මාධ්‍ය ආචාර ධර්මවලට අනුව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී නිවේදකයා, එහෙමත් නැතිනම් වැඩසටහන මෙහෙයවන පුද්ගලයා සහ ආරාධිතයා අතර වැඩසටහනේ කාලය බෙදිලා යන ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව වැඩසටහනේ සම්පූර්ණ විකාශන කාලයෙන් සියයට 60 ක් හෝ ඊට වැඩියෙන් ආරාධිතයට සහ සියයට 40 ක් හෝ ඊට අඩුවෙන් මෙහෙයවන පුද්ගලයට විදිහට තමයි කාලය බෙදෙන්නේ.
මේක බැලූ බැල්මට සාධාරණයි. මොකද යම් නාළිකාවක් කාටහරි සම්මුඛ සාකච්ඡාවකට ආරාධනා කරන්නේ ඒ කෙනා කියන දේ ප්‍රේක්ෂකයට සංනිවේදනය කරන්න මිසක් නිවේදකයට ඕන දේ සංනිවේදනය කරන්න නෙමෙයිනේ.
ඒත් හිරු එකේ චමුදිත කියන මනුස්සයා කරන්නේ මේකේ අනික් පැත්ත. එයා එයාගේ වැඩසටහන්වලට කාටහරි ආරාධනා කරන්නේ ආරාධිතයා කියන දේ ප්‍රේක්ෂකයට සංනිවේදනය කරන්න නෙමෙයි, එයාට ඕන දේ ප්‍රේක්ෂකයට සංනිවේදනය කරන්න.
ඕකට හොඳම උදාහරණය තමයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ මුත්තයියා මුරලිදරන්ගේ සම්මුඛ සාකච්ඡාව. ඔයිට වඩා හොඳයි ආරාධිතයව පැත්තකින් තියලා චමුදිතම ප්රශ්නය අහලා චමුදිතම උත්තර දෙන එක.
කොහොම වුණත්, අජිත් රෝහණ මහත්තයාගේ ඉවසීම සහ සිංහල පවා හරිහැටි කතා කරන්න බැරි මුරලි ගේ අදහස් දැක්වීම නම් අති විශිෂ්ඨයි.
අජිත් රෝහණ මහත්තයයි, මුරලියි මේ රටට කරලා තියෙන දේවල් දිහා බැලුවාම චමුදිත කියන්නේ මොන පඟර නැට්ටෙක්ද? එක අතකට පියුමි හංසමාලි වගේ අය තමයි චමුදිත වගේ මයික් කටාලගේ රෙදි ගළවන්න හොඳටම ගැළපෙන්නේ.