මගෙ ඩෝලි (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” ලස්සනයිද “
මනාලියක් ලෙස හැඩ වී සිටි මා, පාන්දර 4.05යි ලෙස වෙලාව සටහන් වෙද්දි මගෙ පින්තූරයක් ගෙන ඔහුට යැව්වෙ එසේ අසමින්.
ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවූවත් මෙ මොහොතෙම ,තත්පර කාලක් ගත වෙන්නත් කලියෙන් පැමිණියේ ඔහුගෙන් සුපුරුදු ඇමතුමක්.ඉතිං එය පෙර දවසක ඔහුගේම ඉල්ලීමක් වු නිසා වෙන්නැති.
” බෝනික්කෙක් වගේ හැඩයි අද මගෙ ඩෝලි ලෝභයි ඉතිං මට “
දුරකථනය කනෙහි තියාගන්නවත් එක්කම, කෙදිනකවත් මා ගැන වර්ණනාවක් කර නැති ඔහු රළු හඩින් එලෙස කියද්දි දෑස් පුදුමයෙන් විසල් වි ගියේ සියුම් කදුළු පටලයකින් දෑස් වසාගද්දි.
ඔහුගෙ පලමු හා අවසන් වර්ණනාවද මෙය වන බවත් ස්ථිරයි.
” ඔයා නිදාගෙන නෙවෙයිද අයියේ හිටියේ “
ඔහුගෙ කතාව මඟ හරිමින්, කිසිම හේතුවක් නැතුවම ඇහැරන් උන්නු ඔහුගෙන් ඇසුවෙ මා එ හිත දැන දැනමයි.
” ඔයා සැලෝන් එකට ආපු වෙලේ ඉදන් මමත් ඇහැරන් හිටියා ඩෝලි
පොටෝ එකක් එවනකන් බලන් හිටියේ ෆෝන් එක දිහාම බලාගෙන “
පැටලි ඇති මාල හත සකසමින් දිගු සුසුමක් පා කරේ, හදවත ඇදුම් කන වේදනාව එලෙසින්ම තියෙද්දි.
ඉදින් ඔහු මේ සඟවන්න හදන්නේම පෙර දවසක මා නමින් ඒ සිතෙ දළු ලෑ ආදරය නොවෙද.
මා මගෙන්ම පිළිතුරක් සෙව්වෙ, ඔහුගෙ පිළිතුර හැමදාමත් මගෙ හිත රිදෙව්ව නිසයි.
” හ්ම්ම් “
හදවතේ ගැඹුරුම තැනින් දැනෙන වේදනාවත් එක්කම කෙටි පිළිතුරක් දී නිහඩ වුයේ, මා හෙට ඉදන් තවත් කෙනෙකුගෙ බව හිතට පසක් කර දෙමින්.
ඉතිං එ ජිවිතය අපායක් වෙයිදො නැත්නම් දිව්යලෝකයක් බඳු වෙවිදෝ නොදනී.
” ඩෝලී “
ම්ම්
” අද ඉදන් මං අපායක ඉන්නව වගේ දැනෙයි නේද”
ඔහුගේ වදන් වඩාත් වේදනාකාරි වෙද්දි, ඉකිබිදින හැඩුම් මා වාව ගත්තේ අපහසුවෙන්.
ඇයි එහෙම ඉතිං
“වෙනදට ඔයා අරක කරන්න එපා මේක කරන්න එපා ,අරහෙ යන්න එපා මෙහෙ යන්න එපා,ඕවා බොන්න එපා කියලා
දෙමළිච්චියක් වගේ කියවනවනේ
හෙට ඉදන් කවුරු කියන්නද මට
පාළු දැනෙයි මගෙ ඩෝලී නැතුව “
“මටත් “
නොදැනිම මුවින් එලෙස පිට උනේ, උඩු සිතින් මා ඔහුගෙන් මිදී දුර යන්න සිතුවත්, යටි හිත කැමතිම එ උනුහුමෙ ඉන්න හින්දා වෙන්නැති.
ඉදින් ඔහු කියන දේ සැබෑවක්. ඔහුගෙ හෙවණැල්ලටත් වඩා ලඟින් හිටියේ මං.
ඒ හිතෙ අස්සක් මුල්ලක් නෑර දන්නෙ මං ඉතිං එකම එක දෙයක් ඇරෙන්නට.
එ ඔහු මට ආදරෙයි නොකිවෙ ඇයි කියන්න අදටත් රහසක්.
හිත පිරෙන්නම බලාපොරොත්තු වූවත් ඔහු නොදුන්නෙත් ආදරයමමයි.
” දෙමළිච්චිගෙ කට සදහටම වහලා දැම්මෙ ඇයි ඉතිං “
මගෙ හෙවණැල්ල වගෙ ඉන්න ඔහුගෙන් එසේ ඇසුවෙ, එ හිත කෙතරම් මුරණ්ඩුද යන වග දැන දැනමයි.
අදත් නිරුත්තරයි ඔහු.
කිහිප වතාවක්ම උගුර පාදමින් කතා කරන්න වෙර දරන ඔහුගේ ඒ වේදනාව අදුනගන්න බැරි කමක් නෑ මට.
ඉතිං මා ප්රාණ සමානව පෙම් කල ඔහුගෙ හුස්ම ගන්නා රිද්මයත් හරි හුරුයි මට.
” ඩෝලී මං අද එනවා
මගෙ පුංචි කුමාරිව බලලා යන්න “
ඇදුම් කන පපුව හත්කඩකට පැලී යන්නාක් මෙන් දැනුනේ ඔහු කියූ එ කතාවටයි.ඉතිං ඔහුත් අද ඒවී මාව බලලා යන්න.
අවුරුදු තුනක් පුරාවටම හීන දැක්කෙ ඔහුගෙ මනාලිය වෙන්න.
ඔහුත් එක්ක පෝරුව උඩ ඉදන් මුදු මාරු කරගන්න.
ඒ අතින් තැල්ලක් මගෙ කර වටා බන්දගන්න.
සියල්ලම සිහිනයක් වී ගියේ දරදඩු ඒ හිත අස්සෙ මට ඉඩක් නැති බව ඔහුම පසක් කර දෙද්දි.
” එන්න මං බලන් ඉන්නවා “
ඔහු නොඑන තරමටම හිත ප්රිය වූවත්, එපමණක් පැවසුවෙ එ හිත රිද්දන්න බැරි කමටයි.
” ඩෝලී මං මොකද්ද ඇදන් එන්න ඕන “
” දම් පාට ශර්ට් එක “
ඔහු ලස්සනම එ පැහැයට වෙද්දි, දෙවරක් නොසිතාම එහෙම කිවෙ, මට දැන් ඔහුව අයිති නොමැති බව අමතක වී.
” හරි හරි ඒක ඇදන් එන්නම්කො මම”
ඔහු කියන්නෙ සිනා සෙමින්.
” අයියේ
ම්ම් මගෙ ඩෝලී
” ඔහොම කතා කරන්න එපා දෙයියනේ මං පිච්චෙනවා “
ම්ම්..සොරි මොකද්ද කියන්න ගියේ
” ඔයා අර කීවෙ ඇත්තටමද ඉස්සර “
මොකද්ද මැණික
” මට ආදරේ නෑ කියලා , මං එච්චර අඩ අඩ අහද්දිත් නෑමයි කිවෙ “
ඩෝලී දැන් පරණ කතා වැඩක් නැ නේද
” කියන්න මාව දැනුන් නැද්ද ඔයාට කවදාවත් “
ඩෝලී ඔයා අද චූටි මනමාලියක්
දන්නවද ඔයා එනකන් එයා මඟ බලන් ඇති
” අනේ අදවත් කියන්න , අවසාන වතාවට
මං එච්චර ආදරේ කරද්දිවත්, ඔයා මට ආදරෙ කරේ නැද්ද චුට්ටක්වත් “
මගෙ ඩෝලී….
” කියන්නකෝ ආදරේ කරෙ නැද්ද “
කරා මැණික කරා
මේ පපුවේ වෙන එකෙක්ට එන්න බැරි තරමට ඉන්නෙ උබ
මගෙ ඩෝලී
මගෙ පුංචි එකී
මාව පිච්චෙනවා මැණික
මලක් වගේ බලා ගත්තෙ මං උබව
ලෝභයි දෙන්න වෙන එකෙක්ට
එච්චරට ආදරෙයි මගෙ ඩෝලී
ඒත් බැරි උනා
උබ හොයන ආදරේ මට දෙන්න බැරිවෙයි කියලා බය උනා
” ඇයි අයියේ ඇයි ඔච්චර දවසක් හැංඟුවෙ ඇයි.
මට ඕන උනේ ඔයාව
ඔයා ලඟ ඉන්න
ඇයි දෙයියනේ මාව එපා කිවෙ “
ඔහුගේ වදන් දරා ගත නොහැකිව සාරි පොටින් මුව තද කර ගත්තෙ ඉකි ගසන හඩ පිටට යන්න නොදී
” ම ගෙ ඩෝ ලී
අ හන් න කෝ.. “
ඇයි මාව එපා කිවෙ අයි යේ
එක පාරක් ආදරෙයි කීවනම්
දෙයියනේ මං ආත්ම හතක් බලන් ඉන්නවා මැණික
” ඩෝලී මගෙ රන්
නවත්තපන් දෙයියෝ
උබට කදුළු හුරු නෑ “
හුරු නැත්තේ නෑ අයියේ මට,
හිනාවෙලා හිටියට හැමදාම ඇඩුවා.
ඉකි ගගහා මහ රෑට
ඇයි මට ආදරේ කරන් නැත්තේ හිත හිත
ඉතිං මට හුරුයි කදුළු
මාව මැරුවනම් ඔයාට ඔයිට වඩා සතුටින් ඉන්න පුලුවන් වෙයි.
ඇයි මෙහෙම කරේ මට
” මගේ ඩෝලී
මට සමාවෙන්න මැණික
මේ ආත්මේ මට උබව හිමි නැ
ඊලඟ ආත්මෙනම් උබට යන්න දෙනවා බොරු
මගෙම තමයි උබ “
එපා මට එපා මේ ආත්මෙදි මාව එපා කියපු මනුස්සයා ආයේ මට එපාමයි.
ඉහවහ ගිය දුකත් එක්කම තරහක් හිතපුරා බුර බුරා නැඟෙද්දි, ඔහුට සමු නොදීම ෆෝන් එක කට් කරේ, විඩාබර මුහුණේ අතුල්ලා ඇති මේකප් තට්ටු පිටින් දියවී යද්දි .
_________**_________
9. 45 a.m.
” දැන් දෙන්නා මුදු මාරු කර ගන්න “
එ නුහුරු පිරිමි දකුණතේ වෙඳගිල්ලේ මා මංගල මුදුව රැන්දුවෙ, වැටෙන්නට පොර බදින කදුළු හිර කරන්.
හිත වෙන කෙනෙක් ලඟ තියන් වැරැද්දක් කරනවාදෝ මා කියා, මගෙ හිතම මට දොස් නඟද්දි මා ඉදිරියෙන් ඉන්න ඔහු දෙස බලන් වියළි සිනහවක් පෑවෙ ඔහු ගැන උපන් අනුකම්පාවෙන්මයි.
පෝරුවේ චාරිත්ර අවසන් වූවත් බලාපොරොත්තු වූ ඔහු තවමත් නැති වෙද්දි, හිත කලබල වූයේ ඔහුට කරදරයක්වත් වූවාදෝ සිතමින්.
දවස වේගයෙන් ගෙවී යද්දි ටිකෙන් ටික ලං වූයේ පිටත් වෙන වෙලාවටයි.
” ඔයා කාව හරි හොයනවද හේෂූ “
අසිත් මගෙ අතින්ම අල්ලන් අසද්දි නිරුත්තර වී ගියේ , මගෙ වෙනස ඔහුටත් දැනී ඇතැයි හිත බයෙන් ගැහෙද්දි.
” මෙ නැ නැ අසිත්, පිටත් වෙන්න වෙලාව හරි නේද ඒකයි මං කල්පනා කරේ “
කල්පනා කරන්න දෙයක්ද ලමයෝ ඒක
යමු වෙලාව හරි
3. 45 p.m
සුභ නැකතින් දකුණු පය පෙරට තබා අසිත් මමත් පැමිණියේ මෝටර් රථය අසලට.
ඒත් මගෙ හිත කලබලයි.
අනෙ මගෙ මැණිකගෙ මූණ අවසාන වතාවට බලන්න ඕන මට , කියා යටි හිත කෑ මොර දෙද්දි තවත් වතාවක් දෑස් යැව්වෙ වට වී ඉන්න නෑ පිරිස දෙසටයි.
” ඩෝලී “
අනේ හුරු පුරුදු ඒ හඩ,
නොපීරු අකීකරු හිසකෙස්
රත් පැහැ ගැන් වූ නෙත් ඔහුගෙ දුකට සාක්ෂි දෙද්දි, මෙතෙක් දවස පුරා වාවන් උන්නු කදුළු එක්ක මා පොර බැදුවේ, සියළු හැඟීම් හිත ඇතුලේ මරා දමද්දි.
ඔව් ඒ ඔහු
දම් පැහැති කමිසය වෙනුවට ඔහු ඇදන් උන්නෙ සුදු පැහැති කමිසයක්.
ඔහුගෙ ප්රේමයෙ අවසන් කටයිතු අද නිසා වෙන්න ඇති එ, එහෙමයි හිතුනෙ මට.
” අ යි යේ “
වචන එලියට නොයෙද්දි තොල් පටින් පමණක් මා මිමිණුවෙ එපමණයි.
” කලින් එන්න බැරි උනා වැඩ ගොඩක හිර වෙලා හිටියේ, අමාරුවෙන් ආවෙ කපල් එකක බලලා යන්න අවසාන වතාවට”
අසිත්ගෙ පිටට තට්ටුවක් දමමින් ඔහු කියවන්නෙ, මගෙ දෙඇස් දෙසත් බලමින්.
” ඩෝලී මං රට යනවා ආයේ නොඑන්නම,
පරිස්සමෙන් ඉන්න දෙන්නම”
මගෙ දෙඇස් දෙසම බලන් ඔහු කිවෙ හදවතේ කළු ගලක් එල්ලුවා මෙන් බරක් දැනෙද්දි.
ඉතිං මා කලක් පුරාවට ප්රාණ සමානව පෙම් කල ඔහු, නොඑන්නම යන බව කියද්දි, කොහොම දරාගන්නද
වෙනදා මෙන් දුවන් ගොස් එල්ලෙන්න හිතුනේ එ දෑතෙ.
හුරතල් වෙන්න හිතුනේ එ ගණට වැවුණු රැවුලේ එල්ලී.
අවුරුදු තුනක් පුරාවට ඔහු එක්ක ගෙවුනු සුන්දර දවස් එක පෙළට මැවී යද්දි, වාවන් උන්නු කදුළු වැල් එලියට එන්න පොර බැදුවෙ,සියුම් නහරයක් නහරයක් පාසා වේදනාවෙන් තෙරෙපෙද්දි.
” මේක මගෙන් පුංචි තෑග්ගක් “
එසේ කියමින් චූටි පංචායුධ දෙකක් මගෙ දෑතෙ තබමින් ඔහු යන්න ගියේ ආපසු නොහැරිමයි.
යන්නම යන ඔහු දෙස බලා කදුළු සලන්නත් මට තහනම් වෙද්දි, ඉක්මනින් මෝටර් රථයට නැග්ගේ ගමනාන්තේ කෙළවර දකින්න ඕන නිසයි.
ඉදින් මා අවසානයෙ වටහා ගත්තේ ප්රේමයනම් විදිය යුතු අතර හිමි විය යුතුමයි නියමයක් නෑ කියාය.
ජීවිතෙත් වරා මලක් වගේ , පාවී පාවී ඉදලා අවසානෙට උරුම තැන පැලවෙනවා.
ඉතිං පැලවෙන තැනක ලස්සනට පිපෙන්නයි ඕන.
ඔහු තරමට මට ප්රේම කල අයෙක් කෙදිනකවත් මුණ නොගැසේවී.
ඉතිං ඒ යාළු කමට එහා ගිය ප්රේමයට මෙහා නැවතුනු බැදීමක්.
සිප වැළද ගැනීම් නැතුවම රහසේම ප්රේම කල උන් රහසේම නික්මෙති.
හදවතින්ම පතන්නේ, ඉන්න තැනක ඒ හිත සතුටින්ම පිරියන් කියලා.
ඉතිං ජීවිත කතාවෙ අපි අතරමං වෙන්නේ නොහිතන තැන් වල.
ඒ කෙසේ වෙතත්, ඔහුයි මට ආදරය කියා දුන් පලමු ආදරණීය පිරිමි හිත.
විවාහයෙන් සිවු වසරක් ගත වුවද ඔහු මගේ සිතේ සක්මන් කරයි.. මෙසේ විදවීමකට වඩා එදා මා සිත රැදුන තැන සිටියා නම් අද ජීවිතයේ සුන්දරත්වය හොදින් විදින්නට තිබුනි යැයි මට සිතේ..
………………………………….
අප නතර විය යුත්තෙ අපේ හිතට දැනෙන තැනයි.
විවාහයෙන් අගුල් වැටීමට පෙර අප එය තේරුම් ගත යුතුය. විවාහට දිනකට පෙරද ඔබට ඔබට එම තීරනය ගැනීම වරදක් නොවේ.එසේ නොව්නහොහ් ජීවිතයේ සෑම දිනක්ම ඔබට පසු තැවීමෙන් ගත කිරීමට සිදුවේ..
-සත්ය කාතාවක් අැසුරින් ලියන ලද්දකි… –
උපුටා ගැනීම: Sankara ” සංකාර “

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!