මගේ අක්කාගේ නම අක්කාය.මා දන්නා තරමින් අක්කාට අන් දෙකක් ඇත.අක්කා වැනි හොද එළදෙනෙකු අඹේවේල වත් නැති බව අම්මා පෙර දිනක ප්‍රකාශ කර තිබේ………..
අපේ අක්කාට කුඩා කල සිටම මුලක්ගින්න රෝගය වැලදි ඇත.අම්මා නිතරම අක්කාට කොහිල අල අමුවෙන් කන්නට දෙනු මන් දැක ඇත්තෙමි..අක්කා කුලප්පු කර ගන්න සතුට මී හරකෙක් කුලප්පු කර ගන්නා අවදානමට වඩා සිය ගුණයකින් වැඩි බවත් එම සතුට අම්මගේ කොහු පාරකින් අවසන් වන බව දන්වමී………..
අපේ අක්කාට අනෙක් ගෙවල් වල මල්ලිලා රත්තරන් ය.ඒත් ගෙදර ඉන්නා මල්ලි වන මා යකඩ කෑල්ලක් තරන් නොවටින්නේ ය


……




අප් තාත්තා දුක්මහන්සියෙන් හරි හම්බ කරගන්නා පඩිය වියදම් කර මුනට ක්‍රිම් ද ඇගිලි 20 ට කියුටෙක්ස්ද උලයි හොද වෙලාවට අක්කාට තිබුනේ ඇගිලි 20 කි
හකරැල්ලෙකුට මෙන් කකුල් ගොඩාක් තිබුනානම් තාත්තාට යන්නට වෙන්නේ හොම්බෙන්ය ..
අපේ අක්කාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් සිටි……..දැන් මස්සිනාගේ කටේ දත් නැති බව මම දන්වා සිටිමී……….අපේ අක්කා වැනි යක්ශනියෙක්ට කර ගැසීම තරම් ඌ කල පාපය මට තාම සිතා ගත නොහැකිය
………

අපේ අක්කාගේ කටහඩ මිණි සීනු නාදයක් බදුය……අක්කා නාන කරන විට ගිත ගයන්නා කරන්නීය.දැන් අපේ ලිදේ සිටි ගෙම්බෝ නැත.මාත් මල්ලිත් ඒ ගැන සෙවු විට අක්කාගේ මිහිරි නාදය අසා උන් මළ බව ආරංචී උණී…
අපේ අක්කා පැපොල්,පිපිඤ්ඤා,යෝගර්ට් කන්නේ නැත.ඒවා මුණේ උලයි……..
අක්කා තරම් පිරිසිදු කෙනෙක් මන් මේ ලොකේ වත් දැක නැත.අක්කා නාන්නේ සතියකට දෙපාරකී.අක්කා නාන වතුර අැල දිගේ ගොස් වක්කඩට වැටි මාලු මැරි ඇති බව මන් දුටුවෙමී…….
අපේ අක්කා උයන්නට දක්ෂය.ඒත් අක්කා උයන දවසට ගෙදර සැවෝම කඩෙන්කැම කන්නෙය………
අපේ අක්කා වටේම තියෙන කේළම් අම්මා සමග කියන නමුත් ඒකීගේ කිසිම දෙයක් අම්මාට නොකියයි…….නමුත් අක්කා ගැන සෙවීමට මල්ලි සහ මම කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටිමු…..
අපේ අක්කා කොයි තරම් වස උණත් මට හා මල්ලිට අධික ලෙස ආදරය කරයි……ඇය අපි දෙදෙනාට කවදාවත් අතින් පාරක් වත් නොගසයි…අක්කා අපිට ගහන්නේ කොස්සෙන් ,සහ ඉදලෙන් බවත් ආදරයෙන් මතක්කර සිටිමු..
අපේ අක්කා ඇවිදින බෝ පැලයකී.අක්කා කිරිඅම්මා සමග ගොස් හතර පෝයටම සිල් ගනී.ඒත් මේ ලගදි අක්කාගේ ඇද උඩ සිටි නිදා සිටි පුසා තාම ආ ගිය අතක් නැත……
අපේ අක්කා මිදුල අතු ගාන්නේ ඉරිදාට පමණී….ඒත් එහා ගෙදරට ආපු අලුතෙන් ආ ජෝඩුවගේන් කොල්ලා ඇයගේ දිහා බලා සිටින නිසාය……………ඒත් ඌ නොදන්න එකම කාරණාව ඔය ගෙදරට එකසිය පනස් වෙනියට ආ ජෝඩුව උන් බවයි………………
ස්තුතියි
අක්කා දකිවා….



උපුටා ගැනීම: Awantha Sandakan