7.8ක් තරම් ප්රබල වූ භූමිකම්පාවක් පාකිස්ථානයේ 2013 දී ඇති වී ඒ අසල මුහුදේ අලූත් දූපතක් මතු වුණ බව ඔබ දැන සිටියාද..?
මේ දූපත සල්සාලා කෝහ් (Zalzala Koh) යනුවෙන් නම් කරලා තියෙනවා. දාල්බන්දින්වලට සැතැපම් 145ක් ගිනිකොන දෙසින් හටගත් මේ භූම්කම්පාව නිසා මුහුදෙන් මතු වූ ඒ දූපතේ පිපිරුණු මඩ, වැලි සමන්විත වී ඇති අතර ගල් මුසු බිම මත මුහුදු සතුන්ගේ මළ සිරුරු, විශේෂයෙන් ම මාළුන්ගේ මළකුණු පිරිලා තිබීලා තියෙනවා.
මේ මඩ දූපතේ උස මීටර් 15ක් 20ක් පමන වන අතර මිනිසුන්ට ඒ මත ඇවිද ගෙන යා හැකි තරමට එහි බිම ඝනකම් බව කියවෙනවා. දූපත වටේට ඇති ළා කොළ හා තඹ පැහැති කොටස්වලින් පෙනෙන්නේ මුහුදේ නොගැඹුරු බව හෝ අවට ඇති අවසාදිත තට්ටුවයි. මේ අලූත් දූපත මතු වූ හරියේ මුහුදේ ගැඹුර මීටර් 15ත් 20ත් පමන වන අතර දූපත මීටර 75ත් 90ත් අතර පලලකින් යුක්ත වෙනවා.
මුහුදු පත්ලේ ලිහිල්ව පැවති පස් තට්ටුවක් භූකම්පාව නිසා යට ඇති පාෂාණත් සමග සාගරය මතුපිටට තල්ලූ වීමක් තමා මෙහිදී සිදුවී තිබෙන්නෙ. භූකම්පන තරංග නිසා සාගර පතුලේ යට සිරවී ඇති වායුව මේ මඬ හා පස් තට්ටුවත් රැගෙන වේගයෙන් ඉහළට තල්ලූ වෙලා ඇවිත්.
මෙවැනි හදිසි දූපත් මතුවීම් සිදුවන්නේ 7 හෝ 8 හෝ තරම් ප්රබල භූකම්පනයක් සිදු වූ විටයි.
‘මේ කලාපයේ මෙවැනි භූකම්පන නිතර ම සිදු වෙනවා. මෙහි භූ පිහිටීම නිසයි එවැනි දෑ ඇති වන්නේ. ඇත්තෙන් ම මෙය දූපතක්ම නෙමෙයි, මුහුදු පත්ලේ ඇති මඬ ගොඩක් ඉහළට තල්ලූ වීමක්.’ ඇමරිකන් භූවිද්යාඥයකු වූ බිල් බාන්හාට් පවසනවා. කොහොම නමුත් මේ දූපත දැන් සංචාරක පාරාදීසයක් වෙලා… නමුත් කාලය සමග නැවත් මේ දූපත මුහුදු කාදනයට ලක් වී නොපෙනී යාවි.

උපුටා ගැනීම: රාම් වණා