මහාචාර්යතුමා සහ රෑ කෑම… (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මායි තව අක්කලා දෙන්නෙකුයි තමයි අපේ විද්යාගාරෙට අලුතින් ආපු සෙට් එක. සාමානයෙන් අපේ මහාචාර්ය තුමා අපේ ලැබ් එකේ හැමෝම සමහර දවස්වල දවල්ට හරි රෑට හරි කන්න එක්ක යනවා කියලා විද්යාගාරෙ ඉදපු පරන කට්ටිය අපේ ඔලුවට දාලා තිබුනෙ.
කොරියාවෙ ඉතින් කෑම කන්නෙ කෝටු දෙකකින්, වැඩෙ කියන්නෙ ඕක පේන තරම් ලේසි නෑ ලොක්කා එක්ක කන්න ගියහම
කොරියාවෙ විදියටලු කන්න ඕනි ඒ කියන්නෙ ඉතින් කෝටු දෙකෙන් කන්නයි තියෙන්නෙ. තුන්වේලම අතින් කාපු හොටෙල් එකකට ගියත් අතින් කාපු අපිට මොන කෝටුද කීවලූ. කොයික වෙතත් ඔය කෝටුවෙන් කන සීන් එක මන් ටිකක් ප්රැක්ටිස් කරලා ඉදපු නිසා ලාවට වගෙ ඕක මැනේජ් කරගන්න සීන් එක පුලුවන් වෙලා ඉදියෙ.
දවසින් දවස ගෙවිලා ඔන්න මහාචාර්යතුමා එක්ක කන්න යමු කියලා පණිවිඩේකුත් ආපි. වැඩේ තියෙන්න කන්න එක්ක යන්නෙ අපි තුන්දෙනයි ලැබ් එකේ ඉන්න සීනියර් අයියා කෙනෙකුයි විතරලු. කොරොනා නිසා සේරම එක්ක යන්න අමාරුයි කියලා තමා ආරංචි උනේ. අපිත් ඉතින් ලෑස්ති වෙලා ලොක්කගෙම කාර් එකෙන් රාත්රී භෝජන සංග්රහය සිදුවෙන තැනටත් සැපත් වෙලා ඉන්නෙ දැන් කන්න තමා තියෙන්නෙ.
කියන්න සතුටුයි මිත්රවරුනි මෙන්න තියෙනවා කෑම මේසේ බැබලි බැබලි.පැත්තකින් සලාද කොල ගොඩක් ඊට එහාපැත්තෙ පොතු ඇරපු තඩි ලූණු ගෙඩියක් අනික් පැත්තෙ පොතුඇරපු සුදුලූනු සෙට් එකක්, මැද පොඩි ලිපක්, ලිපට පැත්තකින් කිම්චි, තව ලුනුමිරිස් වගේ අයිටම් එකක්, අවුන්සයක් විතර බත් සමග තවත් හදුනා නොගත් ආහාර වර්ග දෙකක්.
මහාචාර්යතුමාගේ ආරාධනාවෙන් ආහාර රස විදින්න තාමා තියෙන්නෙ. මට කෙලින්ම ඉස්සරහට අක්කලා දෙන්නා එයාලාගෙ මූනු දැක්කාම මට තත්වය හරිම සෝචනීය බව සිහිඋනා මිත්රවරුනි. අයියටනම් වැඩේ පුරුදු පාටයි. හැදි තියෙනවා, පිහි තියෙනවා තඩි අඩු තියෙනවා, කලින් කියපු කූරු තියෙනවා අවුලකට තියෙන්න මන් ප්රැක්ටිස් කරේ ලී වලින් හදපුවා මෙතන තියෙන්නෙ යකඩ ඒවා. කලින් ප්රැක්ටිස් කරලත් ඉදපු නිසා ඕනි එකක් කියලා ගත්තා කූරු දෙකක් ලගට, කිසිම අවුලක් නෑ කොයි විදියකටවත් අල්ලගන්න බෑ ලී වගේ නෙමෙයි මේවා ලිස්සනවා. අත් දෙකෙන්ම ඇල්ලුවත් වැඩේ ගොඩදාගන්න අමාරුයි වගේ. අමාරුයි කියලා බැ වව්ලගෙ වෙඩිමට ගියානම් එල්ලිලා ඉදපන් කීවලු. ඒ අස්සෙ ලස්සන වේටර් අක්කා කෙනෙකක් මැද තිබුන ලිප පත්තු කරලා බාබකියු දාපු ඌරෙක් ගෙනත් තියපි.
මහාචාර්යතුමා දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නෙ. මස් කෑමේ වටිනාකම පැහැදිලි කරමින් සලාද කොල මැදින් ඌරගෙ කෑල්ලක් තියනවා ලූනු ගෙඩියක් තියනවා ඔතනවා කනවා. අපි තුන්දෙනා වතුර බොනවා නිකම් බත් කනවා සුදුලුනු නිකම් කනවා සහෝදරවරුනි. පැයකට ආසන්න වෙලාවකින් සංග්රහය අවසන් වූ අතර තවත් දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන් සභාවෙන් කොටසක් සතුටිනුත් අපි දුකිනුත් විසිර ගියා මිතුරනි…
ස්තූති..
උපුටා ගැනීම: Shashika Dhananjaya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!