මගේ කතාව (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“සුපුන මාව නිකන් පාවෙනව වගේ…”
කලනය මගේ ඇගට බර වුනේ ඒම කියාගෙන…
“පලයන්කො මගුල.. යකෝ මෙතනදිවත් පිලිවෙලට ඉදපන් අපි දැන් ඩිග්රි ගහපු උන්…”
මං කීවෙ කෝට් එක හදන ගමන්…
“කෝම හරි උබ සෙකන්ඩ් අපර් එකක් හරි ගත්තනෙ අර මල්කාන්ති මූසලි හිටියෙ නැත්තම් උබ බැච් ටොප්… කොහෙද මුගෙ හර්දය ප්රේමෙන් තෙමාගත්තනෙ…”
නිශානි පිටිපස්ස හැරිල කීව…
“හරි බන් හරි කෑ නොගහ ඉදපන්”
“නිකමා….” මන් හෝල් එකෙන් එලියට ඇවිල්ල තාත්තව හොයද්දි කසුන් කෑ ගැහුව
“වරෙන් ගෲප් ෆොටෝ එකට උබ නැති ගෲප් ෆොටෝ වැඩක් නෑ….”
මං සුපුන් ශානක ගුනතිලක… අද මං ඩිහ්රිය නොගෙන කාලකන්නියයෙක් කුඩ්ඩෙක් වෙන්න ඕන තරම් හේතු තිබුනා… ඒත් මං මෙතන ඉන්න ලොකුම හේතුව අමාය මැඩම්…
මට අම්මෙක් නෑ ඉන්නෙ තාත්තෙක් විතරයි… උප්පැන්නෙ අම්මගෙ නම තිබුනට එයා මැරිලලු….
මං පොඩි කාලෙ හිටියෙ කිරි අම්මල එක්ක තාත්තගෙ ගමේ… අනුරාධපුරේ පැත්තේ කොටි කලබලත් තිබුන ඒ කාලෙ.. තාත්තගෙ අක්ක මට කතා කරන්නෙ කාලකන්නිය ඕපපාතිකය කියල… හැබැයි ඒ තාත්ත නැති තැන.. තාත්තට ඇහුනොත් හොදටම බයිනව… ඒත් මං දකින සමහර වෙලාවට කිරිඅම්ම කීවෙ මොනා නැතත් මහ එකාගෙ ඇස් දෙක නම් තියනව කියල… මට ඒ හැමෝගෙන්ම ආදරේ තාත්ත විතරයි… ශිෂ්යත්වෙ පාස් උනාම තාත්ත මාව බදාගෙන ඇඩුව හොදටම එයා කීවෙම මං දුක් විදින්න හේතුව එයාලු කවදාවත් එයාවගේ හැදෙන්න එපා කීවා අම්මවගේ හොදට ඉගෙන ගන්න කීව එදා තමා තාත්ත අම්ම ගැන කීවෙ ඉස්සෙල්ලාම මංලු ඒ දිස්ත්රික්කයේ වැඩිම ලකුනු… එදා ඉදන් ලොකු නැන්දගෙ කෙනිහිලිකම් තවත් වැඩි උනා… එයා කීවෙම මං ඉපදෙන්න හිටපු එකෙක් නෙවෙයි කියල… අපිට සල්ලි මදි හන්දම තාත්ත රට ගියා… ඒ ගියෙ හොරපාරෙන් කියල තමයි කිරි අම්මනම් කීවෙ… තාත්ත ගියාට පස්සෙ ලොකු නැන්ද මට හුගක් වද දුන්න මං හැමදාම අඩනව කිරි අම්ම කීවෙත් මං තාත්තගෙ ජීවිතේ කන්න ආපු එකෙක් කියල සමහර දවස්වල රෑට ගෙදරින් එලියට දානව අම්ම ඉන්න දිහාකට පල කියල…… එතකොට මං අඩනව අම්ම නෑනෙ කියල ඒම අඩපු දවසක තමයි කීවෙ අම්ම මැරිල නැල්ලු ඉන්නෙ කොලඹලු…. ඉතින් ඒම එලියට දාපු දවසක මං ගෙදරින් ආව අම්මව හොයාගෙන කොලඹට… එතකොට මට අවුරුදු 13යි…
මං කොළබ ආවාම විකාරෙ වගේ… අනික බඩගින්න…
මන් බඩගින්නට හිගාකන්න පටන් ගත්ත… එතකොට මාව කලු මාහත මනුස්සයෙක් අල්ලගත්ත… අල්ලගෙන හොද කනේ පාරක් ගැහුව…
“කාගෙන් අහලද පොඩි එකෝ මේ ඒරියා එකේ හිගාකන්නෙ… උබට කවුද හිගාකන්න කිවේ….” මං අන්දුන් කුන්දුන්…. “මං බඩගින්නට හිගාකෑවේ මට කවුරුත් කීවෙ නෑ..” අඩ අඩ කීවෙ… ටිකක් වෙලා බලන් ඉදල වරෙන් කියල මාව එක්කගෙන ගියෙ මුඩුක්කුවකට… මාව එක්කන් යනව බලන් ඉදපු වත්තෙ ගෑණු කෙනෙක් කම්මුලේ අත තියාගෙන කියපු දේ තාමත් මතකයි…
“අනෙ අප්පේ ලස්සන කොල්ල… ඒකත් ඉවරයි…”
ඒ ගිය පාර මට රස්සාවක් හම්බුනා… රස්සාවක් කිවට ඒකෙ කරන්න තිබ්බෙ එයාල දෙන පාර්සල් කියන තැනට ගිහින් දෙන එක..කාලයක් යද්දි තමයි දැන ගත්තෙ ඒවගෙ තියෙන්නෙ කුඩු කියල කුඩු ගෙනියන්න එයාල කන්නයි බොන්නයි දුන්න පස්සෙ පස්සෙ එයාලගෙ පොඩි කල්ලියේ හොදම ගෝලය මං වුනා… ඒ පොලීසියේ ඕන එකෙක්ගෙන් බේරිලා යන්න ම්ට පුලුවන් වුන හන්ද කාලයත් එක්ක මං කුඩු ගහන්නත් පුරුදු වුනා කුඩු ගංජ ගල් විස්කි ඔය ඔක්කොම ගැහුව… මං හිතුවෙ ඒක තමයි ජීවිතේ කියල.. ඔය අතරෙ තමයි මං පොලීසියට අහුවුනේ… කවුද පරයෙක් ඔත්තු දීල තිබ්බ.. මාව ඇල්ලුව උසාවි දැම්ම… මට ඒ වෙද්දි වයස 15යි… 18 ට අඩු හන්ද පරිවාසෙ දාන්න ඕනෙ කීව.. ඒත් එතන තමයි මගෙ ජීවිතේ වෙනස් වෙන්න ප්රදාන හේතුව… පරිවාසෙ දානව වෙනුවට මං ගියෙ ගෙදරකට…
මාව පොලිස් ජිප් එකෙන් බස්සද්දි පොලීසියේ උන් කීවෙ මැඩම් ඩිවෝස් හන්දයි මං ලස්සන හන්දයි මට චාන්ස් එකක් ආව කියල
ඒත් ඒ කීව චාන්ස් එකක් මට ආවෙ නෑ මට වුණේ ඉගෙන ගන්න…
කවදාවත් අමාය මැඩම් මගෙන් අතීතෙ ගැන ඇහුවෙ නෑ එයා මාව හරි ගැස්සුව… මගෙ ජීවිතේ හරි ගැස්සුව… මගෙ ජීවිතේට අම්ම කෙනෙක් වුන…
ඔය අතරෙ තමයි මගෙ තාත්ත මාව හොයන් ආවෙ එයාව එක්ක ආවෙත් මැඩම්… තාත්ත මාව බලල ගියා… මාව එක්ක ගියෙ නෑ.. මට හොදට ඉගෙන ගන්න කියල ගියෙ…. ඒ ඇස්වල කදුලු…
ඒත් ඒ දුක් කදුලු නෙවෙයි කියල හිතුනෙ ඒ ඇස් සතුටින් දිලිසෙනව දැක්ක හන්ද…
ඊටපස්සෙත් තාත්ත මාව බලන්න ආව ඒ ආවත් මැඩම්ගෙ ගෙදරට ආවෙ නෑ කවදාවත්…
මං කැම්පස් ආවා…එතකොට තමයි නිලූ හම්බුනේ එයාට කාඩ් එක දැම්මෙත් මම.. මල්කාන්ති ඒ එයා මලක් වගේ නිසා මං එයාට කොච්චර ආදරේ කලත් කාලයක් යද්දි එයා මාව මග ඇරියෙ මං අනාතයෙක් කියල… ලෝයර් කෙනෙක්ගෙ ගෙදර පිනට කනව කියල…
මැඩම් වෙනද වගේම එදත් කීවෙ හැමදේම වෙන්නෙ හොදටයි කියල… “ඉගෙන ගන්න කොල්ලො… කොල්ලට මං ඉන්නවනෙ…”
“ඇයි මාත් ඉන්නෙ…”
මැඩම්ගෙ දුව ඉමාශා නංගි බඩට එකක් ගහල දීව… තාත්තගෙ ආදරේ විතරක් ලැබුන මට අමාය මැඩම් අම්ම වෙද්දි ඉමාශා නංගි සහෝදරියක් වුණා..
*****************************************
අද පුතාගෙ උපාධිප්රදානෝත්සවය… පුතාට මං ගැන ආඩම්බරයිද නැද්ද මං දන්නෙ නෑ ඒත් මට පුතා ගැන ආඩම්බරයි….
මං කැම්පස් යන්න පාස් උනත් මට යන්න බැරිවුනේ තාත්ත එක්තැන් උන හන්ද ඊටපස්සෙ මං තීරණේ කලේ කොළඹ එන්න මොකද හේන් ගොවිතැනෙන් ජීවිතේ ගැටගහගන්න හරිය්ට සල්ලියක් අතට එන්නෙ නැති හන්ද කොළඹ ඇවිල්ල ගෙයක් ගෙයක් ගානේ රස්සාවක් හොයන් ඇවිද්ද නිදාගත්තේ පාරවල් අයිනෙ.. දවස් දෙකකට විතර පස්සෙ ෆැක්ටරියක වැඩක් හොයාගන්න පුලුවන් උනා වාසනාවද අවාසනාවද කියන්නනං දන්නෙ නෑ… ඒත් ඒකෙ ලොක්ක ලග පියන් රස්සාව කරන්න හම්බුනේ මගේ අධ්යාපන සුදුසුකම් හන්ද එදා තාමයි හරියටම අධ්යාපනය කොච්චර වටිනවද කියල තේරුනේ… ඔය කාලෙ රටේ කලබල මට ඉන්න තැනක්වත් තිබ්බෙ නෑ හරියකට… ෆැක්ටරි එක වහන්න සිද්ද වුණා… මාව පාරට නොවැටි බේරගත්තෙ ඒ සර් තමයි… එයාට ඩ්රයිවර් කෙනෙක් ඕනෙ කියල මාව වැඩට ගත්ත… ගෙදරම නවතින්න කාමරයකුත් දුන්න… ජීවිතේ හැරවුම් ලක්ෂය…
මිනිහෙක්ට ආදරෙ ඇතිවෙන්නෙ ජාතිය කුලමල වත්පොහොසත්කම් සමාජ වටපිටාව සලකල නෙවෙයි… ඒක සිද්දවෙන්නෙ ඉබේටම පස්සෙයි අපි ඒ ආදරේ මරල දාන්නෙ ඒව ගැන සලකල…
සර්ට හිටියෙ පුතයි දුවයි… පුතා පිටරට ඉගෙනගන්නවලු… අපිටත් සල්ලි තිබ්බ නම් ඉගෙන ගන්න තිබ්බ මට ඒ දවස්වල හිතුන… දුව හිටියෙ ලංකාවෙ… එයාව පංති වලට එක්ක යන්න උනේ මට… එයා හන්ද හුගක් දේ ඉගෙන ගත්ත..
එයාගෙ අයිය ඒ කියන්නෙ සර්ගෙ ලොකු පුතා ජේවිපී එකට සම්බන්ධ වෙලා ඉදල තියනව ඒකයි එයාව රට ඇරල තියෙන්නෙ… දුවත් පංති කීපයකට ගිහින් තියනව එයා කියන්න්නෙම මේ ධනවාදි ක්රමය අවුල් කියල… ඒත් ඒක හරිගස්සන්න ගහමරාගෙන බෑ කියල… මොකද නිර්ධන පංතියේ මිනිස්සු තමන් ධනපතියෙක් උන ගමන් සටන අත් අරිනව එතැන් පටන් එයා ඒ සිස්ටම් එකට කැමතී….. ඇත්තනෙ කවුද කැමති සල්ලි බලයයි තියෙද්දි ඒව නැති කරගන්න… දුප්පත් මිනිස්සු කෝලහල වලට කැමති වෙන්නෙ ඇත්තටම තේරුමක් ඇතුව නෙවෙයි ලු… ඒ එයාලව කාලයක් තිස්සෙ පාගන් හිටපු වෛරයලු එලියට දාන්නෙ… ඔයවගේ දේවල් හුගාක් කියනව… මොනා නැත්තන් මට හොද පොත් කියවන්න ලැබුන… වාහනේ යන එන ගමන් ඕවමයි කියවන්නෙ… එයා කතාකරද්දි අහන් ඉන්න හරිම ආසයි හරි පැහැදිලිව මාර ඉවසීමෙන් කරුනු පැහැදිලි කරන්නෙ…
මං දන්නෙ නෑ අපි දෙන්න අතර ආදරයක් පටන්ගත්තේ කෝමද කියල ඒත් අපි ආදරේ කලා වාහනේ යන එන වෙලාවල් වල අපි ආදරේ කලා… අපිට නිදහස ඕනෑවටත් වැඩි උනා… ඒකෙ ප්රතිඵලයක් විදියට තමයි පුතා හම්බෙන්න ආවෙ… ඕක උනේ එයා ඒලෙවල් ලියල මාසකින් විතර…
එයාට ඕනෙ උනේ ලමයව නැතිකරන්න එයාගෙ ටාගට් වලට යන්න… ඒත් ඒක දැනගත්තම එයාගෙ අම්මයි තාත්තතයි හැසිරුනේ… අනේ මන්ද
“මොකද්ද දැන් ඔය දෙන්නගෙ තීරනේ..” සර් ඒම ඇහුවාම උත්තර දුන්නෙ සුද්දි..
“අප්පච්චි මට ඉගෙනගන්න ඕනෙ මං දරුවව නැති කරන…”
ඒවෙලාවෙම සුද්දිගෙ කම්මුලේ නතර වුනේ මැඩම්ගෙ අත…
“තොපි වල්කම් කරල ඒ මදිවට තව පවුත් පොරෝගන්න… යකෝ දරුවො නැති අම්මල කොච්චර ඉන්නවද මේ රටේ… එකෙක් විප්ලවයකට සම්බන්ධ වෙලා රට යවල අමාරුවෙන් මැරෙන්නෙ නැතුව බේරගත්තෙ…. උබ… බැල්ලි තව මගුලක් කරගෙන තොපි දරුවො නෙවෙයි මරුවො.. නිදහසේ මැරෙන්න දෙන්නෙම නෑ…”
මැඩම් ආයි සුද්දිගෙ කම්මුලට ගහන්න අත උස්සදී මං මැද්දට පැන්න..
“මැඩම් සමාවෙන්න අනේ මං ළමයව හදන්නම් මට ළමය විතරක් දෙන්න…”
ඊටපස්සෙ එයා හිටියෙ වෙන ගෙදරක අනිත් අයට කීවෙ ටුවර් එකක් ගියා අයිය ඉන්න දිහාට කියල… ළමය හම්බුනත් එයාල අම්මගෙ නම දෙන්න කැමති උනේ නෑ….ඒකයි එදා මැරිච්ච ගැණු කෙනෙක්ගෙ නමක් දැම්මෙ.. සර්ල්ට සල්ලි තිබ්බ හන්ද වැඩේ ලේසි වුණා… පුතා ගෙනියන දවසෙ නම් මැණිකෙ කෑ ගගහ ඇඩුව… පුතා ගෙදර ගෙනිච්ච දවසෙ ඉදන් ඒ කොල්ලට කලේ වෙනස්කම් අක්කට මගෙ කොල්ලව පේන බෑ අම්මටත් ඒමයි… ඒක මාව දැක්කාම දුවගෙන එනව ඇවිත් බදාගන්නව… ඒකා මං වගේමයි ඇස් දෙක ඒම ඒත් කොණ්ඩෙ මැණිකෙගෙ වගේ පොකුටු කොණ්ඩයක්.. ගති ගුණත් මැණිකෙ වගේමයි…. ශිෂ්යත්වෙ පාස් උනාම මූට උගන්වන්න මං හොයන සල්ලු මදි හන්දයි මං හොර පාරෙන් රට පැන්නෙ… මං එහෙ ඉදන් එවන එකක්වත් මගෙ එකාට ලැබිල නෑ… කොටින්ම මං ගෙදර එද්දි මගෙ එකා ගිහින් එදා ඉදන් ඒකව හම්බෙනකන් පාරක් පාරක් ගානෙ ඇවිද්ද .. ඒම ඇවිදිද්දි තමයි මැණිකෙ හම්බුනේ… එදා තරම් සතුටු වෙච්ච දවසක් නැති තරම්… එයා ගාව පුතා ඉන්නව කීව …. එයා පුතාට උගන්නව කීව… එදා වෙනද වගේම එයා මාව බදාගෙන ඇඩුව…. වෙනද වගේ මං ඔලුව අත ගෑව… මගෙන් සමාව ඉල්ලුව… ඒත් අපි දෙන්නට සතුටු වෙන්න බැරි මොකද්දෝ දෙයක් එතන තිබ්බ… මං එදා එහෙ ගියා… මැණිකෙට කසාදෙන් තව ගෑණු දරුවෙක් හිටිය…. පුතාව බැලුව ඒත් ඊටපස්සෙ කවදාවත් පුතාව බලන්න ඒ ගෙදරට ගියේ නෑ… මගේ වටිනාම සම්පත ලෝකෙ පරිස්සම්ම තැන තියනව…..
************************************************
අමායා අප්සරා විජේවර්ධන…මං ලෝයර් කෙනෙක්…
මගෙ තාත්ත ව්යාපාරිකයෙක්… අම්ම ඩොක්ටර් කෙනෙක්… ඒ කාලේ ඉදන් සල්ලි තිබ්බ… අයිය ජේවිපි එකට සම්බන්ධ වෙලා ප්රාදේශීය නායකයෙක් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි අප්පච්චි අයියව බලෙන් රට යැවුව… දැන් අයිය එහෙ පදිංචිය… ලංකාවට නොයෙන තරම්…
ඔය කාලෙදි තමා අප්පච්චි සේනකව එක්ක එන්නෙ… ඩ්රයිවින්වලට කියල… අයිය මට මිනිස්සු ගැන කියන ඒව මං කීවෙ එයා එක්ක එයා හොද යාලුවෙක්. මැත්ස් කරල තියෙන්නෙ… ඒත් සල්ලි නැති හන්ද කැම්පස් ගිහින් නෑ..
පට්ට මොලයක් මට එයා එක්ක කතා කරද්දි හිතුන වාර අනන්තයි.. පොරට හොදට පිසික්ස් පුලුවන්… මං අම්මගෙ ආසාවට බයෝ කලාට මට ඕනේ වුනේ ලෝයර් කෙනෙක් වෙන්න… මොකද පොලිටික්ස් වලදි ඩොක්ටර් කෙනෙක්ට වඩා ලෝයර් කෙනෙක්ට චාන්සස් වැඩී….
මට මාර උනක් තිබ්බෙ චන්දෙ ඉල්ලන්න… ඒක පිස්සුවක්… අම්මි අප්පච්චි මට කීවෙ යක්ශ කෙල්ල කියල… කෝම හරි සේනකයි මායි අතරෙ වුන දේශපාලනමය සාමාජීය කතා වෙනස් වුණා.. ඒව ආදර කතා වුණා…. අපි ආදරේ පාරාදීසය වුණේ කාර් එක…. අපේ ආදර කතා ඇතුලෙ දේශපාලනය තමයි හුගක් තිබ්බෙ… ඒත් සේනක හුගක් බර කලාවට ලස්සන්ට සිංදු කියන්න පුලුවන්…. අපේ නිදහස කොච්චර දුර ගියාද කීවොත් ලොකු පුතා බඩට එනකම්ම අපි නිදහස වින්ද… මට ඕනෙ වුණේ නෑ ළමයෙක් ඕනෙ වුණේ මගෙ ටාගට් වලට යන්න… සේනක පැනල යන් කීව…එයා කෝම හරි කන්න අදින්න දෙන්නම් කීව…මං දැනන් හිටිය පැනල ගියොත් මට වෙන්නෙ අනිත් ගෑණුන්ට වගේ බත් තම්බන්න කියල… ඒකයි මං වෙච්ච දේ අම්මට කීවෙ… මොකද මං දැනන් හිටියා අම්ම ළග ඕන දේකට උත්තර තියේ කියල…
මට ඕනෙ වුණේ ළමය නැති කරන්න… ඒත් අම්මට ඒක ඕනෙ වුනේ නෑ… මොකද අයියයි මායි ඉපදෙන්න කලින් ළමයි දෙන්නෙක් හම්බෙන්න ඉදල නැති වෙලා තියේ….
අම්ම දැනන් හිටිය අම්මෙක්ගෙ ආදරේ… කෝම හරි පුතා බඩ ඇතුලෙ වැඩෙද්දි මටත් ඒක දැනුන… අම්මෙක්ගෙ ආදරේ… ඒත් මගෙ මැණිකව මන් සේනක එක්ක යැවුව… එදා මට හිතුනෙම පැනල ගියානම් ඉවරයි කිය්ල… පස්සෙ මං ඉගෙන ගත්ත… මට පුතුව ඕනෙ තරම් මතක් වුණා.. සමහර දවස්වල පාඩම් කර කර ඉද්දි පුතුව මතක් වෙලා ඇඩෙනව…
මං සජිත්ව බැන්දෙ අම්මල හොයල දීල… ඒක නිකන්ම නිකන් කොල කෑල්ලක් අත්සන් කිරීමක් විතරයි… එයා ඩොක්ටර් කෙනෙක් එයා කැමති වුනේ නෑ මං රස්සාව කරන්වට එයා කැමති වුනේ අනිත් වයිෆ්ල වගේ සාමන්ය වෙනවට… එයා බීපුවාම ගහනව… මිනිස්සුන්ගෙ සමහර ගතිගුණ එයාලගෙ අධ්යාපන මට්ටමෙන් රස්සාවෙන් මනින්න බෑ… නීතියෙන් වෙන් වෙද්දි මගෙ අතේ මාස 8ක ගෑණු දරුවෙක්…
එදා මට නඩුවක්… මං උසාවියේ ඉද්දි මං ඉස්සරහින් ගියෙ සේනක… ඒ ඇස්මයි ඒත් කොණ්ඩෙ වෙනස්… මාව ගිනිගත්ත… අවුරුදු 15යි ලු… පරිවාසෙ දානවලු… කෝමහරි එහෙට මෙහෙට කතා කරල ළමයව මං ගත්ත… මට ඇඩෙන්න ආව සතුටට ද දුකටද කියන්න මං අදටත් දන්නෙ නෑ… එයාට අපි දෙන්නගෙම ගතිගුණ තිබ්බ… මගෙ පුතා ලස්සනයි… හැන්ඩිය.. ඒත් එයාට එයා මගෙම පුතා කියල කියාගන්න බැරුව මං අදටත් විදවනව… ඔය කාලෙදි සේනකව මට ආයි හම්බුනා… මගෙ පුතාව හොයන්වලු… මං එක්ක ආව… එදායින් පස්සෙ සේනකව දැක්කෙ අද පුතාගෙ ග්රැජුවේශන් එක දවසෙ….
මං අද මගෙ ටාගට් සම්පූර්ණ කලා ඒත් ජීවිතේ මොනම හරි දෙයක් මග ඇරුන… ඒත් මං අද සතුටින්.. මගෙ පුතා ලොකු අඩියක් ඉස්සරහට තිබ්බ…
******************************************
“පුතා තාත්තටත් එන්න කියන්න අපි තුන්දෙනා ෆොටෝ එකක් ගමු…”
අමාය මැඩම් ඒම කීවෙ අනිත් අය එයාලගෙ අම්මයි තාත්තයි එක්ක ෆොටෝ ගන්න දිහා බලන් ඉද්දි…
උපුටා ගැනීම: Kasuni Vishwanthi Rajapaksha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!