ලගකදී මේක අහම්බෙන් වගේ දැක්කම පරණ කතා ගොඩක් මතක් වුන නිසා ලියන්න හිතුනා. මේක ගැන දන්න අය නම් ගොඩක් අඩු ඇති.
මේ පහලින් තියෙන්නෙත් අපේ සීයා ලී වලින් හදපු “මගුල් පරක්කුව”ක් . ඔය උඩින් තියෙන ලොකු සමචතුරශ්රාකාර කොටස අනිත් කොටස් එහාට මෙහාට කොහාට හරි කරලා පහල තියෙන විවෘත කොටසින් එලියට ගන්න ඕනි. ඒක තමා කරන්න තියෙන්නේ. හැබැයි කිසිම වෙලාවක ඔය කොටස් එලියට අරන් ස්ථාන මාරු කරන්න තහනම්. හරියට කිව්වොත් මේ ලී පෘෂ්ටය මත එහා මෙහා තල්ලු කරලා තමා මේක සෙල්ලම් කරන්න ඕන.
ඉස්සර මටත් හරි ප්රශ්නයක් ඇයි මේකට “මගුල් පරක්කුව” කියන්නේ කියලා. දවසක් සීයාගෙන් ඇහුවම සීයා කිව්වේ මෙන්න මෙහෙම …
“ඉස්සර මනමාලයා මනමාලිගේ ගෙදර ගියාම මනමාලිගේ තාත්තා ගෙදරට එන්න ඉන්න බෑණා ගේ මොලේ තරම බලන්න ඔන්න ඕක අතට දීලා මුලින්ම ලොකු කොටුව එලියට අරගෙන පෙන්නන්නත් ඕනි.ආයෙම මුලදී තිබුන විදිහට හදන්නත් ඕනි කියලා” කියනවලු.
පව් ඉතින් ඒ මනමාලයෝ… හදාගන්න බැරි වුනොත් ඇපත් නැතුව අසරණ වෙනවා නේ…ඒ කාලේ මාමණ්ඩිලා ගේ මොලේ තමයි මොලේ.
මන් හිතන්නේ අපේ ආච්චි අම්මව බලන්න ගියාම සීයටත් ඔය පරිප්පුව කන්න වෙන්න ඇති.ඊටපස්සේ ඉතින් කෙල්ලෝම පහක් ඉපදුන ඒ ගෙදර ඕක නොතිබෙන්න විදිහක් නැහැනේ.
කොහොම හරි මේකේ ප්ලාස්ටික් ආකෘතිත් නිර්මාණය වෙලා තියෙනවා.
ප.ලි. හොද වෙලාවට අපේ තාත්තලාගේ මහා ගෙදරත් තාත්තලා පොඩි කාලේ ඉදන්ම “මගුල් පරක්කුවක්” තිබිලා තියෙන්නේ…නැත්තන් ඉතින් අපේ තාත්තා අපේ අම්මව කැන්දන් එනවා හදේ තමා…
උපුටා ගැනීම: ජයනි ජයකොඩි