ඔන්න අද ලිපිය මම ලියන්නෙ, ශ්‍රී ලංකාවේ ඉහලම මානසික පීඩනයකට ලක්වෙන පිරිසකට කිව්වොත් නිවැරදියි. උසස් පෙල කියන අතිශයින්ම තරගකාරී විභාගයට මාස කිහිපයක් පමණක් තියාගෙන ඉන්න කෙනෙක්ට දැනෙන පීඩනය , බය කොහොම නම් වචනයෙන් විස්තර කරන්නද..
ඉතින් මේ ලිපිය මම ලියන්නෙ උසස් පෙල මාස පහක සිට ඊට අවම කාලයක් දක්වා තියෙනවිට ඒ කෙටි කාලයක් තුල උපරිම වැඩ කරමින් ඉහලම ප්‍රතිඵලයක් ලබාගන්න කරන්න ඕන ටිප්ස් කිහිපයක් ගැනයි. ඔන්න එහෙනම් ඒ සුපිරි ටිප්ස් කිහිපය…
පුංචි ස්ටඩී ගයිඩ් එකක් ( study guide ) හදමු.

ඔයා මුහුණ දෙන්න ඉන්නෙ විභාගයකටයි.ඉතින් මේ විභාගයට විෂය නිර්දේශය ඇසුරෙන් නිර්මාණය කරපු ප්‍රශ්න සුළු ප්‍රමාණයක් තමයි එන්නෙ. ඒ නිසා මුළු විෂය නිර්දේශයම කට පාඩම් කරන්න අපිට බැහැ.එහෙම කරලා වැඩකුත් නැහැ.දැන් ඔයාට තියන කාලය ඉතාමත් සීමිත නිසා විභාගය වෙනුවෙන්ම පාඩම් කරන්න ඕන. ඉස්සෙල්ලම ඔයාට විෂයන් තුනටම අදාල පාඩම් ටික අරගන්න. දැන් මේ පාඩම් කොටස් දෙකකට වෙන් කරන්න.
(1) අනිවාර්යයෙන්ම ප්‍රශ්න එන , වැදගත් / ඔයාට ටිකක් අපහසු පාඩම්.
(2) කෙටි ප්‍රශ්න එන/ සුලු පාඩම්/ ඔයාට පහසු පාඩම්.
මේ කොටස් දෙකට අනුව පාඩම් වෙන් කරන්න. මේ විදියට පාඩම් වල ස්වාභාවය තේරුම් ගන්න past papers උදව් කරගන්න පුලුවන්.එහෙම නැතිනම් ගුරුවරුන්ගෙන්, යහලුවන්ගෙන් උදව්ගන්න.
ස්ටඩී ගයිඩ් එක අනුව වැඩ කරමු.

දැන් ඔයාට තියන රත්තරන් වලටත් වඩා වටින සීමිත කාලය හොදට කළමනාකරණය කරගමු. ඉස්කෝල් වලට ක්ලාස් වලට ගතවෙන කාලය වෙන් කරලා ඉතුරු කාලය අරගන්න. අපි උදාහරණයක් විදියට හිතමු ඔයාට ගෙදර ඉදන් පාඩම් කරන්න පැය 5ක් දවසකට වෙන් කරන්න පුලුවන් කියලා. මේ කාලයත් ඔයා කොටස් දෙකකට වෙන් කරන්න.
(1) ඔයාට ටිකක් කම්මැලි හිතෙන, නිදිමත එන වෙලාවන්.
(2) වැඩ කරන්න පුලුවන් ඇගට ෆිට් වෙලාවන්.
දැන් මෙහෙමයි ඉතාමත් ඵලදායි විදියට වැඩ කරන්නෙ.
(1) ඔයාට කම්මැලි හිතෙන වෙලාවට – ප්‍රශ්න පත්‍ර, ඔයා කැමතිම විෂයන්, ඔයාට පහසු විෂයන්, ගණන් හදන්න, හිතන්න තියන දේවල් කරන්න.
(2) ඔයාට ෆිට් වෙලාවලට – තරමක් වැදගත්, ඔයාට අපහසු විෂයන් අධ්‍යනය කරන්න.
short notes ඉතාමත් වැදගත්.

අනිවාර්යයෙන්ම විභාගයක් ලං වුනාම වැදගත් කරුණු ආවර්ජනය කරන්න ඕන. ඒකට හොදම මාධ්‍ය තමයි කෙටි සටහන් කියන්නෙ. වැදගත් කරුණු , සමීකරණ, සූත්‍ර ආදිය කෙටි සටහන් විදියට නෝට්බුක්ස් වල හෝ කටු කඩදාසි වල ලියලා පාඩම් වලට අදාලව පුංචි කෙටි සටහන් පොත් ලග තියාගන්න. කාලය හරිම සීමිතයි.අපි ගත කරන හැම මොහොතක්ම ඉතාමත් වටිනවා.ඔයා කෑම කන ගමන් වුනත්, කොහෙහරි යන ගමන් වුනත් මේ කෙටි සටහන් පොත් ඔයා ලග තියාගන්න. කරුණු නිතර නිතර ආවර්ජනය කරන්න.එතකොට ඔයාට පුලුවන් හරිම පහසුවෙන් මතක තියාගන්න.
past papers වලට මුල් තැන දිය යුතුමයි.

උසස් පෙල විභාගයට එන්නෙ ප්‍රශ්න පත්‍රයක්.ඉතින් මේ විදියෙ ප්‍රශ්න පත්‍ර වලට නියමිත කාල වේලාවකට අනුව උත්තර ලියන විදිය, ඔලුවෙ තියන දැනුම කරුණු හරි විදියට ගලපලා ලියන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම ඔයාට හරියට පාඩම් කරන්න වුනත් අවබෝධයක් ගන්න පුලුවන් වෙන්නෙ පේපර්ස් කිරීම තුලිනුයි. අවම වශයෙන් අවුරුදු පහක පමණ පාස්ට් පේපර්ස් අරගෙන දවසකට එක කොටස ගානේ නියමිත කාලයකට අනුව සිදු කරන්න. ඔයාම වැරදි නිවරදි බලන්න.නිවරදි කිරීම් හදාගනිමින් නැවත නැවත පේපර්ස් කරමින් ලකුණු වැඩි කරගැනීමේ ගේම් එක කරන්න.
පාඩම් රෙකෝඩ්ස් අහන්න.

දෙයක් අපෙ ඔලුවට යන ක්‍රම අතරින් එකක් තමයි ඇසීම.ඔයාට කෙටි සටහන් කියවන්න ටිකක් අපහසුයි නම් වැදගත් කරුණු ඔයාගෙම කටහඩින් රෙකෝඩ් කරලා අහන්න සලස්වන්න. නින්දට යනකොට මේ රෙකෝඩ්ස් ප්ලේ වෙන්න දාන්න.ඔයාට නින්ද ගියත් ඔයාගෙ කන හරහා මොලයට කරුණු යන නිසා එය ඉතාමත් ඵලදායි ක්‍රමයක්. මේ ක්‍රමය භාවිතා කරලා ඉහලම ප්‍රතිඵල ලබාගත් බොහෝ සිසුන් ඉන්නවා.
මේ ලිපියෙන් ඔයාට කියලා දුන්නෙ මාස කිහිපයක් ඇතුලත උපරිමයෙන් වැඩ කරලා ඉහලම ප්‍රතිඵලයක් ගන්න විදියයයි.දැන් ඉතින් දුක් වෙන්නෙ බය වෙන්නෙ නැතිව මේ කරුණු හිතට අරගෙන හොදට වැඩ කරන්න පටන් ගන්න.
” අස්වැන්න ලැබෙන්නෙ ඔයා වපුරන විදියටයි “