මේක ටිකක් පරන කතාවක් 2012 දි. හදිස්සියෙ මතක් උනේ ඊයෙ කරන්ට් නැතුව පහනක් දිහා බලන් ඉදිද්දි ඒකට උඩින් තිබ්බ ලී පතුර ගිනි ගන්නකොට.ඉස්කෝලෙ හොස්ටල් එකටත් ලංකාවෙ පරිපාලන යුග වගේ එක එක කාල පරිච්ඡේද තිබුනා.කොහොම හරි එක කාලෙක අදුරු යුගයක් උදා වෙලා අපිට කුලුදුල් බෝඩිම් ජීවිතේකට උරුමකම් කියන්න සිද්ද උනා.කරකවල ඇතෑරියා වගේ ..හරියට තේරෙනෙ දේකුත් නැ යන්තම් අට වසර ඉවර උනා විතරයි.ඒක හරි පුංචි කාමරයක් .කොහු මෙට්ට ඇදන් දෙකයි.මේසෙයි ,අල්මරියකුයි විතරක්.කිටි කිටියෙ හිර වෙලා අපි තුන් දෙනෙක් එක කාමරේ..දැන් ඉතින් මැද නිදා ගන්න එකා කව්ද කියන රාජකීය පස්නෙ.අනිත් දෙන්න කොන ඉල්ල ගත්තා.නිතරගයෙන් මම ඇදේ මැද.එක දවසයි මගෙ කකුල් දෙකේ ගුටි පූජාවට පින් සිද්දෙ වෙන්න ආයෙත් ඊලග දවසෙ ඇදේ කොන හම්බ උනා බිත්තිය අයින නෙමෙ අනිත් කොන.අනිත් පොඩි පොඩි පස්න නම් ඉවසුව හැකි.රූං ගාලා එක පාරකට දකුනු කන ගාවෙන් යනව එකෙක් ආයෙ අනිත් පැත්ත බලද්දි අනෙත් කන ගාවින් තව එකෙක් යනව.මේ ප්රශ්නෙට උත්තරයක් හොයන්න බෝඩිමෙ ඇන්ටි ගාවට යන්න තරම් ආත්ම ශක්තියක් තිබ්බෙ නෑ.අනික එක පාරටම කඩා පාත් වෙන ඉංග්රීසි පස්න වලට උත්තර දෙන්න මට ඕන උනේ නෑ.එයා මුස්ලිම් .සිංහල වැඩිය තේරුනේ නෑ .භාශා මාධ්ය දෙමල නොවී ඉංග්රීසි උන නිසා යන්තම් මේ ගානින් තේරුම් ගත්තා.ඒ ගෙදර උයපු ගෑනු ලමය දෙමල.ජාතික සමගියෙන් ජීවත් උන බෝඩිමක් ඒක .මගෙ රූමො දෙන්න මගෙ කැමැත්ත අකමැත්තෙන් තොරව තීරනය කරලා මදුරු කොයිල් ගේන්න .මට නම් මදුරු කොයිල් දුම පේන්න බෑ.අනික ඒ ඩිංගි කාමරෙ ඇතුලෙ දුම එකතු උනාම ඇති වන විකාර තත්වෙ මට ඒ වෙලාවෙම මැවිල පෙනුනා.වැඩක් නෑ තුනෙන් දෙකෙ බලෙන් ඊලග දවසෙම මදුරු කොයිල් පෙට්ටියක් මේසෙ උඩ.දැන් ඕක පත්තු කරල තියන්නෙ කොහෙද කියන එක ගැන ප්රශ්නෙ.මන් කොහොමවත් කැමති උනේ නෑ මම ඉන්න කොනේ ඇදට යටින් තියනවට.ඒක මේසෙ උඩ පත්තු කරල රෑ හැමෝම නිදා ගන්න ගියා.නින්ද යන්නෙම නෑ ඒකෙ එපා කරපු ගදට.මේකෙන් දුම එලියට යනව නම් ටිකක් හරි කොහෙන් හරි.මන් කාමරේ වටේම ඇහැ දාල බැලුවා මහ රෑ.වහලට කිට්ටුව පොඩි බිත්ති කෑල්ලෙ ඉඩක් තියනව .එතනින් විතරයි යන්තමට හුලං පාරක් ආවෙ.පරක්කු උනේ නෑ පුටුවක් අරන් තිව්ව පත්තු වෙන කොයිල් එක ඒ බිත්තිය උඩ .දෙයියනෙ කියල නින්ද ගියා මට .ටික වෙලාවකින් මහ හයියෙන් කෑ ගහන සද්දෙට උඩ ගිහින් ඇහැරුනා.හැරිල බලද්දි ඇදේ කොනේ ඉදපු එකාගෙ බෙඩ් ශීට් එකේ මහා හිලකින් මගෙ මූන දිහා බලන් ඉන්නො .කොහු මෙට්ටෙත් ගිනි පුලිගු එක දෙක.දෙයියනේ කියලා කකුල පිච්චිලා ඒකි ඇහැරිලා .නැත්තම් තුන්දෙනෙක් එක තැන ආදාහනේ වෙන්නෙ .කොහොම හරි බෙඩ් ශිට් එකෙ අලාභ හානියට ඒකි ගුටි නොකා බේරිලා..ඒත් අම්මටවත් කියලා නෑ උන සිද්දිය .”කා “උබ නම් කරොත් කා වැඩක් ම තමයි.අදටත් මොන වැඩක් කරත් ඔය වචන ටික ඔය විදියටම අහ ගන්නවා .
උපුටා ගැනීම: Kalpani Mahagamage