මහියංගනේට කෙලවෙලාය. පහුගිය දොහේ වැඩිම දෛනික රෝගීන් මහියංගන ගාමන්ට් දෙකකින් ය.
අනේ ඉතින් මහියංගනේ ඉවරය.
ලොක් ඩවුන් කරන්නෙත් නෑය
මහියංගනේ ලංකා සිතියමේ නෙමේය
ඇයි අපිට විතරක් වෙනස්කම්?
මේ පහුගිය ටිකේ මහියංගනේ පැත්තෙන් මන් දකින නිව්ස් ය. මා බදුල්ලේය. එබැවින් මේ තොරතුරු ඇත්ත බව දන්නවාය. ආසාදිතයන් හත්සීය පහුකොට දාහට ලංවෙමින් සිටින මොහොතකත් වසාදැමිමක් නැතිය. කොවිඩ් මර්දන කමිටුවල තීරණය එයය . එසේනම් මහියංගනයට කෙලවෙලා නැති විය යුතුය. මිනිසුන් හැඩ ගැසෙමින් සිටිති. අනුගත වෙමින් සිටිති. මෙය සමග ජීවත් විය යුතුය. එනිසා මිනිසුන් හැඩ ගැසෙති
ඔව්හු මාස්ක් පළඳිති. නමුත් හුස්ම ගන්න අමාරු නිසා නහයෙන් පහල රඳවා සිටිති. නමුත් මාස්ක් පැළඳ නිසා ආරක්ශිතය.
තවෙකෙකු ළඟට ආවිට මාස්ක් එක පහත්කොට කතා කරති. පොඩ්ඩක් මාස්ක් එක පහත් කරා කියා අවුලක් නැත. අනෙකාට ඇසෙන සේ කතාකිරීමට එසේ කලයුතුය.
තැන තැන එකතුවුන කොලු නඩ දකින්නට හැක. ඔව්න්ගේ ප්‍රතිශක්තිය ඉහලය. ඒ නිසා ඔවුහු කල්ලි ගැසුනාට කම් නැත. ඔවුන් හැඩගැහිලාය
වයස හැට පැන්න උපාසකම්මලා උපාසකවරු බිය නැත. ඔවුන් කිසිවකුට වරදක් කර නැත. ඒ නිසා ඔව්න්ට අනුව ඔවුනට මේ ලෙඩය හැදෙන්නේ නැත. මෙය පවුකාරයන්ට පමණක් හැදෙනා එකකි. එමනිසා මේ උපාසක මහතුන් ආරක්ශිතය. එමනිසා ඔව්හු කඩපිල්වල සුපුරුදු පරිදි සිටිති. යාන්තමින් දවටාගත් රෙදි මාස්ක් එකක් හෝ ලේන්සු කැබැල්ලක් පමණක් මුව පුරා ඇත.
මල ගෙවල් මගුල් ගෙවල් දානෙ ගෙවල් වල නොගොසින් බැරිම නිසා ඒවාට සහභාගිවෙනවාය. මරණ ගෙදර නොගියහොත් මිණිය තරහ වෙනවාය.
ඇතැම් නිවෙස් වල පස් දෙනෙක් සිටීනම් හතරදෙනෙක් දැඩි ලෙස ආරක්ශාකාරි අතර අනෙකාට ලෙඩ නොසෑදේ. හෙතම හදීබාගේ ඇවිදින්නේය. ඔහු රෝගයට ගොදුරු නොවේය. ඒ නිසා නිවැසියන් ආරක්ශිතය
ඔන්න ඔයාකාරෙන් මිනිසුන් හැඩ ගැසී ඇත. ඔවුහු කොවිඩ් සමග ජීවත් වෙනවාය. ඉහල තැන්වලට බනිනවාය. වරද ඇත්තේ එතන බව ඔවුහු විස්වාස කරති. තමන් සීයට සීයක් නිවැරදිය.
මහියංගනය ලංකා සිතියමේ නැද්ද?
මේ බුකිය පුරා යන පෝස්ටුවකි. ඒ ලොක් ඩවුන් වීමක් බලාපොරොත්තුවෙන් ලියන ලද ඒවාය. බොහෝවිට ගුරුවරියන් පාසල් වැසීමක් බලාපොරොත්තු වූවෝය. හේතුව සොයා බැලීමේදී එය සාදාරණ බියකි. ඇතැමෙක් ගැබිණි මවකි. ඇතැමෙක් කිරි මවකි. ඒ අතර ආශ්‍රිතයන්ගේ දරුවන් පාසල් එනවාය. ඉතින් බියවීම සාදාරණය. ආයතන වලද මෙවන් අය මෙන්ම විවිද රෝගාබාද සහිත වූවන් සිටිති. ඔවුන්ද බියවීම සාදාරණය.
නමුත් ඉහලින් තීරණය ලැබී ඇත. වහන්නේ නම් නැත. එසේනම් හැඩගැහිය යුතුය. නමුත් ඉහතකී අදූරදර්ශී ලෙස නම් නොවේය. මුලදී මාස්ක් එක දැමීම ලැජ්ජාවක් ලෙස සිතූ රටවැසියා දැන් මාස්ක් දමනවාය. දැන් ඔවුහු ෆේස් ශීල්ඩ් දැමීමට ලැජ්ජාය.
රෙදි මාස්ක් එකක් යනු මා අසා ඇති පරිදි වයිරසයක් වලකාලියහැකි දෙයක් නොවේය.අපි දොරකින් ඇතුල් වන්නාසේ වයිරසය රෙදි මාස්ක් එක හරහා එන්නේලුය.
ඉතින් සර්ජිකල් මාස්ක් එකක් සොයාගත යුතුමය.
ඉහලට බැන බැන ඉන්නවාට වඩා තමන් තමන්ව ආරක්ශා කරගතයුතු කාලය එළබිලාය.
මා පසුගිය සතියේ කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හා සෘජුවම ගැටී ඇත. නමුත් මා ආසාදනය වූයේ නැත.
රැකියාව නිමවා නිවසට එන්නේ නිවසේ තවම පාසල්වත් නොයන දරුවෙකු සහ පස්මස් ගැබිණි බිරින්දෑත් වයස හැට ඉක්මවූ අම්මා තාත්තාත් ඉද්දීය.
ලොක් ඩවුන් කලා නොකලා අදාල නොවන රැකියාවක නියුතු මට කුමන තත්ව යටතේ උවද රැකියාවට ඒමට සිදුවන නිසා මෙය සමග මා ජීවත් විය යුතුය. ඒ නිසා වැසූවද නොවැසූවද මා පරිස්සම් වෙනවාය. ඒ සඳහා මට සෞඛ්‍ය කාර්ය මන්ඩල වල අයවලුන්ට සේ ppe kit නැත. ඇත්තේ සර්ජිකල් මාස්ක් එකත් , ෆේස් ශීල්ඩ් එක සහ අවැසි ග්ලවුස් දෙකකුත් පමණි. ඊට වඩා ඇත්තේ මා පරිස්සම් වියයුතුය යන මනසේ නිතර දැල්වෙන සිතිවිල්ල පමණි.
ඉහලින් දන්වන්නේ වසා දැමීමක් නොව මෙය සමග ජීවත්වීම නම් ඔබට ඇත්තේද මට ඇති විකල්පයම පමණකි. තීරණය ඔබ අතේය.
මහියංගනයට කෙලවෙලා නැත. විහින් කෙලවාගන්නන් නම් බොහෝ ඇති බව පෙනේය. බදුලු දිස්ත්‍රික් වාසියෙක් ලෙස මා උපේක්ශාවෙන් ඒ දෙස බලා සිටින්නේ උපදෙස් ලබාදුන්නාට මොළය ලබාදිය නොහැකි නිසාය.
මෙය ලංකාවාසී ලෝකවාසි සැමට අදාල සත්‍යයයි.
උපුටා ගැනීම: සයුරු ආමන්ත