මහ සිකුරාදා (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පාසල් යන විශ්වවිද්යාල යන රැකියා කරන අපි කාගෙත් ප්රියතම දවස වුන සිකුරාදාව තමයි මගෙත් ප්රියතම දවස.සදුදා තමයි එපාම කරපු දවස!වෙලාවකට හිතෙනවා සදුදාටත් සිකුරාදම එනවනම් කියලා!
ඉතින් මේ අත්දැකිම මගේ පාසල් කාලේ එකක්.මහා සිකුරාද කියලා නම දැම්මට මොකද මෙක කිසිම ආගමකට සම්බන්ද කතාවක් නම් නෙවෙයි!මම ඇවිල්ලා බෞද්ධයෙක්.එවගෙම මම ඉගෙනගන්න ගියේත් නුවර ප්රමුඛ පෙලේ බෞද්ධ පාසලකට.කොටින්ම අපේ පාසලේ ෂර්ටි එකට බොත්තන් පවා ඇල්ලුවේ පිරිත් නුලෙන්!හැබැයි මගේ ගෙවල් තිබුනේ රත්නපුර දිස්ත්රික්කේ ඇහැලියගොඩ මේ නිසා මම නුවර නැවතිලා තමයි ඉගෙන ගත්තේ.මම හිටපු බෝඩිම තිබ්බේ ඉස්කොලේ කිට්ටුවමයි!ඒ නිසා මම දවල්ට කෑම කැවේ ඉස්කොලේ ඇරිලා බෝඩිමට ඇවිත්!වතුර බිව්වෙත් ඉස්කොලේ ටැප් ලයින් එකෙන්.අනික අපේ කාලෙදි අපිට පුරුද්දක් තිබුනානේ ඉස්කොලේ උගන්වන පොත් පෑන් ඩෙස් එකේ ලොකර් එක යට දාලා යන!මොකද ඔවා ගෙවල් වල අරන් ගියයි කියලා අපි පාඩම් කරන්නැ මල විකාර!අනික මහාචාර්ය පරණවිතාණටවත් කියොවගන්න බැරි අකුරු තියෙන අපේ පොත් මොකා අරගන්නද?ඉතින් ගෙනියන්නයි කියලා මොකවත් නැති හින්දා මං බෝඩිමේ ඉදලා උදෙට ඉස්කෝලෙට එනකන් පාරේ පයින් ඇවිදගෙන යන්නේ අත් දෙක වන වනා හිස් අතින්මයි.(මිනිස්සු බලනවා ඇති මුන් මොනවට ඉස්කොලේ යනවද කියලත්.)
හැබැයි ඔය ක්රමවේදේ පොඩි වෙනසක් වෙන දවසකුත් තිබ්බා ඒ තමයි ඉතින් සිකුරාදාව.එදාට මට හැදෙනවා පොඩි ලෙඩක් සතියකට සැරයක් ගෙදර බලලා එන්න ඕනි වෙන.ඔය නිසා අපේ අම්මාත් ඉතින් අනේ ලොකු පුතාට හම්බවෙන්නේ නැනේ කියලා එයාලාට හම්බෙන තියාගන්න පුළුවන් රස කෑම ජාති එහෙම තියලා තියෙනවා එදාට මං ආවහම කියලා කන්න දෙන්න.එ තමයි අම්මලාගේ ආදරේ!කොටින්ම එදාට ගෙදර උයන්නෙත් මම කොල් කරලා කන්න ආසයි කියන කෑම වර්ග ටික.මට ඉතින් එදාට රජාට වගේ සැලකිල්ල ඇයි ඉදලා ඉදලා සතියටම ගෙදර එන දවසනේ.හැබැයි ඉතින් දවස් දෙකක් තුනක් එක දිගට ගෙදර ඉන්න කොට නම් මගේ ක්රියාකලාප නිසා රජා බල්ලා වෙලාම යනවා!අන්තිමෙදි පුතේ ආයි නුවර යන දවස කවද්ද අහන ගානටම වැටෙනවා.ඔය අත්දැකිම ඉතින් බොඩින් ජිවිත ගත කරන ගොඩක් අයට තියෙනවා මම නම් හිතන්නේ!හැමදාම දකින කොට කොහොමත් කුකුලගේ කරමලේ සුදු විමේ සම්භාවිතාව වැඩියිනේ.
දැන් මම ආයි කතාවට එන්නම්කෝ ඔන්න ඉතින් මට සුපුරුදු විදිහට ගෙදර යන්න ඕනි වෙන සිකුරාදාව එනවා.මාත් ඉතින් වෙනදා වගේ නැතුව එදාට ඉස්කොලෙට යන්න බෑග් එකක් එහෙම අරගෙන එකට ඒ සතියේ ඇන්ද යුනිෆොම් ටිකයි ඇදට දාපු බෙඩ් ෂිට් ටිකයි එකි මෙකි නොකි එ සතියේ පාවිච්ච් කරපු ඔක්කෝම ඇදුන් ටික ඔකට පටවා ගන්නවා!අන්තිමටම සතිය පුරා ඇදපු පරණ ජොක්කු ටිකත් අතට අහු වෙන අහුවෙන විදිහට ඔකට ඔබා ගන්නවා.(හරි හරි ඉතින් කාටත් තෙරෙන්න මම එවාට මගේ යට ඇදුම් ටික කියලා කියන්නම්කෝ)ඇත්තටම මම ඔය කාලේදි දැනගෙන හාටියේ නැ කොහොමද රෙදි හෝද ගන්නේ කියලා.(කියන්න ලැජ්ජා වෙන්නේ නෑ ආයුබෝවන්ඩ අවුරුදු විසිපහකට කිට්ටු වෙන්න ඇවිල්ලත් මම අදටත් දන්නේ නෑ කියපංකෝ කොහොමද ඔය මගුල් හරියට හොදගන්නේ කියලා!මන් ඉතින් හිතන් ඉන්නේ කොහොමත් තව ලොකු වුනාම කාව හරි කසාදයක් කර ගන්නවා කියලනේ එක හින්දා ප්රශ්නයක් නෑ.එහෙමත් බැරි වුනොත් සල්ලි දිලා වෝශින් මැෂිමක් හරි අරගන්න බැරියැ ඉතින්.) කොහොමහරි සතියෙම පාවිච්චි කරපු අඩුම කුඩුම ටික ඔක්කොම බැග් එකට දා ගෙන බැග් එක කරේ එල්ල ගෙන කණ්නාඩියක් ගාවට ගිහින් බැලුවම මට නිකන් මාව පෙන්නේ හරියට මම A/L කරන එකෙක් නෙවෙයි හයේ පන්තියේ වගේ ඉන්න ඕක්කොම පෙල පොත් ටිකත් උස්සගෙන ඉස්කොලේට යන ඔටුවෙක් වගේ!වෙනදාට එක පොතක් වත් නැතුව අත් දෙක වන වනා ඉස්කෝලේ යන එකාමද මේ කියලා මාව දකින අනිත් උන්ට වුනත් හිතෙනවා ඇති.අනේ ඉතින් අනිත් කවරදාකවත් නැතුව එදාට ගෙටිටුව ගාව ඉන්න ශිෂ්ෂ්ය නායකයෝ ටිකත් මාව ගෙටි එක ගාව නතරකර ගන්නවා බැග් එක චෙක් කරන්න ඕනි කියලා!මොකද අපේ ඉස්කෝලෙට ඇතුල් වෙද්දි එන හැම එකාගෙම බැග් චෙක් කරන්න කියලානේ තියෙන්නේ ඉහලින්!(එතරම් ශුවර් උන් එ දවස් වල අපිත් එක්ක එකට ඉස්කොලේ හිටියේ ඈ!).මගේ බෑග් එක නම් ඉතින් ශිෂ්යනායකයෝ ටික ඇරිය ගමන්ම හාපෝ උබ පලයන් පලයන් කියලා මාව පන්නගන්නවා.ඇයි ඉතින් මම ඇදපු ජොක්කු ටිකනේ ඔකේ උඩින්ම තියෙන්නේ ඔවා හාර හාර ඇතුලේ තියෙන එවා අදින්න පුළුවන්යැ මෙලෝ යකෙක්ට.
ඔය කාලේ නුවරින් වැඩිය බස් තිබුනේ නැ රත්නපුර පැත්තට එන්න.ඔක්කොම බස් ඕනි නම් හතක් අටක් වගේ තියෙන්න ඇති.ඒ නිසා පැය ගානකට එකයි යන්නේ.ඉතින් ඉස්කොලේ ඇරිලා බස් එකක ගෙදර යනවනම් යන්න තියෙන මුල්ම බස් එක දෙක හමාර.පැය තුන හතරක ගමන ඉවර වෙලා එකෙන් ගිහින් ගෙදරට යනකොට හැන්දැවේ 6 විතර වෙනවා.එකට කලින් දවල් දොලහ හමාරට වගේ නුවර ගුඩ්ෂෙඩ් එකෙන් ඇඹිලිපිටියට යන තවත් බස් එකක් තිබ්බා දිසානායක එක්ස්ප්රෙස් කියලා මට නම මතක හැටියට.මට ඒ බස් එකෙම ගෙදර යන්න පුදුම උණක් තිබුනේ ඔය කාලෙදි.ඒ ඇයි කියලා කියනවනම් මේ බස් එක අතරමගදි හම්බවෙන යාපනය ඇඹිලිපිටිය බස් එකක් එක්ක රෙස් යනවා.අනික තේ බොන්න මගදි නවත්තන්නේ නැති නිසා ඒ බස් එකේ ගියහම රස්තියාදුවක් ඇත්තෙම නැ.අනික කලුවර වැටෙන්න කලින් ගෙදරට යා ගන්නත් පුළුවන්.
ඉස්කොල වල සාමන්යයෙන් A/L විභායට පෙනි ඉන්න ලමයින්ගේ 80%ක පැමිණිම බලනවානේ!මේ නිසා මට ඉස්කොලෙට නොගිහිනුත් බැ හැබැයි අර දොලහ හමාර බස් එකෙම ගෙදර යන්නත් ඔනි. ඉතින් මම කරන්නේ සිකුරාදට අර තඩි බැග් එකත් උස්සන් දහය හමාරේ ඉන්ටවල් එකට යාළුවොත් එක්ක ඉස්කොලෙන් පැනගන්නවා.(ඔව් ඔව් කලින් කතාවෙදි අපි හැදුවා කිව්ව පාරෙන් තමයි!) එහෙම පැනලා අපි සෙටි එක මුලින්ම යන්නේ මාලිගාවට.අපි විතරක් නෙවෙයි අපි වගෙම අපේ පාසල අවට තිබ්බ අනිත් පාසල් වල යාළු මිත්රයෝ ටිකත් ඒ වෙලාවට ඉස්කොල වලින් කට්ටි පැනලා එන්නේ මාලිගවට තමයි.දැන් උබලා බලයි මොකෝ මේ හැමඑකාම ඔය විදිහට මාලිගාවටම එන්නේ මුන් හරි හොදයිනේ ඉස්කොල කට්කරගෙන බුදුන් වදින්නත් යනවනේ කියලා.මොන.. මාලිගාව ඇතුලෙදි බුදුන් වදිනවා තමයි එත් උබලා අපි කවුරුත් දන්නවනේ මාළිගාවට සතියේ මොන දවසේ කියට ගියත් එතන අනිවාර්යෙන් පාසල් වන්දනා නඩයක් නම් වරදින්නේ නෑ කියලා.උදේ ඉදලා හවස් වෙනකන්ම බැතිමතුන්.ඉතින් අපිත් ඔය පිට පලාත් වල ඉස්කොල වලින් එන වන්දනා නඩයක් ඇතුලට රිංග ගත්ත ගමන් ආයි නෑ අපිව ඉස්කොල කට් කරලා ආපු එවුන් කියලා හොයා ගන්න බැ එක බල්ලෙක්ට වත්.එක නිසා මාලිගාව හරිම ආරක්ෂිතයි එ වගෙම හිතටත් මාර නිදහස්.අනික එහෙම ගියහම බලන්න එපැයි අපේ එවුන් මිනිසිසු ඉස්සරහා හැසිරෙන හැසිරිල්ල.හරියට අද තමයි හම්බන්තොට ඉස්කොලෙක ඉදන් මුලින්ම මාලිගාව වදින්න එක්කන් ආපු දවස වගේ.”මචං මෙකට නෙද පත්තිරිප්පුව කියලා කියන්නේ,මේ අබලා ඉන්න ඇතාගේ අනුරුව වෙන්න ඇති රජා ඇතාගේ එක”හම්මේ බලන්න ඕනි කටිටිය අදුරගන්නවට මුන් එතනදි දෙන ටොක් ටික.
මාත් ඉතින් දොලහ විතර වෙනකන් කටිටියත් එක්ක චැට් එකකුත් දාගෙන ඉදලා අන්තිමට දළදා වහන්සේටත් වැදලා ආශිර්වාදේ එහෙම අරගෙන අරුන් ටිකට සමුදිලා එනවා මගේ සුපුරුදු දොලහ හමාරේ ඇඹිලිපිටිය බස් එක අල්ල ගන්න ගුඩිෂෙඩි එකට. මම ඉතින් බස් එකට නැග්ග වෙලාවෙ ඉදන් බස් එක අද්දනකන්ම ඉන්නේ ඔකේ තියෙන කර්ටන් එකක් ඇග වටෙම ඔතාගෙන ඉස්කොලෙ යන එකෙක් කියලා අදුරගන්න බැරි විදිහට. (ඇයි ඉතින් බැරි වෙලා ඉස්කොලේ සර් කෙනෙක්ටවත් ආරංචිය ගියොත් එහෙම මෙහෙම කට්ට් පැනපු එකෙක් දුර ගමන් සේවා බස් එකක නැගලා ඉන්නවා කියලා නෙද?)කොහොමහරි දන්නෙම නැතුව ඔය විදිහට දොලහ හමාරත් වෙලා ඔන්න මගේ දිර්ඝ බස් ගමන පටන් ගන්නවා.
සතියකට සැරයක් නුවර ඉදන් පැය තුන හතරක බස් ගමනකින් පස්සේ ගෙදර යනවා කියන්නේ වෙනම ආතල් එකක්!මම බස් පික්කෙක් නම් නෙවෙයි හැබැයි ඉතින් මම ඔය කාලෙදි වැඩියෙන්ම ආස කලේ බස් එකේ යන එන ඔය පැය ගාන්ට තමයි.සුපුරුදු ඝොෂාකාරි වට පිටාවලින් මිදිලා සුන්දර පරිසරයක් මැද්දේ යන ගමනක් ඇත්තටම හිතට ගෙන්නේ මාර නිදහසක්.ගමනෙ යන එන අතරදි ඇහුනත් ඇහැන්නේ කොන්දාගෙන් පුළුවන් කට්ටිය ඉස්සරට යන්න,බහින්න කිට්ටු අය නැගට්න්න වගේ ප්රගතිශිලි වචනනේ.ඉදලා හිටලා ඔය ජානෙලේ ගාව නිදාගෙන ඉන්න මල්ලි ටිකට් ගන්න වගේ මුසල කතා එහෙමත් ඇහුනා මං ඉතින් එවා මට නෙවෙයි වගේ එ වෙලාවට නිදාගෙනම හිටියා. ඇයි ඉතින් එ දවස් වලත් එකසිය ගාණක්නේ බම් ටිකට් එක.
මේ බස් එක මුලින්ම නවතන්නේ පෙරාදෙණියෙදි.එතනින් ගොඩක් වෙලාවට නගින්නේ කැම්පස් එකේ කපල් තමයි.මම සාමන්යයෙන් යන්නෙ බස් එකේ පිටිපස්සම සිට් එකේ දකුණු පැත්තේ අයිනේ.ඉතින් ඔය විදිහට නගින කපල් ගොඩක්ම වඩි වෙන්නේ පිටිපස්සේ සිටි එකේ වම් පැත්තේ අයිනේ(පෙම් මුල්ලේ).බස් එකේ තැන් තැන් වල තියෙන මල් වල පින්තුර හින්දද මන් දන්නේ නැ ඔහොම නගින සමහර කපල් වලට බස් එකට නැගලා සැහෙන්න වෙලාවකට පස්සේ තමයි මතක් වෙන්නේ උන් ඉන්නේ බස් එකේ ඇතුලේ පෙරාදෙණිය මල් වත්තේ නෙවෙයි කියලා. උබලාට කියන්න දවසක් ඔහොම නැග්ග කපල් එකක් ආ… ඔවා මෙවායේ කියන්න හොද නැනේ බැරිවෙලා හරි මෙක පොඩි එකෙක් මෙක කියෙව්වොත් නෙද?හරි හරි මොකුත් වුනේ නැ උන් හොදට බස් එකේ ගියා ඈ.
මාත් ඔවා බල බල බස් එකේ කඩුගන්නාව හරියට එනවා.(ඔව් ඔව් බන් හොරෙන් තමයි උන් දිහා බලන්නේ මන් ඉතින් ආයි මාට්ටු වෙන්න වැඩක් කරනවැයි.අනිත් එක අපිත් කෙල්ලෙක් දා ගත්ත දවසට කරන්න ඔය ටික බලාගෙන තියෙන එක හොදයිනේ!නැද්ද මං අහන්නේ).මම කිව්වන්නේ මෙකෙ ඩරයිවරයා යාපනේ ඉදලා එන බස් එකක් එක්ක රේස් යනවා කියලා.මෙකාටත් බස් එක පෙරළුණත් පෙරලෙන පැත්තකට හරි කමක් නෑ අරුට කලින් ඇඹ්ලාපිටියට ගියා නම් ඇති වගේ සින් එකක් තමයි තියෙන්නේ.කොටින්ම මු කඩුගන්නාව පල්ලම බස්සන්නෙත් ඇක්සිලෙටරේ පාගගෙන.එකා යන යාමට බැරිවෙලා හරි පල්ලමේ පෙරලගත්තොත් එහෙම මම විතරක් නෙවෙයි අපේ ඉස්කොල වල ගුරුවරුත් ගස්.ඇයි එහෙන් නාමලේඛනේ එක මාර්ක් කරපු එකා පාසල් වෙලාවේදි කඩුගන්නාව පල්ලමේ මැරිලා වැටිලා ඉන්නේ කොහොමද කියලා ඉහලට උත්තර බදින්නත් එපැයි.මම මැරෙනවටත් වඩා වැඩියෙන් බය වුනේ ඔය දෙට මොකද අපේ දඩබ්බරකම් වලට අපේ ගුරුවරු පලිනෑනේ ආයුබෝවන්ඩ. දෙය්යනේ කියලා එහෙම අතුරු අන්තරාවක් නම් මට කිසිම දවසක් වෙලා නෑ.
කොහොමහරි බස් එක හරියටම එක හමාරට කිට්ටු වෙනකොට මාවනැල්ල පාස් කරලා කැගල්ල නගරයටත් එනවා.දැන් තමයි බස් එකට සෙනග පිරෙන වෙලාව.මෙච්චර වෙලා මුළු බස්එකටම
පාසල් නිල ඇදුමක් ඇදන් හිටිය එකම එකා මන් වුනාට කැගල්ලෙන් පස්සේ නම් එක වෙනස් වෙනවා. ඉස්කොලේ ඇරිලා හැමදාම ගෙදර යන රුවන්වැල්ලෙන්,දෙහිඹිටිටන් අවිස්සාවෙල්ලෙන් එහෙම බහින මගේ වයස්වලම වගේ සෙට් එකක්ම මේ බස් එකටත් එතනදි නගිනවා.මොකද මේ බස් එකේ ගියහම ඉක්මනට ගෙදර යන්න පුළුවන්නේ.හැබැයි ඒ කාටවත්ම ඉදගන්න නම් හම්බවෙන්නේ නැ!මොකද කැගල්ලට එද්දිම බස් එක ෆුල් ලොඩ් නිසා. එ නිසා නුවර ඉදන් යන මන් විතරයි මුළු බස් එකටම ඉන්න ජනෙලේ අයින වාඩි වෙලා යන එකම පාසල් ශිෂ්යයා.මම ඉතින් කාලයක් තිස්සේ මෙහෙම හැම සිකුරාදාවකම ගෙදර යන එන එකා නිසා එ ස්කුල් සෙටි එකෙත් ගොඩක් උන් මා එක්ක කතා බහ කරලාම හොදටම ෆිට් වෙලා හිටියේ මේ කාලේ වෙනකොට.මොකද හැමෝම ඉස්කොලේ යන එන එවුන්නේ.හැබැයි ඉතින් එකෙන් මෙකෙන් නම් මට වුනේ සතියෙම ඇදපු ඇදුන් අරන් යන කිලෝ ගාණක් බර මගේ ඔඩොක්කුවේ තිබ්බ ඇදුම් බැග්එක උඩට උන්ගේ පොත් බැග් ටිකත් වැටිච්ච එක.ඒ මදිවට කතාතරනකොටත් බලන්න එපැයි මුන්ට තියෙන ප්රශ්න කන්දරාව.
අපි නම් සාමාන්යයෙන් මිනිස්සුන්ගෙන් “වාර විභාගෙට මුළු ලකුණු කියක් තිබ්බද?,පිසික්ස් පේපරෙට ලකුණු කියද?,මේ උබ පංතියේ කිවෙනියාද බං මෙපාර”වගේ කුණුහරප ප්රශ්න අහන්නේ නැනේ බම් බස් වල යද්දි එද්දි.එ ප්රශ්නත් කමක් නෑ කියමුකෝ එමදිවට “මචං කැගල්ලෙන් එකහමාරට ඉස්කොලේ ඇරිලා අපි මේ බස් එකට නැගගන්නෙත් බොහොම අමාරුවෙන්.දුවගෙන එන අපිටත් සමහර දවස් වල මේ බස් එක මගඇරෙනවා උබ කොහොමද බම් නුවර ඉදලත් මේ බස් එකේ මේ වෙලාවට එන්නෙ?”. දිපල්ලකෝ ඉතින් මෙව්වට උත්තර! එක්කෝ හිතවත්කමට මුන්ට මාත් එක්ක මොනව හරි කතාකරන්නම ඕනි නම් අහපල්ලකෝ මගෙන්“මචං උබ දවල්ට කාලද ඉන්නේ” වගේ වැදගත් ප්රශ්නයක් එහෙනම් මන් උඩපැනලනේ “නෑ මචෝ බඩගින්නේ”කියලා උත්තරේ දෙන්නේ.මොකො මේ ප්රශ්නෙට මන් ඉස්කොලෙ කට් කරලා හොරෙන් ආවා කියලා මුන් එක්ක ප්රසිද්දියේ කියන්ද? නුවර ටවුමේදි අපි ඉස්කොලේ කට් කරලා යද්දි නම් පාරෙදි හම්බවෙලා ඔය ප්රශ්නේ අහන අන්කල්ලාට අපේ එවුන්“අංකල් අපිට ටර්ම් ටෙස්ට් තිබ්බනේ අද”වගේ උත්තරයක් දිලා ශේප් වෙලා එනවා.කොටින්ම එ කාලේ අපිට අවුරුද්ද පලවෙනි මාසේ ජනවාරි වලත් ටර්ම ටෙස් එක කියහල්ලකෝ.එකත් බැරියැ උබලට කියන්න ලංකාවේ මහ මග ඉන්නේ කොච්චර උගත් බුද්ධිමත් ජනතාවක්ද කියලා කියනවා නම් ඒ සමහර අංකල්ලා අපෙන් ආයි ආපස්සට අහනවා කියපල්ලකෝ “කොහොමද විභාගේ ලෙසියිද පුතා” කියලත්.
එත් ඉතින් බස් එකේ යන මුන්ට මට ඔක කියන්න බැනේ.මොකද මුනුත් එන්නේ නමට හරි ඉස්කොලේක ඉදලානේ.උන් දන්නවා ඇතිනේ ජනවාරි වගේ මාසෙක ඉස්කොල වල වාර විභාගක් තියන්නැ කියලා.අර පරණ කතාවකුත් තියෙනවානේ ඇත්ත කතා කරන්කයි බොරු කියන්නයි ලැජ්ජා වෙන්න ඕනි නැ කියලා මන් එත් කල්පනා කරා මේ කතා මුල ඉදලා උන් එක්ක කියවනවාට වඩා සිකුරාදට පල්ලි යන මුස්ලිම් එවුන් එක්ක මාත් එනවා වගේ මොකක් හරි සම්ප්රප්පලාපයක් වත් කියලා දනවද කියලත්.පස්සේ මන් ඒ වැඩෙත් අතඇරලා දලා අන්තිමෙදි කෙහෙල්මල් බොරු කියොවනවාට වඩා හොදයිනේ“උබලාට වැඩක් නෑනේ මම කොහොමහරි එනවනේ..” වගේ උත්තරයකින් හැමදාම දිලා ශේප් වෙලා එනවා.
ඉස්සර ගලිගමුවේ ඉදලා අවිස්සාවෙල්ලට එනකන් ප්රධාන පාර බාගයක්ම වගේ එනකන් තැන් තැන් වල කැඩිචිච වංගු සහිත තණිතීරුවේ තාර පාරක් තමයි තිබුනේ.සමහර තැන් වලදි ලොකු වාහන දෙකක් මාරු වෙන්නවත් හරියට අමාරුයි.(දැන් තියෙන කාපට් අතුරපු ඩබල් ලයින් පාර නම් හැදුවේ මිට අවුරුදු කිහිපෙකට කලින්නේ).හැබැයි ඇත්තටම අර එ කාලේ තිබ්බ ගැමි දුෂ්කර පාරේ යනකොට මට නම් දැන් වගේ නෙවෙයි එ ගමනට ගොඩක් වෙලාව ගියාට වටාපිටාවේ මාර ලස්සනක් තිබුනා.
අරන්දර පල්ලම හරියට වගේ කිට්ටු වෙද්දි වගේ අපේ බස් එකටත් අර යාපනේ ඉදන් තරගට රෙස් යන්න එන අනික් බස් එක පෙන්න පටන් ගන්නවා.ඔය බස් දෙකෙම ඩරයිවර්ලාට තියෙන්නේ එකම ජාතියේ කඩිකුලප්පුවක් නිසා උබලා හිතාගනිල්ලකෝ ඉතින් කැඩිච්ච තනි තිරුවේ වංගු සහිත පල්ලමක බස් දෙකක් තරගෙට කොහොම රෙස් එන්න ඇත්ද කියලා.වෙලාවකට හිතෙනවා කඩුගන්නාව පල්ලම මෙකා ආව විදිහ හොදයි කියලත්.බස් එකේ පිටිපස්සේම සිට් එකේ ඉන්න මට ලෙෂර් වර්ල්ඩ් ගියා වගේ තමයි ඉතින් ආතල් එක.ඇයි ඉතින් අරුන්ගේ බැග් ටිකත් මගේ ඔඩොක්කුවේනේ.කොහොමින් කොහොමින් හරි ඔහොම බස් එක අවිස්සාවෙල්ල හරියට විතර කිට්ටු වෙනකොට මෙච්චර වෙලා මාත් එක්ක කතා කරකර ආපු කෑගල්ලෙන් බස් එකට නගින පාසල් යාළුවෝ ගොඩදෙනෙක් මට සමුදිලා බැග් ටිකත් අරගෙන බැහැලා ගිහින්.අවිස්සාවෙල්ලෙන් පස්සේ කොලඹ ඇඹිලිපිටිය බස් එහෙමත් සමහර දවස් වලට මේ බස් රෙස් එකට එකතු වෙන දවස් එහෙමත් තියෙනවා.එක නිසා ඉතින් කොහොමත් බස් එකේ සුපුරැදු වේගේ නම් වෙනසක් වෙන්නේ නෑ!
බස් එක ඇහැලියගොඩට ඇවිත් නවත්තපු ගමන් එකෙන් බිමට බැහගත්තහම මගේ හිතට මාරම සතුටක් දැනෙන්නේ.ඇයි දෙයියනේ කියලා අතක් පයක් කඩා ගන්නෙත් නැතුව පනත් බෙරගෙන ඉස්කොලෙනුත් කට්ටි පැනලා කලුවර වැටෙන්නත් කලින් මෙකෙ පණ බෙරගෙන ආවනේ කොහොමහරි කියලා.කිලෝ මිටර් එකසිය ගාණක ගමන නිමා වෙලා හවස හතරට වගේ කිට්ටු වෙද්දි ගෙදරට ගොඩවෙන මම මුලින්ම කරන්නේ එදා දවසේ ඉස්කොලේ ඉවර වෙනකන් හිටපු මගේ යාළුවක්ට කොල් එකක් දාලා “මචං මාව අද මාට්ටුද?” කියලා අහන එක.මාට්ටු වුනත් ඉතින් මුසල සදුදා එන්නේ සෙනසුරාදයි ඉරිදයි කියලා දවස් දෙකකට පස්සේ නිසා එදාට ගොඩක් ගුරුවන්ටත් ඔක අමතකයි.
ඉතිං ඔන්න ඔය විදිහට තමයි ඒ කාලේ මගේ මහා සිකුරාදව ඉවර වෙන්නේ.ඕනි තරම් ඉස්කොල වලින් කට්ටි පැනපු එවුන් ඇති.ගොඩක් දුර පලාත්වල ඉදන් ඇවිත් නැවතිලා ඉස්කොලවලට ගිය එවුනුත් ඇති.(මම වගේ නෙවෙයි අපේ පාසලේ වුනත් කිලෝ මිටර් තුන්සිය ගණන් දුර ගෙවාගෙන ආපු අය පවා හිටියා හොදේ.)නමුත් මම හිතන්නේ නෑ මම වගේ ඒ කවුරුවත් ඉස්කොලෙන් කට්ටි පැනලා හොරෙන් මෙච්චර දුරක් එන්න ඇති කියලා.එක නිසා මගේ ජිවතේ තවත් එක දවසක් මේ විදිහට කතාවක් වගේ ලියලා අනිත් අයත් එක්ක බෙදා ගන්න කියලා ඕනි කියලා හිතුවේ…
උපුටා ගැනීම: Hasitha Lakshan Palamakumbura

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!