොමවිය දෙවි වුවත් අනේ
කෙළියට වත් නොකරව් සොරකමක් දැනේ
“සෙල්ලමට යහලුවකුගේ රෙද්දක් සඟවා නැවත ආපසු දුන් මිනිසකුට එම පාපය නිසා දෙවියකු වී උපන් අවස්ථාවේ විළි වැස්මක් නොලැබුනේය. ඒ නිසා සෙල්ලමටවත් සොරකමක් කලහොත් එහි විපාක ලැබෙන්නේය.”
නැණ නැති අයෙක් පෙර පරදර බව් කැමතී
ගුගුරති ගැලෙති තිස්වා දහසින් උඩෙතී
හිමිනැති තවම ලොහොකුඹු නිරයේ පැසෙතී
නොකෙරෙති මෙපව් නුවණැති අය වැඩකැමතී
“පෙර පරදාර සේවනය නැවත කලා වූ පාපයෙහි යෙදුනු අයෙක් ලෝකුඹු නරකයෙහි වැටී එහිම ගිලෙති. වසර තිස් දහසකට වරක් උඩ එති සීමාවක් නැති දුක් තවම විඳිති. දෙලොව වැඩ කැමති නුවණ ඇත්තෝ මෙවැනි පාපක්රිසයා නොකරති.”
ළැදිව රජෙක් බොරු බස් කී විගසකයා
නැතිව රිද්දි බලයෙන් ඒ මිනිස්කයා
පොළව පළාගෙන ගොස් වැටුණි නරකයා
මෙලොව සතුනි ඉන් බොරු කීම නරකයා
“පෙර කල ඉර්ධි බල සහිත රජෙකි. බොරු කී මොහොතේම ඒ ඉර්ධි බලයත් නැතිව මිනිස් සිරුරෙන්ම පොළොව පලාගෙන ගොස් නිරයට වැටුනේය. මෙලොව වසන සියලු සත්වයින් එබැවින් බොරුකීම නරකය නුසුදුසුය.”
පිසුණු කයා සග දෙනමක් වෙනස් කොට
පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට
මුහුණු කුණුව තව ප්රේලතව විඳි ගැහැට
පිසිණු බසක් නොකියම් අද පටන් සිට
“කේලාම් කියා භික්ෂූන් වහන්සේලා දෙනමක් භේද කල කෙනෙක් නිරයේ කල්පයක් දුක්විඳ නැවත ප්රේයතයෙක්ව ඉපිද නොයෙක් දුක් ගැහැට වින්දේය. එබැවින් අද පටන් කිසිදාක කේලාම් නොකියන්න.”
පෙර මහනෙක් සඟගණහට බැණ නපුරු
නිරයේ වැටී බිම සත් ගව් වැඩෙන තුරු
ගොර දුක් විඳි තව ප්රරේතව සිට කුරිරු
පර හට එයින් නොකියව් බස් නොපිය කරු
“පෙර සඟ නමක් භික්ෂු සංඝයාට පරුෂ වචනයෙන් බණින ලද පවින් මහ පොළොව සත් ගව්වක් වැඩෙන තුරු දරුණු නොයෙක් දුක්විඳ නපුරු පෙනුමැති ප්රරේතයෙක් වී තවමත් දුක්විඳියි. අප්රිය දරුණු වචන කිසිවිටකත් නොකියන්න.”
කීවොත් වැඩක් නැති බස් ගොර නිරා ගැබේ
මහත් කුරිරු දුක් විඳ යලි ආවොත් මොබේ
කීවත් සැබෑ නොගනිති ඔහුගේ බස් සබේ
ගෙවත් සසර දුක් මෙම නොකියතොත් සැබේ
“වැඩකට නැති අසත්යෙ වචන කීවොත් මහත් වු කෲර වු නිරාදුක් විඳ නැවත මේ මනුලොව උපත ලැබු විට මොහුගේ වචන සභාවේ කිසිවෙක් සැබෑකොට පිලිනොගනී. සැබවින්ම හිස්වු බොරු වචන නොකියන්නා සසර දුක නැතිකර ගනී.”
අන්සතු දෙයක් වේවයි සිතුව තමහට
ඉන් දුගතිය දුක්විද අව මේ ලොවට
උන් සිතුවත් සිදු නොමවෙයි ඒ ලෙසට
මින් මතු සිතක් නොසිතව් එවැනි පවකට
“අනුන් සතු වස්තුව තමා සතු වේවායි සිතූ පවින් අපා දුක් විඳ නැවත මනු ලොව උපන්නත් ඔවුන් සිතන පතන කිසිවක් ඒ පරිද්දෙන් ඉටු නොවන්නේමය. එවැනි පවකට තුඩුදෙන සිතක් මින්මතු නොසිතන්න.”
බෝවා දහස් පැසවන නිරය වෙන වෙන
වෑපාද නම් දුරු මත බව නපුරු වන
ආබාධ දුක් විඳවන උපනූපන් තැන
වෑපාදයක් නොසිතව් දැන දැන සිතින
“බොහෝ කාලයක් වෙන වෙන නිරයන්හි අවුරුදු දහස් ගනන් දුක්විඳින ව්යාකපාද නම් නපුරු සිත් ඇතිවන්නා වු උපනුපන් ආත්මවල රෝග පීඩාදියෙන් පෙලෙන ආබාධිත අය බවට පත්වේ. මේ බව දැන දැන ව්යාපපාද සිතක් නොසිතන්නේය”
කලක් නිරා දුක් බිඳ විටෙක ගොඩ දුටු
නොයෙක් රෝග අටගෙන ගත වෙයි අරිටු
උදක් නුවණ නැතිවේ සිත වෙයි කිලිටු
මෙවක් පටක් විසමෙන් සිතනු මිස දිටු
“කාලයක් නරකාදී දුක්විඳ මිනිස් ලොව උපන්නත් නොයෙක් ලෙඩ දුක් සෑදී ශරීරය අවලක්ෂණ වේ. විශේෂයෙන්ම අනුවණම වෙති. අද පටන් මිත්යාල දෘෂ්ටිනම් පව් නොකරන්න. එය විෂක් මෙන් සිතන්න.”
බවයෙන් බවයෙහි හෙළමින් නොයෙකී
තොප දැන් විදිනා දුක් දැන නිසැකී
සසරින් ගොඩ නැගුමට මුනිඳුන්කී
ලෙස පින් පවසම් ඇසුවොත් යෙහෙකී
“ආත්මයෙන් ආත්මය කරන ලද නොයෙක් අකුසල් හේතුකොටගෙන විඳින්නා වූ දරුණු විපාක නිසක වසයෙන් දැනගෙන සංසාරයෙන් ගොඩවීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද කුසල් ප්රදකාශ කරමි. එය ඇසීම යහපත් වන්නේය.”
අන් හට අලසව නොකොට විදානය
පින් මිස අනිකක් නොකොට පදානය
තුන් සිත පිරිසිදු කොට දුන්දානය
උන් ගිය ගිය තැන ලැබෙයි නිදානය
“කම්මැලි කමින් අනුන්ට වැඩ නොපවරා පින් ලැබීම මිස වෙන කිසිවක් සිතට නොගෙන මුල මැද අග යන තුන් සිත පහදවා ගෙන දෙන ලද දානය හේතුවෙන් ඔහු ගිය ගිය තැනදී නිධාන වස්තුව ලබන්නේය.”
ඇතුලට වැද ගෙය ඇවිළෙන ගින්නේ
පිටතට හළ බඩුමය වැඩ වන්නේ
මෙසිතට ගෙන ලොබ නොව දන් දෙන්නේ
තම හට එම වද මතු පල දෙන්නේ
“ගෙට ගිනිගෙන දැවෙන විට එයින් එළියට ගත් දෙයකින් පමණක් ප්රයෝන වන්නා සේ මෙය ගැන සිතා ලොභ නොවී දන් දිය යුතුය. තමන්ට මතු පල ප්රයෝජන වන්නේ එම දානමය පින්කමයි.”
බුදිනට ගත් බත් පිඩ මිස වෙන නැත
යදිනට දන් දෙව මතු දුක් නොවි දිත
මෙම හට ඇති ඉතිරිය දෙමි යන සිත
සැම රට රජ සිරි සැප ලදුවත් නැත
“තමන් කෑමට ගත් බත් පිඬ මිස වෙන යමක් නැතත් මතු වැඩ පිණිස සිතා යදියාට දන්දෙන්න. මට මේ ප්රමාණය ඇත සිතා ඉතිරි ඒවා දන්දෙමියි නොසිතන්න. සියළු රාජ්ය වල සැප සම්පත් ලැබුනත් ඇතිවීමක් සිතට නොවන්නේය.”
පින් නොකරන දුදනන් බස් නාදා
තුන් දොස් මල දුරුකර සිත පාදා
පන්සිල් නිති අටසිල් රැක පෝදා
ඉන් මොක්පුර පැමිණෙව් නොව බාධා
“කුසල් නොකර අසත් පුරුෂයන්ගේ වචන විස්වාස නොකර ලෝභ දේශ මෝහ යන තුන් දොස් දුරුකර නිතර පන්සිල් පොදා අටසිල් වසයෙන්ද සීලය රැක නිවන් පුරට පැමිනෙන්න බාදාවක් නැත. “
ලොල් සිත මුල් සිඳ නිති තැන් සිතිනේ
සිල් පිරි සිදු කොට සදරැස් ලෙසිනේ
වල් රකිනා සෙමරක මෙන රකිනේ
කල් නොයවා ඉන් මොක් සිරි ලබනේ
“නිතර උත්සාහයෙන් ලෝභය සිතින් දුරුකොට සඳපාන වැනි, ඉතා පිරිසිදු ආදරයෙන් වලිගය රකිනා සෙමරෙකු මෙන් උත්සාහයෙන් සිල් රකින්න. කල් නොගොස් නිවන් සුව ලබන්නේය.”
වෙත්වා සව්සත හැමකල් නිදුකී
පත්වා සැපතට බවදුක් වැළකී
යෙත්වා සමගිව නිවනට මුනිකී
මෙත්බා වනානම් වැඩිපින් කමකී
“සියලුසත්වයේ හැම කලිහිම නිදුක් වෙත්වා සසර දුකින් මිදී හැමකල්හිම නිදුක් වෙත්වා සසරදුකින් සැපතට පත් පත් වෙත්වා. නිවනින් සැනසෙත්වා යන බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද මෛත්රීත භාවනාව පින්වැඩි වන උසස් පින් කමෙකි.”
යහපත නොසිතන සැටි මේ දනයා
කිපිසත උනුනට දෙති වේ දනයා
හැමසත වෙත කළ මෙත් බා වනයා
සැක නැත සගමොක් සැප සා දනයා
“මේ ලොව ජනයා යහලත ගැන නොසිතන හැටි බලන්න. ඔවුනොවුන්ට ක්රෝදධ කරන්නා වේදනාවට පත්වේ. සියලු සත්වයන් වෙත කරන ලද මෛත්රීන භාවනාවේ කුසලයෙන් ස්වර්ග මෝක්ෂ සැප ලැබෙනු නිසකවන්නේය.”
දෙන්නන් ණය දුන් රන් සේ පොළියට
දුන් දුන් සේ තම කළ පින් අනුනට
එන්නෙත් දියුණුව තියුණුව තමහට
ඉන් දැන් නුකුසී වව් පින් දීමට
“දානය දෙන්නන් විසින් පොළියට දුන්නා වු රත්රන්සේ තමන් කල පින් අනුන් හට අනුමෝදම් කරන අයට තමා කල පින දෙගුණ තෙගුණ වන්නේමය. ඒ නිසා දන් දීමට පින් දීමට කම්මැලි නොවන්න.”
මුනිදුන් බණ පද කරවා පුහුණු
දෙසමින් දනහට වඩවා කුලුණු
එපිනෙන් නොපැමිණ නිරයට දරුණු
ලැබගත් මතු සග මොක් සිරි දියුණු
“බුදුරජානන් වහන්සේගේ ධර්මය ඉගෙන ගෙන පුහුණුවී සැමට කරුණාවෙන් දේශනා කරන්න. එම පිනෙන් සතර අපා දුකට පත් නොවී මහත් වු සැප සම්පතින් පිරි නිවන් සුව ලබාගන්න හේතු වන්නේය.”
දිවමන් මුනිඳුන් දුටු මෙන් තොසවා
බණ දන් නන් හට වැඳ අත් ඔසවා
පදයෙන් පදයට අදරින් අසවා
එපිනෙන් නිරයට යන මං වසවා
“ජීවමාන බදුරජාණන් වහන්සේ දුටුවාක් මෙන් සිත සතුටු කරගෙන බණ දන්නා වු තැනැත්තාට දෑත් ඔසවා වැද පදයක් පදයක් පාසා ආදරයෙන් බණ අසන්න. ඒ පින්කම නිරයට යන පාර වස්න්නකි.”
දුරුකොට හැම විට සිත ඇති මානේ
ගරු කොට වැඳ වැඳ දුටු තෙක් මානේ
මුනිදුට පුද කළ බත් මල් පානේ
සත හට සග මොක් මග එම පානේ
“සෑම විටම සිත තුල ඇති මානය දුරු කොට පෙනෙන තෙක් මානයේ පටන් ගරු බුහුමන් දක්වමින් බුදුරජාණන් වහන්සේට ආහාර මල් පහන් පුජා කලහොත් ඒ පින් මහිමය සත්වයාට දෙව්සැපතට හා නිවන් සැපතට මාවත පාදා දෙන්නේය.”
ඇත ලොව වන පස මල් හැම දවසා
කොතනක පිදුවත් මුනිදුන් උදෙසා
සිත මෙව් තර පිනටත් නොමසලකා
සසරින් ගැලවෙන්නේ කෙලෙසා
“ලෝකයේ සෑම කල්හිම වනමල් ඇත. ඒවා කොතනකදී බුදුන් වහන්සේ උදෙසා සිතා පුජාකල නමුත් කුසල් සිදු වේ. මෙතරම් පහසු වු පිනකටවත් සිත යොමු නොකර සත්වයා සසර දුකින් ගැලවෙන්නේ කෙසේද?”
මුනි පුත් සඟ ගණ මව් පිය ගුරුවර
ජර පත් කුල දෙටු ගිලනුන් තවසර
රැක සිත් සේ කල අත් පා මෙහෙවර
සුව පත් කර සිරි සිදුවෙයි සුරපුර
“බුද්ධ පුත්රසයන් වු මහා සංඝයා වහන්සේද මව්පියන්ද ගුරුවරුන්ද මහලු අයද රෝගීන්ද තම කුල දෙටුවන්ද තාපසයන්ද ආරක්ෂා කර අත්පා මෙහෙවර කර සුවපත් කර හොත් එම කුසලයේ බලයෙන් ඒ තැනැත්තා දිව්යර ලෝක සම්පත් විදීමට සුදුසු වන්නේය.”
ලොව ඇත්තන් නුවනින් විමසා දැක
හිත නැත්තන් යයි නොසිතා වෙන සක
ගුණ ඇත්තන් ගුණ කීම නොවී සැක
නුව ණැත්තන් පින් කරන උපාසක
“ලෝක සත්වයා දෙස නුවණින් විමසා දැන තමාට හිතවත් අය නැතැයි වෙනසක් නොසිතා ගුණ ඇති අයගේ ගුණ නිසකවම කීම නුවණ ඇති අය පින් කරගන්නා තවත් ක්රනමයක් වේ. “
ගොඩලමින් සත්වග බව දුකිනේ
ගෙන නිවනේ සිටුවන තුටු මතිනේ
තුනුරුවනේ ගුණ සිහි කළ සිතිනේ
නැත විඳිනේ දුක් සසරෙහි ඉතිනේ
“සියලු සත්වයා සසර දුකින් ගොඩගෙන උතුම් වු නිර්වානයෙහි පිහිටුවන්නේය යන අදහසින් සිට උතුම් තෙරුවන් ගුණ සිහිකරන ලද පිනෙන් මතු සසර දුක් විදීමක් නැති වන්නේය.”
පින් මිස නෑයන් වන පිහටක් නැත
අන්ගෙන් මතු හිමිවන දෙයකුත් නැත
ඉන් මතු අදහා සිහි කරතොත් සත
අන් කුසලක් නොකලොත් මෙම ඇත
“තමා විසින් කරගන්නා ලද පින් මිස තමාට නෑයින්ගෙන් පිහිටක් නොවන්නේය. ඔවුන්ගෙන් මතුවට ලැබෙන පලයකුත් නැත. එබැවින් සත්වයා අනාගත යහපත සඳහා තෙරුවන් ගුණ සිහිකොට ගන්නේ නම් වෙනත් පින් කම් නොකලත් එය සෙත සලසයි.”
කුරුපණ අවයෙහි ඉපදුම් නැති කොට
අපමණ සැප සපයා දෙන සත හට
බුදු බණ ලෙස පැවතුම් බැරි මෙතො පට
තිසරණ මිස පිහිටක් නැත සසරට
“දුක් ගෙනදෙන්නා වු අපායෙහි ඉපදීම නැති කොට අප්රතමාණ වු සත්වයාට සෙත ශාන්තිය සාදා දෙන බුද්ධ ධර්මය අනුව පිළිපදින්නට නොහැකි සත්වයාට තිසරණ පිහිට මිස වෙන පිහිටක් සංසාරයට නැත. “
පුරවා සත් රුවනින් මුළු දෙරණය
කරවා පායක් බඹ ලොව පමණය
බදවා රන් දද ලා මිණි තොරණය
දෙනවා ටත් වැඩි පින් බුත් සරණය
“සත්රුවනින් මහ පොලොව පුරවා භ්රහහ්මලෝකය දක්වා පමණ උසට මහ මන්දිරයක් සාදවා රත්රන් කොඩි නංවා මාණික්යණ තොරන් බන්දවා දෙනවාටත් වැඩිය බුදුන් සරණ යාම උතුම් පින්කමකි.”
අසමින් මෙදහම් අලසව නොයිදේ
පුරමින් මේ සියලු පින්දම් නිබදේ
කෙලෙසුන් මුල් නොතබා සිත පසිදේ
ලැබගත් මොක්සුව මතුදුක් නොවිදේ
“මේ බණ අසා කම්මැලිව නොසිට ඉහත සඳහන් සියලුම පින්කම් කොට සිතේ අකුසල් මුලින්ම සිඳ දමා ඉදිරියේදී දුක්නොවිඳ ස්වර්ග මෝක්ෂ සම්පත් ලබාගන්න.”
සිගපත් එකෙක් පෙර අනුරුදු තෙරුන් දැක
තමලත් බතින් දුන්නේ එකම සැන්දක
බලවත් එයින් සුරපති විය ඉන් දික
නැණවත් කරව් පින් දන් පල මෙයින් දැක
“සිගමනට පත්වු එක්තරා දුගියෙක් තමා ලත් බත් පතින් එකම හැන්දක් අනුරුද්ධ තෙරුන් වහන්සේට පුජාකල එම බලවත් පිනෙන් හෙතෙම මහානුභාව සම්පන්න ඉන්දික නම් දෙවියෙක්ව උපන්නේය. නුවණ ඇත්තනි දන් දීමේ විපාක දැන දානමය පින් කම් සිදු කරන්න.”
දවසක් පමණ සිල්රැක කුලඟනක් පෙරා
දහසක් සුරඹ පිරිවරමින් රුවින් සරා
තවසක් සුරිදු ලග විඳ නිරන් තරා
විගසක් එයින් තොර නොරකව් සිතින් දරා
“පෙර එක් දවසක් පමණක් මනා සේ සීලය රැකගත් කුල කාන්තාවක් දහස්ක් දෙවගනන් පිරිවරා රූප සොබාවෙන් අග්රනව සක් දෙවිඳු ලඟ නිරන්තරයෙන් සැප වින්දේය. එබැවින් සීලය සිතින් දරා එක මොහොතක් නෑරම රකින්න. “
කෙලෙසුන් කෙරෙන් තොරකර සිතු තනාමය
නිදුකින් ලැබෙයි බඹලොව සැප මනාමය
සුදසුන් නිවන් දෙයි මරසෙන් දී නාමය
පිනකින් උතුම් පින නම් බාව නාමය
“මනා සේ සිත සකස් කරගෙන කෙලෙස් ධර්ම සිතින් බැහැර කරහොත් මනේඥ වු බ්රයහ්ම ලෝක සැප ලැබෙයි. මාර සේනා පරාජය කොට මනා දැකුම් ඇති නිවන් සැප ගෙනදෙයි. එබැවින් පින්කම් අතරින් උතුම්ම පින භාවනාව වන්නේය.”
කළ පින් දීම නම් තම සිත සතුටුකොට
බැදි රන් හිණෙකි දෙවිලෝ යසට නැඟුමට
නැගි පුන් සඳෙකි අව බිය ගිම් නිවීමට
නිති පින් එයින් දෙව දුටු දුටු දනන් හට
“සිත සතුටින් තමන් කල පින් දහම් නම් සදෙව් ලොවට නැගීමට බදින ලද රන් හිනි මගෙකි. සසර බිය නම් දානය සංසිදීමට සිසිල් සද රැස් විහිදුවන පුර්නචන්ද්රනයා සමානය එබැවින් දුටු දුටු ජනයා හට නිතර පින් දෙන්න.”
දන් දෙන සදෙහි දෙව්රම් වෙහෙර මුනිදුට
පින් අනුමෝදන්ව මිනිසෙක් එතැන සිට
පින් ලැබ ගතිය වැඩි කරමින් එසිටු හට
ඉන් දුන නොදුන කිම අනුමෝදනාවට
“දෙවිරම් වෙහෙර බුදුන් වහන්සේට පූජා කරන අවස්ථාවේ එතැන සිටි මිනිසෙක් සිත සතුටින් පින් ලබාගත්තේය. එම පින වෙහෙර පුජා කල සිටුතුමාට ලද පිනට වැඩිතරම්ය. එම නිසා පින් අනුමෝදන් වීමට දුන් නොදුන් සැමට පිළිවන්ය.”
මින් ලබමියි නොසිතා කිසි උපකරණ
මුන් සසරින් ගොඩලමි යන කර කුළුණ
පින් පව් දෙකම නොවරදවා කීවොත් බණ
ඉන් තොප විදින සැප මෙතෙකැයි නැත පමණ
“මේ බණ කීමෙන් යම්කිසි ලාභයක් නොලබමියි සිතා, මොවුන් සංසාර දුකින් එතෙර කරමි යන කරුණාබර සිතින් පව් පින් දෙක නොවරදවා වටහා දී බණ කියන්න. එයින් තොප ලබන්නා වු සැප මෙතෙකැයි ප්රපමාණ කල නොහැක. “
බුදුන් දෙසන බණ මිහිරෙත්ම සිත තැනී
පසන්ව උන් මැඩියෙක් කැවිටකින් ඇනී
එයින් මිස තිදස ලද ඉසුරු බෙහෙ විනී
මෙවන් දහම් ඇසුමට මැළි නොවව් දැනී
“බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් මිහිරි ධර්මය පැහැදුනු සිතින් අසාසිටි මැඩියෙක් කෙවිටකින් අනින ලදුව එතැනම මැරී තව්තිසා දෙව්ලොව ඉපිද බොහෝ ඉසුරු ලද්දේය. මෙවන් උතුම් ධර්මය ඇසීමට කම්මැලි නොවිය යුතුබව දැනගන්න.”
දුක්පත් සතෙක් මුනිදුන් වෙත සිත පැහැදී
එක් දා ගැබෙක දිය බෙරලිය මලක් පිදී
සක්විති සැපත් ඉන් පනිතිස් වරෙක ලදී
දුක් නැත මෙපුද කරතොත් අකුසලින් මිදී
“එක් දුප්පත් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුන සිතින් එක්තරා දාගැබකට දියබෙරලිය මලක් පුජා කලේය. එම පිනෙන් සක්විති රජසැප ආත්ම පන්සිය වාරයක් ලද්දේය. අකුසලයෙන් මිදී මල් පහන් පුජා කලහොත් දුක් නැතිවේ.”
වෙස්සබු මුනිදු දැක එක වරෙක වැන්දේ
තිස් එක කපෙක දුගතිය දුක් නොවින්දේ
තොස් වඩවන සුරනර ඉසුරු වින්දේ
සෙස්ස නැතත් මෙකුසල් බැරි කුමන්දේ
“වෙස්සභු බුදුන් දැක පැහැදී එක් වාරයක් පමණක් වැන්ද කෙනෙකු කල්ප තිස්එකක් දුගතියෙහි දුක් නොවින්දේය. සතුට වඩවන්නා වු සක්විති සැප වින්දේය. වැඩකට නැතිව කල්ගත කරවන සත්වයනි මෙවනි පින්කම් වත් කරගත නොහැක්කේ මන්ද.”
කළහොත් සිල්වතුන් හට වතා වත
දුටු සක් කෙනෙක් වෙති ඕ හට ඉතා හිත
නැණ ඇත්තවුන් සාදන පින් වතා වත
ඉමහත් පිනක් දැන ගතිතොත් හිතා හිත
“සිල්වතුන්ට නිතර වතාවත් කලහොත් දකින අය පවා තමාට ඉතා හිතවත් වන්නේය. වතාවත් කිරීම නුවන ඇති අය කරන පින් කමකමෙකි. වැඩ අවඩ දැන මෙය මහා පින්කමක් බව දත යුත්තේය. එය ඉතා යහපත්ය. “
පින්කම් කරන අය ඒ දියුණුවන ලෙස
මන් සන් තොසින් එහි ගුණ කියන ඇති ලෙස
උන් උප නූපන් තැන පැතිරෙයි ලොව වසස
පුන් සද පහන් වු මෙන් අදහව් මෙබස
“පින්කම් කරන්න වුන් ඒ දියුණු වන ලෙස සතුටු සිතින් සැබෑ තත්වය ගුණ කියති. ඔවුන් උපනූපන් තැන ලොවෙහි කීර්තිය පැතිරෙයි. පුර්ණ චන්ද්රුයා පෑවුවාක් මෙන් මේ වචන වශ්වාස කරන්න අදහන්න.”
තිසරණ ගත් එක් මිනිසෙක් එක් කළෙක
නොපැමිණ දුගතියට සිට කප් එක් තිසෙක
අපමණ සැපත් සගමොක් සිරි ලදි නිසැක
එසරණ නොගෙන තොප විඳිනේ කිම මෙදුක
“එක් කලෙක සැදැහැ සිතින් තිසරණ වැලඳ ගත් එක් මනුශ්යපයෙක් කල්ප තිස් එකක් දුගතියෙහි නොවැටී අප්රදමාණ දිව්යැ සැප විඳ නිවන් සැප නිසකවම ලබා ගත්තේය. ඒ උතුම් වු තෙරුවන් සරණ නොගෙන තොප දුක් විදින්නේ කුමක් නිසාද?”
අනුවණ කමින් සිහි නොකරනු මිස සතත
අසරණ තොපට පිළිසරණෙක්මය නියත
බුදුගුණ සිතින් එකගව සිහිකරන හොත
අපමණ සැපත් සිදුවෙයි සැක නොකර සිති
“අනුවන කම් නිසා නිතර බුදු ගුණ නොකරනවා මිස අසරණවු තොපට එය දීප්තිමත් පිළිසරණක්මය. සම්බුදු ගුණ එකඟ කරගත් සිතින් සිහිකරන්නේ නම් අප්රිමාණ සැපත් සිදුවේමය.”
ලොවට උතුම් මුනි රජුගේ ගුණ විපුල
සිතට රැගෙන සිහි කළ නුවනින් නිමල
සතට නොවී කලෙකත් බව දුක් අසල
යසට එයින් සිදුවේ සිරි සුබ මගුල
“ලෝකයට අතුම් බුදුරජාණන් වහන්සේගේ මහත් වු ගුණයන් නිර්මල වු හොඳ නුවණින් සිහිපත් කරන තැනැත්තාට සසර දුක් ලං නොවන්නේය. ඒ හේතුවෙන් සැම ශ්රී සුභ මංගල්යදයක් වේවා.”
නොදන්නවුන් හට පව් පින් නියම කොට
බඳ ලොවැඩ සඟරා පිනෙනි හැම විට
ලද සැපතින් තොර නොව ලැබ නිති පිහිට
වැද සව්සත සැනසේවා මොක් පුරයට
“අධර්මයෙන් ජීවත් වනවාට වඩා ධාර්මිෂ්ටව මිය යෑම සත්වයා හට යහපත් වන්නේය. මේ ආකාරයෙන් දේශනා කරන ලද්දා වු බුද්ධ ධර්මය මෙනෙහි කොට ඇත්ත වශයෙන්ම පින් රැස්කර නිර්වාණයට පැමිණෙන්න.”
වීදාගම වෙහෙරෙහි මෙත් තෙරිදු සද
සාදාරණව පැවසූ මෙත් සිතින් නද
බාදා නොවී මොක් දැකුමට බැඳි මෙපද
පාදා සතන් සිත පවතීවා නිබද
“වීදාගම මහවිහාරයෙහි මෛත්රීය ස්ථවීර පාදයන් වහන්සේ විසින් බාදාවක් නොවී නිවන් දැකීම සඳහා ප්රබන්ධ කරන ලද මෙම පද්ය් ග්ර න්ථය නිතර සත්වයන්ගේ සිත් ප්රසන්න කරමින් පවතීවා…
………….අන්තර්ජාලය ඇසුරෙනි………….
උපුටා ගැනීම: දැනුම සොයන්න මේ පාරෙන් එන්න