මුල කොටස කියවන්න:
මාරි කියුරිගේ මල් පොකුර 1 කොටස (ඉස්කෝලෙ කාලෙ රස කතා)
ඉතින් ඒ විද්‍යානුකූල පිටපත ගැනයි, නව දොළහෙ නංගිලා පිටපත ගැන මෙලෝ හසරක් නොදැන හදාපු පසුබිම් ටික නාට්ටියට ගලපගත්තු හැටියි, ආවර්තිතා වගුව දාලා හදපු ස්තෝත්ර, මාරි කියුරි යි පියරි කියුරියි වට 7 ගිය හැටි, මෙන්ඩල් කරපු ෆ්ලවර් ඩෙකරේෂන්ස්, පයිතගරස් හදාපු තුන් හුලස් පෝරුව, මේවා ගැන වෙනම ලිපියකින් ලියන්න ඉඩ තියලා, ඔබේ පහසුවත් මගේ පහසුවත් තකා නාට්‍යයේ හොඳම කෑල්ල, මෙසේ කෙටියෙන් සඳහන් කරන්නෙමි.
නාට්ටිය අවසාන වෙන්නෙ මාරිකියුරියි ,පියරි කියුරියි රයිට් සහෝදරයන්ගෙ මංගල හෙළිකොට්ටර් රථයෙන් පිටත් වෙලා යන ජවනිකාවෙන්. දෙවෙනි ඉනිමේ කදුලින්ම ගී ගැයූ පසුබිම් සංගීතෙ මැද්දෙං, අපේ සාම්පරදායික මනාලියෝ කොච්චරවත් කරන විදිහටම, කඳුළු හල හල දැන් මාරිකියුරි වේදිකාවෙ කෙළවරට යනවා. ඔය අතරේ දෙවෙනි මනාලියක් දුවගෙන ඇවිත් අහනව දැන් අර පිටරට වගේ මනමාලි මල් පොකුර විසි කරන්නේ නැද්ද කියලා. එහෙම කිව්ව විතරයි කදුලින්ම ගී ගය ගයා උන්නු නළු නිලියෝ ටික එක පොරේට මල් පොකුර අල්ලන්න ලෑස්ති වෙනවා. කදුලින්ම ගී ගයලා ඉවරයි බැක්ග්‍රවුන්ඩ් එකේ දැන් යන්නේ විස්සයි විස්සෙ ක්‍රිකට් තීම් සෝන්ග් එක. මල් පොකුර ගුවන් ගත කරන්න සියල්ල සූදානම්.
එකපාරටම සංගීතය නතර වෙලා නළු නිලියෝ ටික මල් පොකුර දිහාට අත දික් කරගෙනම ගල් වෙනවා..නෑ ..නෑ වැරදිලා නෙමෙයි ඒකත් පිටපතේ කෑල්ලක්.. මාරිකියුරි ඉන්නවා වේදිකාව අයිනේ මල් පොකුරත් උස්සගෙන හරියට බට්ටො පනිද්දි කෙලවරටම ගිය එක්කෙනා දිය ද ගොඩ අහලා බට්ට විසි කරන්න බලන් ඉන්නවා වගේ. ඔය වෙලාවේ තමයි නිව්ටන් ගේ කොටස පටන් ගන්නෙ. හැමෝම ගල් වෙලා ඉද්දි නිව්ටන් විතරක් එහෙට මෙහෙට දුවල ගණන් හදලා කිරලා මැනලා, මල් පොකුර වැටෙන්නෙ මෙන්න මෙතෙන්ටයි කියලා දැන් practice වෙච්ච පොයින්ට් එකේ ගිහින් හිටගෙන ඉන්නවා මල් පොකුර ටක්කෙටම අල්ලගන්න . නිවේදකයාට හිටපු මට තිබුණේ පොඩි ක්‍රිකට් විස්තර විචාරයක් වගේ එකක් කරලා, පන්දුව සාර්ථකව අල්ලා ගැනීමේ රහස ගැන නිව්ටන්ගෙන් අහන්නයි.
ඇස්වහක් කටවහක් නෑ ආයුබොවන්ඩ කතා කරගත්ත විදිහටම මාරිකියුරි මල් පොකුර විසි කරා හැබැයි ඒ නිවුටන්ට ගණන් හදලා තියා, රයිට් සහෝදරයන්ට ඉගිලිලා ගියත් අල්ලගන්න පුළුවන් දුරකින් නම් නෙමෙයි. කොච්චර ලස්සනට විසි කරාද කියනවනම් මල් පොකුර ගිහින් වැටුණේ එකෙන්ම වේදිකාවෙන් එළියේ, ප්‍රධාන ආරාධිත අමුත්තගේ මේසෙ ඉස්සරහටයි!
දැන් ඉතින් නිවේදකයා ට අත් උන ඉරණම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අත් දෙක ඇන්ටාක්ටිකාව වෙලා, කටේ තිබුණු අන්තිම කෙල පොදත් හිදිලා ගිහිල්ලා ඒක සහරා වෙලා ගියත්, ඒ ටිකිරි මොලේ නතර වුණේ නෑ හිතවතුනි. බලන් ඉන්න කාටත් ඇහෙන්ඩ මහ හයියෙන්ම කිව්වේ “අයියෝ අල්ල ගන්න බැරි උනා නේද, නිව්ටන් ඔයා ඒක ඇහිදන් එන්න, ඔයා එනකන් මම ඔයා අල්ලගත්ත තමයි වගේ රඟපාන්නං” කියන ටික විතරයි, අපරාදෙ කියන්න බෑ නිව්ටනුත්, උසේන් බෝල්ට් වගේ ස්ටේජ් එක අයිනෙන් රවුමක්ම දුවල ගිහින් මල් පොකුර ඇහිදගෙන ඇවිත් මොකුත් උනේ නෑ වගේ ඉතුරු දෙබස් ටික කියාගෙන කියාගෙන ගියා.
කතාවේ හොඳම කොටස කියන්නේ, විද්‍යා දිනේ කවර් කරන්න ආපු ඡායාරූප ශිල්පියෙක්, ගන්න පුළුවන් පුලුවන් හොදම විදිහට හරිම ඈන්ගල් එකෙන් හරිම වෙලාවට, ඒ ඓතිහාසික ගිලිහී යාම ඡායාරූපගත කර ගෙන තිබුණා.
බැරි වෙලාවත් නිව්ටන් නිවේදකයා වෙලා, මම නිව්ටන් වෙලා හිටිය නං එහෙම, ලැජ්ජාවටයි, හදිස්සියටයි, දෙකටම කියල, සූර පප්පලාව ලෝක ගැට්ටෙන් විසි කරා වගේ, ස්ටේජ් එකෙන් බිමට පැනල සම්භාවනීය අමුත්තන් ඉදිරියේ අණ්ඩක් කඩා ගන්න ඉඩ තිබුණ නේද කියල හිතුනෙ මේ article එක ලියාගෙන යනකොට තමයි.