මදි වීම සහ සෙවීම (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සොබා දහමෙන් අපිට රතු පාට රෝස මලක් දෙද්දි අපිට ඕන වුණා කලු පාට රෝස මලක් හදන්න
කන්න බොන්න හොඳින් ජීවත් වෙන්න අවශ්ය හැමදේම නොඅඩුව ලැබෙද්දි අපිට ඕන වුණා තව තව දේවල් හොයාගන්න ..
එක රටක් මදි වුණාම තව රටවල් අල්ලගන්න යුද්ධ කළා
ග්රහලෝකෙම මදි වෙලා අඟහරු වලත් පදිංචි වෙන්න සැළසුම් ඇන්දා
මිනිස්සු මදි කියල හිතුණම රොබෝලව හැදුවා
ඒත් අපි සෑහීමකට පත් වුණේම නෑ ..
අපි තව මොන දේ ලැබුණමද සෑහීමකට පත් වෙන්නෙ ..
නෑ , අපි කවදාවත් සෑහීමකට පත් වෙන්නෙ නෑ ..
හැමදෙයක්ම කරල අන්තිමේදී ලේබල් ගැහුවා මේ දේවල් කරන්නෙ මිනිස්සුන්ට සුපිරිම විදිහට ජීවත් වෙන්න හදන්නයි කියලා ..
එහෙම කිය කිය ලෝකෙ නැති දේවල් හොයාගන්න අපිට ඕන වුණා
මිනිස්සු කවදාවත් දැකලා නැති දේවල් හොයාගන්න ඕන වුණා
ඉතින් ඒවට අපි පුදුම වුණාද ..
ඔව් දැන් ඊටත් වඩා පුදුම වෙලා ඉන්නෙ
මෙච්චර ප්රාතිහාර්ය පාපු අයට බෙහෙත් පෙත්තක් හොයාගන්න බැරුව ඉද්දි
ඔව් , අර හැමදේකටම වඩා අපි පුදුම වුණා ..
කෝ ඒ තාක්ෂණය කෝ ඒ විද්යාව
එන්න උගතුනේ පෙන්නල දෙන්න ..
මනුස්සකම් මොනාද , සාරධර්ම මොනාද
සොභාව ධර්මය මොකක්ද
අවුරුදු සිය ගනන් පැරණි දැනුම් සම්බාරයනම් මොනාද
ඒ ඔක්කොම විද්යාවට යටයි කියල
පොලවෙ අඩි හප්පගෙන සිංහනාද කරපු
අය කෝ ..
ඒ අය අද හොයාගන්නත් නෑ
කොරෝනා ඉවර වුණාම ඒ අය ආයෙත් එන බව දන්නවා ..
ඉතින් අපි තාමත් පාඩම් ඉගෙනගෙනද ?
හැමදේම සොබාදහමට යටයි කියල තාම අපි ඉගෙනගෙනද ? නෑ තාම නෑ ..
දැන් මෙහෙම හරි බේරිලා ඉන්නවා
තව කාලෙකින් හුළඟින් බෝ වෙලා පැතිරිලා යන වෛරස් එකක් ආවොත් අන්න එදාට
අපි කොහොමද බේරෙන්නෙ ?
ඒවට තාක්ෂණෙන් උත්තර හොයන්න බෑ
අපි මෙච්චරකල් හිතන් හිටියා හැමදේටම තාක්ෂණෙන් උත්තර හොයන්න පුලුවන් කියලා
බෑ , බෑ දැන්වත් තේරුම් ගන්න එහෙම බෑ කියලා
තාක්ෂණය කියන්නෙ මිනිස්සුන්ට සුවපහසුවෙන් ජීවත් වෙන්න අවශ්ය එක අංගයක් විතරයි ඒත් හැමදේම නෙවෙයි
ඒකට ඕන විදිහට හැමදෙයක්ම නටවන්න බෑ ..
වැස්ස එපා වෙලාවට වළාකුළු එහාට මෙහාට තල්ලු කරල දාන්න පුලුවන් තාක්ෂනයෙන්
හැමදෙයක්ම එහාට මෙහාට කරන්න පුලුවන් වුණානම් අපි අද ගෙවල් ඇතුලෙ ඉන්න ඕනේ නෑ මෙලහකට කොරෝනව පන්නලා සෞරග්රහ මණ්ඩලයෙනුත් එහාට ..
එන්න දැන්වත් මේ දේවල් තේරුම් අරන් සොබාදහම සමඟ එක්වෙමු
ආදරය කරමු .. රැක ගනිමු
හෙට මෙහෙම හැංගිලා ඉන්න ඕනෙ නෑ එතකොට ..
අම්මෙක් හැමදාම රකිනවා දරුවන්ව ..
සොභාදම් මාතාවගෙ ඇකයට තුරුලු වෙන්න එන්න
බයෙන් සැකෙන් තොරව ඇස්පියාගෙන අපිට සැනසීමෙන් ඉන්න පුලුවන්
කරදරයක් වෙන්නෙ නෑ කවදාවත්ම
අපි තාමත් පරක්කු නෑ .. එන්න ඉක්මන් කරන්න .. ❤️❤️
උපුටා ගැනීම:  W.චතුරි මහේෂිකා-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!