
තුවාල වී හුලං වැදුණු මඤ්ඤොක්කා අල (නිල්ඉරි දිවූ අල ) ආහාරයට ගැනීමෙන්ද බොහෝවිට මෙය සිදුවේ.
එවැනි අල ඉවත් කිරීමද මඤ්ඤොක්කා තැම්බීමේදී වතුර ප්රමාණවත් තරමට දමා භාජනය විවෘතව තැම්බීම මගින් ද Hydrogen cyanide ඉවත් කරගත හැක.
මඤ්ඤොක්කා අල පරිස්සමින් පොතු ඉවත්කර ඉන් පසු කුඩා කැබලි වලට කපා පැය කිහිපයක් හොඳින් ජලයේ පොඟවා ජලය ඉවත් කොට, අලුත් වතුරින් තම්බන අතරේ කිහිප වරක් වතුර පෙරා ගැනීම ද විෂ සංයෝග ඉවත් වීමට මනා රුකුලක් වෙයි

කෙසේ නමුත් අමු මඤ්ඤොක්කා කෑම අනුමත කළ නොහැක.
මෙයට හේතුව නම් ආහාර මාර්ගයේ සිටින ක්ෂුද්ර ජීවින්ගේ එන්සයිම මගින් ද සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය, හයිඩ්රිජන් සයනයිඩ් (HCN) බවට හැරවිය හැකි බැවිනි.

හුස්ම ගැනීමේ වේගය වැඩිවීම (Rapid Respiration)

රුධිර පීඩනය සාමාන්
ය මට්ටමට, වඩා පහත මට්ටමකට වැටිය හැක ( Dropping of Blood Preassure)

පපුව ගැහෙන බව (Palpitation, Rapid pulse)

නිදිමත ගතිය හා හිසරදය.(Drowsiness and Headache)

ආමාශ හෝ බඩේ වේදනාවන් (Stomach pain)

වමනය (Vomiting)

දියරමය මළ පහ වීම , පාචන තත්වයන් (Diarrhoea)

මනස ව්
යාකූල වීම ( Mental Confusion ),

මාංශපේශීන්ගේ ඇති වන හිරිවැටීම් හා ගැස්සීම් (Twitching)

ක්ලාන්තය හා සිහි නැතිවීම ( Convulsions)

දීර්ගකාලීනව විෂ සුළුවශයෙන් ශරීර ගතවීමෙන් ගලගණ්ඩය ( Goitre)

යකඩ උරාගැනීම අඩු වීම

ඇවිදින විට විසීවෙන සුළු ගතියක් ( Unstable gait) පවා ඇති විය හැක.

විශාල ප්
රමාණවලින් සෑහෙන කාලයක් ආහාරයට ගතහොත් ක්
රමක්
රමයෙන් ශරීරයේ සයනයිඩ් ප්
රමාණය වැඩිවී මරණය පවා සිදුවිය හැක.