මැඩ්‍රාස්.. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” ට්රීං ට්රීං “
මගේ ජංගම දුරකථනය නාද වන විට මා සිටියේ මදුරාසියේ ජෝර්ජ් ටවුමේ මගේ සුපුරුදු හෝටලයේ කාමරයේ ඇදක් මතය.
” වනක්කම් සංජයි අන්නා ජී “
අනික් පැත්තෙන් ඇසුනේ සුපුරුදු කටහඩකි. ඒ මාගේ මදුරාසි මිත්රයා මදුරයි කාර්තික් ය. මා ඔහුව මදුරයි කාර්තික් ලෙස හදුන්වන්නේ ඔහුගේ උපන් ගම මදුරෙයි නිසාය. ලංකාව සමග කාලාන්තරක් ගනුදෙනු කළ මදුරයි පලාතේ මේ කාර්තික් ලා බාගෙ විට මගේ නෑයින් වීමටත් පිළිවන.
” වනක්කම් වනක්කම් “
ඇදටවී ඇගමැලි කඩමින් සිටි මා ඔහුට ඔහුගේ භාෂාවෙන්ම පිළිතුරු දුනිමි.
” අන්නා ජි මම දහය වෙද්දි එනවා. අද ඉරිද නිසා ගෙදර අයව කෝවිලට දාල මම ඉක්මනින් කෝච්චියට නගින්නම්. අන්නා ජී ලෑස්ති වෙලා ඉන්න.”
” හරි හරි එන්න “
” අද අපි හොද ගමන් ටිකක් යමු. මදුරාසියේ දැකල නැති අහුමුලු ටිකක් මම අද පෙන්නන්නම්. “
මුහුන කට දොවාගත් මම කාමරයෙන් එළියට එන විට සේවිකාවක් බිම අමදිමින් සිටියි.
” සෑර් යතුර දෙන්න මම කාමරේ සුද්ධ කරල තියන්නම් “
සාරි ඇදගත් මැදි වයසේ සේවිකාව කියයි.
” මම ආවෙ ඊයෙ හවස් ජාමෙනෙ. හෙට උදේට සුද්ද කරමු “
” ෂෙරි ෂෙරි සෑර් ” කියමින් ඇය තමන්ගේ වැඩේ නියැලෙයි.
ජෝජ් ටවුම උදේ පාන්දරම අවදි වී ඇත. පිච්ච මල් හිස ගවසාගත් හින්දු කාන්තාවෝ කෝවිල බලා යයි. වතුර බෝතල් පටවා ගත් කරත්ත කරුවෙක් අමාරුවෙන් රික්ෂෝවක් පදියි. සාදික් නානා ගේ චායි කඩය ඉදිරිපිට කට්ටිය වටවී චායි බදුන් තොළ ගායි. සමහරු තේ බොන ගමන් වඩයක්, උළුදු වඩයක්, බටර් කේක් කැබැල්ලක් සපයි.
නානාගේ කඩයෙන් තේ බීම පසුවට තබා මම ගොඩවූයේ ගීතා කැෆේ ශෛව භෝජන ශාලාවටය. මේ ගීතා කැෆේ ශෛවභෝජන ශාලාවට ගොඩවන අයට පිරිසිදුවට උණූ උණුවට මදුරාසි කෑම රස විදිය හැකිය.
” සහාබ් ක්යා චාහියේ ආප්කෝ ?”
මගේ මේසයට ළගාවූ නේපාල වේටර්වරයා ඇසුවේ මා මදුරාසියෙකු නොවන බව ඉවෙන් මෙන් දැනගෙන විය යුතුය. මොවුන් සිතන්නේ මදුරාසියන් නොවන හැමෝම හිංදි කථා කරන අය ලෙසටය.
” නාෂ්තා කේලියේ ක්යා මිලේගා චෝටූ ? “
( උදේ කෑමට මොනවද ලැබෙන්නෙ පොඩි එකෝ)
” සහාබ්ජී.. ඝරමා ඝරම් පූරී, ඉඩ්ලී, ඉඩියප්පම්, මසාලා දෝසා ?”
කාලයකින් ඉඩ්ලි කෑවේ නැත. මගේ කටට කෙළ උනන්නට විය.
” චෝටූ මුජේ ඉඩ්ලී චාහියේ. ඉඩ්ලී කේ සාත් ක්යා මිලේගා ? “
( පොඩි එකෝ මට ඉඩ්ලි දෙන්න . ඉඩ්ලි එක්ක මොනවද දෙන්නෙ ?” )
” මසාලා කරි, සම්බල් “
” ඨීකේ..”🙁 හරි )
මදුරාසියේ බොහෝ හෝටල් වල ඉඩ්ලි කන්න ලැබෙන්නේ සාම්බාරුවක් සහ සම්බෝලයකි. නමුත් මේ ගීතා කැෆේ එකේ විශේෂත්වය නම් ඒ සමග මසාලා කරියක් ලැබීමය. මේ මසාලා කරිය කැරට් , බෝංචි, අල සහ රසවත් මදුරාසි මසාලා වලින් සමන්විතය. නමුත් ලැබෙන්නේ පොඩි එවර් කෝප්පයකින් එකක් පමණි. නමුත් එයත් සමග රතු සහ සුදු සම්බල් ද ලැබේ. පිටි ගිල දැමීමේ කප්පිත්තන් වන ලංකාවේ අපිට මේ ඉඩ්ලි දෙක කුමක් කරන්නද? මම තව ඉඩ්ලි පංගුවක් ඇනවුම් කළෙමි. ආපහු දුම් දමන උණු උණු ඉඩ්ලි දෙකක් මසාලා පීරිසියක්, රතු සම්බෝල සුදු සම්බෝල මගේ මේසයට ළගාවෙයි.
” සාබ් ජී කෝෆී ? “
නේපාලි කොළුවා ආපහු ළගාවේ
” හාං…ඒක් මදුරාසි ෆිල්ටර්වාලා ඕර් ඒක් තත්ත පානි “
( මදුරාසි ෆිල්ටර් කොෆී මදුරාසියේ ජාතික පානයයි )
යන්නට ගිය ගමන ආපසු හැරි මාදෙස පුදුමයෙන් බැලූ නේපාලී කොළුවා
” තත්ත පානී….?”
යැයි විමසුවේ පුදුමයෙනි.
” හාං ඒක් තත්ත පානී “
” නේපාලී…? “
මා නේපාලි වචනයක් කථා කිරීම නිසා චෝටූ පුදුමයට පත්වී ඇත. නේපාලීයන් උණු වතුරට කියන්නේ ” තත්ත පානි ” කියාය. උණු වතුරට හිංදියෙන් කියන්නේ “ඝරම් පානී ” කියාය. දෙමළෙන් කියන්නේ ” සුඩු තන්නි ” කියාය.
එවර් සිල්වර් කෝප්පයක දැමූ උණු උණු මදුරාසි ෆිල්ටර් කෝපි කෝප්පයක් චෝටූ මගේ මේසය මත තැබීය. එය බීමට නොහැකි තරම් උණුසුම් ය. තලත්තුනා මදුරාසියෙක් කොප්පයෙන් පීරිසියට කෝපි වත්කරගෙන නිවාගෙන කෝපි තොළගායි. මමද නියම මදුරාසියෙකු මෙන් ෆිල්ටර් කෝපි නිවාගෙන බොන්නට වීමි.
චෝටූ අත පත් කල රුපියල් දහය චෝටූ පිළිගත්තේ
” ශුක්රියා සහාබ් ” කියමිනි.
බිල ගෙවූ මා කාර්තික් ට ඇමතුමක් දුන්නේ ඔහු කොහෙදැයි දැනගන්නටය.
” අන්නා ජී මම දැන් ඉස්ටේසමේ විනාඩි 45ක් පැයක් යයි “
බිස්ලරි වර්ගයේ වතුර බෝතලයක්ද මිළදී ගත් මම හෝටලයේ කාමරයට ගොඩවැදුනෙමි. ඊයේ හවස් ජාමයේ හිගින්බොතම් පොත් සාප්පුවෙන් මිළදී ගත් සුබ්බයියා මුත්තයියා ගේ ” මැඩ්රාස් රිඩිස්කවරි ” පොත මම අතට ගතිමි.
මදුරාසිය දකුණු ඉන්දියාවේ බෙංගාල බොක්කට දකුනට වන්නට කොරොමන්ඩල් වෙරළ තීරයේ පිහිටා ඇති වරාය නගරයකි. අද අප දන්නා නගරය මදුරාසි වරාය ආශ්රිත් ව ශාන්ත ජෝර්ජ් කොටුවේ ඉංග්රීසි ජනාවාසයක් ලෙස ආරම්භ විය. මෙම පළාත් පාලනය කළේ විජයනගරයන් විසින් වන අතර ඔවුන් පළාතේ විවිධ ප්රදේශ පාලනය කළ ” නායක් ” ලෙස හැඳින්වූ ප්රධානීන් පත් කළහ.
වර්තමාන චෙන්නායි ප්රදේශයේ බ්රිතාන්ය නැගෙනහිර ඉන්දියා සමාගම සිය වෙළඳාම සහ අනෙකුත් වාණිජ කටයුතු ආරම්භ කිරීම සඳහා පැමිනෙන විට දමර්ලා වෙන්කතාද්රි නායික් මේ පළාතේ ප්රධානියා විය. වෙරළ තීරයේ නව ජනාවාසයක් සොයන බ්රිතාන්යයන්, මද්රාස්පට්නම් ධීවර ගම්මානයේ ධර්මා වෙන්කටාද්රි නායිකා විසින් ඊඅයිසී EIC ( පෙරදිග ඉන්දියා වෙළෙද සමාගම් ) වෙත සැතපුම් තුනක දිගැති ඉඩමක් ලබා දී ප්රදානයක් ලබා ගත්හ.
1639 අගෝස්තු 22 වන ෆ්රැන්සිස් දිනයේදී පෙරදිග ඉන්දියානු වෙළෙද සමාගම සමග ගිවිසුම්ක් අත්සන් කළේ ඔහුගේ පරිවර්තක බෙරි තිම්මාප්පා සහ ඇන්ඩෘ කොගන් සමඟ ය. 1640 පෙබරවාරි මාසයේදී ඩේ සහ කොගන් එම ඉඩමට ගොස් නව ඉංග්රීසි කර්මාන්තශාලාවක් ආරම්භ කර වසර දෙකක කාලයක් සඳහා ලබා දුන් අවසරය පරිදි ඔවුන් ලෝකයේ කොහෙත් කල පරිදි බලකොටුවක් ඉදි කළහ.
ගිවිසුම කල් ඉකුත්වන විට, 1645 දී නව රාජා ශ්රී රංගරයුලු විසින් නව දීමනාවක් නිකුත් කරන ලද අතර, මදුරාසිය එහි වර්තමාන ස්වරූපය දක්වා ව්යාප්ත කිරීමට අඩිතාලම දමා අතිරේක ඉඩම් කැබැල්ලක්ද එක් කොට අ තම දේපල පුළුල් කිරීමට සමාගමට බලය ලබා දුන්නේය. ඉංග්රීසීන් ඔවුන්ගේ ජනාවාස ශක්තිමත් කර ගත් අතර පසුව බිඳ වැටෙමින් තිබූ පෘතුගීසි හා ලන්දේසි ජනාවාස ද ඔවුන් හා එක් විය. 1646 දී ” මිර් ජුම්ලා ” යටතේ ගොල්කොන්ඩා හමුදාව මදුරාසිය යටත් කර ගත් අතර එහි බොහෝ කිතුනු වැසියන් සහ ඔවුන්ට අනුබද්ධ ඉන්දියානු ප්රජාවන් සමූල ඝාතනය කර හෝ වහල්භාවයට විකුණන ලදී.
17 වන සියවසේ අග භාගයේදී වසංගතය, ජන සංහාරය සහ වාර්ගික හිංසනය ජනගහනය නාටකාකාර ලෙස අඩු කළ අතර නගරය පාහේ විනාශ කළද, නගරය නව ඉංග්රීසි සහ යුරෝපීය පදිංචිකරුවන් සමඟ නැවත ගොඩනඟන ලදී.
1687 දී ගොල්කොන්ඩා වැටීමෙන් පසු එම ප්රදේශය මෝගල්වරුන්ගේ පාලනය යටතට පත් වූ අතර මදුරාසියේ ඊඅයිසී හි අයිතිවාසිකම් ලබා දුන් අතර නගරය සංවර්ධනය වී පුළුල් විය. පළමුවන ඇංග්ලෝ-මයිසූර් යුද්ධයේදී ප්රංශ ජාතිකයින් සහ මයිසූර්හි සුල්තාන් හයිදර් අලි විසින් නගරයට පහර දුන් නමුත් වැඩිදුර ප්රහාර වළක්වා බ්රිතාන්යයන් නැවත බලය ලබා ගත් අතර අවසානයේදී ප්රංශ, ලන්දේසීන් සහ ඩේන්වරුන් පලවා හරින ලදි.
18 වන සියවසේදී මදුරාසියේ වරායක් සංවර්ධනය කිරීමත් සමඟ නගරය ඉන්දියාව සහ යුරෝපය අතර වැදගත් වෙළඳ මධ්යස්ථානයක් බවට පත් විය. පළමුවන ලෝක සංග්රාමයේදී ජර්මානුන් විසින් එබෝම්බ හෙලූ එකම ඉන්දියානු නගරය මදුරාසියයි. නිදහසින් පසු මදුරාසිය තමිල්නාඩු ප්රාන්තයේ අගනුවර බවට පත් විය.
දමර්ලා වෙන්කතගිරි විසින් ඔහුගේ පියා වන ” දමර්ලා චෙන්නප්පා නායකඩු ” සිහිවන ලෙස නම් කොට තිබූ චෙන්නපට්නම් නම් යාබද නගරයේ නම අනුසාරයෙන් මදුරාසිය 1998 දී චෙන්නයි ලෙසට වෙනස් කලේ බොම්බාය මුම්බායි වූ, කල්කටාව කොල්කතා වූ උණුසුම පැවතියේදී මය.
” ට්රීං ට්රීං “
කාමරයේ දුරකථනය නාද වෙයි. මගේ දැහැන බිදෙයි.
” මිස්ටර් සන්ජයා “
ඇමතුම එන්නේ හෝටලයේ පිළිගැනීම් නිළධාරියාගෙනි.
” ඔව් “
” ඔයා හමුවෙන්න ඔයාගේ කාර්තික් කියල යාළුවෙක් ඇවිත් ඉන්නවා “
” හරි එයාට ලොබියෙන් ඉන්න කියන්න. මම එන්නම් “
සංජය දොළමුල්ල
කොමෙන්ටුවක් නම් ඕනෑ
උපුටා ගැනීම:  Sanjaya Dolamulla

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!