මම මේක ලියන්න හිතුනේ පොඩි පණිවිඩයක් දෙන්න විතරයි.
සමාජයට කියන්න ඕන කියලා හිතුණා.
කතාව නම් ලස්සන නැති වෙයි, , මම රසිකයෙක් විතරයි රචිකයෙකුත් නෙමේ ලියන්න හිතුණා ඒත්’..
“මහත්තයා ගෙදර කවුද”?
මට දිගින් දිගටම පස් හය සැරයක් කතා කරන සද්දය එහා පැත්තෙන්, ඇහෙනවා
කවුරැත් ආවේ නෑ එළියට.
තාප්ප ගහලා තියෙනවා,ගේටුටව ඇරලා තට්ටු දෙකක ලොකු ගෙදරක් තමා, ඇතුලේ හයියෙන් කතා කර කර හිටිය සද්දෙත් අපිට ඇහෙනවා, මම ගෙදර ඒ ගේ ගාව අල්ලපු ගෙදර තමා අපේ ගෙදර තියෙන්නේ,, අඩයාලම කතා ටිකක් බල බලාමයි හිටියේ ඒ වෙලාවේ ම, කතා කරපු සද්දෙටයි නැගිටලා ගියේ…
ඒ මනුස්සයා ආපහු හැරිලා යනවා දැක්කා, ඊළගට අපේ ගෙදරට එන්නේ ඉතින් දොර වහලා දාන්න ඇයි හිතක් පපුවක් තියන්.
ටික වෙලාවක් ගියාට පස්සේ ඒ මනුස්සයා හිමිට අපේ ගෙදරටත් ආවා අම්මත් හිටියා,
තියෙන හැටියට කියක් හරි දීලා ආපහු එන්න තමා හැදුවේ, ඒත් එයාගේ ඇගම වෙව්ලනවා ඒ මනුස්සයා ගැන පව් කියලා මට හිතුනා. මම කතා කලා පොඩ්ඩක් මොකද කියලවත් අහන්න එපැයි.
“අසනීප වෙලාද ඉන්නේ” නැත්තම් මොකක් හරි ගැටළුවක්ද?”
“ඔව් මහත්තයා මම පොඩි ජොබ් එකක් කලා මට කරන්ට් එක වැදුනා 2002 වසරෙදී දැන් අසනීපයි, ඇග වෙව්ලනවා, තාම බෙහෙත් කරනවා, වයසයි හරියට යන්න එන්නත් බෑ”
“එතකොට නෝනා මම ඇහුවා”
“එයා නැති වෙලා ගොඩක් කල්”
“ලමයි තුන් දෙනෙක් ඉන්නවා කන්න බොන්න විදියක් නැ මම දැන් මේක කරනවා වෙන මොනවා කරන්නද?”
කියපු විදිහට මට පව් කියලා හිතුනා, අපිටත් කවදා හරි දවසක සංසාරේ මෙහෙම වෙලා තියෙන්න ඇති කියලා හිතුනා,
අපිත් එහෙම සල්ලි තියෙන අය නෙමේ සාමාන්ය අය, අපිට පුලුවන් විදියට අපිත් උදව් කරන්න ඕන කියලා නම් ඉතින් දන්නවා.
කන්න බොන්නත් දුන්නා, ඇදුම් සහ තව සල්ලිත් දුන්නා, මා ගාව තිබ්බ ඇදපු නැති ඇදුම් වගයකුත් දුන්නා එයා ට හරි සතුටුයි.
එයා හොදටම පින් දුන්නා අම්මටයි මට යි.
පස්සේ බොහොම බැගැපත්ව වැදලා සමුගෙන ගියා..
මට කරන්න පුලුවන් දේ කරා, ඔක්කමට වඩා මට හිත සතුටුයි ඒ කරපු ක්රියාව ගැන, ඇත්තටම ඒක පුංචි දෙයක් වුනාට මට මහ මෙරක් වගේ..
සුළු දෙයක් දීලා ලොකු දෙයක් ගන්නවා වාගේ, අපි දෙන දේට වඩා ලැබෙන දේ හුගාක් වටිනවා කියලයි මට හිතෙන්නේ.
මම ඔහු යනකලුත් ඔහුට හොරෙන් පාර දිහා බලා හිටියා…
බලා ඉන්න ගමක් පොටෝවකුත් ගත්තා..
මම මේ කතාව ලීවේ වෙන මුකුත් හින්ද නෙමේ ගෙදරට කවුරැ හරි අසරණ කෙනෙක් ආවොත් ඔයාලා දොරවල් වහල පැත්තකට යන්න එපා පුලුවන් කියක් හරි දෙන්න, කියලා කියන්නයි ඉතින් මේක දැම්මේ. කවදා හරි ඒක ඔයාට ඔයාගේ ජීවිතේම වෙනස් කරන්න පුලුවන්.
තේරැම හරි හැටි නොදැන හිටියත් සිංදුවක් ඒ වෙලේ මතක් වුනා නන්දා මාලනී මහත්මියගේ….
ඒකත් නිකමට වගේ දැම්මා…
වහින්නට හැකිනම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්…
රැඳෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොලඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුඩින් තුඩ
නෙලාගත හැකි වන මලක් වී…
නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබැ වන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී…