මොන කමිිමැලියෙක්ද මේ …පස්ස පැත්තට ඉර එළිය වැටෙනකන් නිදාගන්නෙ ළමිස්සියක්…හා හා ඉක්මනට නැගිටිනවා….ගිහින් අර අම්මට උයන්න උදව් කරනවා …
මොකද්ද තාත්තේ තව හයයි නේ වෙලාව…
තාමත් පොඩි එකා වෙන්න හදනවා නේ හෙට අනිද්දට දීග දෙන්න ඉන්න කෙල්ල…
අනේ අප්පච්චි ඔයාටත් ඕනේ මාව ඉක්මනට මේ ගෙදරින් පන්නන්න ද ..ඔයාටයි අම්මටයි මාව දැන් බරක් ද …..
මොනවද මගේ වස්තුවේ කියවන්නෙ ….උඹ තමා අපේ ජීවිතේම ….ආයෙත් ඔය කටින් ඔය වගේ වචන කියන්න එපා මගේ රත්තරන් දුවේ….
මගෙ රත්තරං අප්පච්චි….ආදරෙයි ගොඩාක්…
මම…අවුරුදු 20 ක පොඩි කෙල්ලක් …මං ගොඩක් ලස්සනයි …මගේ කොණ්ඩේ බිම ගෑවෙනවා ….මම අදින්නේ බිම ගෑවෙන දිග ලස්සන ගවුම් ….කවදාවත් කොටට ඇඳලා නැහැ…මගේ අම්මා අප්පච්චි …මං ගැන ගොඩාක් ගොඩක් ආඩම්බර වෙනවා ….
ඒත් එයාලා නොදන්න ලොකු ප්‍රශ්නයක් මට තියෙනවා….දැන් අවුරුදු දෙකක් තිස්සේ….ටවුන් එකේ ඉන්න රස්තියාදුකාරයෙක් මගේ ආදරෙ ඉල්ලනවා . .
හැමදාමත් ටවුන් එකේදි බැනලා තමයි මම ගෙදර එන්නේ…. ටවුන් එකේ තියෙන පොඩි කොමිනිකේෂන් එකට මම යනවා වැඩට …ගෙදර ඉන්න කම්මැලි කමට….මට කියන්න බැරි උනා නේ මගේ නම ….nikeshi ආදිත්‍යා….
එදත් උදේම නැගිටලා අම්මාට උදව් කරලා කොමිනිකේෂන් එකේ වැඩට යන්න ලෑස්ති වුණා …..ටවුන් එකට පොඩි දුරක් තියෙන නිසා මං පයින් තමයි යන්නේ ….පොඩ්ඩක්….බය හිතෙනවා උදේට යද්දි …මොකද කවුරුවත්ම නැහැ…..
අම්මා අප්පච්චි මම යනවෝ ….
මම දුවගෙන ගිහින් එයාලා දෙන්නට වැන්දෙ දණ ගහලා .. .
අනේ මගේ රත්තරන් බෝනික්කට සියලු දෙවියන්ගේ පිහිටයි ….
මගේ අම්මයි අප්පච්චියි මාව තුරුළු කරගෙන
මගේ නළල ඉම්බා..
මං ඉතින් සුපුරුදු විදිහට පාරට බැහැලා…ටවුන් එකට යන්න පිටත් වුණා ……
ටවුන් එක ඔන්න මෙන්න කියලා තියෙද්දි….අර මං කීව රස්තියාදුකාරය …..එකපාරටම මං ඉස්සරහට ආවා….
ආදිත්‍යා අද තමයි උබට දෙන අවසානම.. අවස්ථාව….උඹ පස්සේ මං අවුරුදු දෙකක් තිස්සේ එන්නේ…..බලපං මගේ ලස්සන …මට තියෙන සල්ලි මං ආදරේ කරන්නෙ….උඹට සත්තයි මං ආදරෙයි මැනිකේ ….
ඒත් මතක තියා ගනින් … උඹඅයිති වෙන්න ඕනේ මට විතරමයි ….
මේ චාමර මං උඹට කැමති වෙන්නෙ නෑ උඹ මාව මැරුවත් මං උඹට කැමති වෙන්නෙම නෑ…
මේ ..උඹේ අවසාන තීරණය ද….
ඔව් මේක මගේ අවසාන තීරණය අදින් පස්සෙ උඹ මගේ පස්සේ කවදාවත් එන්න එපා …
එවෙලෙම චාමර සාක්කුවට අත දාල….පොඩි බෝතලයක් ගත්තා….ඒකෙ පියන ඇරලා …
ඒක කෙල්ලගේ ඔළුවට හැලුවා…..
බුදු අම්මෝ මාව පිච්චෙනවා මාව බේරගන්න කවුරුවත් නැද්ද මාව බේරගන්න….
ඇය මහමග ඇදවැටුනේ..කාත් කවුරුවත් නැතුව….මිනිස්සු …එතැනට එන විටත්….චාමර එතනින් පැන ගොස් තිබුණා ….පාරෙ…යන වාහනයකින් ඇයව හොස්පිටල් එකට ඉක්මනට ඇඩ්මිට් කළා…අවාසනාවට ඇගේ ඇස් දෙකම…acit වලට පිච්චිලා නොපෙනී ගිහින් තිබුණා …..
****************************
දැනට ආදිත්‍යා හොස්පිට්ල් එකේ මාස දෙකක් ….ඇයගේ අම්මා තාත්තා …ඇඬූ කඳුළින් ….
එතකොටම doctor ආදිත්‍යගේ අම්මට කතා කරා …
ආදිත් යා ගේ අම්මේ …ඔයාලට සුභාරංචියක් කියන්න තියෙනවා…..මම මේක හැංගුවේ ඔයාලා පුදුම කරන්න ඕන නිසා …..එක පිරිමි ළමයෙක් ඇවිත් ආදිත්‍යා ට එයාගේ ඇස් දෙකම දුන්නා …මම ගොඩක් උත්සහ කරා ඒ ළමයගෙන් විස්තර ගන්න…කිසිම දෙයක් කියන්නැතුව ඒ ළමයා යන්න ගියා….ඒත් එක දෙයක් කිව්වා…..ඔයාලා තුන් දෙනාගෙන්ම සමාව ඉල්ලුවා ……
doctor ආදිත්‍යගේ අම්මයි තාත්තයි දෙන්නම..
ආදිත්‍ය කාමරයට එක්කරගෙන ගියා
නර්ස් ආදිත්‍යගේ බැන්ඩේජ් ගලවන්න..
නර්ස් ආදිත්‍යා ගේ බැන්ඩේජ් හෙමින් හෙමින් අයින් කළා ….
ආදිත්‍යා හෙමෙන් සෙමෙන් ඇස් විවර කළා …
ඇය මුලින්ම දැක්කේ ඇස් කඳුලින් පුරවගත්තු අම්මයි අප්පච්චියි ….
අම්මේ අප්පච්චි මගේ ඇස් දෙක පේන්නෙ නැතුව නේ තිබුනේ කොහොමද මේ ඇස් දෙක ආයෙත් ..පේන්නේ….
එතකොටම ඩොක්ටර් …ආදිත්‍යා අතට පොඩි ලියුමක් දුන්නා ….
ගැහෙන ඇඟිලි තුඩු වලින් ලියුම දිග ඇරපු ආදිත්‍යා ….කඳුළු පිරුණු ඇස් වලින් …බලාගෙන ලියුම කියවන්න පටන් ගත්තා….
මගේ ආදරණීය ආදිත් යා….
අවුරුදු දෙකක් තිස්සේ මං ඔයා පස්සේ ආවෙ …මගේ ආදරේ ඔයා පිලිගයි කියලා හිතලා…ඔයා දන්නවද…මම ටවුන් එකේ රස්තියාදු ගැහුවා තමයි…ඒකටත් ලොකු හේතුවක් තියෙනවා ….මගේ අප්පච්චි..මාවයි අම්මාවයි දාලා …වෙන ගෑණු කෙනෙක් ලඟට ගියා …..මගේ අම්මා …හැමදාම අඬ අඬ විදෝනා බලන්න මට ගෙදර ඉදලා බැරි නිසයි …මං ටවුන් එකේ රස්තියාදු ගැහුවෙ…මගේ මේ හැමදේම ඔයාට කියන්න මං ගොඩක් උත්සහ කළා…මටත් ඉවසන එකේ සීමාවක් තියෙනවා නේ මැණික ….ඔයා දැකපු දවසේ ඉඳලා …ඔයාගේ මේ ලස්සන මූණට ඔයාට ..මම
ආදරේ කරපු තරම් ….ඒ ආදරේ ම තමයි ….මේ තරම්ම නපුරු දෙයක් කරන්න මාව පෙළඹුවෙ….මට අයිති වෙන්නැති උඹ වෙන කාටවත් අයිති වෙනවා දකින්න මං කැමති උනේ නෑ ….ඒකයි මං උඹට ඇසිඩ් ගැහුවේ….එදා ඉඳලා අද වෙනතුරු මං විඳවනවා …මං දැනගත්ත උඹේ ඇස් දෙකම පේන්නේ නෑ කියලා ….උඹ දන්නවද මැණිකේ
අද උබ මේ ලියුම කියවන්නෙ මගේ ඇස් දෙකේන්….මට දුක නෑ මැණිකේ….උඹ මාව හොයන්න උත්සාහ කරන්න එපා…උඹට දුන්නු වේදනාව ට මං කොහාට හරි ගිහින් …විදවන්නමි ඉස්සර වගේම ලස්සනට ඉන්න …පුළුවන් නම් මේ පව්කාරයාට සමාව විතරක් දෙන්න ….මගෙ මැනිකෙට බුදු සරණයි ….
මම රස්තියාදු චාමර
අනේ දෙවියනේ ඔයා මට මේ තරම් ආදරේ කරා කියලා මම දන්නේ නැහැ….මට මගේ දෙමව්පියන්ට දුකක් දෙන්න ඕනේ උනේ නෑ …ඒකයි මම ඔයාට අකමැති උනේ….අනේ මට සමාවෙන්න චාමර….
අනේ අම්මේ අප්පච්චි … චාමර කොහෙද ඉන්නේ කියලා හොයලා දෙන්නකෝ අප්පච්චි…
උඹ කිව්ව නම් මගේ දුවේ මෙහෙම කොල්ලෙක් යාලු වෙන්න අහනවා කියලා අපි පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා උඹට හැමදේම කියනවා නේ …..බලපන් උෟ අවුරුදු දෙකක් උඹ පස්සේ ඇවිත් නේද …අවසානයේ උගේ ඇස් දෙක උඹට දීලා උෟ යන්න ගිහින් ….
මං පොරොන්දු වෙනවා ….අද රෑ වෙද්දි චාමර උඹ ලඟට එනවා….
තාත්ත එහෙම කියලා….චාමර හොයන්න ගියා…තාත්තා කෙළින්ම ගියේ චාමර ගේ ගෙදරට ….
ගේ ගාවට ගිහින් දොරට තට්ටු කලා…
ඇරුණු දොරින් එලියට ආවේ චාමරගේ අම්මා…
චාමර පුතා ගෙදර ඉන්නවද….
මේ ආදිත්‍යා ගේ තාත්තා වෙන්න ඇති …මගේ පුතා කරපු දෙයින් අද….අපි දෙගොල්ලක් විඳවනවා නේද ….ඔයාගේ දුවගේ ඇස් දෙක නැති කරලා….අවසානයේ මගේ පුතා ඇස් දෙක දූට දුන්නා .. .අද මගේ පුතා අන්ධයෙක්
නෑ චාමරගේ අම්මේ….මං ආවේ චාමර පුතා එක්ක යන්න ….මගේ දුව වැලහින්නක් වගේ අඬනවා…..එයාලා තීරණයක් ගත්තා වේ …පුතා එක් කරගෙන මගෙත් එක්ක යමු …
ආදිත්‍යා ගේ තාත්තා චාමර වයි චාමරගේ අම්මයි …හොස්පිට්ල් එකට එක්කරගෙන ආවා ….ආදිත්‍යා ගේ …තාත්තා ..චාමර ව …ආදිත්‍යා ළඟට එක්කරගෙන ගියා …
මගේ දුවේ …කවුද ආවෙ බලන්න …
ආදිත්‍යා ට ඇස් දෙක අදහගන්න බැරි වුණා …චාමර මේ මාස දෙකට ඇදිලා ගිහිල්ලා …තිබුණ ලස්සන …මූණ වියකිලා ගිහිල්ලා …ලස්සනට තිබුණු ඇස් දෙක …අද නෑ …ආදිත්‍යා චාමර බදාගත්තා …
අනේ මගේ රත්තරන් …මං ඔයාව තේරුම් ගත්ත නං ..අද ඔයාගේ ඇස් දෙක නැති වෙන්නේ නැහැ …මං ගොඩක් පව් කරලා ….මට සමාවෙන්න. චාමර ….අද ඉඳලා ඔයාගේ ඇස් දෙකෙන් ….මම ලෝකෙ බලනවා වගේම …මගේ ජීවිතේම ඔයාව බලා ගන්නවා …මම ඔයාට පොරොන්දු වෙනවා වස්තුව ….එදා ප්‍රතික්ෂේප කරපු ඔයාව . .අද මං ඉස්මුදුනින් ම පිළිගන්නවා …මගෙන් වෙච්ච වැරැද්දට …පුළුවන් ද මාව කසාද බඳින්න ….
ආදිත්‍යගේ වචන ….චාමර ගේ හදවත …ආදරෙන් පුරවන්න සමත් වුණා ….
මටත් සමාවෙන්න මගේ මැණිකේ ……ඔයා කැමතිනම් මං කැමතියි ඔයාව බඳින්න …
ඊට පස්සේ දෙපැත්තෙම දෙමාපියන්ගේ ආශිර්වාද මැද්දෙ ….ආදිත්‍යා චාමර කසාද බැන්දා ….අද ඒ දෙන්නා ගොඩක් සතුටෙන් ….ඇස් නොපෙනුනත් ..පුංචි අඩුපාඩුවක් වත්…..ආදිත්‍යා …චාමර ට කළේ නෑ .එයාලා ගොඩක් සතුටින් ජීවත් වෙන්න තීරණය කළා
නිමි
උපුටා ගැනීම : Shanika Priyadarshani