මගේ මහත්තයා… (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කතාවට නම් තාම අයියාය. මට වඩා අවු 2ක් වැඩිමහල්ය. විවාහවී අවු 8ක් ගතවී ඇතත් නම කියන්නට දිව නැමෙන්නේම නැත .කීප වතාවක් ඊට දැරෑ උත්සහයන්ද ගියේ වතුරේය.
අපි විවාහ උනේ ආදර සම්බන්ධයකින්. ඉතිං අපි ඉන්නේ යහලුවෝ වගේ. එයාගෙ විනෝදාංශය මාව බයිට් කිරීමයි. මමද ඔහුට ඇත්තටම බයිට් වූ වාර අනන්තය.
අපි හදවතින්ම බෞද්ධයන්ය. එහෙමයි කියා සසර කලකිරැන තත්වයකටද පත්වීනැත. පස්පවින් තොරව ජීවත් වීම අපේ ප්රධාන අරමුණයි. හැකි සෑම විටම නිවසේ බණක් ඇසීම අනිවාර්යයි.රටට පෙනෙන්නට නොව හැකිලෙස දන් දීම අපේ විදියයි. මට කෙනෙකුට යමක් දීමට අවශ්ය නම්
උන්ට ඕවා මොකටදැයි නොව,
අපි ඒක දෙමු
ඒක මෙහෙම කරමු
අරම කරමු …
යන්න ඔහුත් අදහස් එක් කර එය මුදුන් පමුණුවා දෙයි.
සසරේ ඉදිරියට යාමට සම පින් ඇත්තවුන් වීම සදහා එක්ව පින් රැස් කිරීම අපේ ඒකායන අරමුණයි.
කිසි දිනක මදුරැවෙක්ට වත් රිදවා නැති,
කිසිම මත්පැනක් රස බලානැති,
පවුල මත්තේම නැහීගෙන ඇති
ඔහු……..
මට නම් හරිම සැනසීමක්. වාසනාවක්.
අපිටයි කියා අප විසින්ම ගොඩනගාගත් නීතිරීති ඇත. ඒවා මමත් ඔහුත් එක්ව ගොඩනගා ඇති අතර ඒවාට එකසිතෙන්ම අනුගත වන්නෝද වෙමු.
මගේ පවුලත් ඔහුගේ වන අතර ඔහුගේ පවුල නම් මුලුමනින්ම මගේය.
දරැවන්ටත් කුඩාකල සිටම උගන්වන්නේ මේ දේවල්මය. ආදර්ශය නම් විය යුත්තේ සත්පුරුෂයින්මය යන්නයි.
විනෝද වීම ගමන් යාම අපටද ඇත.
ඉදහිට නොහොද නෝක්කාඩුකම් අපටද ඇත. ඒවා විනාඩි 5 ,10ඒවාය. ගහ මරාගෙන විසදාගැන්මට ගැටලු අපට නැත .අප ජීවත්වන ආගම දහම අනුව සෙතක්ද අපට ඇත.
කිසි දිනෙක දේවාල පස්සේගොස් බාර හාර නොවීඇති ඔහු ඉඩක් ලද විගස අපිව රැගෙන ජයගීුමහ බෝධීන් වහන්සේ රැවන්වැලි මහා සෑය අභියස අපේ ජීවිත පූජාව කරවයි. ආගම දහමට අනුව ජීවත්වීම අපේ ජීවන දර්ශනයයි. උපන්දිනයට ඇත්තේ බෝධි පූජාය. සියලු සුබ කටයුතු අරඹන්නේ දෙුා්නයක් ධාතූන් වැඩ සිටින රැවන් වැලි සෑ මලුවේ සිට ආගම දහමට අනුවය.
මම දනිමි. අපි ගෙනයන්නේ රැස් කරගත් පින් පමනමය.
සදා කල් ජීවත් වීමට ආවා නොව, යන තැනකටද සිහිනුවනින් එකටම අප යා යුතුමය. ඒ සංසාර ගමන නිමවනාතෙක් මගේ අත්වැල ඔහුම වේවා යන්න මගේ පැතුමයි…
උපුටා ගැනීම: Chathuri Ranasinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!